වලා ”වලිග” (Contrails)

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    අහසේ ඈතින් කුඩාවට ඇදී යන ගුවන් යානයක් සුදො සුදු පුළුන් පටියක් මෙන් සකස් වන ”දුම්” වලාව කුඩා කාලයේ සිට ම අප බොහෝ දෙනෙකු ගේ නෙත් වශි කළ දසුනකි.ගුවන් යානය නික්ම ගොස් යම් කාලයක් යන තුරු ද යානය ගමන් කළ මඟ දිඟටම මේ ”දුම්” වලා දිඟු රේකා වෙන් වෙන්ව ඇඳී තිබෙනු දැකිය හැකිය.
    මෙය ගුවන් යානයෙන් පිට වන සෘජුව පිට වන දුම වලා ලෙස එක වරම හැඟි ගිය ද එය ඊට හාත් පසිම්ම වෙනස් සංසිධියක ප්‍රතිඵලයකි.මෙය හඳුන්වන්නෙ ඝනිභවන වාත දහරා හෙවත් (CONTRAILS TRAILS)නමිනි.එය කෙටි කිරිමෙන් CONTRAILS යන්න වහරට එක් විය.

    සරලව මෙය කෘතිමව ඇති කළ වලාකුළක් හෙවත් වාෂ්ප වළා දහරාවක් ලෙස හැඳින්විය හැකිය.මන්ද මෙහි ඇත්තේ ඝණිභවනය වු ජල වාෂ්ප ගුවන් යානයෙ එංජිමෙන් නිකුත් වන ඒවා වේ.(ගුවන් යානයක් හයිඩ්‍රොකාබන ඉන්ධන දහනයෙන් ප්‍රධාන වශයෙන් කාබන් ඩයෝක්ස්ඩ් හා ජල වාෂ්ප නිකුත් වේ.


    iAvGeoT.jpg

    මෙසේ ජල වාෂ්ප ඝණිභවනය වීමට නම් යානයක් අඩි 26000කට ඉහලින්ද සෙල්සියස් අංශක සෘණ (-40)කට අඩු උෂ්ණත්වයක් සහිත වායුගෝල පරිසරයක ද පියාසර කරමින් තිබිය යුතුය.එන්ජිමෙන් පිටවන අධික ලෙස රත් වු වාෂ්ප අධික ශීතලට හා අඩු පීඩනය හෙතුවෙන් ක්ෂුද්‍ර පරිමාණයේ බිඳීති සහිත වලා බවට පත් වේ.මෙය,අධික ශිත පරිසරයක දී නාසයෙන් හෝ කටන් හෝ පිට කරන හුස්ම දුමක් ලෙස සකස් වීමට සමාන සිදු වීමකි.පරිසරයෙ ශීතල ඊතා අධික නම් මෙවා අයිස් කැට බවටද පත් විය හැකිය.මෙවැනි ජල බ්ඳිති හෝ/හා අයිස් කැට මිලියන ගනනක් එකට බැඳුණුවිට එය අපට දිස් වන්නෙ දුම් වලිඟයක් සෙය.

    උත්සර්ජල වලා (DISTRAILS)

    ගුවන් යානයක් තුනී වලාකුළක් තුලින් ඈදි යන විටක මෙතෙක් විස්තර කළ සංසිද්ධියේ ප්‍රතිවිරුද්ධය සිඳු විය හැකිය.එනම් එන්ජිමෙ උෂ්ණත්වය හෙතුවෙන් වලාකුළෙහි අඩංගු ජල බ්ඳිති නැවත ජල වාෂ්ප බවට පත් විය හැකිය.එහි දි යානය වලාකුළ තුලින් ගිය මාර්ගයේ වලාකුළෙන් තොර උමඟක් වැනි ව්‍යුහයක් නිර්මාණය වේ.Dissipation Trails යන අරුත ඇතිව Distrails යන්නව්‍යවහාරයට එක් වි ඇත.


    E3JdihZ.jpg

    ගුවන් යානයක් ගමන් කිරීම හෙතුවෙන් හටගන්නා වාෂ්ප වලා තත්පර කිපයක කාලයක පටන් පැය ගනනක් දිගු කාලයක් දක්වා වුව අහසේ නොමැකි පැවතිමට පුලුවන.රඳා පවතින කාලය තීරනය වන්නෙ වායුගෝලීය තෙතමනය සහ සුළං තත්වය අනුව ය.වායුගොලය තෙතමනයෙන් සංතෘප්ත වීමට ආසන්න නම් මෙවැනි වාෂ්ප වලා දිගු කාලයක් නොමැකි පැවතිය හැකි ය.අනෙක් අතට වායුගෝලය වියලි නම් වාෂ්ප වලාව අවට වායුගෝලයෙන් ඉක්මණිම් ම වියැකි යයි. ගුවන් ගමන් බහුල අහසක දිගු කාලයක් පුරා මෙවැනි වාෂ්ප වලා ගනනාවක් පවතින විට ඒවා එක් ව පුළුල් වලා ආවරණයක් ලෙස හැසිරෙයි.වායුගෝලයේ උෂ්නත්වය ඉහල නැංවිමට මේ වලාකුළු ආවරණය ද්‍රායක වන බව සොයගෙන තිබේ. එය සිඳුවන්නෙ පොළොවෙන් අභ්‍යාවකාශයට විකිරණය කරනු ලබන දිඟු තරංග මෙකි වෂ්ප වලා වලින් උරාගෙන රඳවා තබා ගන්නා බැවිනි.එසෙ රඳවාගන්නා වේගය මේකි වාෂ්ප වලා මත පතිත වන සූර්ය කිරණ පරාවර්ථනය කරන වේගයට වඩා අධ්ක ය.එබැවින් එහි අවසන් ප්‍රතිඵලය වන්නෙ වායුගෝලයෙ උෂ්නත්වය ඉහල යෑමය.අනෙක් අතට මෙකි වලාකුළු සමාන්‍ය වලාකුළු එක් රැස් විමක් ද සමග (ඊට අමතරව) සකස් විණී නම් හිරු රැස් පොළොවට වැටීම වැළකී භූමියේ උණුසුම පහළ යෑමට ද ඉඩ ඇත.


    වාෂ්පවලාවල කාළගුණික බලපෑම්


    iBGc8Oz.jpg

    මෙසේ උෂ්ණත්වය ඉහල නැංවිමකට වැඩි ම ද්‍රායකත්වයක් සපයන්නේ රාත්‍රී කාලයේ ගමන් කරන ගුවන් යානා මගින් නිකුත් වන වාෂ්ප වලා වලින් බව ද අනාවරණය වී තිබේ.එනම් දිවා කාලයේ අද්‍රළ ද්‍රයකත්වය සියයට 25ක් වන කල රාත්‍රී කාලයේ ද්‍රයකත්වය සියයට 60-80 වෑනි අගයකි.


    ඈත ක්ෂිතිජය දෙසින් සිට නිරික්ෂකයා දෙසට ඇදී එන ගුවන් යානයක්න් නිකුත් වන වාෂ්ප වලාවක් ක්ෂිතිජයෙන් ඉහලට නැඟුන ඳුම් වලාවක් ලෙස පසුව ශේෂ වී තිබෙන්නට පිළිවන.2010 වසරේ නොවැම්බර් 8 වැනි දා මේ ආකාරයේ දර්ශනයකින් කැලිෆෝනියාවේ වැසියන් නොමඟ ගියේ එය මුහුදේ සිට නිකුත් වූ අභිරහස් මිසයිලයක ගමන් මඟ සලකුණු ‍යැයි ගැනීමෙනි.පසුව ඊට බොහෝ වේලාවකට පෙර (අළුයම් කාලයේ) ගමන් කළ ගුවන් ‍යානයකින් ශේෂ වූ සලකුනක් බව සොයාගත හැකි විය.ඒම වාෂ්ප වලාව අසාමාන්‍ය ලෙස දිගු වේලාවක් ශේෂ වී තිබීම මේ නොමඟ යෑමට හේතු වී තිබිණි.මෙම ලිපි පෙලෙහි ඔබගේ සිතට තුඩුඳුන් ගැටළු මා වේත යොමු කරන්න.



    Q4O1ANW.png
    [/SIZE]


    මම ලියපු ලිපියක් ..''අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල්'' කලින් ලිපියට සමාවෙන්න ඕනේ..මොකද අලුත්ලංකා.com එකෙන් ගත්තු එකක්.මම දන්නේ නැ එළකිරි එකේ අපේ සහෝදරයෙක් ලියපු එකක් කියලා ...අපේ සහෝදරයෝ ගොඩක් දොස් කියල තිබුන නියම අයිතිකරුව සදහන් නොකරපු එක ගැන ..ඇත්තටම මම දන්නේ නැ කවූරු ලියපු එකද්ද කියන්න හරියටම..එකට මම සමව ඉල්ලනවා එළකිරි එකේ අපේ සහෝදරයන්ගෙන්..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අකුරු ටිකක් පොඩි කල නම් හොදයි. වැදගත් ලිපියක් රෙප්ම් +++
     
    • Like
    Reactions: lankawmlp