මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..
ත්‍රෙඩ් එක පටන් ගන්නකොටම කියල ඉන්නං මේක හුදෙක්ම නීතිමය විවරණයක් විනා කිසිම දේශපාලනික නූලක් නොවන බව.
දැන් ඉතිං රටේ කතාවෙන ප්‍රධානම මාතෘකාව මහින්දට තුන් පාරක් පුලුවන්ද බැරිද කියන එකනේ.
අතන මෙතන හැමතැනකම ඇහෙන මේ කතාව රටේ උත්තරීතරම නිතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සංසන්දනය කරලා මේකේ ඇත්ත නැත්ත කොහොමද කියන එකයි ඔන්න අපි මේ නූලෙන් කතා කරන්න යන්නේ...
කතාව පටන්ගන්න කලින් මෙන්න මේ දෙකත් බාගෙන ඒවත් වෙනමම ටැබ් දෙකක ඕපන් කරගෙනම නූල පහලට කියවගෙන යමු.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
හරි ඔය දෙක බාගත්ත නං දැන් මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වෙනි පිටුවට පලයන්...
එකේ VII වැනි පරිච්ජේදය යටතේ තියෙනවා විධායකය ගැන සදහන් කරලා...
දැන් උබලට පේනවා ඇති එකේ 31(2) ව්‍යවස්ථාවේ තරුවක් දාල ඉවත් කරන ලදී කියල සටහනක් දාල තියෙනව..
සංශෝධන රහිත මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(2) ව්‍යවස්ථාවේ සදහන් වෙන්නේ මෙහෙමයි.
ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධූරයට තෝරා පත්කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ධූරයට ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේය.
ඔන්න ඔය 31(2) ව්‍යවස්ථාව 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කෙරුනා.
ඔය ගමන්ම දැන් 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පටන්ගන්නකොටම තියෙන 2(1) බලපන්. එකේ ඇති පැහැදිලිවම සදහන් කරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(2) වගන්තිය ඉවත් කරයි කියල.
අන්න ඒ නිසා මින් මතු පත්වෙන කිසිම ජනාධිපති කෙනෙකුට දෙවරකට වඩා පත්වෙන්න තිබ්බ බාධාව ඉවත් කෙරුණා. එක බොහොම පැහැදිලි හා නිරවුල් කාරණයක්.
ඒ මගුල ඔච්චර පැහැදිලි හා නිරවුල් කාරනයක්නන් මගුලක්ද දැන් මහින්දට බෑ කියන්නේ..
ඇත්තටම මෙතනදී හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මැතිතුමා මතු කරලා තියෙන්නේ ඉතාම ප්‍රබල නීතිමය තර්කයක්. එක අපි මේ විදිහට ලිහාගමු දැන්.
සාමාන්‍යයෙන් නීතියේ පිළිගත්ත විශ්වීය සිද්ධාන්තයක් තමයි යම්කිසි නීතියක් පැනෙව්වට පස්සේ ඒක බලාත්මක වෙන්නේ ක්‍රියාත්මක කරපු දවසේ ඉදල ඉස්සරහට.
උදාහරණක් විදිහට අපි මෙහෙම හිතමු.
ඔන්න හෙට පාර්ලිමේන්තුවෙන් නීතියක් ගේනවා හෙට මින් පස්සේ අත්කොට කමිස ඇදන් බයික් පදින්න බෑ කියල.. අන්න එහෙම නීතියක් ගෙනාවොත් ඒ නීතිය බලාත්මක වෙන්නේ අනාගතයට විතරයි.. ඒ කියන්නේ අද නීතිය ගෙනල්ල ඊයේ අත්කොට කමිස ඇදන් බයික් පැදපු අයව අද අත්අඩංගුවට ගන්න බෑ.. ඒ වගේම තමයි දැන් නීතිය ගෙනල්ල මේ දැන් පාරේ මේ වෙනකොට අත්කොට කමිස ඇදන් බයික් පදින අයව අත්අඩංගුවට ගන්නත් බෑ.. ඒ නීතිය බලාත්මක වෙන්නේ අනාගතයට...
සරලව කිව්වොත් කිසිම නීතියක් අතීතයට බලපාන විදිහටවත්, ක්ෂණිකව වර්තමානයට බලපාන විදිහටවත් බල පවත්වන්නේ නෑ..
අන්න ඒ පොදු නීති සිද්ධාන්තය 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටත් පොදුයි.
18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට ජනාධිපතිතුමා කලින් පැවති 31(2) ව්‍යවස්ථාව යටතේ නුසුදුස්සෙක් වෙලා ඉවරයි.
කිසිම නීතියක් අතීතයටත්, වර්තමානයටත් බලපවත්වන්නේ නැතිනං මේ නීතියත් ඉතිං වර්තමාන ජනාධිපතිට බලපාන්නේ නෑ කියන එකයි සරත් එන්.සිල්වා මැතිතුමා කියන්නේ.
අපි මේක මෙහෙම හිතමු..
වැරදිලා හරි තව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ල විධායක ජනාධිපති ධූරය අහෝසි කරා කියල හිතමුකෝ. එතකොට එක ගෙනාපු වෙලාවේම බලයේ ඉන්න ජනාධිපති එක පාරම හෙට ගෙදර යනවද.. නෑ එහෙම වෙන්නේ නෑ.. එතුමා එතුමාගේ ධූර කාලය ඉවර වෙනකං ඉන්නවා.. අනාගතයේදී තව කෙනෙක්ට පත්වෙන්න බැරිවෙන එක විතරයි වෙන්නේ.. ඒ කියන්නේ එක අදාළ වෙන්නේ අනාගත ජනාධිපති ධූරයට...
අන්න එකම තමයි මෙතනදීත් වෙන්නේ, අද ගෙනාපු නීතිය කිසිම විදිහකින් අද ඉන්න ජනාධිපතිට බලපවත්වන්නේ නෑ, එක විශේෂයෙන් සදහන් නොකලොත් මිසක්...
ඒ කියන්නේ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සදහන් වුනානං "මෙය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මකයි" කියල එහෙමනං කිසිම ගැටළුවක් නෑ මොකද එක නිශ්චිත වශයෙන් සදහන් කරලා තියෙන නිසා.. එහෙම විශේෂයෙන් සදහන් නොකරන ඕනෑම අවස්ථාවකදී ඕනෑම නීතියක් බලාත්මක වෙන්නේ අනාගතයට විතරයි... එක ඕනෑම රටක පොදුවේ පිළිගත්ත නීතියක්..
දැන් කාටත් පැහැදිලි ඇති මොකද්ද මේ සරත් එන්.සිල්වා මැතිතුමා ඉදිරිපත්කරන නීතිමය තර්කය කියල...
මේ කාරණයේදී ඇත්තටම නීතිඥවරුනුත් දෙපැත්තකට බෙදිලා ඉන්නවා..
සමහර ඉතාම සුප්‍රකට නීතිඥවරුන් පවා තර්ක කරනවා නෑ මේක පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අයින්කරලා තියෙන නිසා ජනාධිපතිතුමා තරග කලයි කියල ගැටළුවක් නෑ කියල..
නමුත් බහුතර නීතිඥ මතය නං හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මැතිතුමා ඉදිරිපත්කරන නීතිමය තර්කය හරි කියන එකයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේත් මතය වෙලා තියෙන්නේ එකම තමයි මේ වෙනකොට...
දැන් බලමු මේ ගැටලුවේ අලුත්ම තොරතුර.. ඒ තමයි ජනාධිපතිතුමා මේ පිළිබදව අර්ථ නිරූපනයක් ඉල්ලලා ශේෂ්ඨාධිකරණයට කරලා තියෙන යොමු කිරීම..
ඇත්තම කිව්වොත් මේකත් දැන් ගැටළුවක් වෙලා...
ජනාධිපතිතුමා මේ යොමුකිරීම කරලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වෙනි ව්‍යවස්ථාව ප්‍රකාරවයි.... ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 102වෙනි පිටුවට පලයල්ලකෝ..
එකේ 129(1) ව්‍යවස්ථාවේ සදහන් වෙනවා මෙසේ අධිකාරයේ මතය ලබාගැනීමට යොමු කරන්න පුළුවන් පොදු වැදගත්කමකින් යුක්ත කාරනාවක් සම්බන්ධයෙන් විතරයි කියල.. නමුත් දැන් මතුවෙලා තියෙන ප්‍රශ්නේ තමයි මේක පොදු ගැටලුවක්ද කියන එක.. මොකද හේතුව ඉස්සරහට පත්වෙන්න ඉන්න ඕනෑම ජනාධිපති කෙනෙකුට බොහොම නිරවුල්ව 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලපවත්වනවා... නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ යොමු කිරීමේදී සලකා බැලෙන්නේ හුදෙක් මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාට නැවත පත්වෙන්න පුලුවන්ද බැරිද කියල බැලීමක්..
මේකට එදිරිව තියෙන තර්කෙ තමයි රටේ ජනාධිපතිවරණය සම්බන්ධ කාරණාවක් කොහොමද පොදු වැදගත් කමක් නැති එකක් වෙන්නේ කියලා...
ඇත්තටම මෙතැනදී රටේ ජානාධිපතිවරණය පිළිබද ගැටළුවක් නෑ.. මේක පොදුවේ ජනාධිපති ධූරයටම බලපාන කාරනාවක් නං ඔවු එහෙම යොමු කිරීමක් කරන එක හරි.. නමුත් ගැටලුව තියෙන්නේ මෙතනදී අහන්නේ නාමිකව පුද්ගලයෙක් වෙන මහින්ද රාජපක්ෂට පුලුවන්ද බැරිද කියන එක.. එක පුද්ගලයෙක් ගැනයි මේ අහන්නේ..
එක පොදු වැදගත්කමකින් යුක්ත දෙයක්ද නැද්ද කියන එකයි මෙතනදී සලකා බලන්න ඕනේ..
මම නං පෞද්ගලිකව එම මූලික තර්කයට පක්ෂයි... උබලත් හිතල බලල තීරණය කරපන් උබල පක්ෂද නැද්ද කියන එක..
ඊලග කාරණාව තමයි ගොඩක් දෙනෙක් හිතනවා ජනාධිපතිතුමා මේ යොමු කිරීම කරේ එතුමා නීතිගරුක කෙනෙක් කියල ලෝකයට පෙන්නන්න කියල.. එක එක්කෙනා දකින දේශපාලන කෝණ මත තීරණය වෙන දෙයක්..
නමුත් ඕක දිහා නීතිමය කෝණයකින් බලනවනං ඔතන තියෙන්නේ වෙනමම දෙයක්... ඇත්තම කියනවනං. එතුමා ඒ අරගෙන තියෙන්නෙ ඉතාම සූක්ෂම නීතිමය තීරණයක්..ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(3) ව්‍යවස්ථාවේ සදහන් වෙනවා ජනාධිපතිවරයා අර්ථනිරූපනයක් සදහා යම්කිසි යොමුකිරීමක් කලාම ඒක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් පස් දෙනෙකු විසින් සලකාබැලිය යුතුයි කියල... ඒ විනිශ්චයකාරවරුන් පස් දෙනා ඇතුලට අග විනිසුරුත් ඇතුලත් වෙනවා... යම්කිසි විදිහකින් වත්මන් ජනාධිපතිවරයාට නැවත වරක් පත්වෙන්න පුළුවන් කියල එතැනදී තීන්දුවක් ලැබුනොත් එහෙම එක වෙනස් නැවත වෙනස් කරන්න බැරිවෙනවා...
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් පස් දෙනෙකු විසින් ලබාදීපු තීන්දුවක් වෙනස් කරන්න නං ඒ සදහා නැවත විනිශ්චයකාරවරුන් හත් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් අවශ්යදවෙනවා.. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න පුළුවන් උපරිම විනිසුරුවන් දස දෙනයි.. මේ මෑතකම ඉන් එක්කෙනෙක් විශ්‍රාම යනවා.. ඒ වෙනුවට වෙනත් විනිසුරුවරයෙක් පත්වෙන්න යම්කිසි කාලයක් ගතවෙනවා.. එතකොට ඉන්නේ විනිසුරන් 9 දෙනයි.. එතනින් කලින් කලින් විනිසුරු මඩුල්ලේ හිටපු 5 දෙනා අයින් කරාම තව ඉන්නේ 4 දෙනයි.. ඉතින් පෙර දීපු තීන්දුව අතික්‍රමණයය කරන්න නං පෙර විනිසුරු මඩුල්ලෙනුත් විනිසුරන් තුන්දෙනෙක් අවශ්‍ය වෙනවා.. ඒ ගොල්ලෝ කීයටවත් තමන්ගේ පෙර තීන්දුවට විරුද්ධව යන්නේ නෑනේ... අනික ඔතනදි අගවිනිසුරු පක්ෂ උනොත් එහෙම එතුමා ජනාධිපතිට පක්ෂ පිරිසක් දෙවැනි විනිසුරු මඩුල්ලටත් පත් කරනව.. කොටින්ම කියනවනං මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාට නැවත තරහ කල හැකියි කියල තීන්දුවක් ප්‍රකාශයට පත් උනොත් එක නැවත වෙනස් කල නොහැකි වෙනවා..
එතුමා යම්කිසි විදිහකින් මේක මේ විදිහට අර්ථනිරූපනයක් සදහා අධිකරණයට ඉදිරිපත් නොකලනං ජනාධිපතිවරණය ප්‍රකාශ කලාට පස්සේ ඕනෑම දවසක ඕනෑම පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබද යොමු කිරීමක් කරලා මෙහි ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කරලා පරීක්ෂා කරලා බලන්න තිබුනා.. නමුත් දැන් එහෙම කරලා වැඩක් නෑ... මොකද විනිසුරුවරුන් 5 දෙනෙකුගෙන් යුත් මඩුල්ලක නීතියක් දැන් අතික්‍රමණය කරන්න බෑ..
නමුත් යම්කිසි විදිහකින් එයට අධිකරණය විරුද්ධ උනත් වත්මන් ජනාධිපතිවරයාට පුළුවන් නැවත ව්‍යවස්ථාවේ සංශෝධනයකට යන්න මොකද එතුමාට තව ධූරයේ වසර දෙකක්ම ඉතුරු වෙලා තියෙන නිසා..පොඩි වචන හතරක් ඇතුලත් කිරීම මගින්ම එතුමාට මේ හැම අවහිරයක්ම මග ඇරගන්න පුළුවන්.. නමුත් ඒ සදහා එතුමාට නැවතත් පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් ලබාගැනීම අත්‍යවශ්‍යයි..
ඔන්න ඕක තමයි මේ ඇතිවෙලා තියෙන තත්ත්වේ පිලිබදව මට ඉදිරිපත්කරන්න පුළුවන් නීතිමය විග්‍රහය
ආයෙත් මතක් කර සිටිනවා දේශපාලනය මෙතෙන්ට ඈදා නොගන්නා ලෙස, මොකද මේක හුදෙක් නීතිමය විග්‍රහයක් පමණයි.
දැන් වැරදිලා හරි ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුවක් දුන්නොත් එහෙම මහින්ද රාජපක්ෂට තුන් පාරක් පුළුවන් කියල උබල මාව කන්න හදන්න එහෙම එපා හොදේ..
ඒවාට වෙන වෙන හේතු බලපාන්න පුළුවන්...
ඔන්න පැහැදිලි කිරීම කරා... කියපුව ඇත්තද නැත්තද කියල
තීරණය කරන එක උබලට භාරයි..