මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    Hi,

    I'm receiving a HUGE amount of Rajapaksha advertisement emails from twitter. Here are the ones I got today.

    IflRAHCro.png

    SuKIeDnO2.png

    VVaIJRR_r.png

    Is there any way to stop this? I have been receiving similar emails every day for the past few months and this is very annoying now.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ශ්‍රේෂ්ඨාධිකරණ මත විමසුම:
    ලිඛිත ලේඛන 34න් 32ක්ම කියන්නේ ජනපතිට තෙවැනිවරටත් හැකි බවයි
    තෙවැනි වරට ද ජනාධිපතිවරණය සඳහා තමාට ඉදිරිපත් වීමට හැකිදැයි මතය විමසමින් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අයැදුමට ප්‍රතිචාර දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. තමාට යළිත් වරක් ජනාධිපතිවරයණය සඳහා ඉදිරිපත් වීමට හැකිද යන්න සම්බන්ධයෙන් විමසීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ අංක 129(1) වගන්තිය යටතේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සහ අනෙකුත් නීතීඥයන්ට තම මතය ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.

    වැඩි විස්තර සඳහා පිවිසෙන්න ... දිණමිණ (සත්‍ය ප්‍රථමයෙන්):lol::lol::lol: :rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Hi,

    I'm receiving a HUGE amount of Rajapaksha advertisement emails from twitter. Here are the ones I got today.

    IflRAHCro.png

    SuKIeDnO2.png

    VVaIJRR_r.png

    Is there any way to stop this? I have been receiving similar emails every day for the past few months and this is very annoying now.

    රාජපක්ෂ නම ගෑවුණ ගෑවුණ නමට කඩේ යන එකා එකා Unfollow කරහන්.. ආයේ අවුලක් වෙන එකක් නෑ..:no::no::no::no:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රාජපක්ෂ ජනාධිපති තුමා පරාජය කිරීම සඳහා සෑහෙන වෙහෙසක් දරන බව පේනව හැබැයි එතුමා තරම් රටට ආදරය කරන කෙනෙක් හොයාගන්න ලැබෙන්නෙ නෑ. මේ රටේ වැඩිපුරම දේශපාලනය ගැන අත්දැකීම් තියෙන්නෙ එතුමාට විතරයි.

    මම ද අපෝ නෑ..මොකද මම ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් නෙමෙයි.සෑහෙන වෙහෙසක් ගන්නවා ඊට වඩා රට ගැන හිතන අයෙක් ආවොත්.එතුමා තරම් රටට ආදරය කරන..අන්න එතන තමා කෙළ උනේ උඹත් කියනවා උඹ ඒ මනුස්සය තරම්වත් රටට ආදරේ නෑ කියලා අපේ රටේ මිනිස්සුන්ගෙන් ඇත්තටම රටට ආදරේ කරන මිනිස්සු කී දාහක් ඉන්නවද කියන එක ප්‍රශ්නයක්..ඉන්දියානුවෙක් ලෝකේ කොහෙ හිටියත් මොන විදියේ රස්සාවක් කරත් තමන් ගේ රට ගැන මාරම ආරම්භයකින් කතා කරනවා.
    අපේ රටේ රටට ආදරේ කරනවයි කියන මිනිස්සුන්ගෙන් පිරිසක් එහෙම කියන්නේ අනික් අයට ඇඟවෙන්න..තව පිරිසක් මේ රට නැති උනොත් වැලේ වැල් නැති වෙන නිසා රටට ආදරෙයි කියනවා.ඇත්තටම රටට ආදරේ මිනිහා රට වෙනුවෙන් හැම තත්පරේදිම මොනව හරි කරන්න බලයි.ඒ වගේ මිනිහෙක් බස් එකක කෝච්චියක ගියත් නියමිත් මුදල ගෙවල ටිකට්‍ටුවක් ගනී.ටොපියක් කඩල ගොට්ටක් කෑවත් ඒ කොළේ කෝච්චියේ බස් එක ඇතුලේ නොදා නිසි තැනට දායි.අනවශ්‍ය තර්ක වලට අරගල වලට ඒ මිනිස්සු පැටලෙන්නේ නෑ..දියුණුව තුළින් රටට රුපියලක් හරි හැම තත්පරේකදිම අරන් එන්න වැඩ කරයි..

    මහින්ද ජනපති එහෙමද . උත්තරේ ඔව් නම් දැන්වත් නැගිටහන්..වටේ පිටේ බලහන්
    රටේද ආසියවෙද මන්ද කෝටි පතිය කියන ධම්මික පෙරේරවත් රටට ආදරේ මිනිහෙක් නෙමෙයි.
    මේ රට මේ විදියට රන් වෙන්නේ එයාල නිසා කියල පෙන්නුවට ඇත්තටම මේ රට රන් කරන්නේ අපේ රටේ මධ්‍යම පාන්තික මිනිස්සු..බහුතරය ඔය ගොඩේ හිටියට ඔය ගොඩෙන් 10000 එකෙන් සුපිරි ගොඩටත් 100ට කෙනෙක් සුළු ධන පන්තියටත් වැටෙනවා.ඉන්න උන් ටිකත් පාර පක්ෂ ,ආගම් වලට ඇර ගන්නවා.ඒව වැරදි නෑ ඒ උනාට මිනිස්සු ඒවට ඇර ගන්න කොට අනික් කට්ටිය ඔක්කොටම කොළේ වහල මහ විනාස රටට කරලා.මිනිස්සු ඇහෙරෙන කොට ඉස්තාලේ වහල වැඩක් නැති වෙයි.අස්පයෝ රටෙත් නැති වෙයි. පාර පක්ෂ ආගම කියන හැමදේටම කලින් රට කියන දේ ‍රැක ගන්න ඕන..රටේ බහුතරය එකතු වෙලා මේක අපේ රට ඒක අනින්න එකෙක්ට දෙන්නේ නෑ කියලා පෙනී ඉන්න තාක් මේ රටට ගොඩ යෑමක් නෑ..මිනිස්සු එහෙම හිතන්න ගත්ත දාට ඔය ගොඩක් දේශපාලුවොන්ට වැලේ වැල් නැති වෙනවා.ඒ නිසා කවමදාවත් මේ තියෙන ප්‍රශ්න වලට දේශපාලනිකව විසඳුම් ලැබේවි කියල හිතන්න එපා..පෙන්නන්නේ අඟවන්නේ එහෙම උනාට එහෙම නෑ..

    රට හැඳි ගෑවුනත් මොකෝ සම්තින් එකක් එනව නම් වෙන රටකටවෙලා හරි සුපිරි ජිවිතයක් ගෙවන්න ඇහැකිනේ..නැද්ද..
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    මට මේ නීති තර්ක පිලිබදවනම් අවබෝධයක් නැහැ. මගේ පෞද්ගලික මතය තමයි තුන්වෙනි සැරේට ජනාධිපතිධුරයට තරග වදින්ඩ නීතිමය පැත්තෙන් ඉඩක් ලැබුනත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ පැත්තෙන් ගත්තොත් ඒක සුදුසු නැහැ කියන එක.

    රටට මොනතරම් සේවයක් කල කෙනෙක් උනත් ඔහු හෝ ඇය තුන්වෙනි වතාවකට ඉදිරිපත් වීම සුදුසු නැහැ කියලයි මම දකින්නේ. විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමයක් තියන රටක් වශයෙන් ඒක රටේ ප්‍රජාත්‍රන්තවාදයට හානිකරයි. අනිත් පැත්තෙන් මේක වැරදි පුර්වාදර්ශයක් වෙන්ඩත් පුළුවන්. අනාගතයේදී වැරදි පුද්ගලයෙක් අතට පාලන බලය ගියොත් මොකද වෙන්නේ ? මේ නිසා තමයි ලෝකයේ විධායක ජනාධිපතිධුරය පවතින බොහෝ රටවල එම ධුරය දෙසැරයකට සීමා කරලා තියෙන්නේ. මම පත්තරේක දැක්ක ජනාධිපතිතුමාට තුන්වෙනි සැරේට ඉදිරිපත් වෙන්ඩ පුළුවන් කියන මතයේ ඉන්න එක්තරා ජේශ්ට නීතිවේදියෙක් උදාහරණයකට අරන් තිබුන ඇමෙරිකාවේ ජනාධිපතිවරයෙක් (මට මතක හැටියට ප්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට්) ඒ අවස්ථාවේ ඇමරිකාවේ තිබුන වාතාවරණය අනුව තුන්වෙනි සැරයකට ඉදිරිපත් උනා කියල. නමුත් ඇමරිකාව වගේ රටක සමාජ, සංස්කෘතික ලක්ෂණ ලංකාවත් එක්ක සංසන්දනය කරන්ඩ හොද නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    කොහොමත් ලංකාව වගේ රටක සුදුසු නැහැ බන්. ඉන්දියාව වගේ රටක උනත් එහෙමයි. මොකද මිනිස්සු බුද්ද්යෙන් කලපනා කරනවට වඩා අදහන එක තමයි අපේ රටවල කරන්නේ. එකයි නායකයෝ , නොයෝජිත්යෝ පත් නොවී රජවරු, දෙවිවරු පත් වෙන්නේ. රටක නායකයා මිත්‍යා දුෂ්ටිකයෙක් උනාම රටම එවර්යි. අපේ රටට එක තමයි මේ වෙලා තියෙන්නේ. අරිට්ට කින්වඩු ලා ගොඩක් ඉන්නේ දැන්.

    අනික අපේ රටේ මිනිස්සු එදා ඉදන් පාවා දෙන්න හරි ශුරයි. නිදහස් අරගල වලදී වැඩි හරියෙක් මරුනේ සින්හලයම් දීපු ඔත්තු වලින් මිසක් සුද්දගේ දක්ෂ්කමින් නෙමෙයි.

    කොහොමත් මහින්ද අයිත එනවා කියන්නේ රට ආයිත් ගොඩක් පස්සට යන එක අතලොස්සක් ජාවාරම් කාරයෝ විතරක් දියුණුව ලබගනිවී. මිනිස්සු වල පලට යාවි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    .
    කොහොමත් මහින්ද අයිත එනවා කියන්නේ රට ආයිත් ගොඩක් පස්සට යන එක අතලොස්සක් ජාවාරම් කාරයෝ විතරක් දියුණුව ලබගනිවී. මිනිස්සු වල පලට යාවි

    උඹ හිතන්නේ ජාවාරම් කාරයෝ ඉන්න් මහින්ද එක්ක විතරයි කියලද? අලුත් ආන්ඩුවක් ආවොත් ඔය ජාවාරම් කාරයෝ ඔක්කොම අලුත් ආන්ඩුවෙ ඔඩොක්කුවේ. :P:P
     
    ඇත්ත, ලංකාව විතරක් නෙමෙයි, දකුණු ආසියාතික රටවලට මේ ක්‍රමය කොහෙත්ම සුදුසු නැහැ. මොකද ඇමරිකාව වගේ රටවල වගේ නෙමෙයි ලංකාව, ඉන්දියාව වගේ රටවල මිනිස්සු තීරණ ගත්දී මුල් තැන දෙන්නේ බුද්ධියට නෙමෙයි හැගීම් වලට. නමුත් ඉන්දියාව දේශපාලනික වශයෙන් ගත්තොත් ලෝකයේ ඉහලම ප්‍රජාතන්තරවාදී ලක්ෂණ තියන රටක් වශයෙන් සලකන්ඩ පුළුවන්. ඉන්දියාවේ ජනාධිපති වෙන්ඩ කලින් මොන පක්ෂෙකට අයිති උනත් ජනාධිපතිධුරයට පත් වූ පසු ස්වාදීන පුද්ගලයෙක් වශයෙන් සැලකෙන්නේ.

    ඇත්තටම අද සමාජය හැම පැත්තකින්ම දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. මීට කලින් පාලන යුග වලත් මේ තත්වය අඩු වැඩි වශයෙන් තිබුන. ඉදිරියේ වෙන ආණ්ඩුවක් ආවත් බලාපොරොත්තු වෙන්ඩ ඕන. නමුත් වත්මන් පාලනය තුල දේශප්‍රේමී සහ දේශද්‍රෝහී වශයෙන් කදවුරු දෙකක් හදල හැම දෙයක්ම යුධ ජයග්‍රහණය තුල යටපත් කරන්ඩ හදන්නේ. හැම දුෂණ වංචාවක්ම දේශප්‍රේමී කියන ලේබල් එකෙන් යටපත් කරන්ඩ හදන්නේ. මේ විදියට ව්‍යවස්ථා සංශෝදනය කරලා ජනාධිපතිධුරයේ සීමා ඉවත් කරලා ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? කවදාවත් බලය අත අරින්ඩ සුදානම් නැහැ කියන එකනේ. ඒ තුල ප්‍රජාතන්තරවාදය බලාපොරොත්තු වෙන්ඩ පුලුවන්ද? මේව මිනිස්සුන්ට අවබෝධ කර ගන්ඩ බැරි මිනිස්සු හිතන්නේ බුද්ධියෙන් නෙමෙයි හැගීම් වලින් නිසා. මමත් 2005 දී මහින්දට චන්දෙ දීපු කෙනෙක්. මහින්දට හොදටම පුළුවන්කම තිබුන 2/3 පාවිච්චි කරලා 13 සංශෝදනය අහෝසි කරලා පළාත් සභා අහෝසි කරන්ඩ. ඇත්තටම පළාත් සභා ක්‍රමය මේ රටට ගැලපෙන්නැහැ. පළාත් සභා කියන්නේ රටේ සල්ලි කන ඕනෑම එකෙක්ට දේශපාලනේට එන්ඩ තියන මාර්ගයක් විතරයි. නමුත් ඒ වෙනුවට කලේ ජනාධිපතිධුරයේ සීමා ඉවත් කරලා එකේ බලය තවත් වැඩි කරපු එක.

    ඇත්තටම මම මේ කතා කරන්නේ කිසිම පක්ෂයකට ගැති නොවී සම්පුර්නයෙන්ම මධ්‍යස්තව. මමනම් රටේ පුරවැසියෙක් විදියට සම්පුර්ණයෙන්ම විරුද්දයි ඔය විදියට ජනාධිපතිධුරයේ සීමා ඉවත් කරනවට. විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්ඩ බැරිනම් එකේ බලතල අඩු කරන්ඩ ඕන කියන මතයේ මමනම් ඉන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උඹ හිතන්නේ ජාවාරම් කාරයෝ ඉන්න් මහින්ද එක්ක විතරයි කියලද? අලුත් ආන්ඩුවක් ආවොත් ඔය ජාවාරම් කාරයෝ ඔක්කොම අලුත් ආන්ඩුවෙ ඔඩොක්කුවේ. :P:P

    :P:P දැන් ඉන්නේ මහින්දත් එක්කෙනෙ.......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අන්න මචං ගෝල ෆේස් එකේ වෙඩි ගහනවා මහින්දට පුළුවන් කියලා

    :D:D ගොන් හරක්ට මෙහෙම ගියොත් පුකට වෙඩි තියාගෙන මැරෙන්නයි වෙන්නේ:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මහින්දට මොනවද බන් බැරි
    :D:D ගොන් හරක්ට මෙහෙම ගියොත් පුකට වෙඩි තියාගෙන මැරෙන්නයි වෙන්නේ:D:D

    මිනිස්සු දෙනව බන් පොඩ්ඩක් කොලබින් බැහැර ගිහින් බලපන්
    පක්ෂ පාට නැතුව මිනිස්සු මහින්දට කොච්චර කැමතිද කියලා
    දැන් ඔය විපක්ෂෙ දාන්න කවුරුත් ඉන්නවද
    සජිත් ආවොත් යෝහොවාට රට යනවා
    රනිල් ආවොත් ආමි එකේ උන් එහෙම ලොවෙත් කැමති නැහැ
    අනික් එක තමයි කොළඹ ඉන්න ගොඩක් එවුන් කැමති නැහැ හොඳ කෙනෙක් එනවට
    මොකද විශේෂයෙන් මැද කොළඹ එවුන් කැමති අඩාපල් ඩයල් එකක් ඇවිල්ලා උන්ගෙ වැඩ වලට බාධාවක් නොවන නිසා
    කොළඹ සේරම ආඩපල් එවුන් ඉන්නෙ ආණ්ඩුවේ ලොවෙත් කොලබින් දිනනවා
    අනික් එක තමයි ලංකාවේ ගොඩක් කොම්පැණි කාරයෝ කැමති මහින්ද එනවට
    ඉතින් මහින්ද එනවා ආයේ එක දෙකක් නැහැ බලපන් චන්දෙ ඉවර උනාම
    මහින්ද චන්ද ගියපාරටත් වඩා වැඩියෙන් ගහන්නෙ නැද්ද කියලා
    අනිත් එක දකුණෙ මිනිහා මහින්ද
    ලොල් සරත් ෆොන්සේකාට ඒකාගේ ගමෙන්වත් චන්ද 2000ක් වත් දෙන්නෙ නැහැ
    කරපු දේවල් වලට ලොල්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    10 denama kiwwalu mahindata puluwan kiyala..me dan news walata damma
    ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව ජනාධිපති මහින්ද රාජාපක්ෂ මහතාට තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නීතිමය බාධාවක් නොමැති බව නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
    සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ 10 පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති බව ය.

    http://newsfirst.lk/sinhala/2014/11/ජනපති-මහින්දට-තුන්වරක්-ප-2/

    ඕකනෙ බන් කිව්වේ රනිල් එහෙමත් කැමති මහින්ද එනව නම්