ප්‍රභාකරන් ඉවරයි..., යුද්දේ දින්නා...., කිරිබත් කෑවා..., චලෙයි ගියා...., නාගත්තා....... 

ඔය තියෙන්නේ ෆිල්ම් එකේ කීවර්ඩ්ස් ටික....නාගත්තේ කොහොමද කියල බලන්න නම් ෆිල්ම් එක බලපල්ලා....කලින් තිබ්බ ත්‍රෙඩ් එකේදී මං ඇහුව ෆිල්ම් එක සම්භාව්‍ය එකක්ද, ෆන් එකක්ද කියල... මගේ ෆ්රෙන්ඩේක් රිප්ලයි කරලා තිබ්බ සම්භාව්‍ය ෆන් එකක් කියල....ඒ නිසාම අද ගිහින් බැලුව...ඔව් හිනාවෙන්න පුළුවන්...
, ඒ වගේම අඬනවනම් අඬන්නත් පුළුවන්....
කාලෙකට පස්සේ ආපු තේරුමක් තියෙන, තේරුම්ගන්න පුළුවන් කතාවක් තියෙන ඒ වගේම හොඳ පාඩමක් කියල දෙන ලස්සන ෆිල්ම් එකක්....නමෙන් රැවටෙන්න එපා රජ කතා, ජාතක කතා රැල්ලට ගහගෙන ගියපු තවත් එකක් නෙවෙයි.... ෆිල්ම් එක බලාගෙන යද්දී තේරෙයි තණ්හා, රතී, රඟා කිව්වේ ඇයි කියල....



පොඩි පොඩි අවුල් ටිකක් තියනව. ලොකුවට මුකුත් නෑ බන්. මම හිතුව පට්ට ෆිල්ම් එකක් වෙන්ඩ ඇති කියල.
රැල්ලෙන් පිට වැඩක් කරපු එක හොදයි 