ජේසු තුමා

harshana79

Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    උබට වැඩක් නැති එක නෙවෙයි මෙතන ප්‍රශ්නය. thread එකේ මුල කියවලා හිටපන්. :yes:
    "ජේසුතුමා කියන්නේ දෙවි කෙනෙක්ද?මම ක්‍රිස්තියන් ආගම ගැන දන්නේ නැහැ.මොකද මම ඒ ආගම බැදෙන්න නෙවෙයි.නිකන් දැන ගන්නයි. " ඌ අහන්නේ ජේසු කියන්නේ කවුද කියලයි, අපි මෙතන සකච්ජා කරන්නේ ඒක ගැනයි. ඒක නිසා thread එක off topic ගෙනියන්න එපා, උබට වැඩක් නැත්නම් උබ මෙකෙන් පලයන් කෝ වද නොදි. මෙතන ඉන්න සමහරක්ට හරියට කියවන්න බෑ වගේ. thread එකේ ජේසු කියන්නේ කවුද කියලා අහලා තියෙන කොට වෙන වෙන බයිලා කියවනවා. :P

    mata thernne naha අපේ එල කිරි අයියලා බයිලා කියවනවා
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    මේතන යන්නේ වැදගත් සංවාදයක් මචන්, ඒක විනාශ කරන්න හදන්න එපා. මේ සංවාදයේ නම තමයි ජේසු කියන්නේ කවුද? උබ ඒක දන්නවා නම් මේකේ මොනවා හරි වැදගත් දෙයක් ලියන්න නැත්නම් යන්න.

    :sorry:
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    mata thernne naha අපේ එල කිරි අයියලා බයිලා කියවනවා

    උබ ගනන් ගන්ඩ එපා බන්. ඌට තේරෙන්නෙත් නෑ ඌ මොනාද කියන්නෙ කියල. විකාරෙන් දොඩවනව වගේ. ත්‍රෙඩ් එකේ අහන්නේ ජේසු කියන්නෙ කවුද කියල. ඌ කියවන්නේ පාප් තුමා ගැනයි කුරුස යුද්ද ගැනයි :rofl::rofl:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    ඔව් ඉතින් තමන්ගේ කසාද ගෑනිවයි දරුවවයි හොරෙන් දාල ගිය එකේ තව මොන කතාද. ඊට පස්සෙ අනිත් මිනිස්සුන්ට කියනව කසාද බදින්ඩ එපාලු මහණ වෙනවනම් :rolleyes:
    උඹෙ අම්මට එහෙම වෙච්ච එක ගැන මට කණගාටුයි......!:(

    අනේ හුxතියේ!:angry: ජේසුස්වහන්සේ කියන්නේ සැබෑ උත්තමයෙක් තමයි!!! ලංකාවේ ඉන්න කිතුණු\කතෝලික අයගෙන් 99%ක්ම අන්තවාදි නොවන අනිත් ආගම්වලට ගරුකරන ආගම් බේද නොබලන මිනිස්සු තමයි!!!:frown:
    නමුත්, තොපි වගේ පඳුරුවලට ජාතක වෙච්චි පොxනයෝ හින්දා අවමන් විඳින්න වෙලා තියෙන්නේ, වැදගත් විදිහට ජීවත් වෙන සිංහල කිතුණු\කතෝලික මිනිස්සුන්ට බව මතක තියාගනින්!!!!:angry:

    පොට්ට වේසාවා!!!!!!:frown:

    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618

    mu awilla depaththa kotawana ekek ban. sure lanka true news eke inne sinhala nam dagahttha kona nathi kokku ehema ekek wenna one.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    ඔව් ඉතින් තමන්ගේ කසාද ගෑනිවයි දරුවවයි හොරෙන් දාල ගිය එකේ තව මොන කතාද. ඊට පස්සෙ අනිත් මිනිස්සුන්ට කියනව කසාද බදින්ඩ එපාලු මහණ වෙනවනම් :rolleyes:

    තමන්ගේ ප්‍රශ්නෙට තමන්ම උත්තරේ දීගෙන :rofl:
    කෙසේ වෙතත් මට නම් පේන්නේ උඹ shape එකේ දෙපැත්ත කොටවන වෙනම අරමුණක ඉන්න පොන්න බල්ලෙක් වගේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කවුද බන් නැති දේවල් මවා පාන්නේ ???
    මම ඇහුවේ ජේසු අවුරුදු 12 ඉඳන් අවුරුදු 30 වෙනකල් අවුරුදු 18ක් මොකද කලේ කියලනේ ??
    ක්‍රිස්තියානි ආගමට එරෙහිව මුකුත් කියල තිබ්බද බන් මම ?? :D

    Ane manda ban Jesu oya kale mona labbe giyath mata wadak naa..... umba kamathi deyak kiyapan.....

    කොල්ලට මල පැනල තමයි මේ comment එක නම් දාල තියෙන්නේ :P
    දැනට ලෝකේ ප්‍රධාන ආගම්,දර්ශන අතරින් ඒවායේ ආරම්භකයෙක් ලංකාවට ආව කියල හරි සඳහනක් වෙනවා නම් ඒ බුදු හාමුදුරුවෝ ගැන විතරයි නේද මචන් ???
    උඹ ඉතින් මෙච්චර සාක්ෂි තිබිලත් පිළිගන්නේ නැත්නම් මම මේ ඒවා මේ comment එකක දැම්ම කියල උඹ පිළිගන්නේ නෑනෙ බන් :yes:
    බුදු හාමුදුරුවෝ කොතනකවත් කියල නැහැ ප්‍රශ්න අහන්න එපා කියල
    ඔයා අනිවාර්යෙන්ම මට වැඩ වැඩිමල් ඇති
    ඒ නිසා මට කියන්න තියෙන්නේ මෙච්චරයි
    පල්ලියේ ෆාදර් කිව්ව පලියට හැමදේම විස්වාස කරන්න එපා
    එතකොට මුස්ලිම් අන්තවාදීන් සහ ඔයගොල්ලෝ අතරේ වෙනසක් නැති වෙනවා
    තමන්ගේ ආගමික නායකයාගේ ජීවිතේ ගෙන සරල ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තර දන්නේ නෑ
    logically හිතන්න ඇයි ජේසුතුමට මෙහෙම ආගමක් ගැන දේශනා කරන්න හිතෙන්න ඇත්තේ කියල
    දැන් ඉතින් එකට උත්තරය එතුමා දෙවියන්ගේ පුතා කියන එක නම් ඉතින් වැඩක් නෑ තව දුරටත් කතා කරලා
    වෙන මිනිහෙක්ගේ කසාද ගෑණි බඩ කරන එක කොච්චර ශිෂ්ට සම්පන්නද කියල ඔයාම හිතල බලන්නකෝ :rolleyes:

    :lol::lol::lol::lol::lol::lol: uththara denne kohomada ban Jesu ee kale kale monawada kiyala danne nathuwa...? mama oya documentry eka balala naa...

    habayi ithin Jesu Baudda agama igena gaththa kiyala kiyana ekanan bauddagamatath nigrahayak......

    ekko hariyata ugannala naa natthan hariyata igena gena naa... mee gana moko kiyanne..?
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Ane manda ban Jesu oya kale mona labbe giyath mata wadak naa..... umba kamathi deyak kiyapan.....

    :lol::lol::lol::lol::lol::lol: uththara denne kohomada ban Jesu ee kale kale monawada kiyala danne nathuwa...? mama oya documentry eka balala naa...

    habayi ithin Jesu Baudda agama igena gaththa kiyala kiyana ekanan bauddagamatath nigrahayak......

    ekko hariyata ugannala naa natthan hariyata igena gena naa... mee gana moko kiyanne..?
    ජේසු බෞද්ධ දර්ශනය ඉගෙන ගෙන ඒක හරියට මිනිස්සුන්ට කිව්වත් ඒක අනිවා edit වෙන්න තියෙන chance එක වැඩි බන්
    හැබැයි 2ම සමාන දේවල් තියෙනවා
    මෛත්‍රී කරන්න කියලනේ ජේසුත් කියල තියෙන්නේ
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    mu awilla depaththa kotawana ekek ban. sure lanka true news eke inne sinhala nam dagahttha kona nathi kokku ehema ekek wenna one.
    සිරාවටම බන්! මේ එලකිරියෙ විතරක් නෙමෙයි ඇත්තටමත් බෞද්ධ/කිතුණු\කතෝලික අපිව කොටවන එක බොහෝ දුරට කරවන්නේ ඔය ගොන් හම්බයෝ තමයි......!!!!:angry:

    මුන් ඔය පෙන්නන්නේ මුන්ගේ ජාතියේ අවජාතක පොන්සිභාවය මිසක් වෙන අහවල් එකක් නෙමෙයි!!!:no: වල් ඌරු රැල!!!!!!
    :frown:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹෙ අම්මට එහෙම වෙච්ච එක ගැන මට කණගාටුයි......!:(

    අනේ හුxතියේ!:angry: ජේසුස්වහන්සේ කියන්නේ සැබෑ උත්තමයෙක් තමයි!!! ලංකාවේ ඉන්න කිතුණු\කතෝලික අයගෙන් 99%ක්ම අන්තවාදි නොවන අනිත් ආගම්වලට ගරුකරන ආගම් බේද නොබලන මිනිස්සු තමයි!!!:frown:
    නමුත්, තොපි වගේ පඳුරුවලට ජාතක වෙච්චි පොxනයෝ හින්දා අවමන් විඳින්න වෙලා තියෙන්නේ, වැදගත් විදිහට ජීවත් වෙන සිංහල කිතුණු\කතෝලික මිනිස්සුන්ට බව මතක තියාගනින්!!!!:angry:

    පොට්ට වේසාවා!!!!!!:frown:

    ඕකම තමා බන් අනිත් පැත්තෙනුත් වෙලා තියෙන්නේ. මේ බෞද්ධ කියාගන්න මෝඩයන්ගේ මෝඩ කතා නිසා තමා මේ thread එකේ බුදු දහමට/බෞද්ධයන්ට අපහාසයක් වුනා නම් වෙලා තියෙන්නේ.

    ජේසු මොනවා කලත් අපිට වැඩක් තියනවද බන්? :confused:

    උඹ හිතපන්, හම්බයෙක් ඇවිල්ලා කිවුවොත්, සුද්දෙක් හදපු video එකක් බලලා සුද්ධෝධන රජතුමා මුස්ලිම් රජෙක් කියලා උඹට යකා නගින්නේ නැද්ද? සිදුහත් තාපස තුමා ධර්මය ඉගෙන ගත්තේ ඊජිප්තුවේ පාරාවෝ න් ගෙන් කිවුවොත් එහෙම? උඹට මොකද හිතෙන්නේ?

    එකමනේ මෙතනත් වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු ගෞරවයෙන් අදහන කෙනා, අපේ ගොබ්බයො ඇවිල්ලා බෞද්ධ භික්ෂුවක් කිවුවම වුන්ට කේන්ති යන එක සාධාරණයි නේ!

    අපේම අඳ බාලයින්ගේ මුග්ධ වැඩ නිසා තමයි අපේ ආගමේ පරිහානිය ඇති වෙන්නේ. නැතුව වෙන ආගම් වල මිනිස්සු නිසාම නෙවේ. කිසියම් කතෝලිකයෙකුට බුදු දහම ගැන කිසියම් ප්‍රසාදයක් තිබ්බ නම් එකත් නැති වෙන්න ඇති.
     
    අනිවා මචන්!:yes: ජේසුස් වහන්සේ ඉන්දියාවට ගියාද? නොගියද,?? උන්වහන්සේ බැන්ද ද?? නැද්ද?? ස්වර්ගස්ථ වුණේ ජපානෙදි ද?? බෞද්ධ භික්ෂුවක්ද? අල්ලගේ පණිවිඩ කරුවෙක් ද?? ඔය හු*තවල් එකක්වත් අපිට වැඩක් ද බන්.....??????:frown:

    උන්වහන්සේ ජීවිත කාලෙම සටන් වැදුණේ අසරණ මිනිස්සු වෙනුවෙන්!! වද වේදනා විඳලා මැරුණෙත් මිනිස්සු වෙනුවෙන්!!!!! :yes:(නැතුව අර එක එක වලත්තයෝ වගේ මිනිපිරිගෙ වයසේ පොඩි කෙල්ලෝ දූෂණය කර කර, යන යන තැන ගෑනු තියා ගත්තේ නෑ නේ.:angry:)

    අනිත් වැදගත්ම දේ, අපිට කෙලවුණ දාට......
    පන්සලේ හාමුදුරුවෝ තමන්ගේ පාත්තරේන් හරි අපිට වේලක් කන්න දෙයි.:)
    පල්ලියෙ ෆාදර් අපිට ඉන්න හිටින්න තැනක්වත් දෙයි.:)
    ඔය කියන බීබීසී මාමලා එදාට කොහේ ඉඳියි ද බන්.....???:no:

    මගේ අම්මට එහෙම උනානම් මම රාහුල කුමාරයා වෙනවනේ බන්.. මචන් මම මුස්ලිම් නෙමෙයි කතෝලික. සින්හල කතෝලිකයෙක්. මට බුද්ධාගම එක්ක කිසිම තරහක් නෑ මචන්. මම ගොඩක් ගරු කරන ආගමක් තමයි බුද්ධාගම. ඒත් මේකෙ ඉන්න උන් හින්දා දැන් ඒක අඩු වේගෙන එන්නෙ. උබ මේ ත්‍රෙඩ් එක සම්පූර්නම කියෙවුවනම් උබ දකින්ඩ ඇති ජේසු තුමා ඉන්දියාවෙ ගියා කියලා මැරෙන්ඩ හදනව. එතුමා බෞද්ද කියල BBC එකෙ documentary අරන් තියනව. ඒව කිසි පදනමක් නැති ඒවනේ බන්. හෙට අනිද්දට BBC එකෙන් කිවුවොත් බුදු හාමුදුරුවො මුස්ලිම් වෙලා හිටිය කියල උබල ඒවත් පිලිගන්නවද? ආගමක් කියන්නෙ තමන්ගෙ විශ්වාසේ බන්. බලපන් දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකා මොන අදහසකින් මේක දැම්මද දන්නෙ නෑනෙ. ඌට ඕන වෙලා තියෙන්ඩ ඇත්තෙ සමහරවිට අපි දෙගොල්ලො කොටවන එක වෙන්ඩ ඇති. ඌට නෙට් එකේ හෙවුවනම් ඕන තරම් ජේසු තුමා ගැන දැනගන්ඩ බැරිද? මේ එලකිරියෙ මචන් මාර විදියට අනිත් ආගම් හෑල්ලුවට ලක් කරනව බන්. සමහරු ඉන්නව ඒ වැඩේටම මේකට එන උන්. බලපන් බෞද්ද ආගමට බැන්න කියල කී දෙනෙක් මගේ රෙප් කැපුවද කියල කුනුහරපෙන් බැනල. ඒ ඇයි? උබලගේ ආගමට බනිද්දි උබලටත් රිදෙනව. ඒ වගේ තමයි අපේ ආගමට බනිද්දි අපිටත් රිදෙනව මචන්. සිරාවටම තව ටික කාලයක් බලල එලකිරි එක අත අරිනව බන් මෙහෙම ගියොත්. එතකොට බෞද්ද යාලුවො විතරක් ඉතුරු වෙයිනෙ මේකෙ. එතකොට උබලට ප්‍රශ්නයක් නෑනෙ.

    mu awilla depaththa kotawana ekek ban. sure lanka true news eke inne sinhala nam dagahttha kona nathi kokku ehema ekek wenna one.

    මට කාගෙවත් පැත්තක් අරන් කොටවන්ඩ ඕනෙ නෑ මචන්. මම කතා කෙරුවෙ මගෙ ආගම ගැනයි. උබට උබේ ආගම ගැන කැක්කුමක් තියනව වගෙ මටත් මගේ ආගම ගැන කැක්කුමක් තියනව

    තමන්ගේ ප්‍රශ්නෙට තමන්ම උත්තරේ දීගෙන :rofl:
    කෙසේ වෙතත් මට නම් පේන්නේ උඹ shape එකේ දෙපැත්ත කොටවන වෙනම අරමුණක ඉන්න පොන්න බල්ලෙක් වගේ

    තමන්ගෙ ආගම වෙනුවෙන් කතා කරන එකා පොන්න බල්ලෙක් නම් ඔව් මචන් මම පොන්න බල්ලෙක් තමයි

    ඕකම තමා බන් අනිත් පැත්තෙනුත් වෙලා තියෙන්නේ. මේ බෞද්ධ කියාගන්න මෝඩයන්ගේ මෝඩ කතා නිසා තමා මේ thread එකේ බුදු දහමට/බෞද්ධයන්ට අපහාසයක් වුනා නම් වෙලා තියෙන්නේ.

    ජේසු මොනවා කලත් අපිට වැඩක් තියනවද බන්? :confused:

    උඹ හිතපන්, හම්බයෙක් ඇවිල්ලා කිවුවොත්, සුද්දෙක් හදපු video එකක් බලලා සුද්ධෝධන රජතුමා මුස්ලිම් රජෙක් කියලා උඹට යකා නගින්නේ නැද්ද? සිදුහත් තාපස තුමා ධර්මය ඉගෙන ගත්තේ ඊජිප්තුවේ පාරාවෝ න් ගෙන් කිවුවොත් එහෙම? උඹට මොකද හිතෙන්නේ?

    එකමනේ මෙතනත් වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු ගෞරවයෙන් අදහන කෙනා, අපේ ගොබ්බයො ඇවිල්ලා බෞද්ධ භික්ෂුවක් කිවුවම වුන්ට කේන්ති යන එක සාධාරණයි නේ!

    අපේම අඳ බාලයින්ගේ මුග්ධ වැඩ නිසා තමයි අපේ ආගමේ පරිහානිය ඇති වෙන්නේ. නැතුව වෙන ආගම් වල මිනිස්සු නිසාම නෙවේ. කිසියම් කතෝලිකයෙකුට බුදු දහම ගැන කිසියම් ප්‍රසාදයක් තිබ්බ නම් එකත් නැති වෙන්න ඇති.

    අනිවා මචන්!:yes: ජේසුස් වහන්සේ ඉන්දියාවට ගියාද? නොගියද,?? උන්වහන්සේ බැන්ද ද?? නැද්ද?? ස්වර්ගස්ථ වුණේ ජපානෙදි ද?? බෞද්ධ භික්ෂුවක්ද? අල්ලගේ පණිවිඩ කරුවෙක් ද?? ඔය හු*තවල් එකක්වත් අපිට වැඩක් ද බන්.....??????:frown:

    උන්වහන්සේ ජීවිත කාලෙම සටන් වැදුණේ අසරණ මිනිස්සු වෙනුවෙන්!! වද වේදනා විඳලා මැරුණෙත් මිනිස්සු වෙනුවෙන්!!!!! :yes:(නැතුව අර එක එක වලත්තයෝ වගේ මිනිපිරිගෙ වයසේ පොඩි කෙල්ලෝ දූෂණය කර කර, යන යන තැන ගෑනු තියා ගත්තේ නෑ නේ.:angry:)

    අනිත් වැදගත්ම දේ, අපිට කෙලවුණ දාට......
    පන්සලේ හාමුදුරුවෝ තමන්ගේ පාත්තරේන් හරි අපිට වේලක් කන්න දෙයි.:)
    පල්ලියෙ ෆාදර් අපිට ඉන්න හිටින්න තැනක්වත් දෙයි.:)
    ඔය කියන බීබීසී මාමලා එදාට කොහේ ඉඳියි ද බන්.....???:no:

    උබට ඕක තේරුනාට හැමෝටම ඕව තේරෙන්නෙ නෑ බන්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මගේ අම්මට එහෙම උනානම් මම රාහුල කුමාරයා වෙනවනේ බන්.. මචන් මම මුස්ලිම් නෙමෙයි කතෝලික. සින්හල කතෝලිකයෙක්. මට බුද්ධාගම එක්ක කිසිම තරහක් නෑ මචන්. මම ගොඩක් ගරු කරන ආගමක් තමයි බුද්ධාගම. ඒත් මේකෙ ඉන්න උන් හින්දා දැන් ඒක අඩු වේගෙන එන්නෙ. උබ මේ ත්‍රෙඩ් එක සම්පූර්නම කියෙවුවනම් උබ දකින්ඩ ඇති ජේසු තුමා ඉන්දියාවෙ ගියා කියලා මැරෙන්ඩ හදනව. එතුමා බෞද්ද කියල BBC එකෙ documentary අරන් තියනව. ඒව කිසි පදනමක් නැති ඒවනේ බන්. හෙට අනිද්දට BBC එකෙන් කිවුවොත් බුදු හාමුදුරුවො මුස්ලිම් වෙලා හිටිය කියල උබල ඒවත් පිලිගන්නවද? ආගමක් කියන්නෙ තමන්ගෙ විශ්වාසේ බන්. බලපන් දැන් මේ ත්‍රෙඩ් එක දාපු එකා මොන අදහසකින් මේක දැම්මද දන්නෙ නෑනෙ. ඌට ඕන වෙලා තියෙන්ඩ ඇත්තෙ සමහරවිට අපි දෙගොල්ලො කොටවන එක වෙන්ඩ ඇති. ඌට නෙට් එකේ හෙවුවනම් ඕන තරම් ජේසු තුමා ගැන දැනගන්ඩ බැරිද? මේ එලකිරියෙ මචන් මාර විදියට අනිත් ආගම් හෑල්ලුවට ලක් කරනව බන්. සමහරු ඉන්නව ඒ වැඩේටම මේකට එන උන්. බලපන් බෞද්ද ආගමට බැන්න කියල කී දෙනෙක් මගේ රෙප් කැපුවද කියල කුනුහරපෙන් බැනල. ඒ ඇයි? උබලගේ ආගමට බනිද්දි උබලටත් රිදෙනව. ඒ වගේ තමයි අපේ ආගමට බනිද්දි අපිටත් රිදෙනව මචන්. සිරාවටම තව ටික කාලයක් බලල එලකිරි එක අත අරිනව බන් මෙහෙම ගියොත්. එතකොට බෞද්ද යාලුවො විතරක් ඉතුරු වෙයිනෙ මේකෙ. එතකොට උබලට ප්‍රශ්නයක් නෑනෙ.

    මට කාගෙවත් පැත්තක් අරන් කොටවන්ඩ ඕනෙ නෑ මචන්. මම කතා කෙරුවෙ මගෙ ආගම ගැනයි. උබට උබේ ආගම ගැන කැක්කුමක් තියනව වගෙ මටත් මගේ ආගම ගැන කැක්කුමක් තියනව

    තමන්ගෙ ආගම වෙනුවෙන් කතා කරන එකා පොන්න බල්ලෙක් නම් ඔව් මචන් මම පොන්න බල්ලෙක් තමයි

    උබට ඕක තේරුනාට හැමෝටම ඕව තේරෙන්නෙ නෑ බන්.

    උඹ අවුලක් ගන්නෙපා බන්! ජේසු බෞද්ධ භික්ෂුවක් නිසා අපි පල්ලි පන්සල් එකටම හදමු! මන් දැන් හිතන් ඉන්නේ බුදු පිළිමේ ගාවින් ජේසු ගේත් පිළිමයක් තියලා එකටත් වඳින්න! මන් ලබන පෝයට සිල් ගන්න පල්ලියට යන්න හිතන් ඉන්නේ! :yes: :lol:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඕකම තමා බන් අනිත් පැත්තෙනුත් වෙලා තියෙන්නේ. මේ බෞද්ධ කියාගන්න මෝඩයන්ගේ මෝඩ කතා නිසා තමා මේ thread එකේ බුදු දහමට/බෞද්ධයන්ට අපහාසයක් වුනා නම් වෙලා තියෙන්නේ.

    ජේසු මොනවා කලත් අපිට වැඩක් තියනවද බන්? :confused:

    උඹ හිතපන්, හම්බයෙක් ඇවිල්ලා කිවුවොත්, සුද්දෙක් හදපු video එකක් බලලා සුද්ධෝධන රජතුමා මුස්ලිම් රජෙක් කියලා උඹට යකා නගින්නේ නැද්ද? සිදුහත් තාපස තුමා ධර්මය ඉගෙන ගත්තේ ඊජිප්තුවේ පාරාවෝ න් ගෙන් කිවුවොත් එහෙම? උඹට මොකද හිතෙන්නේ?

    එකමනේ මෙතනත් වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු ගෞරවයෙන් අදහන කෙනා, අපේ ගොබ්බයො ඇවිල්ලා බෞද්ධ භික්ෂුවක් කිවුවම වුන්ට කේන්ති යන එක සාධාරණයි නේ!

    අපේම අඳ බාලයින්ගේ මුග්ධ වැඩ නිසා තමයි අපේ ආගමේ පරිහානිය ඇති වෙන්නේ. නැතුව වෙන ආගම් වල මිනිස්සු නිසාම නෙවේ. කිසියම් කතෝලිකයෙකුට බුදු දහම ගැන කිසියම් ප්‍රසාදයක් තිබ්බ නම් එකත් නැති වෙන්න ඇති.
    Buddimath bodunuwan dakinna labeema sathutak. dan hama darshanayakama/dahamakama bahutharayak naamika pirisak witharai inne. un e dahamata ho darshanayata ayath une unge demaupiyan e dahame ho darshanaye nisa. Anika me Uda dagena kiyawanne wadima hariyak keyboard weerayo :rofl:. okunta thamange kamaren eliyata bahala oyawage ka gahanna ba danis weulanawa. apinam ona tharam bodunu minissu ashraya karala thiyenawa. Ammai thaththai Internet walata wiyadam karana, gedarata wela karanna wena wadakuth na, ithin meka thamai unge athal eka. :sorry:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඇයි මචන් ඒක වැදගත් නැත්තේ ???
    උඹයි,මායි 2නම දන්නවා පිරිමියෙක්ගේ ජීවිතේ සැහෙන වෙනසක් වෙන්නේ ඔය කාල පරාසය තුල කියල
    අවුරුදු 12 සිට අවුරුදු 30 දක්වා අපි ගන්න තීරණ,ආකල්ප නිසයි අපේ ඉතුරු ජීවිත කාලෙම රඳා පවතින්නේ
    ජේසුතුමා ඇයි මේ වගේ දහමක් මිනිස්සුන්ට කියල දෙන්න හිතන්න ඇත්තේ කියල නිකමටවත්
    හිතුනේ නැද්ද බන් ???
    එහෙම හිතෙන්න නම් එතුමාට එතුමාගේ ජීවිත කාලය තුලදී ලබපු අත්දැකීම් හේතු වෙන්න ඇති නේද ?
    ජීවිතේ වැදගත්ම කාලය නොදැන මේවට උත්තර හොයන්නේ කොහොමද ? :rolleyes:
    [/QUOTE

    බයිබලය වගේ පොතක ලියලා තියෙන්නේ සාරාංශයක් විතරයි ..අප්‍රකට ජිවිතයේ තොරතුරු ලිව්වේ නැහැ ඒ කාලය ඇතුලත ජේසුස් සාමාන්‍ය කෙනෙක් විදියට තමන්ගේ පියාගේ වඩු කර්මාන්තයට සහයකයෙන් වෙන ගමන් ධර්මය ගැන ගැබුරින් හැදෑරුවා ඉදිරි දේශන වලට සුදානම් වුනා... ඒ හැරෙන්න විශේෂ දේවල් ඒ කාලය තුල සිදුවුනේ නැහැ ..( මේ ගැන මම හොඩක් විස්තර හෙව්වා කාලයක් පියතුමන්ලා යටතේ ඉගෙන ගත්තා .බුදු දහමත් ඉගෙන ගත්තා පල්ලිත් යනවා පන්සලුත් යනවා පල්ලියේ වැඩ වලටත් උදව් කරනවා පන්සලේ වැඩ වලටත් උදව් කරනවා මම උපතින් ක්‍රිස්තියානි . ඒත් අන්යාගමිකයන් එක්ක වාද කරන්න යන්නේ නැහැ අනිත් ක්‍රිස්තියානින්ටත් මට කියන්න තියෙන්නේ එච්චරයි ආගම් වලට අපහස කරන්නේ නියම බුදු සරණ ගිය අය නෙමෙයි උප්පැන්නේ බවුද්දයෝ )
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    සොහොන;17382760 said:
    ජෙසු තුමා කියන්නේ දෙව්යන්ගේ පුත්‍රයා කියලා තමයි බයිබලේ සදහන් වෙන්නේ දැන් උබට මොකද මේක දැනගන්න ඔනේ :rofl:
    අල්-කුර්ආනය-
    9-30. යුදෙව්වෝ උ‘ෙසෙර් (ඉ‘ස්රා) අල්ලාහ්ගේ පුත‍්‍රයා යැයි කියති. තවද ක‍්‍රිස්තියානිවරු අල්-මසීහ් අල්ලාහ්ගේ පුත‍්‍රයා යැයි කියති. මේවා පෙර සිටි කාෆිර්වරුන්ගේ (ප‍්‍රතික්‍ෂේප කරන්නන්ගේ) අඩිපාරේ ගමන් කරන, ඔවුන් තම මුවින් දොඩන (පදනමක් නැති) දේවල්ය. අල්ලාහ් ඔවුනට ශාප කරත්වා ණී ඔවුහු කෙසේ සත්‍යයට පිටුපෑවෙහිද.
    9-31. ඔවුහු අල්ලාහ් හැර තම උගත් විශාරදයින් සහ තම පූජකවරුන් අර්බාබ්(දෙවි)වරුන් බවට පත්කරගෙන සිටිති. තවද මර්යම්ගේ පුත් මසීහ්ද (රබ් බවට පත්කරගෙන සිටිති.) එහෙත් ඔවුනට අණ කරන ලද්දේ වෙනත් කිසිවකුට නොව, එකම දෙවියකුට පමණක් නැමදුම් කරන ලෙසය. ඔහු(අල්ලාහ්) හැර වෙනත් දෙවියකු නැත. ඔවුන් ආදේශ කරන දෙයින් ඔහු(අල්ලාහ්) ඉඳුරා පිවිතුරුය.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ජේසුතුමා කියන්නේ දෙවි කෙනෙක්ද?මම ක්‍රිස්තියන් ආගම ගැන දන්නේ නැහැ.මොකද මම ඒ ආගම බැදෙන්න නෙවෙයි.නිකන් දැන ගන්නයි.

    මුලින්ම නම ගැන කතා කරොත් ගොඩාක් නම් වලින් ජේසුස් වහන්සේව අමතනවා. සිංහලෙන් 'ජේසුස්' හා 'යේසුස්' නමින් දෙවිදිහකට යෙදුනත් ඉංග්‍රීසියෙදි නම් 'Jesus' ම තමයි. 'ජේසුස්' යන්න පාවිච්චි කරන්නෙ බහුතරයක් වූ රෝමානු කතෝලිකයෝ. අනිකුත් ක්‍රිස්තියානි සභා සියල්ලම පාහේ පාවිච්චි කරන්නෙ 'යේසුස්' යන්නයි. ඊට හේතුව හරියටම කියන්න මම දන්නෙ නෑ. බොහෝදුරට භාෂා ප්‍රශ්නයක් හෝ පරිවර්තන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද රෝමානු කතෝලිකයො පාවිච්චි කරන සමහර වචන උදාහරණයකට කිව්වොත් ජෙරමියා, ජොහාන්, ජෙරුසලම, ජෙරිකෝව ආදී වචන ක්‍රිස්තියානින් වහරන්නේම යෙරමියා, යොහාන්, යෙරුසලම, යෙරිකෝව විදිහටයි.

    ඉතිහාසඥයෝ කියන විදිහට නම් Yeshua එහෙම නැත්නම් Jeshua කියන හෙබ්‍රෙව් නම ජේසුස් වහන්සේ ජීවත්වූ කාලයේ පාවිච්චිවෙච්ච නමක්. සමහර මතවලට අනුව නම් ජෝෂුවා (Joshua ) කියන නම යම් වෙනස් වීමකට භාජනය වීමක්ලු.

    එතකොට ක්‍රිස්තුස් කියන්නෙ? ඒක නිකන් ආරූඪ නමක් වගේ. ජුදා ජනතාව තමුන්ව ගළවාගන්න දෙවියන් වහන්සේ තමුන් පුත්‍රයාගේ පැමිණීම බලාපොරොත්තුවුනානෙ. ඒ ගැන කාලෙන් කාලෙට ජුදාවරුන් අතර බිහිවෙච්ච දිවැසිවරු අනාවැකි කියලත් තියෙනවා. ඉතින් මේ එන තැනැත්තාට 'ආලේප කළ තැනැත්තා/අභිශේකලත් තැනැත්තා' යන අර්ථයෙන් හෙබ්‍රෙව් වචනයක් වෙන 'මෙසියස්'( Messiah) යන වචනය භාවිතා උනා. ඉතින් මේ අර්ථය ග්‍රීක භාෂාවට ගියේ 'Christós' විදිහට. ඒක ඉංග්‍රීසි භාෂාවෙදි 'Christ' උනා. ඉතින් ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේගේ පුත්‍රයා හැටියට එහෙම නැත්නම් මෙසියස් වහන්සේ හැටියට පිළිගන්නා ජනතාව 'Christians' හෙවත් ක්‍රිස්තියානිකාරයෝ උනා. ඉතින් ඔය Christ කියන වචනය තමයි 'ක්‍රිස්තුස්' උනේ. නාසරෙත්හි ජේසුස් එහෙම නැත්නම් ජේසු නසරේනු කියන්නෙ ජේසුස් වහන්සේගේ ගම නාසරෙත් නුවර නිසා.

    ජේසුස් වහන්සේගේ උපත ක්‍රි.ව. 0 කියලා කිව්වට ඒක මතභේදාත්මකයි. ජේසුස් වහන්සේගේ ජීවිත කතාවේ දැක්වෙන යම් යම් සිද්ධි වගේම විස්තර වෙන යම් යම් පාලකයින් ගැන විශ්ලේෂණය කරන ඉතිහාසඥයෝ නම් කියන්නෙ ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න ඇත්තෙ ක්‍රි.පූ. 6ත් ක්‍රි.ව. 4ත් අතර කාලයක බවයි.. කොහොම වෙතත් ජේසුස් වහන්සේ ඉපදෙනකාලයේ රෝමයේ පාලකයා වෙලා ඉඳලා තියෙන්නෙ අගෝස්තුස් අධිරාජ්‍යයා. තේරෙන විදිහට කිව්වොත් ඔගස්ටස් සීසර්. ඒ කාලෙ ජේසුස් වහන්සේ උපන් රට හෙවත් ජුදයාව (Judea) ඒවගේම ගලීලය ආදී ප්‍රදේශ යටත්වෙලා තිබිලා තියෙන්නෙ රෝම අධිරාජ්‍යයට.

    අනික් කාරණාව තමයි ජේසුස් වහන්සේ යුරෝපීයෙක් නෙවෙයි. ආසියාතිකයෙක්
    අද වෙනකොට යුරෝපයම කිතුනුවන් උනාට, වතිකානුව කතෝලික සභාවෙ මූලස්ථානය උනාට ජේසුස් වහන්සේ කියන්නෙ ආසියානුවෙක්. ලෝකයට බිහිවූ සෑම ආගමික කර්තෘවරයෙක්ම පාහේ ආසියානුවන් වීම පුදුමයි නේද?

    ජුදා ජාතිකයො භාවිතා කරන්නෙ මෝසෙස්ගේ නීතිය. ඒ නීතියට අනුව අනියම් ගැබ්ගැනීමක් පැමිණිලි කළොත් ඒ හින්දා අදාළ තැනැත්තියව නින්දාවට පත්කරලා ගල් ගසා මරාදමන්නටත් පුළුවන්. ඒකනිසා තමයි යහපත් මනුස්සයෙක් වෙච්ච ජෝශප්, සිංහල විදිහට කියනවා නම් ජුසේතුමා ඒ ගැන පැමිණිලි නොකර මරියාව අතහැරදමන්න කල්පනා කළේ.

    ජෝශප් කියන්නෙ දාවිත් රජුගෙ පරපුරට අයිති මනුස්සයෙක්. රැකියාව උනේ වඩු කර්මාන්තය. ඒකනෙ ජුදා ආගමික නායකයො ජේසුස් වහන්සේට 'වඩුවාගේ පුතා' කියලා සමච්චල් කළේ. සංගණයේදි තමුන්ගේ වංශයට අයිති නගරයට යන්ඩ උනා. ඒකයි බෙත්ලෙහෙමට යන්නෙ. ඒත් සමඟම අතීතයේ දිවැසිවරු කියපු ගැළවුම්කාරයා ඉපදෙන්නෙ බෙත්ලෙහෙමේ කියන දිවැස් වැකියත් ඉටුවුනා.

    කිතුනු ජනතාව මේ සිද්ධියනෙ නත්තල කියලා සමරන්නෙ. ගවමඩුවක් කියලා කිව්වට බොහෝ දෙනා කියන්නෙ එය හරකුන් ලැඟුම් ගත් ලෙනක් කියලායි.

    ජේසුස් වහන්සේ උපන් පණිවිඩය මුලින්ම දැනුම් දීලා තියෙන්නෙ දුප්පත් එඬේරුන්ටලු. ඔවුන් එද්දි දේවදූතයන්ගේ ප්‍රශංසා ගීත ඇහුනලු. මීට කාලෙකට කලින් අපි පොඩිකාලෙ දැනගෙන හිටියෙ පෙරදිගින් ආවෙ රජවරු කියලයි. "රජතුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරතී" කියලා අහලා ඇතිනෙ. ඒත් ඉතින් කියලා තියෙන කාරණා අනුව ඒ කිව්වෙ තාරකා ශාස්ත්‍රයෙන් තැන හොයාගෙන ආවානම් ශාස්ත්‍රවන්තයෝම වෙන්න ඕනනෙ. සාමාන්‍යයෙන් ඔටුවො පිටේ යන ශාස්ත්‍රවන්තයො ඉන්න රූප දැකලා ඇතිනෙ.

    මේ ශාස්ත්‍රවන්තයො ගෙනාවා කියන පඬුරු ගැනත් කතාවක් තියෙනවා. එක්කෙනෙක් ගෙනත් තියෙන්නේ රත්‍රං. මොකද එයා ශාස්ත්‍රය අනුව හිතලා තියෙන්නෙ මහා බලසම්පන්න රජෙක් පහළවෙන බවලු. දෙවෙනියා ගෙනල්ලා තියෙන්නෙ තුවරලා (Frankincense). ඒ කියන්නෙ කට්ටකුමංජල් එහෙම නැත්නම් සුවඳලාටු ජාතියක්. Boswellia කියන කුලයට අයිති ගස්වල මැලියම් වලින්ලු සුවඳලාටු හදන්නෙ. ඉතින් තුවරලා ගෙනාපු ගෙනා හිතලා තියෙන්නෙ දෙවිකෙනෙක් පහළවුනා කියලලු. තුන්වෙනියා ගෙනත් තියෙන්නෙ ගන්ධරස. Commiphora කුලේ ශාකවලින් හදන තෙල්වර්ගයක්ලු. තේරෙන විදිහට කිව්වොත් මිනිසුන් ඇඟ සුවඳවත් කරන්න පාවිච්චි කළ දෙයක්. හිතමුකො ෆර්ෆියුම් කියලා. මේ ශාස්ත්‍රවන්තයා හිතුවේ උතුම් මිනිසෙක් ඉපදිලා කියලලු. ඇත්තටම ජේසුස් වහන්සේට ඔය තුනම අදාළයි. රජෙක්, දෙවිකෙනෙක්, මිනිසෙක්.

    ඔවුන් එන්නෙ එවකට ගලීලයේ පාලකයා වෙච්ච හෙරෝද් ළඟටනෙ. ඔය හෙරෝද් කියන නමත් පාරාවෝ වගේම රජුට අන්වර්ථ නමක් වෙන්න ඕනෙ. තරුව ගැන කියනවා නම් සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන්නෙ වල්ගා තරුවක් කියලයි. නත්තල් කාලෙට සමහර කතෝලික ගෙවල්වල, දෙවස්ථානවල වල්ගාතරුවක් ඉදිකරන්නේ මේ නිසයි.

    මේ ගැන තියෙන තාරකා විද්‍යාඥයින්ගේ අදහසුත් බලමු. Johannes Kepler කියන හැටියට ක්‍රි.පූ. 7දි සෙනසුරු හා බ්‍රහස්පතිගෙ ග්‍රහයින්ගේ ළංවීමක් ඇතිඋනාලු. මේ විදිහේ ළංවීමකින් නෝවා (nova) තත්වයක් ඇතිවෙන්න පුළුවන්ලු. මම නම් දන්නෙ නෑ ඒ මොකක්ද කියලා. මොකක් නමුත් අහසේ යම් දිලිසීමක් වෙන්න ඇතිනෙ. ඉතින් කෙප්ලර් කියන්නෙ ජේසුස් වහන්සේ ඉපදුන දවසෙ වෙන්න ඇත්තෙ මේ සිද්ධිය බව.

    සමහරු කියන්නෙ හෙලීගේ වල්ගාතරුව කියලා. හැබැයි ගණන් හදලා බැලුවම ඒක පෙනෙන්න ඕනෙ ක්‍රි.පූ. 12දි. චීන හා කොරියානුවන්ට කුමක් නමුත් වල්ගා තරුවක් පෙනුනා කියලා වාර්තාවල තියෙනවාලු. ඒ ක්‍රි. පූ.5දි. තවත් සමහරු කියන්නෙ මිනිස් ඇසට දැකිය හැකි අති දුර්ලභ දර්ශනයක් වූ යුරේනස් ග්‍රහයා දර්ශනය වන්නට ඇති බව. ඉතින් හරියටම මොකක්ද කියලා නම් විද්‍යාඥයෝ කියලා නෑ. හැබැයි සමාජ විද්‍යාඥයෝ නම් කියන්නෙ එදා ඇතිවුනේ වල්ගා තරුවක් නම් මේ වගේ සුභ සිද්ධියක් කියලා ශාස්ත්‍රවන්තයෝ හිතන එකක් නෑලු. මොකද ඒකාලෙ වල්ගා තරු පෑයීම මහා අවානාවක පෙර නිමිත්තක් හැටියටලු සැළකුවේ.

    ජේසුස් වහන්සේ ළමා කාලය ගැන තියෙන අන්තිම විස්තරය තමයි වසර දොළහේදී නැතිවී නැවත හමුවීම. එතනින් පසු අවුරුදු තිහ වෙනතුරු උන් වහන්සේ සම්බන්ධ දේවල් කතුවරු ලියා නෑ. ඒ නිසා තමයි ජේසුස් වහන්සේ මේ කාලය ඉන්දියාවේ, ටිබෙටයේ ගතකළ බවට විවිධාකාර මත තියෙන්නෙ. එහෙත් ඒ කාලයේ සාමාන්‍ය දරුවෙක් විදියට ජීවිතය ගතකල බව තමයි පිළිගැනෙන්නේ ,

    • Like
    Reactions: rochel1977

    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    ඔයාලට ගොඩක් ස්තුතියි මම නිසා භේද කළා නේද එකට මට සමා වෙන්න ඕනේ
     
    Last edited:

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    අනිවා මචන්!:yes: ජේසුස් වහන්සේ ඉන්දියාවට ගියාද? නොගියද,?? උන්වහන්සේ බැන්ද ද?? නැද්ද?? ස්වර්ගස්ථ වුණේ ජපානෙදි ද?? බෞද්ධ භික්ෂුවක්ද? අල්ලගේ පණිවිඩ කරුවෙක් ද?? ඔය හු*තවල් එකක්වත් අපිට වැඩක් ද බන්.....??????:frown:

    උන්වහන්සේ ජීවිත කාලෙම සටන් වැදුණේ අසරණ මිනිස්සු වෙනුවෙන්!! වද වේදනා විඳලා මැරුණෙත් මිනිස්සු වෙනුවෙන්!!!!! :yes:(නැතුව අර එක එක වලත්තයෝ වගේ මිනිපිරිගෙ වයසේ පොඩි කෙල්ලෝ දූෂණය කර කර, යන යන තැන ගෑනු තියා ගත්තේ නෑ නේ.:angry:)

    අනිත් වැදගත්ම දේ, අපිට කෙලවුණ දාට......
    පන්සලේ හාමුදුරුවෝ තමන්ගේ පාත්තරේන් හරි අපිට වේලක් කන්න දෙයි.:)
    පල්ලියෙ ෆාදර් අපිට ඉන්න හිටින්න තැනක්වත් දෙයි.:)
    ඔය කියන බීබීසී මාමලා එදාට කොහේ ඉඳියි ද බන්.....???:no:

    මචන් මගෙ යාලුවන්ගෙන් 95% බෞද්ධ අය. ඒ 95% ම උඹ වගේ අදහස් තියෙන අය හින්දයි අදටත් මම බෞද්ධයන්ට බෞද්ධ දර්ශනයට ආදරය කරන්නේ, ගරු කරන්නේ. අවුරුදු 13ක්ම ඉගෙන ගත්තේ බෞද්ධ ඉස්කෝල වල, සා/පෙළට ඉගෙන ගත්තේ බෞද්ධ දර්ශනය. (ක්‍රෙඩිට් එකක් තියෙනවා) ඒ හැම දේකටම වඩා ජීවිතකාලේ පුරාවටම හෙවනැල්ල වගේ ලගින් ඉන්න යාළුවෝ සෙට් එක කවදාවත් ආගමකට අගෞරව කරලා නැහැ. උඹ වගේම තමයි

    ඒත් එළකිරි එකේ ඉන්න එකෙක් දෙන්නෙක් හැම තිස්සෙම කරන්නේ ආගම් කොටවන එක. මම දන්නේ නැහැ එකේ යටි අරමුණ මොකක්ද කියලා. මොනව වුනත් වෙසක් එකට පොසොන් එකට කූඩුවක් හදලා දන්සලක් දීල යාලුවොත් එක්ක පන්සලට ගියා කියලා අපේ කතෝලික කමට මේ වෙනකන් මොන අවුලක් වත් වෙලා නැහැ.