චම්පික_ඇමැති_ධූරය_අතහරී
චම්පික ඇමැති ධූරය අතහරී? හෙළ උරුමය විපක්ෂයේ අසුන් ගනී?
ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද මරාණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. ඒ සමගම එජනිස ආණ්ඩුවේ ශ්‍රීලනිප මන්ත්රීවරයෙක්ද විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව නිල නොවන ආරංචි මාර්ග පවසයි. හෙළ උරුමය ජාතික සංවිධායක ඇමැති චම්පික රණවක ඇමැතිධූරයෙන් ඉවත් වෙමින් අද උදේ 10.35 ට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත ය. පා.ම. අතුරලියේ රතන හිමි තමන් ආණ්ඩුවෙන් ලබාගෙන තිබූ රථය යළි ආණ්ඩුවට ලබා දී ඇත. ඇමැති චම්පික පසුගිය දිනවල අමාත්‍යාංශයේ තිබූ තම ලිපි ලේඛනද ඉවත් කර ගෙන තිබිණ.මේ අතර ජාහෙඋ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල ලංකා හොස්පිටල් හෙවත් පැරණි ඇපලෝ රෝහලට ඊයේ ඇතුලත් කර ඇතැයිද ඔහු රෝද පුටුවකින් රෝහලට ගෙන ආ බවද රෝහල් ආරංචි මාර්ග පවසයි. ඇපලෝ රෝහලේ ලොක්කා අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ය.