කැමරා ආම්පන්නත් අරගෙන ඇනකොන්ඩෙකුගේ බඩට ය

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
කැමරා ආම්පන්නත් අරගෙන ඇනකොන්ඩෙකුගේ බඩට ය


වන සතුන් ගැන පර්යේෂණ පවත්වන පෝල් රෝසොලි නම් මිනිසෙකු විසින් සජීවී ඇනකොන්ඩෙකුගේ ආහාරය වීමට සූදානම්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබේ. ඔහු මෙම අවධානම් කටයුතු කිරීමට තීරණය කොට ඇත්තේ ඇනකොන්ඩාවෙකු ගොදුරට ලංවන අයුරු, ගොදුර ආහාරයට ගන්නා ආකාරය, ගොදුරට ඇනකොන්ඩා ගේ සිරුර තුලදී සිදුවන විපර්යාසය අධ්‍යනය කිරීම සඳහා වේ.

මේ සඳහා ඔහු විශේෂිත ඇඳුමක්ද නිර්මාණයකොට තිබේ. මෙම සියලු ක්‍රියාවලිය පටිගත කිරීම සඳහා විශේෂ කැමරා ආම්පන්නද එම ඇදුමට සවිකොට තිබේ.

ඇනකොන්ඩා විසින් ගොදුරක් ගැනීමෙන් පසු වමාරන අතර ඒ අතරතුර ජීවිතය බේරාගැනීම පෝල් ඒ සැලසුම වී තිබේ. මේ සඳහා ෆයිබර් කාබන් වලින් සෑදු විශේෂිත ඇඳුමක් ඔහු විසින් නිර්මාණය කොට තිබේ. මෙහිදී ඔහු වඩාත් සැලකිලිමත් වී ඇත්තේ ඔහුගේ ආරක්ෂාව නොව ඇනකොන්ඩාට සිදුවන අපහසුතාව වලක්වා ගැනීම සඳහාය.

Paul-Rosolie.jpg


අඩි 25 ක් දිග ඇනකොන්ඩාවෙකු පෝල්ව ගිලින අයුරු ඩිස්කවරි නාලිකාව ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. ඇනකොන්ඩාගේ අවධානය ගනු ලැබීම සඳහා පෝල් විසින් ඌරු ලේ ඇඟ පුරා දවටාගෙන සිටීමට නියමිතයි.

ඇනකොන්ඩාගේ ගොදුර වීමට පෙර විශේෂිත ඉලෙක්ට්‍රොනික පෙත්තක් පෝල් විසින් ගිලිනු ලබන අතර එමගින් පෝල් සමග ඩිස්කවරි කණ්ඩායම සම්බන්ධතා පවත්වාගැනීමට සැලසුම්කොට තිබේ.

Paul-Rosolie.jpg


දින හැටක් තිස්සේ පේරු රාජ්‍යයේ වැසි වනාන්තරයක සිදුකළ දුෂ්කර ගමනකින් අනතුරුව මෙම ක්‍රියාව සඳහා පෝල් විසින් ඇනකොන්ඩාවෙකු තෝරාගෙන තිබේ.

Paul-Rosolie.jpg

ෆයිබර් කාබන් වලින් සාදන ලද පෝල් පළදින විශේෂිත ඇඳුම

KRgOEE.gif


ඇනකොන්ඩා විසින් පෝල් ව ආහාරයට ගන්නා ආකාරය ලබන ඉරිදා උදෑසන 9 ට ඩිස්කවරි නාලිකාව ඔස්සේ සජීවීව විකාශය වීමට නියමිතයි.
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ මොකක්...:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    උන් මර ඇඹරිල්ලක් අඹරනවනේ කන්න කලින්.. ඇනකොන්ඩයි මිනිහයි දෙන්නම අනතුරක් නැතුව වැඩේ කරගත්තොත් හොඳයි.:baffled:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    кσяη ησρє;17468947 said:
    :yes:


    anthimata ancondawa marala thamai minihawa eliyata ganna wenne....

    anconda gilala passe wamane karanawa ban. porata athule inna puluwan unoth wamane kalama berenna puluwan. :dull: