සොෆ්ට්ලොජික් අයිතිකරු සමග

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සොෆ්ට්ලොජික් අයිතිකරු සමග

    ව්‍යාපාර ලෝකයේ ප්‍රශ්නත් එක්ක හැප්පෙන එක මට විනෝදයක්
    ගැටලු නැතිව මට ජීවත් වෙන්න බෑ
    අශෝක් පතිරගේ
    සභාපති සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස්




    අශෝක් පතිරගේ එදා සේවකයන් නව දෙනකු ගෙන් ඇරැඹු සොෆ්ට්ලොජික් අද අතුපතර විහිදූ දැවැන්ත ව්‍යාපාර වෘක්ෂයක්.

    එහි අලුත්ම පියවර වූයේ ඔඩෙල් තමන් සතුකර ගැනීමයි. ව්‍යාපාර ලෝකයේ අශෝක් අධිරාජ්‍යයක් කරා යන ඔහු අද ව්‍යාපාර ලෝකයේ තරුවක්


    Ashok-Pathirage.jpg


    ඔබ සොෆ්ට්ලොජික් සමූහයේ මහමොළකරු. කොහොම හඳුන්වාදීමකට ද වඩා කැමැති...

    මං අශෝක් පතිරගේ. සාමාන්‍ය මිනිහෙක්. ඊට වඩා වෙන මොනව ද...

    • ඒත් ඔබ අයිති සුපිරි ජීවිතයක් ගතකරන සුපිරි පැළැන්තියකට...

    මං ගෙවන්නේ වැඩ බරිත ජීවිතයක්. ඔබ ඔය කියන සුපිරි ජීවිතයට වඩා මං කැමැති ඒ වැඩ අධික ජීවිතයට.

    • රස්සාව ජීවිතයම කරගත් කෙනකුට පෞද්ගලික ජීවිතයක් තියෙනව ද...

    ඔව්. මාත් එහෙම කෙනෙක් තමයි. නමුත් කොහේ ගියත් රෑ අට වෙද්දි මං ගෙදර. අපේම, යා යුතුම තැනෙකට හැරෙන්න මගේ නැහැ, රෑ ගමන්. පහුවෙනිදා ආපහු වැඩ කරන්න මට හොඳ නින්දක් ඕනේ. බිරිය දරුවන් එක්ක ජීවිතේ බෙදාගන්න ඕනේ. ඒ නිසා පාටිස්, කොක්ටේල්ස් මං ජීවිතෙන් අයින් කරපුවා.

    • ගතකරන සමාජ තත්ත්වයේ හැටියට ඒ දේවල් බැහැර කරලා පුළුවන් ද...

    පුළුවන්. මේ මං කරන්නේ. ඔය වගේ තැන්වලදී හුඟ දෙනකුට උවමනායි මං කරන දේවල් දැනගන්න. තවත් සිය දෙනෙක් විතර එන්නෙ උදව් ඉල්ලන්න.

    • ඒ කියන්නේ ඔබ උදව් කරන්න අකැමැති කෙනෙක්...

    නැහැ. මං උදව් කරනවා. ඒත් මිනිස්සු කියන හැම දේම කරන්න බැහැ. ඔය වගේ තැන්වලට නොගිහින් හිටියම වඩාත් හොඳට හිතවත්කම් පවතිනවා. අනෙක දවසකට 100 ක් විතර එන ආරාධනා. කොහොම පිළිගන්න ද...

    • අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්... රට රටවල මිටින්, වත්කම්, මූල්‍ය ගැටලු... ඔබේ ජීවිතේ දෝලනය වන මේ කාරණා ඔබව වෙහෙසට පත්කරන්නෙ නැද්ද...

    නැත්තෙ නැහැ. ජීවිතේ වෙහෙස මටත් දැනෙනවා. ඒත් මං කැමැතිත් ඒ වෙහෙසට තමයි. ඒ වෙහෙසත් එක්ක ගැටිලා වැඩ කරන එක තමයි මගේ විනෝදේ. සතුට. ත්‍රිල් එක. කික් එක. ඒවා නැතුව මට ජීවත් වෙන්න බැහැ.

    විවේකයක් ගත කරන්න කොහේහරි ගියත් දවස් තුන හතර ගෙවෙද්දී මට ඔෆිස් යනකල් ඉස්පාසුවක් නැතිව යනවා.

    • විශ්වාසය සහ ආත්ම ශක්තිය කියන කාරණා ඔබේ ජීවිතය ඇසුරින් විග්‍රහ කරන්න...

    කරන වැඩේ පිළිබඳ තමන් තුළ විශ්වාසයක් තිබිය යුතුයි. ඒ වගේම ව්‍යාපාරවලදී වැදගත්ම දේ පාරිභෝගික විශ්වාසය සහ සෘජුව, අවංකව වැඩ කිරීම. ණයක් ගත්තොත් ගෙවන්න ඕනේ. පොරොන්දුවක් වුණොත් ඉටුකරන්න ඕනේ.

    ලක්ෂ ගණන්, මිලියන ගණන් පිරිස සොෆ්ට්ලොජික් පාරිභෝගිකයන් වුණේ හෙමි හෙමින් ගොඩනඟපු ඒ විශ්වාසය නිසා. ඒකට මට අවුරුදු 23 ක් ගියා.

    මේ හැමදේම කළේ හිතට ඇතුළු කරගත් මහා ආත්ම ශක්තියකින්. ජීවිතේ වැටෙනවා නම් එහෙම අවස්ථා මිලියන ගණනක් මට උදාවෙලා ඇති.

    • මේ ගෙවෙන්නේ ව්‍යාපාරිකයන් වැටෙන කාලයක් ද... නැගිටින්න පුළුවන් කාලයක් ද...

    අවුරුදු 10 ක් වැඩ කරපු ජෝන් කීල්ස් සමාගමෙන් ඉවත්වෙලා 1991 මං, පරිගණක මෘදුකාංග සංවර්ධනය කරන සොෆ්ට්ලොජික් සමාගම පටන් ගත්තේ මේ රටේ යුද්ධයක් පවතිද්දී. බැංකු ණය ගත්තෙ සියයට 32 ක පොලියට.

    එහෙම ගොඩනැඟෙද්දි මුහුණ දීපු අමාරුකම් ගණනින් කියන්න බැහැ. හැබැයි අද පොලිය සියයට 6 යි 7 යි. රටේ ආයෝජන අවස්ථා ඕනෙ තරම්. යුද්දෙත් අවසන්. අද කවුරුහරි කියනවානම් බිස්නස් කරන්න බැහැයි කියල ඒක විහිළුවක්.

    • යුද්දෙ කාලෙ වුණත් ඔබ අත ගැහුවේ වෙනස් ව්‍යාපාර සංකල්පයකට. රට යන අතට බිස්නස් කරන්න ඔබ සූරයෙක් කිව්වොත්...

    ඒක තමයි මගේ වෙනස. මං කවදත් ගණිතයට ප්‍රියයි. උසස් පෙළට කළෙත් ගණිත විෂයෙන්. ඒ නිසාම පරිගණක විෂය ගැන උනන්දුවක් තිබුණා. මෘදුකාංග නිර්මාණය සංකීර්ණයි. තර්කානුකූලව සිතා සංවර්ධනය කළ යුතු දෙයක්. සොෆ්ට්ලොජික් සංකල්පය ව්‍යාපාරයක් ලෙස ආරම්භ වුණේ ඒ පසුබිමත් එක්ක.

    • කොයිතරම් ප්‍රාග්ධනයක් එදා ඔබ යට කළා ද...

    ලක්ෂ දහයයි. සේවකයන් නව දෙනයි. අද, අටදහසක් වැඩ. සමස්ත ආදායම බිලියන 40 යි.

    • ඔබ තුළ තිබෙන සුවිශේෂීම චරිත ලක්ෂණය කුමක් කියල ද ඔබ හිතන්නෙ...

    දිනන තුරු සටන අත් නොහරින එක. මට ඕනෙ දිනන්න විතරයි.

    • ව්‍යාපාරික ලෝකෙදි ඔබ දෙවැනි වෙන්නේ කාට ද...

    මං කාටවත් දෙවැනි වෙන්නැහැ. සල්ලිවලට මං චැලේන්ජ් කරන්නෑ. සල්ලි මට ලොකු දෙයක් නෙවෙයි. ෆයිට් කිරීමෙන් ජය ලැබීමයි ලොකුම දේ.

    • එහෙම සටන් කරල මෑත කාලේ ලබපු ලොකුම ජය කුමක් ද...

    මට හුඟක් ප්‍රශ්න තිබුණා ආසිරි රෝහල ගන්න ගිය වෙලාවේ. ගැටෙන්න වුණේ ලොකුම බිස්නස්කාරයොත් එක්ක. සටනක් කරලා දිනපුවම මට ලොකු සතුටක් තියෙනවා. ආසිරි තමයි අද විශාලම පෞද්ගලික රෝහල් ජාලය.


    ලොකුම පෞද්ගලික රෝහල් ජාලය ඔබේ නම් ඇයි චැනලින් මාෆියාවට මුකුත් නොකරන්නේ...

    මොකක්ද එතැන තියෙන මාෆියාව.

    • අසාධාරණ හා අධික චැනලින් ගාස්තු... වෛද්‍යවරුන්ගේ ආධිපත්‍යය...

    අපේ මිනිස්සුම තමයි ඕක වරද්දගෙන තියෙන්නේ. අපේ අය උණක් හෙම්බිරිස්සාවක් හැදුණත් යන්නෙ ස්පෙෂලිස්ට් ළඟට. පිටරටවල එහෙම නැහැ. පවුලේ වෛද්‍යවරයා ළඟට ගියාම අවශ්‍යනම් එයා තමයි විශේෂඥයකුට යොමු කරන්නේ.

    රෝහල් ගතවුණත් බිලෙන් 60% ක් යන්නේ වෛද්‍යවරයාට. වෛද්‍යවරුන්ගේ නම් පස්සෙ දුවන නිසා තමයි ඒ අය ගාස්තු ඉහළ දමාගන්නේ.

    • සමහර වෙලාවට කාමරේට ගිය රෝගියා මිනිත්තු දෙකෙන් එළියේ. සමහර විශේෂඥයන් රෝගියා දොරෙන් එනකොටම බෙහෙත් ලියන්න ගන්නවා...

    අපිටත් ඒක ලොකු ප්‍රශ්නයක්. මිනිත්තු ගණනකින්, නිවැරැදි ප්‍රතිකාරය ලියැවෙනව ද කියල අපි දන්නෙ නැහැ.

    සමහර වෛද්‍යවරුන් ලෙඩ්ඩු 50 ක් විතර බලලා, තව පෞද්ගලික රෝහලකට යනවා. එතැනත් 100 ක් විතර බලලා ආයේ තවත් පෞද්ගලික රෝහලකට යනවා. සමහර වෙලාවට ඒ සර්ජරිස්වලට. රෑ 10 ට විතර පටන්ගන්න සැත්කම් ඉවර වෙද්දි දොස්තරත් නිදා වැටෙනවා. ලෙඩ්ඩුන්ගේ ජීවිතෙයි මේ ක්‍රමයෙන් අනතුරේ වැටෙන්නේ.

    • ලංකාවේ මිනිස්සුන්ගේ මේ අනුවණ ආකල්ප නිසා අවසානයේ මොනවා වෙයි කියල ද ඔබ හිතන්නේ...

    සමහර ගෑනු උදවියට ඕනෙ වෙනවා දුවව ගත්ත දොස්තර ලවාම මුනුපුරාවත් එළියට ගන්න. එතකොට විශේෂඥයාට වයස 75 - 80 ක්. හොඳම විශේෂඥයා වුණත් එතකොට එයා හුඟක් වයසක කෙනෙක්. ඒත් බොහොම කැමැත්තෙන් එයා ලවා සිසේරියන් එක කරවාගෙන ඒ අවදානම ගන්නවා.

    • මේ ක්‍රමය වෙනස් කරන්න ඔබට යෝජනාවක් තියෙනව ද...

    ඔව්. අලුත් දැනුමත් එක්ක එන, අලුත් වෛද්‍යවරුන් රෝහල්වලට ගන්න ඕනේ. අහපු පලියට, මාධ්‍යයෙන් දැකපු පලියට වෛද්‍යවරුන්ගේ ජනප්‍රිය නම් පස්සෙ දුවන එක නවත්තලා, රෝහලටයි යන්න ඕනේ. රෝහලේ එවෙලේ ඉන්න වෛද්‍යවරයා තීරණය කරාවි කළ යුතු දේ. හුඟක් විෙශ්ෂඥයන් කැමැති නැහැ අලුත් ෙෙවද්‍යවරු ඒනවට .

    • ඒ කියන්නෙ ඔබ පිළිගන්නවා, පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරුන්ගේ, මාෆියාවක් තිබෙන බව.

    ඔව්. එහෙම බලද්දි පිළිගන්න වෙනවා.

    • මොනම ක්‍රමයක් වත් නැද්ද, චැනලින් ගාස්තු හෝ රෝහල් ගාස්තු අඩුකර ජනතාවට සහනයක් දෙන්න පුළුවන්...

    ඒ ලාභයෙන් තමයි, අති නවීන මැෂින් වර්ග සඳහා අපි ඉන්වෙස්ට් කරන්නේ.

    • සොෆ්ට් ලොජික් සමූහයේ ව්‍යාපාර එකකට එකක් වෙනස්. මොකක්ද ඔබේ ඒ තෝරා ගැනීමේ රටාව...

    වෙනස් දේ කිරීම තමයි, ඒ රටාව. හුඟක් තීරණ, මගේ කැමැත්ත වගේ ම අපේ අධ්‍යක්ෂ මණ්ඩලයෙත් කැමැත්ත. ආසිරි රෝහල් සමූහය, සෙන්ට්‍රල් රෝහල, ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගම, සොෆ්ට්ලොජික් ව්‍යාපාර, සෙන්තාරා හොටෙල්, ඇබකස් ලංකා, ඔඩෙල් ඔය වගේ එකකට එකක් වෙනස් ව්‍යාපාර 40 ක්.

    • ව්‍යාපාරයක් හැටියට විලාසිතා තෝරා ගත්තේ වැඩි ලාභයට ද... ෆැෂන් පිළිබඳ ඇල්ම නිසාද....

    ෆැෂන්වලට මං කැමැතියි. ඒ වගේ ම මදර්කෙයා, නයිති, ටොමී හිල්ෆිගර්, ජෝර්ඩානෝ, ලිවයිස් වැනි ‘බ්‍රෑන්ඩ්ස්’ 20 ක විතර නියෝජිතයා අපි. අපේ අලුත් ම සාමාජිකයා තමයි ඔඩෙල්.

    • ‘ඔඩෙල්’ මිලට ගැනීමට ගත් තීරණය පිළිබඳ සතුටු වෙනවද...

    විශේෂයක් නැහැ. ඒක අපේ තවත් එක් ෆැෂන් සෙග්මන්ට් එකක් විතරයි. ඔටාරා ලොකු වෙනසක් කළ කාන්තාවක්. නමුත් ඒ විදියටම ඔඩෙල් පවත්වාගෙන යන්න මගේ අදහසක් නැහැ. එතැන ලොකු ෂොපින් ‍මෝල් එකක් කරනවා. මොකද දැනටමත් එතැන දවසකට 3000 කට වැඩි සෙනඟක් එන තැනක්.


    Ashok-Pathirage-1.jpg


    • ව්‍යාපාරයක පැවැත්ම පිළිබඳ ඔබ විශ්වාස කරන න්‍යාය කුමක්ද...

    යහපත් ලෙස සමාජගතවීම. වැරදි වැඩවලින් හම්බකරලා, සමාජෙට හොඳ කරනවා කියලා පෙන්නුවට වැඩක් නැහැ. මිනිස්සුන්ගේ හදවත්වලට දැනෙන්න ඕනෙ, මේක සාධාරණ ව්‍යාපාරයක් කියලා. ව්‍යාපාරයට වගේ ම ව්‍යාපාරිකයාටත් ආශිර්වාදයක් ලැබෙන්නේ එතකොටයි.

    • රටේ ව්‍යාපාරික ක්ෂේත්‍රය සහ ආයෝජන අවස්ථා වෙනුවෙන් යෝජනා දෙන්න රජයෙන් ඔබට ආරාධනාවක් ලැබුණොත්...

    රජයට උදව් කරන්න කැමැතියි. නමුත් මං දේශපාලනයට කැමැති නැහැ. එතැනට ගිහින් මගේ තත්වෙ නැති කරගන්නත් මං කැමැති නැහැ. අපේ අදහස් යෝජනා අහනවා නම් පමණක් උදව් කරනවා ඇරෙන්න කාලෙ කා දමන වැඩවලට මං කැමැති නැහැ.

    • එහෙම නම් ඔබ කාලයක් ක්‍රිකට් බෝඩ් එකේ හිටියේ...

    එතැනට ගියේ වැඩක් කරන්න.

    • හිටපු අවුරුද්දක කාලේ ඔබ මොනවද ක්‍රිකට් වෙනුවෙන් කළේ...

    මං කරපු ලොකුම දේ තමයි, ඒ මුළු අවුරුද්ද පුරාම කාටවත් සල්ලි හොරකම් කරන්න වංචා කරන්න නොදීපු එක. එතැන මට, ඉන්න බැරිව ගිය හේතුව වුණෙත් ඒකමයි.

    • ක්‍රීඩාවෙන් පුරුදු කරන්නෙ ජය පරාජය දරාගන්න. එහෙනම් ඇයි ඔබ දිනන්න විතරක්ම හිතන්නේ...

    ඒ මගේ හැටි. පොඩි කාලෙත් මැච් එකක් පරාද වුණොත් විකට් තුනම කඩලයි මං ගෙදර ගියේ. ඒවා තමයි තාම ඇ‍‍ඟේ තියෙන්නේ. ‘Never give up....’ ඒක මගේ ජීවිත තේමාව.

    • ඔබ කේලම් අසන බොස් කෙනෙක්ද...

    ඔව්. මං කේලම් අහගෙන ඉන්නවා. ඒ ගැන සොයා බලනවා. අවධානයෙන් ඉන්නවා. නමුත් කේලම් මත පිහිටලා තීන්දු තීරණ ගන්නෙ නැහැ.

    • ගණිතයට දක්ෂයෙක් නිසා ඔබ පුංචි කාලේ පන්තියේ හිටියේ දක්ෂයින් ගොඩේ වෙන්න ඇති...

    නැහැ. මාව කවදාවත් ඒ ගොඩට වැටුණෙ නැත්තෙ මං පාඩම් කරන විෂයන්ට කැමැති නැති නිසා. තාත්තා රේල්වේ වැඩ කළ ප්‍රධාන ගණකාධිකාරි. මං පවුලේ තුන්වැනියා. අම්මා අපි පස් දෙනාව හොඳින් ගොඩනැඟුවා. දෙන්නම අපිට බලපෑම් කළේ නැහැ. මඟ‍ පෙන්නුවා විතරයි.

    • කෝ අද ඔබ තුළ හිටි ඒ ක්‍රීඩකයා...

    ඉන්නවා. ජෝන් කීල්ස් ඉන්න කාලෙත් මං ක්‍රිකට් ගැහුවා. මෙහෙදිත් ගැහුවා. දැනටත් හැම සති අන්තයේම ගොල්ෆ් ගහනවා. බැඩ්මින්ටන් ගහනවා. ස්විමින් කරනවා. ගෙදර මට ජීම් එකක් තියෙනවා. තවම මං මගේ ශරීරය ගැන හිතනවා.

    • ජීවිතයේ සතුට වෙනුවෙන් ඔබ හුඟක් විය පැහැදම් කරන කෙනෙක්ද...

    එහෙමම නැහැ. පිටරට ගියහම අඳින පලඳින දෙයක් ගන්නවා. ආගමික කටයුතු සඳහා අවශ්‍ය වෙලාවට නිහඬව උදව් පදව් කරනවා.

    • ඒ කියන්නේ ඔබ හොඳ බෞද්ධයෙක්...

    මං පන්සල් යන බෞද්ධයෙක් නෙවෙයි. මගේ බෞද්ධකම තියෙන්නේ ජීවිතේ චර්යාවන් සහ පැවැත්ම තුළයි. හුඟදෙනෙක් දිහා බැලුවොත් යන්නෙම පන්සල්. ඒත් කරන්නෙම කුහකකම්.

    • හොඳ තාත්තෙක් කියන සතුට ඔබ විඳිනවද...

    ඔව්. මගේ රෑ ජීවිතේ ගෙදරත් එක්ක කිව්වෙ ඒ නිසා. මගේ පුතා ප්‍රශාන් දැන් එංගලන්තයේ බිස්නස් මැනේජ්මන්ට් ඉගෙන ගන්නවා. වයස 20 යි. එයාට ඕනේ ඉක්මනට ලංකාවට එන්න. දුව ෂෙනායා නම් පුංචියි. අවුරුදු 8 යි වයස. මගේ බිරිය කිසිම ආකාරයකින් ව්‍යාපාරවලට සම්බන්ධ නැහැ. එයා සතුටු වෙන්නේ අම්මෙක් බිරිඳක් හැටියට අපිට සැලකීමෙන්.

    • ඔබේ බිරිය ෆැෂන් වෙනුවෙන් හුඟක් වියදම් කරන කෙනෙක් ද...

    එහෙම නැහැ.

    • ‍මේ මොහොතේ ඔ‍බ ඇඳ පැලඳ සිටින ඇඳුම් ආයිත්තම්වල වටිනාකම කීයද...

    මං අඳින බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඒත් ගණන් නම් අහන්න එපා.

    • අකැමැති වුණත් ඔබට ආදරේ කරන පාඨකයන් වෙනුවෙන් කියන්න...

    මේක හියුගෝ බොස් බ්‍රෑන්ඩ් එක. එච්චරයි

    • එතකොට ෂර්ට් එකේ වටිනාකම...

    30,000 ක් විතර.

    • කලිසම සහ කෝට් එක...

    ලක්ෂ දෙකක් විතර. ටයි එක 60,000 ක් විතර. ඒක හර්මිස් බ්‍රෑන්ඩ් එක.

    • සපත්තු දෙක...

    ඒකත් 60,000 ක් විතර.

    • ඔරලෝසුව නම් ටිකක් වෙනස් වගේ...

    ඒක නම් ලක්ෂ 50 ක් වෙනවා.

    • ඇඳුම් පැලඳුම්වලට මේ තරම් වියදම් කරන එක අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද...

    සල්ලි හම්බ කරනවා නම් ඒකෙන් ටිකක් විඳින්නත් ඕනේ. කොහොමටත් මං එහෙම රැස් කරලා සතුටු වෙන කෙනෙක් නෙවෙයි.

    • මොකක්ද ඔබ සතුටු වෙන විදිය...

    මේ රටේම ආයෝජනය කිරීම. එයින් අලුත් රැකියා අවස්ථා හැදීම. ඒ ඔස්සේ මං රටටත් යමක් කළාය කියන සතුට දැනෙනවා.

    • ධනවත් ව්‍යාපාරිකයකු විදියට ප්‍රේමය පිළිබඳ ඔබ හිතන දේ දැනගන්න කැමැතියි...

    ව්‍යාපාර ගැන ඕනැ දෙයක් අහන්න. ඔය වගේ දේවල් අහන්න එපා.

    • එහෙනම් කියන්න, පිටරටවල ඔබට තිබෙන වත්කම් දේපල මොනවද...

    ලංකාවේ තියෙන නීති රීති තහංචි අනුව වෙනත් රටවල බැංකුවලට සල්ලි දාන්න බැහැ. හැබැයි මට එංගලන්තෙ ගෙයක් තියෙනවා. ඒකෙ තමයි පුතා ඉන්නේ.

    • ඔබ රටේ ලෝකෙ ගැන ප්‍රවෘත්ති දැන ගන්නෙ කොහොමද...

    මං ඉඳහිටවත් බලන්නේ BBC, CNN විතරයි. කලාතුරකින් සිරස බලනවා.

    ඉනෝකා පෙරේරා බණ්ඩාර
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තමන් හම්බ කරලා තමන් කීයක ඇදුම් ඇන්දම මොකො. හොරා කාපු උන්ගේ පුතාලා නයික් ශූස් දානකොට මේවා දැක්කම ලැජ්ජා හිතෙයි.

    ජයෙන් ජය.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තමන් හම්බ කරලා තමන් කීයක ඇදුම් ඇන්දම මොකො. හොරා කාපු උන්ගේ පුතාලා නයික් ශූස් දානකොට මේවා දැක්කම ලැජ්ජා හිතෙයි.

    ජයෙන් ජය.
    :yes:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    • එතකොට ෂර්ට් එකේ වටිනාකම...

    30,000 ක් විතර.

    • කලිසම සහ කෝට් එක...

    ලක්ෂ දෙකක් විතර. ටයි එක 60,000 ක් විතර. ඒක හර්මිස් බ්‍රෑන්ඩ් එක.

    • සපත්තු දෙක...

    ඒකත් 60,000 ක් විතර.

    • ඔරලෝසුව නම් ටිකක් වෙනස් වගේ...

    ඒක නම් ලක්ෂ 50 ක් වෙනවා.

    ela kollek neh !!!
    mokadda danne ne personal vehicle eka ??
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තමන් හම්බ කරලා තමන් කීයක ඇදුම් ඇන්දම මොකො. හොරා කාපු උන්ගේ පුතාලා නයික් ශූස් දානකොට මේවා දැක්කම ලැජ්ජා හිතෙයි.

    ජයෙන් ජය.

    :yes:
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අඩෝ මේකා swimming කරද්දී watch එක එහම ගලවලා තියන්නේ කොහෙද දන්නේ නැහැ ඒ.. ඒක water proof නම් සපත්තු දෙකවත්? :sorry::sorry:
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    :cool:
    තමන් හම්බ කරලා තමන් කීයක ඇදුම් ඇන්දම මොකො. හොරා කාපු උන්ගේ පුතාලා නයික් ශූස් දානකොට මේවා දැක්කම ලැජ්ජා හිතෙයි.

    ජයෙන් ජය.

    :yes::yes: මාත් මේවගේ වෙනවා බං කවදා හරි. :cool::cool: හැබැයි A Grade ඒවා දානවා. බොරුවට ගාන කියනවා :rofl::rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ම්ට මතක හැටියට කවුරුහරි මීට කලින් මෙයාගේ ජිවිතේ ගැන ත්‍රේඩ් එකක් දැම්මා, නමුත් මේ ප්‍රශ්න නම් තිබ්බේ නැ. ජොන් කීල්ස් එකේ වැඩ කරලා එතනින් අයින් වෙනකොට හම්බ උන ගානෙන් තමා මෙයා බිස්නස් එක පොඩි කඩ කාමර කැල්ලක පටන් අරන් තිබුනේ.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113


    • ධනවත් ව්‍යාපාරිකයකු විදියට ප්‍රේමය පිළිබඳ ඔබ හිතන දේ දැනගන්න කැමැතියි...

    ව්‍යාපාර ගැන ඕනැ දෙයක් අහන්න. ඔය වගේ දේවල් අහන්න එපා.



    දියුණුවේ රහස
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :cool:

    :yes::yes: මාත් මේවගේ වෙනවා බං කවදා හරි. :cool::cool: හැබැයි A Grade ඒවා දානවා. බොරුවට ගාන කියනවා :rofl::rofl:
    චීන තොරොම්බල් බඩු ලොට්ට පිටින් තම්බි ගෙනත් විකුනනවට වඩා බ්‍රැන්ඩඩ් ශොප්ස් ලන්කාවේ ඇතිවෙන එක කොච්චර හොදද? මිනිස්සු බ්‍රැන්ඩඩ් දේවල් ගන්න යොමු වෙන එක ගොඩක් හොදයි. ලක්ශ ගනන්වල නොවුනත් බ්‍රැන්ඩඩ් දෙයක් ගන්න පුලුවන් පැවැත්මක් ඇති දෙයක්. මම දැක්කා පත්තරේ මේ මාසේ Tommy Hilfiger බ්‍රැන්ඩඩ් ශොප් එකක් කොලඹ දානවා කියලා.

    අඩෝ මේකා swimming කරද්දී watch එක එහම ගලවලා තියන්නේ කොහෙද දන්නේ නැහැ ඒ.. ඒක water proof නම් සපත්තු දෙකවත්? :sorry::sorry:
    විහිලුවටවත් අනුන්ගේ දේවල් හොරාකැම හිතන්න එපා. මේ රට විනාශ වෙලා තියෙන්නේ ඔක නිසා
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අපිත් ගත්තොත් ගන්නෙ බ්‍රැන්ඩඩ් තමයි.නමුත් same same but different.
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අඩෝ මේකා swimming කරද්දී watch එක එහම ගලවලා තියන්නේ කොහෙද දන්නේ නැහැ ඒ.. ඒක water proof නම් සපත්තු දෙකවත්? :sorry::sorry:
    :lol::lol: