නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේක දාන්න හිතුවේ කලින් ත්‍රෙඩ් එක දැකලා කට්ටිය ටිකක් සැලුන නිසා.:sorry: මුලින්ම කියන්න ඕන මම කට්ටියගේ ඉල්ලීම මත දෙන්නගේ හඳහන් දෙක ගැන විග්‍රහයක් කලේ. ඇත්ත කතාව ඒ දවසේ මෛත්‍රීට වඩා දැනට ඉන්න ජනාධිපති තුමාගේ හඳහනට සුභයි(ඔන්න කෙලින්ම කිව්වා):sorry::sorry:

    නමුත් හඳහන් දෙකේ විග්‍රහය නිසා චන්දය අනිවා දිනන්නේ මහින්ද කියලා කියන්න බෑ.. මෙතන හඳහන් දෙක දිහා පමනක් බලනකොට මගෑරෙන ප්‍රධාන කරුනු කීපයක් තියනවා අන්න ඒ නිසයි මම ඔය ගැන මුකුත් නොලියා හිටියේ.. කොහොම නමුත් කට්ටිය ඉල්ලීමක් කල නිසා තමයි හඳහන් දෙක විග්‍රහ කලේ.

    දැන් අපි යථාර්ථය දෙස බලමු අපි මහින්දගෙයි මෛත්‍රීගෙයි හඳහන් දෙක බැලුවට මෙතන අපි ඒ දෙන්නගේ දරුවන්ගේ හා බිරින්දෑවරුන්ගේ හඳහන් බලලා නෑ. ඇත්තටම විවාහක පුද්ගලයෙක් ගේ ලැබීම සම්භන්ධව බිරිඳගේ හඳහනත් බාල දරුවගේ හඳහනත් (ඔව් ඔව් රොකට් රෝහිත තමයි) බොහොම ලොකු බලපෑමක් කරනවා අනිත් දරුවන්ගේ හඳහන් වලිනුත් බලපෑම් නැතුවම නෙමෙයි. උදාහරනයක් කියනවනම් රණසිංහ ප්‍රේමදාසට රජ වෙන්න ප්‍රධානම හේතුව වුනේ ඔහුගේ බිරිඳගේ හඳහනේ තිබුන බලවත් කම.

    ඒ විතරක්යෑ රනිල්ට අගමැතිවෙන්න වාසනාවක් තියෙන්නත් ඕන.ඊලඟට රටේ කේන්ද්‍රයත් බලන්න ඕන. (රටට මක්ක වෙනවද කියලා මම සෙනසුරු මාරුව ගැන කියද්දි ලියලා ඇති) ඉතින් මේ සියල්ල නැතුව සාර්ථක අනාවැකියක් කිසිම කෙනෙක්ට කියන්න අමාරුයි. අන්න ඒ නිසයි මම නිහඬව හිටියේ නමුත් මම කලින් ඉල්ලීම මත දෙදෙනාගේ හඳහන් ගැන දාලා තියන ඒක බලල කට්ටිය මානසිකව වැටුන නිසයි මේක ලියන්නේ.

    සරලවම කියනවනම් හඳහන් දෙක හා ඒ දිනයේ ග්‍රහතත්වය අනුව මහින්දට වාසියි.(සෙනසුරු ඒරාශ්ඨක තියන බව බොහෝ දෙනා කිව්වත් සෙනසුරු ඒරාෂ්ඨකයක තමයි චන්ද්‍රිකා ජනාධිපති වුනෙත්) ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නගේ හඳහන් දෙකට මෙතනදි ලකුනු සීයෙන් 70ක් වගේ දෙන්න පුලුවන් ඉතුරු 30 පවුලේ අයගේ හඳහන් රටේ හඳහන හා දෙදෙනා ගුප්ත විද්යාවෙන් කරගෙන තියන දේවල් කියන සියලු දේමත් මත තීරනය වෙන්නේ. මේ සියලුම හඳහන් මනාව පරික්ෂා කල කෙනෙකුට පමනයි නියම අනාවැකියක් කියන්න පුලුවන්.. නැත්තන් පුලුවන් මම වගේ හඳහන් දෙක විඝ්‍රහ කොරන්න විතරයි.:yes:

    ඒ නිසා බොලාලා මානසික වැටෙන්නේ නැතුව අටවෙනිදට ගිහින් හංසයට කතිරයක් ගහලා වරෙල්ලා.
    අපි මෛත්‍රී යුගයක් අරඹමු
    ;)

    අර හඳහන් විස්වාස නොකරන නමුත් වැදගත් විදිහට ඉන්න කට්ටිය නෙමෙයි අර විස්වාස කොරන්නෑ කියලා බල්ටි ගහන තමන් තරම් පොරක් නෑ කියලා හිතන් ඉන්න අයට කියන්නේ එයාලගේ කමෙන්ට්ස් අධෝවායුවක් තරමටවත් නොසලකන බවයි..
     
    • Like
    Reactions: roma3547

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක ප්‍රතිපත්ති ප්‍රකාශයක් ආවා....
    අනිකත් ආවාම, පෙර වැරදා වාර්තා ත් අධ්‍යයනය කරල තීරණය කරනවා.........
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එක ප්‍රතිපත්ති ප්‍රකාශයක් ආවා....
    අනිකත් ආවාම, පෙර වැරදා වාර්තා ත් අධ්‍යයනය කරල තීරණය කරනවා.........

    රටක් දියුනු වෙන්න එකම පාලකයෙක් කාලයක් ඉන්න එක හොඳයි තමයි, නමුත් "රාජා භවතු ධම්මිකෝ" කියලනේ අපි කියන්නේ ඉතින්, ඒක නැත්තන් මොකා හිටියත් වැඩක් නෑ.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජෝතිෂ්‍ය ගැන නම් දන්නේ නැහැ..මම ලංකාවේ නෙමෙයි දැනට ඉන්නේ..ඒක හින්දා මට චන්දෙ දාන්න බැහැ.දිනුවත් පැරදුනත් මට වැඩක් නැහැ..හැබැයි මේ පාර අපේ පවුලේ කට්ටිය ඔක්කොම චන්දෙ දෙන්නේ මෛත්‍රීට..ඔව් ගිය පාරවල් දෙකේම චන්දෙ දුන්නේ මහින්දට තමා..:P
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නැකැත් රාල;17584730 said:
    රටක් දියුනු වෙන්න එකම පාලකයෙක් කාලයක් ඉන්න එක හොඳයි තමයි, නමුත් "රාජා භවතු ධම්මිකෝ" කියලනේ අපි කියන්නේ ඉතින්, ඒක නැත්තන් මොකා හිටියත් වැඩක් නෑ.

    :lol::lol::lol:මේකනම් තඩි බොරුවක්.උබ මහින්ද පාක්ෂිකයෙක් නිසා උබට එහෙම හිතෙනවා ඇති..හැබැයි මමනම් අහලා තියෙන්නේ එකම නායකයෙක් දිගටම ඉන්න ඉන්න එයා හොරාකන එක වැඩිවෙනවා කියලා මිසක් රටක් දියුණු වෙනවා කියලා නෙමෙයි..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජෝතිෂ්‍ය ගැන නම් දන්නේ නැහැ..මම ලංකාවේ නෙමෙයි දැනට ඉන්නේ..ඒක හින්දා මට චන්දෙ දාන්න බැහැ.දිනුවත් පැරදුනත් මට වැඩක් නැහැ..හැබැයි මේ පාර අපේ පවුලේ කට්ටිය ඔක්කොම චන්දෙ දෙන්නේ මෛත්‍රීට..ඔව් ගිය පාරවල් දෙකේම චන්දෙ දුන්නේ මහින්දට තමා..:P


    දැන් මිනිස්සුන්ට ඇත්ත තේරෙනවා බන්. මොන දේකරන්නත් ප්‍රජාතන්ත්‍ර වාදය එන්න ඕන.. මම නම් බලාපොරොත්තු වෙන්නේ JVp එකේ වගේ හොරකම් නොකරන සෘජු ආර්ථික ප්‍රථිපත්ති තියන හෙල උරුමය වගේ ආගම ගැන හිතන ඒ වෙනුවෙන් වඩ කරන පෞර්ශයක් තියන පොරක් ජනාධිපති වෙන එක.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :lol::lol::lol:මේකනම් තඩි බොරුවක්.උබ මහින්ද පාක්ෂිකයෙක් නිසා උබට එහෙම හිතෙනවා ඇති..හැබැයි මමනම් අහලා තියෙන්නේ එකම නායකයෙක් දිගටම ඉන්න ඉන්න එයා හොරාකන එක වැඩිවෙනවා කියලා මිසක් රටක් දියුණු වෙනවා කියලා නෙමෙයි..

    උඹට පයිත්තියන්ද? සයිස් 5 ෆොන්ට් එකෙන් ගහලා තියන එක උඹට පේන්නේ නැද්ද? :angry::angry::angry:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කේන්දරේ බලලා ද අපි චන්දෙ දෙන්න ඕනේ දැන්..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    යමක් කිරිමට ඇත්නම් එය කිරිමට සුදුසුම වෙලාව එය කිරිමට ඇති වේලාවයි. ග්‍රහ තරු වලට බියනොවි කරන්න තියෙන දේ ඉදිරියට කරමු.

    කිරිමට ඇත්තේ මෛත්‍රී පාලනයක් ගෙන ඒමයි. 8 වෙනිදා උදෙන්ම ගිහින් ඒ වැඩේ කරමු.
     

    waligamaya

    Well-known member
  • කගේ කෙන්දරේ අවුල් උනත් මගේ කෙන්දරෙ හොදයි, මම මහින්ද පරද්දන්න කරන්න පුලුවන් සැමදෙම කරනවා. එකට මම මෛත්‍රිට චන්දේ දෙනවා. :yes:
     
    Dec 13, 2014
    35
    3
    0
    BVGqUkH.jpg
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :lol::lol::lol:මේකනම් තඩි බොරුවක්.උබ මහින්ද පාක්ෂිකයෙක් නිසා උබට එහෙම හිතෙනවා ඇති..හැබැයි මමනම් අහලා තියෙන්නේ එකම නායකයෙක් දිගටම ඉන්න ඉන්න එයා හොරාකන එක වැඩිවෙනවා කියලා මිසක් රටක් දියුණු වෙනවා කියලා නෙමෙයි..

    Nope. Oba waradi. Rataka palakayek eka digata iddi ratak diyunu wenawa. Malasiawa, Singapore uda harana machan. But Lankawata e Theory eka galapenne ne. Mahindata kohomath nehe.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කගේ කෙන්දරේ අවුල් උනත් මගේ කෙන්දරෙ හොදයි, මම මහින්ද පරද්දන්න කරන්න පුලුවන් සැමදෙම කරනවා. එකට මම මෛත්‍රිට චන්දේ දෙනවා. :yes:

    :yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කේන්දරේ බලලා ද අපි චන්දෙ දෙන්න ඕනේ දැන්..

    කේන්දරෙන් මේ කියන්නෙ අනාවැකියක් බං. හරියට චන්ද්‍රිකා ඡායාරූප බලලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෙට වහිනවද නැද්ද කියනවා වගේ. වහින්නත් පුලුවන්. නැති වෙන්නත් පුලුවන්.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන නිසා වහින්නෙ නෑනෙ :lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Eka tamae saho matath tibuna prashne. Kohomath mechcharak kalekata India wala yam wenasak unada eeta samaana lesa Lankaweth wenasveem una. Mama hitanawa medaa paarath India wala wechcha wenasa meheth wewi kiyala. Meeta amatarawa Mata danaganna ona uneth 1st Thread eken wate ayage kendara anuwa balapaamak athtatama tiyeda kiyana eka. Eka danagaththa. Dan hari. Aniwa January 8 api MY3 ta. Puluwan taram thela bedanawa me tike. :) :) Me ganath pahadiliwa tawath Thread ekak daammata godak pin macho.. :)
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වා සූර්‍ය නිශා චංඳ්‍රෝ - ප්‍රාප්ති එකා දසෙ යදී
    කෝටි දෝෂා විනශ්‍යන්තී - භාර්ගවශ්‍ය වචනං තථා.

    එනම්, දිවා කාලයේ සූර්‍යා අස්ථානගත වීද, රාත්‍රී කාලයේ දී නම් චඳ්‍රයා අස්ථානගත වීද, කෝටියක් දෝශ භංග වන බව භාර්ගවනම් සෘෂිවරයාගේ ප්‍රකාශයයි.
    ශ්‍රී ලංකාවේ දශක පහකට ආසන්න කාලයක් දේශපාලන පිටියේ පිරිසිදු හා ඍජු චරිතයක් වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජන්ම පත්‍රයට අනුව රාජ්‍යකාරක ආත්ම ගෞරවාභිමානී විශ්ව ග්‍රහබල තීරක රවි තමන්ටම සුවිශේෂී වූ තිර රාශියක් වූ සිංහ රාශි ගත වී ඇත. එයද තේජෝ බලය අනොන්‍ය වශයෙන් ස්ථාවර කිරීමකි. රවි සිටි නවාංශකය අධිපති බුධ ද, නව වැන්නාධිපති හෙවත් භාග්‍යස්ථානාධිපති ද එය වඩාත් තහවුරු කර දී ඇත. එපමණක් නොව රවි සිටි නැකත අධිපති සිකුරු ද අයස්ථානගත වී සිටීම අතිශය දුබල පිහිටීමකි. රාජයෝග නීර්ණයේ දී රාජ්‍ය කාරක රවිගේ බලය සුවිශේෂී වන්නේ මේ නිසාය. සිකුරුගේ බලය ලග්නාධිපතීත්වයෙන්ද,අධි පෝෂණයක් ලබා ඇත. තුලා ලග්නයට සාමාන්‍යයෙන් ගුරු සුභයෙක් සේ නොසැලකේ. එසේ වුව ද, මෙහි ගුරු හයවැන්නේ මීන රාශිගත වෙමින් ස්වක්‍ෂේත්‍ර බලය පමණක් නොව විපරීත බලයකින් ද සන්නද්ධ වී ඇත. මෙය බුද්ධිමත් අය හා සම්බන්ධ ශුභවාදී ප්‍රතිචාරයන්ට උණුසුම් අවස්ථාවක් උදාකර දීමකි. නවාංශකයේ දී ද ගුරු බලවත් වී ඇති අතර ,ගුරු භාග්‍යස්ථානාධිපති බුධ ගේ නැකතක වීම ද තවත් බල නිර්මාණයක් වේ. එය හර්ෂ යෝගයක් සේ හඳුන්වමු. සඳු , ගුරු හා අනනොන්‍ය දෘෂ්ටියකින් යුක්ත වීම ද, ප්‍රබල ශක්තියකි. එය ගජකේශරී යෝගය සේ අපි දකිමු.
    මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානතම අභියෝගය වන්නේ වත්මන් පාලන බලය රඳවා ගන ඇති මහින්ද රාජපක්‍ෂ මහතාය. ඔහුගේ ජන්ම පත්‍රයේ ද, ප්‍රබල රාජයෝග නැත්තේ නොවේ. එහෙත් එතුමා රාජ්‍ය බලය රඳවා සිටි කාලයේ ඔහුට කරට කර ගැලපෙන මෙවන් අවස්ථාවක් ඇති නොවීය. 2005 ට වඩා 2015 දී තත්කාල ග්‍රහබල සිතුවම බොහෝ වෙනස් වී ඇත. පෙර කී පරිදි ජන්ම බලය සක්‍රීය වීම දශාවල හා තත්කාලීන ග්‍රහබල අනුව උස් පහත් විය යුතුය.
    කන්‍යා ලග්නය හිමි මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම සටහනේ තත්කාල ග්‍රහ චාරයට අනුව රාජ්‍ය කාරක රවි මේ වන විට තම දිග් බලයට ප්‍රති විරුද්ධ දිශාවේ අව බලයෙන් යුතුව හතරවැන්නේ ගමන් කිරීම බල හීන කිරීමකි. හතර වැන්නේ රවි ප්‍රබල බාධකයකි. සාමාන්‍යයෙන් ඒරාෂ්ඨක ස්වභාවයක් විජයග්‍රහණයට බාධාවක් නොවුවද, සඳුගෙන් අටවැන්නේ වෙමින් ශනි දුබලව ගමන් කිරීම තත්වයෙන් පහළට යොමු වීමකට ඇති ඉඩ පෙන්වයි. මෙහි වඩාත් විශේෂය වන්නේ ශනි සඳුගෙන් අටවැන්නේ වෙමින් සූර්‍යා(රවි) මතින් ද ගමන් කිරීමයි. රවි දොළොස්වැන්නාධිපති වශයෙන් වීම ද, අහිමිත්වයට පාදකවීමකි.
    ගුරු ලග්නගතව දිග්බලවීම සාමාන්‍යයෙන් සුභ බවට බොහෝ දෙනාගේ පිළිගැනීමයි. එහෙත් එම ගුරු හත්වැන්නාධිපති වෙමින් බාධක ස්ථානය නියෝජනය වීම ගැන ප්‍රසිද්ධියේ හෙළි නොකරන ජෝතීශ්‍ය ගැන කථා කරන අය බොහෝ නාලිකාවල දී අපට පෙනේ. එමෙන්ම හතර හා හත අධිපති වශයෙන් ගුරුගෙන් ගෙනෙන කේඳ්‍රාධිපති දෝෂයන් ගැන ඔවුන් නිහඬ වන්නේ ඇයි දැයි ද විමතියට කරුණකි.
    එම ගුරුම අටවැන්නේ සිටින සඳුගෙන් හයවැන්නේ වෙමින් සකට-යෝග දෝෂය ලබා දීම ගැන සාක්‍ෂි භාවිතයෙන් ඔවුන්ට නොපෙණුනේද , කන්‍යා ලග්නයට අශුභ ග්‍රහයෙකු වන කුජගේ නැකතක වෙමින් ගුරු සිටීම, මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වන ශක්තිය ඇතුළතින් රැඳී නොමැති බව සනිටුහන් කිරීමකි.
    කන්‍යා ලග්නයට මෙන්ම ගුරු තුලා ලග්නයට ද හිතකර බවක් නොපෙනේ. එහෙත් තුලා ලග්න හිමි මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කේන්ද්‍රයෙහි හයවැන්නාධිපති ගුරු එහිම බලවත් වීම නිසා ඇති කරන විපරීත බලය නිසා ප්‍රතිපත්තියෙන් දෙපිලක වුවද ගුරු හිමි මීන ලග්නයෙන් ජනිත රනිල් වික්‍රමසිංහ මහතාගේ සහය ලැබීම ද, අනපේක්‍ෂිත අවස්ථාවකි. එතුමාගේ ලග්නාධිපති ගුරු ප්‍රබලව පස්වැන්නේ ගමන නිරායාසයෙන්ම ප්‍රසිද්ධිය හා භාග්‍යමය අවස්ථාවන් සටහන් කරවන්නකි. ජන්ම ගුරු ද ලග්නාධිපති වෙමින් අයස්ථාන ගත වීමේ බලය සක්‍රීය කිරීමකි. පස්වැන්නාධිපති සඳු හා යෝග වීමද , නිහඬ එහෙත් ගැඹුරු මානව දයාවෙන් පිරිපුන් චරිතයක් හිමි කොට දී ඇත. පුද්ගල සාධනයට වඩා වර්ගයා වෙනුවෙන් සංකල්පනාවන් කෙරේ එතුමාගේ උනන්දුව වැඩිවූයේ ඒ නිසාය. එබැවින් ගුරුගේ බලය රනිල් මහතා මෛත්‍රී පාලනයකට මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයක්ම වී ඇත.
    කේන්ද්‍රයක් (ජන්ම-පත්‍රයක්) විග්‍රහ කිරීමේ දී රාශි හා ග්‍රහබල තත්වයන් මනාව විග්‍රහ කළ යුතු වුවද ඉන් තමන්ගේ ගුන අනුව පූර්ව විනිශ්චයන් මත ජය පරාජය කල්තබා පැවසීම ජෝතීශ්‍යට අයත් කාර්‍යයක් නොවේ. ජෝතීශ්‍ය යනු ප්‍රබල ජීවන ශක්තීන් විග්‍රහයකි. ඊට ගැලපෙන හා මනාව හික්ම වූ ජෝතීශ්‍ය දැනුමක් අවබෝධයක් හා පිරිපුන් බවක් ජෝතීශ්‍යවේදියකුට තිබිය යුතුය.
    ෴ ජෝතීශ්‍යවේදිනී නිලූකා ඒකනායක ෴
    හිටපු උපදේශක කර්තෘ(සුබසෙත)
    හිටපු ප්‍රධාන කර්තෘ (ජෝතීශ්‍ය සක්වල)
    කැඳවුම් කරු- සමස්ථ ලංකා ජෝතීශ්‍ය උපදේශක සභාව
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    MY3 or MR !

    ප්‍රතිඵල නිකුත් කලාම දිනන පැත්තට ජයවේවා කියන්න දිව නමා ගන්න අදිටන් කර ගන්න ..... සදා ඔබ දිනුම්....ඡන්දය රහසකි....ඔබගේ කැමැත්ත රහසක් ලෙසම තබා ගන්න........

    මටනම් එකෙක් වත් විශ්වාස නැත.... මා පමණි මට විශ්වාස........:yes:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Ela

    යමක් කිරිමට ඇත්නම් එය කිරිමට සුදුසුම වෙලාව එය කිරිමට ඇති වේලාවයි. ග්‍රහ තරු වලට බියනොවි කරන්න තියෙන දේ ඉදිරියට කරමු.

    කිරිමට ඇත්තේ මෛත්‍රී පාලනයක් ගෙන ඒමයි. 8 වෙනිදා උදෙන්ම ගිහින් ඒ වැඩේ කරමු.
    100% True!!!!