Hello Friends..!!
මම අලුතින්ම PC එකක් ගහන්න බලාපොරොත්තුවෙන ඉන්නෙ.. ඒකට පොඩි උපදෙසක් ගන්න තමයි මම මේ ත්රෙඩ් එක දාන්නෙ.. මම කලින් Processors ගැන කතාකලා.. ඒක බැලුවෙ නැත්තම් මෙතැනින් ගිහින් බලන්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1650095
ඔක්කොම දේවල් එකම ත්රෙඩ් එකේ දැම්මහම කියවන්න බෝරින් නිසා මොනිටර් එක ගැන වෙනම කතා කරන්න හිතුවා..
මම මොනිටර් එකක් EBay or Amazon වලින් ගෙන්නන්න තමා හිතන් ඉන්නෙ.. ඉස්සෙල්ලම දැනගන්න ඕන 27" එකක් මෙහෙට ගෙන්නනකොට මට Tax ගෙවන්න වෙයිද කියන එක.. ගෙන්නපු කෙනෙක් ඉන්නවනම් ඒ ගැන අදහසක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.. හරි අපි දැන් මොනිටර් කතාවට බහිමු..
මම බැලුවෙ 27", 24" මොනිටර් එකක් තමා.. IPS Panel එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන.. AH-IPS නම් වඩා හොදයි.. මට ගේම් ගහන්න අදහසක් නෑ.. ඒ නිසා Refresh Rate එකයි Response Time එකයි ගැන ලොකූ අවදානයක් නෑ.. ඒත් හොද මොනිටර් එකක් ගන්නකොට ඒවත් හොද තත්වෙක තියෙයි කියල හිතනවා.. හොදට Colors තියෙනවනම් එච්චරයි..මගෙ උපරිම බජට් එක $300 ක් තමා.. මේ ගානට යන්න පුලුවන් හොදම මොනිටර් එක මොකක්ද??
කට්ටිය දන්නෙ නැත්තම් ඔයා ගානටම 2K Monitors (Korean) තියෙනවා EBay and Amazon වල ගන්න.. පොඩ්ඩක් දන්නෙ නැති අය ගිහින් සර්ච් කරල බලන්න.. ඒ කොරියන් මොනිටර්ස් ගැන කට්ටිය මොකද හිතන්නෙ?? 2K හින්දා ගන්නත් හිතෙනවා.. එයාලත් පාවිච්චි කරන්නෙ LG, Samsung හදන පැනල්ම තමා.. ඒත් හොදම කොලිටි ඒවා නෙමේ..
මට දැනටනම් 1080P එකක් තිබ්බම ඇති කියල හිතෙනවා.. ඒත් මම අහල තියෙන විදිහට 1080p එක 27" වලට ගියහම ටිකක් Crystal Clear ගතිය අඩුවෙන්න බලනවලු.. 1080p එක 24" එකට ගානට සෙට් වෙනවලු.. ඒ ගැන කට්ටිය මොකද හිතන්නෙ??
මම දැනට හිතේ තියන් ඉන්න මොනිටර් ටික තමා මේ..
BenQ GW Series GW2760HS 27-Inch Screen
Price - $189.99
ASUS MX279H 27-Inch
Price - $269.99
ASUS VX279Q 27-Inch
Price - $272.99
AOC i2769Vm 27-Inch
Price - $238.39
ViewSonic VX2770SMH-LED 27-Inch
Price - $249.99
තව Dell Ultra-sharp Series එකත් හොදයි.. මේ ටිකෙන් එකක් තමා මම ටාගට් කරන් ඉන්නෙ.. මේ ටිකෙන් හොද මොකක්ද? එහෙම නැත්තම් $300 ට මීට වඩා හොද එකකට යන්න පුලුවන්ද?? Tax වදින්නෙ නැතිවෙයි නේද??






