කාටද ඡන්දෙ දෙන්නෙ මචන් ?
මහින්ද ලොක්කා ගැන කියන්න තියෙන්නෙ නම් ඉතින් අපරාදෙ බොහොම ගරු සරු ඇතුව ජනාධිපති පුටුවෙන් බැහැල යන්න අවස්ථාවක් තිබුන කෙනෙක් (කලින් ඉඳපු කිසිම ජනාධිපති කෙනෙකුට නොලැබුන චාන්ස් එකක්).
2005 දි මිනිස්සුන්ගෙ තිබුන එකම බලාපොරොත්තුව රට බේරා ගැනීම. ඒක ඉශ්ට කලා. කවුරු මොනව කිව්වත් ඒකෙ ගෞරවයෙන් වැඩි කොටසක් එතුමට දෙන්න ඕන(තව ගොඩක් අය සම්බන්ධ උනා ගෝඨාභය මැතිතුමා, ජෙනරාල් ෆොන්සේකා ඇතුළුව). ඒත් එතනින් පස්සෙ තමයි මහින්ද ලොක්ක කෙලවගත්තෙ.
මහින්ද රාජපක්ශ කියන්නෙ ගොඩක් දක්ශ දේශපාලකයෙක් මගේ පෞද්ගලික අදහස නම්. ඒ වගේම හොඳ පෞරුශයක් තියන කෙනෙක්. ඒ දක්ශතාවය යුද්ධය වෙනුවෙන් යොදාගත්තා. ලෝකෙ අංක 1 ත්රස්ථවාදී කණ්ඩායම සම්පූර්ණයෙන් විනාස කලා(මිලිටරි පැත්තෙන්). මිනිස්සු බලාපොරොත්තු උනේ ඒ දක්ශතාවය රට ගොඩනගන්නත් යොදා ගනීවි කියලා. ඒත් ඇත්තටම උනේ ඒකෙ අනිත් පැත්ත. ඒ දක්ශතාවය යොදා ගත්තෙ හොරකමට වංචාවට. මුලින්ම විපක්ශෙ කෑලි වලට කැඩුවා. ඊට පස්සෙ මහා පරිමාණෙන් හොරකම පටන් ගත්තා. අමුතුවෙන් කියන්න ඕන නෑ. අඳ ගොලු බිහිරි කෙනෙක් ඇරෙන්න ඕන කෙනෙක්ට ඒක පේනවා.
අද මහින්දට සහය දෙන්න ඉන්නෙ මොකක්හරි පෞද්ගලික ලාබ ප්රයෝජනයක් තියන එකෙක් විතරයි. රට ගැන නියම ආදරයක් තියන එකෙක්වත් නැහැ.

ආයෙත් මහින්ද ලොක්කා අවොත් නම් ලොකු විනාසයක් වෙයි කියල හිතෙනවා
එතකොට කාටද චන්දෙ දෙන්නෙ ?
මෛත්රිපාල ලොක්කා තමයි අනිත් පැත්තෙ ඉන්නෙ.
(දුමින්ද කියල තව අනාත ඩයල් එකක් ඉන්නවා කුරුටුගාමී එකෙ. කතා කරල වැඩක් නැහැ
)
චරිතයක් විදියට ගත්තොත් මෛත්රි ලොක්කා ගැන වංචා දූශණ චෝදනා නෑ දන්න තරමින්.
පෞරුශය හා දක්ශතාව අතින් මහින්ද ලොක්කා තරම් නෑ. ඒක තමයි ඇත්ත
එතකොට වටේ ඉන්න සෙට් එක බැලුවොත් චන්ද්රිකා නෝනා ගැන රටේ තියෙන්නෙ හොඳ මතයක් නෙමෙයි. රාජිත ඊටත් එහා.

රනිල් ලොක්කා වංචා දූශණ ගැන වාර්ථා පැත්තෙන් පිරිසිදුයි.
ජෙනරාල් ෆොන්සේකා යුද්ධ ජයග්රහණයේ ලොකු වැඩ කොටසක් කල දෙන්නගෙන් එක්කෙනෙක්.
චම්පික රණවක මහත්තයා ඇත්තටම පිරිසිදුයි කියන්න පුළුවන් උගත් බුද්ධිමතෙක්.
ඉතින් මේ හවුල එකතුවෙලා හදන ආණ්ඩුවක් ගැන දැන්ම කියන්න අමාරුයි. මොකද ජනාධිපති වරනෙන් එහා ගිය වැඩ පිලිවෙලක් තාම හිතල නැහැ මේ ගොල්ලො.
ඉතින් මේ චන්දෙ බොහොම තීරණාත්මකයි. අනිවා චන්දෙ දාපල්ලා හොඳට හිතලා. (හිතන්න දේකුත් නෑ ඇත්තටම මහින්ද ලොක්කා පරද්දන්න තමයි තියෙන්නෙ.)
එතනින් එහාට බලමු වෙන්නෙ මොකද්ද කියලා. හැමෝම කියනවා ජවිපෙ මේ චන්දෙ මග ඇරියා කියල. ජවිපෙ මුල ඉදන් කිව්වෙ මේක නීති විරෝධී චන්දයක් කියලා. එහෙම කියල තියෙද්දි කොහොමවත් ඉදිරිපත් වෙන්න බෑ. අනික විපක්ශෙන් එන කෙනාට ලැබෙන චන්ද දෙකට කඩලා මහින්දට වාසි අරන් දෙන්න ඕනත් නැහැ. ඒ වගේම මෛත්රී ලොක්කාගෙ ආණ්ඩුව ගැන සහතික දෙන්නත් බෑ. මොකද කලින් පොරොන්දු දීපු අය ඒ පොරොන්දු කැඩුවා.
බලමු වෙන්නෙ මොකද්ද කියලා.

)චරිතයක් විදියට ගත්තොත් මෛත්රි ලොක්කා ගැන වංචා දූශණ චෝදනා නෑ දන්න තරමින්.