මං කාටවත් කඩේ යන්නේ නෑ
ඔබලා ඔයතරම් කියවන්නේ,
මෛත්රීට ආදරේ නිසාද?
ඔබට වෙන වැඩක් නැති නිසා ද?
මහින්ද එදා යුද්දේ නැති කරපු එක තමයි කරපු ලොකුම වැරද්ද
අපේ මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා නේද?



අපේ මිනිස්සු කීයක්නම් මැරුණ ද?



අපේ මිනිස්සු කීයක් අපිට නැති වුණාද?


එදා නිදහස සමරපු ඔබ, අද ඔහුට බනින්නේ,
යුද්දේ නැති කරපු නිසාද?
මෛත්රීට, රනිල්ට, චන්ද්රිකාට ආදරේ නිසාද?
පාරවල් හදපු නිසාද?
ඉන්ටර්නෙට් නොමිලේ දෙන්නේ නැති නිසාද?
ජනාධිපතිකම කියන්නේ කොතරම් වගකීම් තියෙන තනතුරක්ද?
රට සංවර්ධනය කර ගෙන එන මොහොතේ
ඔබ වෙනසක් බලා පොරොත්තුවෙන්
බොරු පොරොන්දු දෙන අපේක්ෂකයන් සමග එකතු වනවාද?
බදු නැත්තේ මොන රටේ ද?
රට සංවර්ධනය කරන්න මුදල් ගස් පැලවී තිබෙනවාද?
බදුවලින් තමයි ණය ගෙවන්න වෙන්නේ
ඔය ලොකුවට මහින්දට බනින අය, දන්නේ කියවන්න විතරයි
ජනාධිපතිකම ඔබට ලැබුණොත් ඔබ මොනවානම් කරයිද?
පළ ඇති රුකටයි කවුරුත් ගල් ගසන්නේ
අද එදාට වඩා අප රට කොතරම් සංවර්ධනය වෙලාද?
එදාට වඩා අද සංචාරක කර්මාන්තය කොතරම් දියුණුවෙලාද?
එක් මෝඩ රැළකගේ පෞද්ගලික අවශය්යතාවන් නිසා
බොරු පොරොන්දු දෙමින් අපගේ ජනතාව රවටමින්
බලයට ආවාම දුන් පොරොන්දු කොහෙත්ම මතක නැත
ඒ දෙන පොරොන්දු ප්රායෝගික නෑ
මොකද ඒගොල්ලො මුදල් ගේන්නේ ගෙදරින්ද?
නැත්නම් කලින් කියූ සේ සල්ලි ගස් වලින්ද?
ස්වාධීනව සිතන්න
එක එක්කෙනා කිව්වා කියලා කතා කරන්න එපා
මං කාටවත් කඩේ යන්නේ නෑ.
මම කඩේ යනවා කියා ඔබ කියනවානම් ඔබත් යන්නේ ඒ කඩේටමය