ජනපති මහින්දට 55.56% සිරිසේනට 33.04%

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
ජනපති මහින්දට 55.56% සිරිසේනට 33.04%

ජනපති මහින්දට 55.56% සිරිසේනට 33.04%
* කැලණි සරසවි ආචාර්යවරු * දුරකථන ජාලය
* ප්‍රථම ඡන්ද හිමි ඡන්දදායක සමීක්ෂණ වාර්තා හෙළි කරයි
* පුවත් පතක හෙළිදරව්ව ශුද්ධ වූ බොරුවක්
ඇමැති ඩලස් අලහප්පෙරුම කියයි
ක්‍රිස්ටි මහේෂ් ද සිල්වා
කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය සහ දුරකථනය මඟින් මෙන්ම පළමු වතාවට ඡන්දය දෙන ඡන්ද දායකයන් ඇසුරෙන් ද කර ඇති සමීක්ෂණ වාර්තාවලට අනුව පුන පුනා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සහතික කර ඇති අතර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරාජයද එමඟින් සහතික කර ඇතැයි ශ්‍රීලනිප භාණ්ඩාගාරික යෞවන කටයුතු හා වෘත්තීය පුහුණු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

පසුගියදා එක්තරා පුවත්පතක් ජාතික රහස් ඔත්තු සේවා සම්බන්ධයෙන් කළ හෙළිදරව්ව ශුද්ධ වූ බොරුවක් බව පැවසු අමාත්‍යවරයා, රහස් ඔත්තු සේවාවලට බරපතළ ලෙස අභියෝගයට ලක් කිරීමට විපක්ෂය අද කටයුතු කර ඇතැයි ද පැවැසීය.

කොළඹ ජනතාවගෙන් 321ක් ගෙන කළ සමීක්ෂණයක දී සියයට 55.56ක් ජනාධිපතිතුමාටත් පොදු අපේක්ෂකයාට සියයට 33.4ක ප්‍රතිශතයක් ලැබී ඇතැයි පැවසූ අමාත්‍යවරයා සමීක්ෂණ නාමයෙන් ව්‍යාජ තොරතුරු විපක්ෂය අද ඉදිරිපත් කිරීම ඉතාමත් වැරදි බව ද සඳහන් කළේය. තම පක්ෂය සැබෑ සමීක්ෂණ වාර්තා පුවත්පත් මඟින් නිකුත් කරනු ලබන බවත් එම සමීක්ෂණවලට අනුව ගැටලුවක් මතුවූ අවස්ථාවක ක්ෂණිකව එම අඩුපාඩු යළි නිවැරදි කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවට ඊයේ (21 දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එක්වෙමිනි. මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණි ලොකුගේ, පළාත් සභා මන්ත්‍රීවරුන් වන සී. සතාසිවම් සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද සහභාගි වූහ.
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
apo දැන් ඔවා බොරුයි කියයි.. මෛත්‍රිය මුන්ගේ ඔලුවට ගහලනේ තියෙන්නේ.. අඩුම තරමේ මුන්ව මෛත්‍රී ඇවිල්ලා කොනිත්තලා ගියත් කොනිත්තුවේ නෑ කියලා කියන්නේ!!!!:lol:
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    apo දැන් ඔවා බොරුයි කියයි.. මෛත්‍රිය මුන්ගේ ඔලුවට ගහලනේ තියෙන්නේ.. අඩුම තරමේ මුන්ව මෛත්‍රී ඇවිල්ලා කොනිත්තලා ගියත් කොනිත්තුවේ නෑ කියලා කියන්නේ!!!!:lol:

    Dilwale dulhaniya
    mahinda 33
    my3 ta 55i

    :rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    10858485_594544257345167_4627728347786894203_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    apo දැන් ඔවා බොරුයි කියයි.. මෛත්‍රිය මුන්ගේ ඔලුවට ගහලනේ තියෙන්නේ.. අඩුම තරමේ මුන්ව මෛත්‍රී ඇවිල්ලා කොනිත්තලා ගියත් කොනිත්තුවේ නෑ කියලා කියන්නේ!!!!:lol:

    මහින්ද හොරාගෙන් හම්බුන මොටෝ බයික් එකට මැරෙනකම්ම වැද වැද හිටපං..:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    දුක කියන්නෙ මෙච්චර වෙන දේවල් දෑස් ඉස්සරහ පේන්න තියෙද්දිත් මහින්ද තාමත් හොඳයි කියන මිනිස්සු මේ ලංකාවෙ ඉන්න එක.....එහෙම කට්ටියට එකක් කියන්නම්.....මහින්දට චන්දේ දීපල්ල.එතුමාව දිනව පල්ල.එතකොට මහින්ද හිතන දේ තමයි තමන්ට මේ ජනවරම ලැබුනේ මේ යන ක්‍රමයට මිනිස්සු කැමති නිසා.කොච්චර ගසා කෑවත් කොච්චර කොමිස් ගැහුවත් කුඩු කැසිනෝ එතැනෝල් කොච්චර තිබුනත්...කොච්චර උබල බොන වතුරෙ ආසනික් තිබුනත් කොච්චර රටේ සම්පත් චීනෙට විකුනුවත් ස්ත්‍රී දූෂන කොච්චර සිද්ද උනත් රටේ නීතියක් නැති උනත් මිනී මරුවො මිනී මරල එක Call එකට උසාවියෙන් එලිට දැම්මත් උබලගෙන් බදු ගගහ අපි රජ සැප වින්දත් චන්දේ දෙන උබලට මොන දෙයක් වත් නොලැබුනත් උබල කැමති උනේ මේ දේටනේ.....මම ඉස්සරහට කරන්නෙත් ඔය ටිකම තමයි.රටේ කුඩු හිඟයක් ඇතිවෙන්න තියන්නෙ නෑ....ඇතිවෙන්න එතැනෝල් ගේනව.ඇතිවෙන්න රට පුරා කැසිනෝ හල් දානව.ගනිකා මඩම් ගනිකා වෘත්තිය නීති ගත කරනව.එතකොට උබලගෙ දුවලට අක්කලට නංගිලට නෝනලට අම්මලට බය නැතුව ගිහින් ඒවයෙ වැඩ කරල කීයක් හරි හොයා ගන්න පුලුවන්. කොමිස් කුට්ටි පිටින් අරන් රට චීනෙට විකුනනව.කලින් මම වියදම් කලේ දවසට කෝටි 2යි ලක්ෂ 85යි.ඒක මම දවසට කෝටි 3ක් කරනව.නාමල්ට තව ලැම්බොගිනි 4ක් අරන් දෙනව.යෝෂිතට තව TV චැනල් දෙකක් දාල දෙනව.මටයි මගෙ නැදෑයින්ටයි බේබිල තුන්දෙනාටයි ඇමති වරුන්ගෙ දරුවන්ටයි මම ඇතිවෙන්න හම්බුකරගන්න දීල තියෙන්නෙ.උබල චීනෙට යටත් වෙලා උන්ගෙ වහල්ලු වගේ ඔහේ හිටපල්ල.....අපි ඇමෙරිකාවට ගිහින් සැපට ජීවත් වෙනව.
    අන්න එහෙම දවසක් මේ රටේ උදාවෙනව.ඒක වලක්වන්න බෑ......අන්න එදාට ඔය හොර රජාට කතිරෙ ගහපු මිනිසුන්ට දුක් විඳින පීඩිත ජනතාව ශාප කරන එක නවත්වන්න කාටවත් බැරිවෙයි.මේ රටේ ලක්ෂ ගනනක් මිනිස්සු වෙන දේවල් දිහා හූල්ල හූල්ල බල බල ශාප කරන කොට "අනේ ඕකට චන්දේ දීපු එවුන්ට හෙන හත ගහපන්" කියල ඒක උබලගෙ දරුවන්ටත් දරුවන්ගෙ දරුවන්ටත් ශාපයක් ම වෙවි.අන්න ඒක හින්ද මේ වෙන විනාශය දැක දැක නොදැක්ක වගේ ඉන්නේ නැතුව....බුද්ධිමත් ව හිතල තීරණයක් ගන්න හැමටම ප්‍රඥාව පහල වේවා කියල ප්‍රාර්ථනා කරනව.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    තවත් සිතා බැලිය යුතුද ..

    ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි
    එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි.
    එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත.
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද
    දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.
    මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුණාම කියා’.
    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.

    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    එතකොට 12%ක් වගේ ඒ කියන්නේ ඡන්ද ලක්ෂ 15කට වඩා අනික් අපේක්ශකයෝ ගන්නවා.
     
    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    දුක කියන්නෙ මෙච්චර වෙන දේවල් දෑස් ඉස්සරහ පේන්න තියෙද්දිත් මහින්ද තාමත් හොඳයි කියන මිනිස්සු මේ ලංකාවෙ ඉන්න එක.....එහෙම කට්ටියට එකක් කියන්නම්.....මහින්දට චන්දේ දීපල්ල.එතුමාව දිනව පල්ල.එතකොට මහින්ද හිතන දේ තමයි තමන්ට මේ ජනවරම ලැබුනේ මේ යන ක්‍රමයට මිනිස්සු කැමති නිසා.කොච්චර ගසා කෑවත් කොච්චර කොමිස් ගැහුවත් කුඩු කැසිනෝ එතැනෝල් කොච්චර තිබුනත්...කොච්චර උබල බොන වතුරෙ ආසනික් තිබුනත් කොච්චර රටේ සම්පත් චීනෙට විකුනුවත් ස්ත්‍රී දූෂන කොච්චර සිද්ද උනත් රටේ නීතියක් නැති උනත් මිනී මරුවො මිනී මරල එක Call එකට උසාවියෙන් එලිට දැම්මත් උබලගෙන් බදු ගගහ අපි රජ සැප වින්දත් චන්දේ දෙන උබලට මොන දෙයක් වත් නොලැබුනත් උබල කැමති උනේ මේ දේටනේ.....මම ඉස්සරහට කරන්නෙත් ඔය ටිකම තමයි.රටේ කුඩු හිඟයක් ඇතිවෙන්න තියන්නෙ නෑ....ඇතිවෙන්න එතැනෝල් ගේනව.ඇතිවෙන්න රට පුරා කැසිනෝ හල් දානව.ගනිකා මඩම් ගනිකා වෘත්තිය නීති ගත කරනව.එතකොට උබලගෙ දුවලට අක්කලට නංගිලට නෝනලට අම්මලට බය නැතුව ගිහින් ඒවයෙ වැඩ කරල කීයක් හරි හොයා ගන්න පුලුවන්. කොමිස් කුට්ටි පිටින් අරන් රට චීනෙට විකුනනව.කලින් මම වියදම් කලේ දවසට කෝටි 2යි ලක්ෂ 85යි.ඒක මම දවසට කෝටි 3ක් කරනව.නාමල්ට තව ලැම්බොගිනි 4ක් අරන් දෙනව.යෝෂිතට තව TV චැනල් දෙකක් දාල දෙනව.මටයි මගෙ නැදෑයින්ටයි බේබිල තුන්දෙනාටයි ඇමති වරුන්ගෙ දරුවන්ටයි මම ඇතිවෙන්න හම්බුකරගන්න දීල තියෙන්නෙ.උබල චීනෙට යටත් වෙලා උන්ගෙ වහල්ලු වගේ ඔහේ හිටපල්ල.....අපි ඇමෙරිකාවට ගිහින් සැපට ජීවත් වෙනව.
    අන්න එහෙම දවසක් මේ රටේ උදාවෙනව.ඒක වලක්වන්න බෑ......අන්න එදාට ඔය හොර රජාට කතිරෙ ගහපු මිනිසුන්ට දුක් විඳින පීඩිත ජනතාව ශාප කරන එක නවත්වන්න කාටවත් බැරිවෙයි.මේ රටේ ලක්ෂ ගනනක් මිනිස්සු වෙන දේවල් දිහා හූල්ල හූල්ල බල බල ශාප කරන කොට "අනේ ඕකට චන්දේ දීපු එවුන්ට හෙන හත ගහපන්" කියල ඒක උබලගෙ දරුවන්ටත් දරුවන්ගෙ දරුවන්ටත් ශාපයක් ම වෙවි.අන්න ඒක හින්ද මේ වෙන විනාශය දැක දැක නොදැක්ක වගේ ඉන්නේ නැතුව....බුද්ධිමත් ව හිතල තීරණයක් ගන්න හැමටම ප්‍රඥාව පහල වේවා කියල ප්‍රාර්ථනා කරනව.

    well said bro... these fuckers still cant understand what will happen if MR became president again.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    තන්හාවේ දෝසේ දුටු
    බුදුන් වහන්සේ
    තන්හාව නසා විමුක්තිය පතා
    නිවන් මග මේ
    යැයි පෙන්වා දුන් සේක
    ඉක්බිතිව දවසක් ගෝලයෝ පිරිසක්
    ඇසුවෝය හිමිගෙන්
    එක්තරා පැණයක්
    තණ්හාව හල විගස සැණයකින් අප ලබන
    ඔබ කියන ඔය නිවන කෙබඳුදැයි කියනු මැන
    එවිට අප සියලු දෙන
    තන්හාව නසනු ඇත
    බඹ ලොවට පිවිසීම
    වාගේද නිවන් සුව
    ඉර මිදුන් වෙලාවේ
    විලක් මැද තනිවෙලා කුසීතව පාවෙමින්
    සිටින්නා වාගේද
    ඔබ කියන ඔය නිවන පැහැපත්ද පියකරුද
    නො එසේනම්
    එය සිත නැති කය නැති කිසිම දෙයක් නැති
    දෙයක්දෝ ස්වාමිනී
    මෙය ඇසූ හිමිසඳ හෝරා ගණනක් වැඩ හිඳ
    නිශ්චලව කීවේ මෙලෙසය
    ඔබ ඇසූ පැණයට පිලිතුරු නැත මට
    එහෙත් එම දිනයේ සැන්දෑ සමයේ
    බෝ රුක් සෙවනේ වැඩ සිටි සමිඳා
    පැණ ඇසූ සිය සිසු පිරිස ගිය පසු
    එහි සිටි සෙසු දන
    සැම අමතාලා දෙසූහ මේ සුලු කතාව උපමා
    දවසක් මම ගෙයක් දුටිමි එය ගින්නට අසුව තිබුනි
    රත් පැහැ ගත් ගිනි ජාලා
    එහි පියසින් උසට නැගුනි
    එහි තුල මම දනන් දුටිමි
    දොර හැර ඔවුනට හඬ ගා පිටවන්නැයි
    මම කීවෙමි එහෙත්
    එදන සැලුනේ නැත
    හදිසි බවක් පෙන්වුවෙ නැත
    එක් අයකුගෙ රැවුල පවා
    පිලිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳඳ
    වැසිවසීද සුලඟ තදද
    දැවෙන නිවස දමා ගොසින්
    ඉන්න ගෙයක් තියෙනවාද
    මෙවැනි ප්‍රශ්න රාශියක්ය
    මම පිලිතුරු නොදී ඔහුට
    නැවත වරක් වුනෙමි නිහඬ
    මට සිතුනා මේ දරුවන්
    නගන ප්‍රශ්න නවත්වන්නෙ
    ගින්නෙන් නැසුනාම කියා
    සත්තකින්ම ප්‍රියදරුවෙනි
    යම් මිනිසෙකු පොලෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා
    වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න
    බණක් නැතිය මටකියන්න
    එලෙසයි අප හිමි ගෞතම
    පිලිතුරු දුන්නේ පෙර කල
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කොළඹ ජනතාවගෙන් 321ක් ගෙන කළ සමීක්ෂණයක දී

    :baffled::baffled::baffled::baffled:
    :rofl::rofl::rofl::rofl:

    :rofl:
    සිරාවටම බන් ඔය වගේ ප්‍රධාන මැතිවරනයක සමීක්ෂනයක් කරන්න 321ක නියැදියක් ගත්ත උන්ට මොන්ගල්ද කොහෙද?අඩු ගානේ 5000කට වත් වැඩි පිරිසක් ගන්න තිබ්බා..:rolleyes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අනේ හැමොම ඇත්ත කියලා කියපල්ලා පොඩි කාලෙකට මහින්ද වෙසිගෙ අවජාතම පුත්තුන්ගේ හිත හැදෙන්න