ජනපති මහින්දට 55.56% සිරිසේනට 33.04%
ජනපති මහින්දට 55.56% සිරිසේනට 33.04%
* කැලණි සරසවි ආචාර්යවරු * දුරකථන ජාලය
* ප්‍රථම ඡන්ද හිමි ඡන්දදායක සමීක්ෂණ වාර්තා හෙළි කරයි
* පුවත් පතක හෙළිදරව්ව ශුද්ධ වූ බොරුවක්
ඇමැති ඩලස් අලහප්පෙරුම කියයි
ක්‍රිස්ටි මහේෂ් ද සිල්වා
කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය සහ දුරකථනය මඟින් මෙන්ම පළමු වතාවට ඡන්දය දෙන ඡන්ද දායකයන් ඇසුරෙන් ද කර ඇති සමීක්ෂණ වාර්තාවලට අනුව පුන පුනා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සහතික කර ඇති අතර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරාජයද එමඟින් සහතික කර ඇතැයි ශ්‍රීලනිප භාණ්ඩාගාරික යෞවන කටයුතු හා වෘත්තීය පුහුණු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
පසුගියදා එක්තරා පුවත්පතක් ජාතික රහස් ඔත්තු සේවා සම්බන්ධයෙන් කළ හෙළිදරව්ව ශුද්ධ වූ බොරුවක් බව පැවසු අමාත්‍යවරයා, රහස් ඔත්තු සේවාවලට බරපතළ ලෙස අභියෝගයට ලක් කිරීමට විපක්ෂය අද කටයුතු කර ඇතැයි ද පැවැසීය.
කොළඹ ජනතාවගෙන් 321ක් ගෙන කළ සමීක්ෂණයක දී සියයට 55.56ක් ජනාධිපතිතුමාටත් පොදු අපේක්ෂකයාට සියයට 33.4ක ප්‍රතිශතයක් ලැබී ඇතැයි පැවසූ අමාත්‍යවරයා සමීක්ෂණ නාමයෙන් ව්‍යාජ තොරතුරු විපක්ෂය අද ඉදිරිපත් කිරීම ඉතාමත් වැරදි බව ද සඳහන් කළේය. තම පක්ෂය සැබෑ සමීක්ෂණ වාර්තා පුවත්පත් මඟින් නිකුත් කරනු ලබන බවත් එම සමීක්ෂණවලට අනුව ගැටලුවක් මතුවූ අවස්ථාවක ක්ෂණිකව එම අඩුපාඩු යළි නිවැරදි කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවට ඊයේ (21 දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී එක්වෙමිනි. මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණි ලොකුගේ, පළාත් සභා මන්ත්‍රීවරුන් වන සී. සතාසිවම් සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද සහභාගි වූහ.