සමනළියකට පෙම් බැද...

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
සමනළියකට පෙම් බැද...

අද කියන්න යන්නෙ කොහොමද සමනලයෙක් තමන්ගෙ ජීවන සහකාරිය හොයාගන්නෙ කියලා
මේකෙ තියන ගොඩක් විස්තර හොයාගත්තෙ Mr. Adrian Hoskinsගෙ මේ සයිට් එකෙන්…http://www.learnaboutbutterflies.com/ සමනල් subject එක ගැන උනන්දු අය ඉන්නවා නම් A to Z ඉගෙන ගන්න ඒක හොද සයිට් එකක්..:yes::yes::yes:

paintedLady_1410707c.jpg


මෙතන ඉදන් ලේසියට මං සමනල් ගෑණු සතාට “සමනලී” කියලත් සමනල් පිරිමි සතාට “සමනලයා” ම කියලත් කියන්නම්..;)
සමනල්ලුන්ගෙ(ගෑණු පිරිමි දෙගොල්ලන්ගෙම) ආයු කාලයෙ සාමාන්ය අගය ගත්තොත් සති 2ක් විතර ලු. ඉතින් ඔය කියන බොහොම පොඩි කාලය ඇතුළත තමන් කාලා බීලා ජීවත් වෙන ගමන් තමන්ගෙ වර්ගයා බෝ කරන්න සුදුසු සහකාරියක් හොයාගන්න එකත් සෑහෙන ගේමක් වෙන්න ඇති. කරුමේ කියන්නේ ඔය කියන ගේම දෙන්න වෙන්නෙ සමනල් පිරිමි සතාට විතරයි…සමනලියෝ පාඩුවෙ මලක් එහෙම බීල ආතල් එකේ ඉන්නවා..:angry::angry: ඒකට සමනලියන්ට බැනලා වැඩක් නෑ මොකද පිරිමි සමනල්ලු, සමනලියෝ කීපදෙනෙක් එක්ක සම්බන්ධතා පවත්වනවා.එහෙම කරන්නෙ තමන්ගෙ වර්ගයා දිගටම වද නොවී පවත්වාගන්න, තමන්ට ලැබිලා තියන කෙටි ජීවන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නයි. :yes::yes:

කොහොමද දැන් සමනලයා සමනලියන් ඉන්න තැන් හොයාගන්නෙ?:confused::confused:
ඔය වැඩේ මූලික අවදියෙදි සමනල්ලු තමන්ට පේන එහා මෙහා චලනය වෙන කුඩා වස්තු හැම එකක්ම පස්සෙන් ගිහින් බලනවා ලු.. උදාහරණ තමා හුළගෙ පාවෙලා වැටෙන කොළ, මී මැසි කුලයේ අය, තමන්ගෙ වර්ගයේ වෙන හෝ නොවෙන සමනල්ලු… (ගැණු පිරිමි භේදයක් නැතුව ) හැබැයි වැරදිලාවත් තමන්ගෙ ලොකුම හතුරෝ වෙන කුරුල්ලො, මකුළුවෝ පස්සෙ නම් මලාට යන් නෑ :no::no:

182.jpg

ඔතනදි bright/ vivid colors වගේම spotted patterns තියන සමනල්ලුන්ට ඉක්මනට අනිත් අයව locate කරගන්න තියන චාන්ස් එක වැඩි.. මීටර් කීපයක් දුරදි උනත් තමන්ගෙ වර්ගෙට අයිති සමනල්ලු/සමනලියෝ අදුරගන්න හැකියාව උන්ට තියන්වා.හැබැයි පාට සමාන උනාට ඒ ඉන්නෙ හොයන කෙනා නෙමෙයි වෙන්න පුළුවන්.ඒකට wing pattern එක බලන්න වෙනවා..
marsh-fritillary_1894217c.jpg


හැම සමනල විශේෂයකටම ආවේණික wing pattern එකක් තියනවා… ගොඩක් වෙලාවට සමහර සමනල්ලු විෂ සහිත සමනලුන්ගෙ wing patterns, colors අනුකරණය කරනවා predators ලගෙන් බේරෙන්න..
example එකක්
batesian-mimicry-viceroy-monarch-butterfly.jpeg


ඒ උනත් තමන්ගේ වර්ගයේම එකාගෙ wing pattern එක හරියටම අදුනාගන්න හැකියාව සමනල්ලුන්ට තියනවා කියලයි කියන්නෙ… ඉස්සල්ලම color එකෙන් අදුරගෙන තවත් ළගට ආවම තමා wing pattern එකෙන් අදුරගන්න වෙන්නේ.. මෙච්චර වෙලා ගියෙ ගැලපෙන එකෙක් පස්සෙ නම් වැඩේ හරි..දුරට ඇපල් ළගට පැපොල් වෙන sceneත් ඇති ඔය අතරේ.. :baffled::D එහෙම උනාම වෙන්නෙ සහකාරියක් හොයන්න ඉතුරු වෙන කාලෙ අඩු වෙන එක..

සමහර සමනල්ලු ඉන්නව ජාති භේද වර්ණ භේද බලන් නැති අයත්..:confused::confused::rolleyes: ඔය පහල ඉන්නෙ එහෙම couple එකක්..එහෙම සම්පූර්ණ වෙනස් species දෙකක සමනල්ලු එකතු වෙන එකට තාමත් නිශ්චිත හේතුවක් නෑ ලු.සමහරවිට හරියන එකෙක් හොයාගන්න කම්මැලි dialද දන් නෑ :rofl:
mating-2-butterfly-species.jpg


topic එකෙන් පැන්නද මන්ද….හරි ඔන්න දැන් තමන්ගේ වර්ගෙ එකෙක්ද කියලා අදුරගත්ත කියමුකො..ඊළගට ලොකුම ප්‍රශ්නෙ හොයාගත්ත එකා ගැණුද පිරිමිද බලන එක.. එතනදි කරන්නේ අනිත් සමනලයගෙන් නිකුත් වෙන pheromones කියන රසායනිකය detect කරලා බලන එක..ඔහොම detect කරගත්ත chemical සිග්නල් එකේ හැටියට ඉතුරු වැඩ ටික තීරණේ වෙන්නේ.:yes::yes::yes:

බැරි වෙලාවත් මෙච්චර වෙලා පණ දාගෙන පැන්නුවෙ සමනලයෙක් පස්සේ නම් බඩු හරි..මාත් මේ කෙල්ලෙක් හොය හොය කට්ට කද්දි උඹත් එනවද මෙතන මගෙ pheromone check කරන්න කියලා එවෙලෙ ඉදන් වලිය පටන් ගන්නවා.:dull::dull: වලියක් කිවුවට අතින් පයින් ගහගන්නයැ.කොහොම ගහගන්නවද දන් නෑ.අහසෙ පාවෙන ගමන් තමා fight එක යන්නේ…වලිය සාමාන්යෙන් මිනිත්තු ගාණෙ ඉදන් පැයක් දක්වා දීර්ඝ වෙන්න පුළුවන්…සිග්නල් detect වුන පිරිමි සත්තු ගාණ වැඩි වෙන තරමට වලියට යන කලෙ වැඩියි…ඔතනදි දිනන එකාට ඒ ප්‍රදේශයෙ බලය තහවුරු වෙනවා…ආයේ ඉතින් ඒ පළාතේ කෙල්ලො (සමනලී ලා) ඔක්කොම උගෙ වගේ තමා… ;););) පරදින සමනල්ලු ආයෙ මුල ඉදන් වැඩේට බහින් ඕනෙ.
GreatHelen01-KSK.jpg


මල්සරා විද්දා වගේ කලින් කියපු pheromone සිග්නල් එකෙන් සමනලියක් detect උනොත් ඉතින් luck එක තමා..:love::love::love:
ඒත් සමනලී කැමති වෙන්නත් එපැයි..එතන තමා ඊළගට ලොකුම කට්ට කන්න වෙන්නේ (කලින් කාපු කටු මදිවට..කෙල්ලො ඔහොම්මයි ) කැමති කරගන්න courtship dance එකකුත් දාන්න වෙනවා කියලා තමා කියන්නෙ.
courtship dance
Courtship-Dance-Queen-Butterflies.N21_fs.jpg


සමනලයගෙ විවාහ යෝජනාවට ගොඩක් සමනල් විශේෂ වල සමනලී ලා එක පයින් කැමති වෙනවලු..අනිත් උන්ට වෙන්නෙ පස්සෙන් ගිහින්//// කැමති කරගන්න… :oo::oo::oo:
එහෙම පස්සෙන් යන වෙලාවක ගත්ත එකක්
11300657114_6095688795.jpg


කලින් සමනලයෙක් එක්ක සෙට් උන සමනලී ල සිග්නල් එකක් දෙනවා මට එකෙක් ඉන්නවෝ කියලා (කොච්චර දෙයක් ද එහෙම කියන එකත්:P)…කැමත්ත ගන්න වැඩේ පටන් ගන්නේ සමනලී වටේට airborne pheromones මුදා හැරලා..සමනලී කැමති නම් contact pheromones වලින් සිග්නල් එකක් දෙනවා…

ඔය මොනවා කරත් අකමැති වෙන සමනලී ල තැනින් තැනට පියාඹලා යන්න පටන් ගන්නවා.එහෙම නැත්නම් තමන්ගෙ පසු පියාපත් යුගලය වේගයෙන් එකිනෙක පිරිමදිනවා.. අකමැති උනා කියලා ලේසියෙන් අතාරින්න පුළුවනැයි අමාරුවෙන් හොයාගත්ත (සමනල්) කෑල්ල. ඔහොම හිතන සමනලයා තව තවත් පස්සෙන් යනව එක එක සිග්නල් දදා..:D ඔය දාන සිග්නල් ඔක්කොම විස්තර කරන්න ගියොත් පිටු ගාණක් යයි..මොකද ඒවා එක එක විශේෂය අනුව වෙනස් වෙනවලු. එක example එකක් කියන්නම් Wood White Leptidea sinapis කියන සමනල් විශේෂය කරන්නෙ ජෝඩුව කොළයක් උඩට වෙලා මූණෙන් මූණ බලාගෙන ඉදගෙන chemical messages pass කරන එක ලු.ඒකට යොදා ගන්නෙ antennae කියන කොටස.(පොඩි කලෙ සමනලය අදින්න කිවුවම අර අං ඇවිත් වගෙ අදින්නේ අන්න ඒ 2ක තමා) ඔහොම ඉන්න අතරෙ පිරිමි සමනලයා තමන්ගෙ ශුණ්ඩාවෙන් (proboscis) සමනලියගෙ පහළ පියාපත් යුගලට මාරුවෙන් මාරුවට තට්ටු දානවලු. ඔහොම තට්ටු දදා ඉදලා ඉදලා ඉදලා ඉදලා ඉදලා ඉදලා එක එක උප්පරවැට්ටි දාල කොහොමහරි අන්තිමට සමනලයා සමනලීව කැමති කරගන්නවා ලු...
පහළ ඉන්නේ කලින් කිවුව තට්ටු දාන ජෝඩුව
sinapis%20ritual%20006a.jpg


මට නුඹ සිය දහස් වාරයක් එපා කියලා කැමති නොවෙන වෙලාවල් තියනවද දන් නෑ..ඒ ගැන කියල නෑ..හැබැයි ඉතින් ඔය විදියට කැමති කරගන්න පැය ගාණක් උනත් යනවා කියලා කියන්නෙ.මොන අපරාධයක්ද නේද මේ කෙල්ලො කරන්නේ..ඕක මුලින්ම කිවුවා නම් සති 2ක ජීවිතෙන් පැය ගාණක් එක කෙල්ලෙක් (සමනලියක්) නිසා අපතේ යන් නෑ නේ.. :angry::angry::angry::angry:

ඔය අතරෙ වැඩකට නැති සමනල්ලුත් ඉන්නවා.උන්ට ඔය කලින් කිවුව පස්සෙන් ගිහින් කටු කන scene මොකුත් නෑ. Heliconius කියන විශේෂයට අයිති hecale, ismenius, cydno වර්ගවල උන් කරන්නෙ සමනලී ල ඉන්න කෝෂ ළගට වෙලා උන් එලියට එනකම් කැරකි කැරකි ඉන්න එක..ඊටත් හපන් hecalesia, hewitsoni, erato, charithonia, sara වගේ විශේෂ වල උන් කරන්නෙ එළියට එන්න කලින්ම කෝෂය හිල් කරලා genitalia එක හොයාගන්නවා. ඔය scene එකට "pupal rape" කියලත් කියනවා :confused::confused:(ඒවා කැත වැඩ…) පල්ලෙහා තියෙන්නෙ ඒ වගේ සමනලී ලා සෙට් එකක් කෝෂෙන් එළියට ආව ගමන් වටේ කැරකෙන සමනලයෙක්ගෙ photo එකක්.
heliconius_butterfly_heliconius_hewitsoni_males_attempting_to_mate_with_female_emerging_from_pupa_510969.jpg


ඒක ඇත්තටම බාල අපරාධ ගණයට වැටෙන් නෑ.හේතුව තමයි සමනලුන්ගෙ ඉතාම කෙටි ජීවන කාලෙ එක්ක බලද්දි ස්වභාවධර්මය හිතලා තියනව සමනලියො කෝෂෙන් එළියට ඇවිත් වැඩිවියට පත්වෙනකම් බලන් හිටියොත් පැවැත්මක් නැති වෙයි කියලා. ඒ නිසා කෝෂෙන් එළියට එන්න කලින්ම (ගොඩක් වෙලාවට එළියට එන්න කලින් දවස වෙද්දි ) සමනලියන්ගේ ප්‍රජනක පද්ධතිය සම්පූර්ණ වෙලා ඉවරයි.:yes::yes::yes:

මේක කොහෙන්වත් copy paste කරපු එකක් නෙමෙයි.අර කළින් කිවුව සයිට් එකෙන් translate කලේ.තොරතුරුවල සම්පූර්ණ credit එක Mr. Adrian Hoskins ටයි.කියවලා පොඩි දෙයක් හරි දැනගත්තනම් එළ.ජය වේවා…!



මේ thread එක බලලා යන මචංලා මචිංලා මට පොඩි උදව්වක් කරනවද?දන්න කෙනෙක් කියලා දුන්නොත් ලොකු දෙයක්.
1. උඩ තියන විදියට photos ලැප් එකෙන් upload කරන්නෙ කොහොමද? ඕක කලේ insert image කියලා image එකෙ ලින්ක් එක දීලා. දෙවෙනි thread එකේ attachments විදියට දැම්මම ලින්ක්ස් ටිකක් විදියට පහලින් ආවා
2. youtube video එකක් thread එක්කට දාන්නෙ කොහොමද?
 
Last edited:

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
  • Like
Reactions: chirart1

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පට්ට පට පට .......:yes::yes::yes:

    ඒක ඇත්තටම බාල අපරාධ ගණයට වැටෙන් නෑ..:D:D:D:D:D:D