රටේ ඉන්න නියම කොටියා කවුද?

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    රටේ ඉන්න නියම කොටියා කවුද?

    ටිකක් දිග වැඩී ඒ උනාට කියවපල්ලා.

    නියම කොටියා මහින්ද රාජපක්ෂයි..! හැකිනම් පිලිතුරු දෙනු..!! විවෘත අභියෝගයක්..!!! රාජපක්ෂ-කොටි සම්බන්ධය රනිල් සාක්ෂි සහිතව ඔප්පු කරයි
    නියම කොටියා මහින්ද රාජපක්ෂ යැයි පළමු වරට චෝදනා කරන විපක්ෂ නයක රනිල් වික්‍රමසිංහ ඒ සඳහා සාක්ෂි ගණනාවක් ගෙනහැර දැක්වීය. ‘‘කොටි සංවිධානයට විරුද්ධව මහා බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්තය නඩු කියනවා නම් ශ්‍රී ලංකාවට නඩු කියන්න බැරි වුණේ ඇයි? මම මහින්ද රාජපක්‍ෂ වුණා නම් පළමුව කරන්නේ කේපී ගේ බෙල්ලෙන් අල්ලා නඩුව ඉවත් කර නොගන්නේ නම් ඔබව ඉන්දියාවට ගෙන ගොස් දෙන බව කියා සිටීමයි. නමුත් ඔහු ඒ දේවත් කළේ නැහැ. ඒ වෙනුවට කොටි සංවිධානයට විරුද්ධව සහයෝගය ලබාදීමට ද ඉදිරිපත් වුණේ නැහැ. යුරෝපා සංගමය තෙවතාවක් ලංකා ආණ්ඩුවේ සහයෝගය ඉල්ලා සිටියත් සහයෝගය ලබා දුන්නේ නැහැ.“ යි රනිල් හෙලි කෙළේය.
    ඊයේ (29) දා බෙන්තර, බණ්ඩාරගම සහ පානදුර - කෙසල්වත්ත යන ප්‍රදේශවල පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිවල දී මේ අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් මෙසේ කීවේය.
    ‘‘මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ මැතිවරණය ව්‍යාපාරය ආරම්භ කළේ රනිල් කොටියා යැයි කියමිනුයි. නමුත් දැන් සනාථ වී ඇත්තේ නියම කොටියා මහින්ද රාජපක්‍ෂ බවයි. කොටි සහ කොටි තර්ජනය පිළිබඳව මහින්ද රාජපක්‍ෂ මහා ඉහළින් කතා කරනවා. 2009 මැයි මාසයේ දී අපේ රණවිරුවන් කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබිය දී නැවතත් කොටි තර්ජනයක් පිළිබඳව කියා සිටින්නේ කෙසේද? කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කර තිබිය දී නැවතත් කොටි සංවිධානයේ නැගිටීමක් සිදු වෙනවා නම් ඊට මේ රටේ ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් වගකිව යුතුයි. ආරක්‍ෂාව බාරව සිටින්නේ ජනාධිපතිවරයායි. ඒ අනුව ඔහු වහාම ඉල්ලා අස්විය යුතු බව මම කියා සිටිනවා.
    කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ මරණයත් සමග ඒ සංවිධානයට නායකයෙකු සිටියේ නැහැ. ඊට මාසයකට පසු කොටි සංවිධානයේ ඉතිරි සාමාජිකයින් මුණගැසී සෙල්වසාරා පද්මනාදන් හෙවත් කේපී කොටි සංවිධානයේ නායකත්වයට පත් කරගත් අතර ඔවුන්ගේ අලූත් නායකයා සෙල්වරාසා පද්මනාදන් බව 2009 ජූලි 21 වැනිදා ඔවුන්ගේ නිවේදනය කළා. මේ අතර ඉන්දියාව සිදු කළේ කුමක්ද? ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කේපීව අත්අඩංගුවට ගැනීමට ඉන්දියාවට අවශ්‍යව තිබුණා. එම නිසා ජාත්‍යන්තර පොලිසිය හරහා කේපීව වටකර ඔහුව අල්ලා ගැනීමට ඉන්දියාව උත්සාහ කළා.
    මේ අතර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කළේ කුමක්ද? කේපී ඉන්දියාවට අල්ලා දීමට ඔහු කටයුතු කළාද? නැහැ... නමුත් ඔහු කළේ කේපීට ලංකාවට එන්නැයි කියා ඔහුට ආරක්‍ෂාව ලබා දීමයි. කේපී කොටි සංවිධානයේ අලූත් නායකයා බව ප්‍රකාශයට පත් කර තිබිය දී ඔහු ලංකාවට ගෙන්වා ගෙන ඔහුට ආණ්ඩුවේ ආරක්‍ෂාව ලබා දුන්නා. ශ්‍රී ලංකා ආණ්ඩුව කේපීව තබා ගෙන සිටින තුරු ඔහුව රැගෙන යාමට ඉන්දියාවට හැකියාවක් නැහැ. කේපීව අල්ලා ගැනීමට අවශ්‍ය නම් ඉන්දියාව ලංකාවට පැමිණිය යුතු අතර එසේ පැමිණ කේපීව බලෙන් ගෙන යාමට ඉන්දියාවට හැකියාවක් ඇත්තේ නැහැ. එසේ නම් කොටි සංවිධානයේ අලූත් නායකයා වන කේපීව ආරක්‍ෂා කර ගෙන සිටින්නේ මහින්ද රාජපක්‍ෂයි.
    මහින්ද රාජපක්‍ෂත්, කේපීත් අතර තිබෙන හිතවත්කම සහ සම්බන්ධතාවය කුමක්ද? මිනී මැරුම්වලට සම්බන්ධ, ශ්‍රී දළාදා මාළිගයට බෝම්බ ගැසීමට උදව් කළ පුද්ගලයාව තබා ගනිම්න් ඔහුව ආරක්‍ෂා කරන්නේ ඇයි? කේපීව ආරක්‍ෂා කරමින් කොටි ත්‍රස්තවාදය පරාජය කළ සරත් ෆොන්සේකාව හිරේ දමන්නේ ඇයි? කොටි පරාජය කර රට දිනාගත් රණවිරුවන්ට තණ කොළ කපන්නත්, කානු සුද්ධ කරන්නත් කියන්නේ ඇයි? කේපී වාහනයෙන් යන විට ඔහුට සැලියුට් ගහන්නැයි කියන්නේ ඇයි?
    2006 දී විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා යුරෝපා සංගමය සමග සාකච්ඡා කොට ලක්‍ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය නිසා යුරෝපයේ කොටි සංවිධානය තහනම් කිරීමට එකඟ කර ගත්තා. යුරෝපයේ එල්.ටී.ටී.ඊ. තහනමත් සමග කොටි සංවිධානය සතුව තිබූ බැංකු ගිණුම් සියල්ල ද තහනම් කෙරුණු අතර ඒ හේතුවෙන් එම බැංකු ගිණුම්වල තිබුණු විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වුණා.
    මේ තහනම ඉවත් කර ගැනීම සඳහා කේපී නායකයා බවට පත් කර ගැනීමෙන් පසු කොටි සංවිධානය යුරෝපා සංගමයට එරෙහිව නඩු පැවරුවා. ඒ අනුව, කේපී ලංකාවේ සිටිමින් ඔහු නායකත්වය දෙන කොටි සංවිධානය යුරෝපීය සංගමයට විරුද්ධව නඩු පවරනවා. කොටි සංවිධානය යුරෝපීය සංගමයට එරෙහිව නඩු පැවරූ විට එම සංගමයේ සහයෝගයට මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සහ නෙදර්ලන්ත ආණ්ඩුව යුරෝපා සංගමය වෙනුවෙන් ඉදිරිපත් වුණා. ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ.ය තහනම් කිරීමට යුරෝපා සංගමය ගත් තීරණය නිවැරදි බවත්, තමන් ද එම සංවිධානය තහනම් කළ බව එහිදී මහා බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්තය කියා සිටියා. මෙහිදී යුරෝපීය සංගමයට සහයෝගය ලබාදීම සඳහා පාර්ශ්වයක් ලෙස ඉදිරිපත්වීමට සුදුසුම රට වූයේ ශ්‍රී ලංකාවයි. නමුත් ශ්‍රී ලංකා ජනරජය එම නඩුවට පාර්ශ්වකරුවකු ලෙස ඉදිරිපත් වුණේ නැහැ.
    මුන් තමයි කොටි ඇති කරන්නේ කියමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා යුරෝපා සංගමයට බැන වදිනවා. නමුත් කොටි සංවිධානයට විරුද්ධව මහා බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්තය නඩු කියනවා නම් ශ්‍රී ලංකාවට නඩු කියන්න බැරි වුණේ ඇයි? මම මහින්ද රාජපක්‍ෂ වුණා නම් පළමුව කරන්නේ කේපී ගේ බෙල්ලෙන් අල්ලා නඩුව ඉවත් කර නොගන්නේ නම් ඔබව ඉන්දියාවට ගෙන ගොස් දෙන බව කියා සිටීමයි. නමුත් ඔහු ඒ දේවත් කළේ නැහැ. ඒ වෙනුවට කොටි සංවිධානයට විරුද්ධව සහයෝගය ලබාදීමට ද ඉදිරිපත් වුණේ නැහැ. යුරෝපා සංගමය තෙවතාවක් ලංකා ආණ්ඩුවේ සහයෝගය ඉල්ලා සිටියත් සහයෝගය ලබා දුන්නේ නැහැ.
    කෙසේ වෙතත් අවසානයේ සිදු වුණේ කොටි සංවිධානය එම නඩුවෙන් ජයග්‍රහණය කිරීමයි. කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් වන අතර එම නිසා එය තහනම් කිරීමට අයිතියක් මෙන්ම තහනම් කිරීමට නිවැරදි ක්‍රියාමාර්ගයක් ද තිබෙන බවත්, නමුත් එම නිවැරදි ක්‍රියාමාර්ගය අනුගමනය නොකළ බව එහිදී අධිකරණය පෙන්වා දුන්නා. ඒ වගේම කොටි සංවිධානයේ බැංකු ගිණුම්වලට තිබූ තහනම තවදුරටත් මාස 6 ක් පවත්වා ගෙන යාමට ද අධිකරණය අවසර ලබා දුන්න අතර තීන්දුව සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කිරීමට යුරෝපා සංගමයට අවස්ථාව ද ලබා දුන්නා.
    ඒ අවස්ථාවේදීවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එම ඇපෑල ඉදිරිපත් කරන්නැයි යුරෝපා සංගමයට කියා එම නඩුවට සම්බන්ධ වෙනු ඇතැයි මම සිතුවා. නමුත් ආණ්ඩුව එවැනි දෙයක් කළේ නැහැ. මේ පිළිබඳව මා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ විට ඊට පිළිතුරක්වත් ලබා දුන්නේ නැහැ.
    කොටි සංවිධානය තහනම් කිරීමට නීතිමය පදනමක් තිබෙන බවත්, එහෙත් කොටි සංවිධානය තහනම් කිරීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත අනුගමනය නොකිරීම නිසා කොටි තහනම ඉවත් කළ බව එම නඩුවේ දී අධිකරණය පෙන්වා දී තිබෙන බව මම යුරෝපා සංගමයේ විදේශ ඇමැතිතුමියට ලිපියක් යවමින් පෙන්වා දුන්නා. එම නිසා එම තීන්දුව සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කරන්නැයි එම ලිපියෙන් ඉල්ලා සිටි මම, කොටි සංවිධානය තහනම් කිරීමට අනුගමනය කළ යුතු පිළිවෙත අනුගමනය කර තිබෙන බව ද සඳහන් කළා.
    නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව අද වනතුරුත් මේ සම්බන්ධයෙන් ලිපියක් හෝ ඉදිරිපත් කර නැහැ. නමුත් එම නඩුව සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ විදේශ ඇමැතිතුමිය වෙත ලිපියක් ඉදිරිපත් කිරීම පිළිබඳව එතුමිය මට ලිපියක් එවමින් ස්තූතිය පළ කළා. කොටි සංවිධානය තහනම් කිරීම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත්, මෙම නඩු තීන්දුවට විරුද්ධව ඔවුන් ඇපෑලක් ඉදිරිපත් කරන බවත් යුරෝපා සංගමයේ විදේශ ලේකම්තුමිය මා වෙත එවූ පිළිතුරු ලිපියේ සඳහන් කර තිබෙන අතර ඔවුන් නිවැරදි ක්‍රියා පිළිවෙත අනුගමනය කර තිබෙන බැවින් කොටි සංවිධානයේ තහනම ඉවත් කළ නොහැකි බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. යුරෝපා සංගමයේ එම කටයුතුවලට මහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව සහ නෙදර්ලන්ත ආණ්ඩුව ද එකතු වී තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුව තවමත් ඊට එකතු වී නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුව එයට එකතු නොවුණේ ඇයි? මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙන්නේ කොටි සංවිධානයේ මුදල් තහනම් කර තැබීමට ද, නැතිනම් කොටි සල්ලි කේපීට ගැනීමට අවස්ථාව සලසා දීමටද? කොටි තහනම ඉවත් කිරීම පිළිබඳ එම නඩුවට ශ්‍රී ලංකා ආණ්ඩුව සම්බන්ධ නොවුණේ ඇයිදැයි වහාම රටට – ජනතාවට හෙළි කරන්නැයි මම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට කියා සිටිනවා.
    කොටි තහනම ඉවත් කළහොත් බැංකුවල තිබෙන එම සංවිධානයේ සියලූ මුදල් ලැබෙන්නේ කේපීටයි. කේපීට එම මුදල් ලබා ගැනීම සඳහා ඉඩ දීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට කිසිදු අයිතියක් නැහැ. නමුත් කේපීට එම මුදල් ලබා ගැනීමට ඉඩ දී ඔහුව ආණ්ඩුව ආරක්‍ෂාව යටතේ තබා ගෙන සිටිනවා නම් නැවත කොටි තර්ජනයක් ඇති වන බවත්, එය තමන්ට නැවැත්වීමට හැකි බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කියා සිටින්නේ කෙසේද?
    කොටි සංවිධානයේ මුදල් නැවත කොටින්ට ලබා දෙන්නේ මහින්ද රාජපක්‍ෂ බවත්, ඔහුට එසේ කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් මම අවධාරණය කරනවා. ඔහු අද කරන්නේ ද්‍රෝහීකමක් බව කිව යුතුයි. මම කියන දේ වැරදි නම් ඊට පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂට හැකියාව තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ප්‍රසිද්ධ විවාදයකට නොපැමිණෙන්නේ මෙම චෝදනාවට පිළිතුරු දීමට ඔහුට නොහැකි නිසයි.
    මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ කරුණු සියල්ල අප ලබා දී තිබෙන අතර විවාදයේ දී පළමුව ඒ පිළිබඳව ප්‍රශ්න කරන්නැයි එතුමාට කියා සිටියා. එහිදී ඒ පිළිබඳව ප්‍රශ්න කළොත් කිවන්ෂොට්කි වගේ විවාදය ජයග්‍රහණය කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට කියා සිටියා. මොකද එහිදී ජනාධිපතිවරයාට කේන්ති යන අතර නැතිනම් ඔහු එතැනින් නැගිට යන නිසයි. මේ නිසා ජනාධිපතිවරයා විවාදයකට පැමිණීමට බිය වී සිටිනවා.
    ඒ අනුව ඇත්ත කොටියා වෙන කිසිවෙකු නොව මහින්ද රාජපක්‍ෂ මහතා බව මම කියනවා. කොටි සංවිධානය සතුව නෞකා 19 ක් තිබුණු අතර ඒ එක නෞකාවකට පහර දී මුහුදේ ගිල්ලීමට අපට හැකි වුණා. අනෙක් නැව් සියල්ල ලංකාවට ගෙන එන බව ආණ්ඩුව කියා සිටියා. එම නැව් එදා ලියාපදිංචි කර තිබුණේ පැනමා ජනරජය යටතේ වන අතර අද ද එම නැව් ලියාපදිංචි වී තිබෙන්නේ එම ජනරජයේමයි. එම නැව් අදත් යාත්‍රා කරනවා. එම නැව් ලංකාවට ගෙන්වීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කටයුතු නොකළේ ඇයි?
    කොටි සංවිධානය සතු ඉන්ධන පිරවුම්හල් 600 ක් පමණ යුරෝපය, අමෙරිකාව, කැනඩාව ආදී රටවල තිබෙනවා. එම ඉන්ධන හල් සොයා ගෙන ඒවා ශ්‍රී ලංකා ආණ්ඩුවට නොගත්තේ ඇයි? එසේ නම් කොටියගේ මිත්‍රයා කවුද? කොටියාගෙන් හම්බ කරන්නේ කවුද...?
    යුද්ධය දිනන විට ජනාධිපතිවරයාව සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා වන අතර ඒ සම්බන්ධයෙන් අපට විවාදයක් නැහැ. නමුත් අප ප්‍රශ්න කරන්නේ යුද්ධය අවසන් කළ පසු කොටි සංවිධානයත් සමග වැඩ කරන්නේ ඇයිද යන්නයි.
    කොටියාට ඔක්සිජන් ලබා දී තමන්ගේ වාසියට කොටියා ඇති කරන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා බව කිව යුතුයි. 2005 ජනාධිපතිවරණයේ දී මා පරාජය කිරීමට ද කොටින්ට මුදල් ලබා දුන්නා. ඒ අනුව කොටි සමග ගනුදෙනු කිරීමට දන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පමණයි. මට කොටියා යැයි කොතෙක් කියා සිටියත් නියම කොටියා මහින්ද රාජපක්‍ෂ බව කිව යුතුයි.
    මහින්ද රාජපක්‍ෂ දේශප්‍රේමියෙක්ලූ...! කොතරම් දේශප්‍රේමී දැයි කියනවා නම් ඔහු අද අපේ ජාතික ගීතය ද සොරකම් කර ගෙන තිබෙනවා.
    කොටි එක්ක යහළුවෙලා මෙහෙම කොටි ගිණුම් ටික ආපහු බේරාදීමට වැඩ කටයුතු කරන මහින්ද රාජපක්‍ෂ රෙජිමය ඉවත් කළ යුතුයි. අන්න ඒ වෙනස කිරීම සඳහා ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දීලා හංසයා ලඟින් කතිරය ගසන්න කියා මම ඉල්ලා සිටිනවා.‘‘
     
    • Like
    Reactions: mldarshana
    Nov 24, 2014
    789
    64
    0
    පොන්නප්පුගෙ පී කතා කවුරුත් ගනං ගන්නෑ. කොටි ගැන හොයන්න කලින් ලමෙක් හදල පෙන්නපිය. කොන පන නැති පෙන්ද. ලමෙක් හදාගන්න බැරි එකා එනව රටක් හදන්න.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    LGVjcda.png

    https://en.wikipedia.org/wiki/Selvarasa_Pathmanathan
    http://www.interpol.int/notice/search/wanted/1998-4743

    KP%20And%20Mahinda%20Rajapaksa%20DP%20PM.jpg
     
    මුලින්ම කියන්න ඕනේ මම මරාට කඩේ නැහැ, එත් පොනිල් විදායක අගමැති වෙනවට කැමැතිත් නැහැ.
    යකෝ පොන්සියෝ තෝ දන්නේ නැති උනාට යුද්දේ නිසා මරුන අය නිසා ඇතිවෙන වේදනාව අපි දන්නවා. මම ගිය ඉස්කෝලේ ක්‍රීඩා කණ්ඩායමක්, උදේ හවා මුණ ගැහෙන අය මැරුවෙත් ඔය කැ% කොටියම තමයි. හැබැයි යුද්දේ ඉවරකරපු එකේ සම්පුර්ණ ගෞරවය ජනාදිපති, ෆොන්සේකා ඇතුළු හමුදාපති වරු, මුළු හමුදාවටම දෙනවා. ඒ කලේ යුද්දේ නවත්තන්න කකුලෙන් ඇද්දේ ඔය රන්න පොනිල් තමයි. තොපි ලිදේ පැනල ආත්මේ මාරුකරන් ඇවිත් නිකන් බුරුවෙක් කියන බුරු කතා කියවන්න එපා, අපිත් මැරිලා ඉපදිලා නැහැනේ.

    නම දාල රේප් කැපුවා
     
    Last edited:

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    කෑප්ටන් Jack Sparrow;17648531 said:

    සරත් ෆොන්සේක,රතන හාමුදුරුවො,චම්පික ඉන්න හින්ද කොටි ගැන බයවෙන්න ඕනෙ නැහැ
    ඔක්කොම හොදයි කැපුවෙ මොකටෙයි
    :P
     
    සරත් ෆොන්සේක,රතන හාමුදුරුවො,චම්පික ඉන්න හින්ද කොටි ගැන බයවෙන්න ඕනෙ නැහැ
    ඔක්කොම හොදයි කැපුවෙ මොකටෙයි
    :P

    මුලින් නම් හොදයි බන්, ඔය තුන්දෙනාම එකට මහින්දත් එක්කත් කාලයක් හිටියනේ, ඒ ඉදලත් කරගන්න බැරි උන දේ රන්න පොනිල් එක්ක ඉදල කොහොමත් කරන්න බැහැ මචං, එක්කෝ සජිත් වගේ එන්න ඕනේ, බයක් නැහැ. චන්දෙ කුරුටු ගානවා බන්, විකල්පයක් නැහැ.
    කැපුවේ මු පොනිල් ව ලොකු කරලා දාපු එකට, ඇත්ත බොරුයි, බොරුව ඇත්තයි කියල මවල දෙන්න යන එකට, අපිත් දන්නවනේ බන් ඒ කාලේ කකුලෙන් ඇදපු හැටි මු.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17648531 said:
    මුලින්ම කියන්න ඕනේ මම මරාට කඩේ නැහැ, එත් පොනිල් විදායක අගමැති වෙනවට කැමැතිත් නැහැ.
    යකෝ පොන්සියෝ තෝ දන්නේ නැති උනාට යුද්දේ නිසා මරුන අය නිසා ඇතිවෙන වේදනාව අපි දන්නවා. මම ගිය ඉස්කෝලේ ක්‍රීඩා කණ්ඩායමක්, උදේ හවා මුණ ගැහෙන අය මැරුවෙත් ඔය කැ% කොටියම තමයි. හැබැයි යුද්දේ ඉවරකරපු එකේ සම්පුර්ණ ගෞරවය ජනාදිපති, ෆොන්සේකා ඇතුළු හමුදාපති වරු, මුළු හමුදාවටම දෙනවා. ඒ කලේ යුද්දේ නවත්තන්න කකුලෙන් ඇද්දේ ඔය රන්න පොනිල් තමයි. තොපි ලිදේ පැනල ආත්මේ මාරුකරන් ඇවිත් නිකන් බුරුවෙක් කියන බුරු කතා කියවන්න එපා, අපිත් මැරිලා ඉපදිලා නැහැනේ.

    නම දාල රේප් කැපුවා

    රනිල් කරපු ලොකුම වරද සාම ගිවිසුම හරහා පෙදරක් විසදුමක් ලබා දීමට කටයුතු කිරිම. අපිටනම් රනිලුයි මහින්දයි දෙන්නාම එකයි. මහින්දත් යුද්දේ කරන්න කැමති වුනේ නැහැ මුලුන්. ලබ්බෙන්ද ගහන්නේ කියලා ඇහුවේ.

    එට පස්සේ තාමයි මනේල්මල් ව්‍යාපාර හදලා. හමුදා කමප් වලට ගිහින්, රතන හාමුදුරුවෝ, ච්න්පික, jvp, අල්ලේ ගුණවංශ හාමුදුරුවෝ පැනලා ගිය සෙබළු එකතු කරලා , මොරාල් හදලා අවශ්‍ය මානසික ශක්තිය හා රටේ ජනතවට පැහැදීම ඇතිකළේ

    එත් යුද්දෙන් ගන්න පුළුවන් වාසිය දකළා මහින්ද යුද්දේ කල දිගටම. ඒ ගමන් නිල ඇදුමේ ඉදන් බුලට් එක මිග් යාන වෙනකම් හොරකම් කල. හමුදාවේ කොල්ලෝ පඩිය පැකට් එක ගෙදරයවගන්න විදියක් නැතුව මැරෙනකොට, මහින්ද එවග ව්සියට අරගෙන චන්ද ටික තියන්න ගත්ත. මිනිස්සු බඩුමිල වචනයක් වත් වත් පිට නොකර දරාගෙන යුද්දේ කියලා එවසුවා, එත් මහින්ද යුද ගැනීමේ ඉඩන සියලුම තැන වලදී කොමොස් ගැහුවා. ඒවා ගැන ලියපු මාද්‍යවේදියෝ මාරුව, අතපය කඩුව, සමහරු රට දාලා ගියා.

    දැන් මහින්ද යුද්දේ විකුණන ගමන කරුණ අම්මාන්ව , KP ව ඔඩ්ක්කුවේ තියාගෙන ඉන්නව. කිසිම ප්‍රමුක පිලේ කොටිනයකයෙක්ට අදිකරන් දඩුවමක් දුන්නේ නැහැ. ds එකේ ළමයි මරුන හැටි දැක්කම අපේත් ඇස වලට කදුළු ආවා. එදිනෙද දකින්න නැතත් අදුරන්නේ නැතත් මේ අපේ මල්ලිලනේද කියලා හිතුනා.

    ඒ මල්ලිලාගේ මරණ වලට වගකිවයුතු ඕනි අය ආණ්ඩුවේ ඉන්නව.

    එතං මම නම් ඔය කිසි පක්ෂයක් පිළිගන්නේ නැහැ. මහින්ද පරදන්න ඕනි කියන මතයේ ඉන්නව.
    එන එහාට කාගනවත් විශ්වශ් කරන්නේ නැහැ
     
    දේශපාලුවෝ කියන හැම දේටම කඩේ යන ජාතකේ ප්‍රශ්න තියෙන එවුන් දෙන්නෙක් නමත් නොකිය රේප් කපලා. දැන් මම මරාට බනිනකොට රේප් දෙනවා, මුන්ගේ වැරදි කියනකොට, රේප් කපන්නම රිදිලා එතකොට මමයි වැරදි.
    තොපිලට මුන් කන්න දෙන්නේ නැහැ පොන්සියෝ, කියන දෙයක් මේකේ කියපන්.
    rep.JPG
     
    • Like
    Reactions: maxboysl

    රනිල් කරපු ලොකුම වරද සාම ගිවිසුම හරහා පෙදරක් විසදුමක් ලබා දීමට කටයුතු කිරිම. අපිටනම් රනිලුයි මහින්දයි දෙන්නාම එකයි. මහින්දත් යුද්දේ කරන්න කැමති වුනේ නැහැ මුලුන්. ලබ්බෙන්ද ගහන්නේ කියලා ඇහුවේ.

    එට පස්සේ තාමයි මනේල්මල් ව්‍යාපාර හදලා. හමුදා කමප් වලට ගිහින්, රතන හාමුදුරුවෝ, ච්න්පික, jvp, අල්ලේ ගුණවංශ හාමුදුරුවෝ පැනලා ගිය සෙබළු එකතු කරලා , මොරාල් හදලා අවශ්‍ය මානසික ශක්තිය හා රටේ ජනතවට පැහැදීම ඇතිකළේ

    එත් යුද්දෙන් ගන්න පුළුවන් වාසිය දකළා මහින්ද යුද්දේ කල දිගටම. ඒ ගමන් නිල ඇදුමේ ඉදන් බුලට් එක මිග් යාන වෙනකම් හොරකම් කල. හමුදාවේ කොල්ලෝ පඩිය පැකට් එක ගෙදරයවගන්න විදියක් නැතුව මැරෙනකොට, මහින්ද එවග ව්සියට අරගෙන චන්ද ටික තියන්න ගත්ත. මිනිස්සු බඩුමිල වචනයක් වත් වත් පිට නොකර දරාගෙන යුද්දේ කියලා එවසුවා, එත් මහින්ද යුද ගැනීමේ ඉඩන සියලුම තැන වලදී කොමොස් ගැහුවා. ඒවා ගැන ලියපු මාද්‍යවේදියෝ මාරුව, අතපය කඩුව, සමහරු රට දාලා ගියා.

    දැන් මහින්ද යුද්දේ විකුණන ගමන කරුණ අම්මාන්ව , KP ව ඔඩ්ක්කුවේ තියාගෙන ඉන්නව. කිසිම ප්‍රමුක පිලේ කොටිනයකයෙක්ට අදිකරන් දඩුවමක් දුන්නේ නැහැ. ds එකේ ළමයි මරුන හැටි දැක්කම අපේත් ඇස වලට කදුළු ආවා. එදිනෙද දකින්න නැතත් අදුරන්නේ නැතත් මේ අපේ මල්ලිලනේද කියලා හිතුනා.

    ඒ මල්ලිලාගේ මරණ වලට වගකිවයුතු ඕනි අය ආණ්ඩුවේ ඉන්නව.

    එතං මම නම් ඔය කිසි පක්ෂයක් පිළිගන්නේ නැහැ. මහින්ද පරදන්න ඕනි කියන මතයේ ඉන්නව.
    එන එහාට කාගනවත් විශ්වශ් කරන්නේ නැහැ

    මම අයිය කියපු දේට එකග වෙනවා, හැබැයි රනිල්ට වඩා මහින්ද හොදයි, මහින්දට වඩා MY3 හොදයි, එත් එකතු වෙලා ඉන්න පිරිස ගැන අවුලක් තියෙනවා. මම කිව්වේ යුද්ද කාලේ ඔය රන්න පොනිල කරපු වැඩ විතරයි. දේශපාලන පක්ෂෙක මතයක් දරුවොත් මම වැරදි වෙන්න පුළුවන්, එක එක එක අයගේ මතේ, එත් ස්වාදීනව දෙපැත්තම ගැන හිතුවොත්. (නයිTN, අලවාහිනි, සිරස කියන මතය ගැන විතරක් නොහිතා) මම කියන දේ හරි.
    කරුණා ආණ්ඩුවට ආව එකේ වාසිය වගේම අවාසිත් තියෙනවා. කිරියේම කලින් ත්‍රෙඩ් එකක ඒවා ගැන තිබ්බ මතකයි.
    කොටි ලං කරගත්තු එක සාදාරන නැහැ, ඕකුන් සිංහල කොල්ලෝ කියක් මරල ඇද්ද, පවුල් කියක් අනාත කරලා ඇත්ද, වගේ ඒවා, හැබැයි අනිත් පැත්තෙන් ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය, මොකද JVP එකෙත් ඉතිහාසය දැන් තරම් සුන්දර නැහැනේ.අනික ඔය කොටිය ආව නිසා යුද උපක්‍රම වලට උදව්වක්, හමුදා කොල්ලෝ මැරෙන එක අඩු උනා වගේ ඒවත් උනා.
     
    Last edited:

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    කෑප්ටන් Jack Sparrow;17648609 said:
    මුලින් නම් හොදයි බන්, ඔය තුන්දෙනාම එකට මහින්දත් එක්කත් කාලයක් හිටියනේ, ඒ ඉදලත් කරගන්න බැරි උන දේ රන්න පොනිල් එක්ක ඉදල කොහොමත් කරන්න බැහැ මචං, එක්කෝ සජිත් වගේ එන්න ඕනේ, බයක් නැහැ. චන්දෙ කුරුටු ගානවා බන්, විකල්පයක් නැහැ.
    කැපුවේ මු පොනිල් ව ලොකු කරලා දාපු එකට, ඇත්ත බොරුයි, බොරුව ඇත්තයි කියල මවල දෙන්න යන එකට, අපිත් දන්නවනේ බන් ඒ කාලේ කකුලෙන් ඇදපු හැටි මු.

    යකෝ rep තියෙන්නෙ විරුද්ධ මත තියන උන්ව රතු කරන්න නෙවෙයි:angry:
    නීතියෙන් පිට මොකක්හරි කරොත් තමන්ගෙ විරෝධය දක්වන්න
    :P
     
    යකෝ rep තියෙන්නෙ විරුද්ධ මත තියන උන්ව රතු කරන්න නෙවෙයි:angry:
    නීතියෙන් පිට මොකක්හරි කරොත් තමන්ගෙ විරෝධය දක්වන්න
    :P

    එක හරි මචං, එත් දැන් වෙන්නේ එක නෙමෙයි.
    ජය වේවා!!!!
     
    • Like
    Reactions: sherlock.

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    සාරුව සුනිල් වගේ උන් නිදහස් කරපු ආණ්ඩුවක් තවත් තියන්න පුලුවන්ද බන්
    ජාතිවාද අවුස්සල ලංකාව ආපහු මිනී මරාගන්න රටක් කරන්න ඉඩ දීපු කට්ටියට අපහු කතිරෙ ගහනවද
    රටේ මිනිස්සු ලක්ෂ ගානක් අවතැන් වෙලා ඉන්නකොට සල්මන් කාන්ල ගෙන්නල රැස්වීම් තියන උන් ඕනද අපිට
     
    දැන් නම් හරියන්නේ JVP මතේ බන්, ඔය දෙගොල්ලොම එපා.
    හරි එකෙක් නැහැ.
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    කෑප්ටන් Jack Sparrow;17648883 said:
    එක හරි මචං, එත් දැන් වෙන්නේ එක නෙමෙයි.
    ජය වේවා!!!!

    අපිටත් රවී කරුණානායකල ගැන ලොකු බලාපොරොත්තු නැහැ
    එත් මේ රටට වෙන විනාශය දැකල මොකුත් නොකර ඉන්න බැහැ බන්
    මේ පාර අපහු ආවොත් මහින්ද,
    ඊලග පාර චන්දෙදි උතුරු කොරියාවෙ වගේ එක්කෙනෙක් විතරක් ඉල්ලන මැතිවරණක් වේවි
    එතකොට පරක්කු වැඩියි
    :dull:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම කියන්නේ නෑ රනිල් 100%ක් නිවරැදි නායකයෙක් කියලා...උගෙත් වැරැදි එමටයි...ඒත් ඔය සටන් විරාම ගිවිසුම නිසා රනිල්ට කවුරුහරි කොටියා කියලා කියනව නම් ඒ කට්ටිය මුලින්ම බනින්න ඕනේ චන්ද්‍රිකාට...මොකද් චන්ද්‍රිකා ජනාධිපති වෙලා ඉන්නැද්දි තමා රනිල් ගිවිසුම අත්සන් කලේ...ඒ වගේම මම කියවලා තියෙන විදිහට නම් 2001 එජාප ආන්ඩුව එන්න ඉස්සර වෙලා චන්ද්‍රිකා තමා සටන්විරාම ගිවිසුම ගහන්න ලකලෑස්ති උනේ...:rolleyes:
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    කෑප්ටන් Jack Sparrow;17648905 said:
    දැන් නම් හරියන්නේ JVP මතේ බන්, ඔය දෙගොල්ලොම එපා.
    හරි එකෙක් නැහැ.

    ඔව් මාත් පාර්ලිමේන්තු මැතිවරණෙ දෙන්නෙ JVP එකට, ඒකෙ තර්කයක් නැහැ
    මේ වෙලාවෙ මහින්ද පරද්දන්න ඕනෙ, නැත්තං පාර්ලිමේන්තු මැතිවරණෙ දි මුන් ආපහු එනව
    :angry:
     
    අපිටත් රවී කරුණානායකල ගැන ලොකු බලාපොරොත්තු නැහැ
    එත් මේ රටට වෙන විනාශය දැකල මොකුත් නොකර ඉන්න බැහැ බන්
    මේ පාර අපහු ආවොත් මහින්ද,
    ඊලග පාර චන්දෙදි උතුරු කොරියාවෙ වගේ එක්කෙනෙක් විතරක් ඉල්ලන මැතිවරණක් වේවි
    එතකොට පරක්කු වැඩියි
    :dull:

    සිරාවට මචං, වෙනසක් ඕනේ තමයි, එත් දැන් වෙලා තියෙන්නේ ඔළුගෙඩි ටික මාරු වෙන එක විතරයි නේ, එකනේ අවුල. :confused:

    ඔව් මාත් පාර්ලිමේන්තු මැතිවරණෙ දෙන්නෙ JVP එකට, ඒකෙ තර්කයක් නැහැ
    මේ වෙලාවෙ මහින්ද පරද්දන්න ඕනෙ, නැත්තං පාර්ලිමේන්තු මැතිවරණෙ දි මුන් ආපහු එනව
    :angry:

    මම අදහස් කලේ චන්දෙ දෙන්න පිලක් නැහැ කියල මෙදා පාර.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    නියම කොටියා කව්ද කියල වික්‍රමබාහු ටීඑන්ඒ හකීම් පොනිල් එක්ක ගිවිසුම් ගහපු සිරිසේනයගෙන් අහලා බලාපිය හෑලි දාන්නෙ නැතුව :cool:
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    මෙන්න මේ ටික අහන්න
    අපි මේවගෙ ඇත්ත නැත්ත හරියට දන්නෙ නැහැ
    නමුත් ශ්‍රීපති ඔය කතාව කරල සතියකින් තමයි වහනේ හැප්පිලා මරුනේ