JVP 2015 නව වසර පණිවිඩය
2015 සැබෑ සුබ නව වසරක් කරමු!
පවුලේ ආඥාදායකත්වයටත් එය සුරකින ධනවාදයටත් එරෙහි වසරක් කරගනිමු - ජවිපෙ
2015 වසර රාජපක්ෂ පවුලේ ආඥාදායකත්වයටත් එය සුරකින බංකොලොත් ධනවාදයටත් එරෙහිව අතරමඟ සමාදානයෙන් තොරව සටන් වදින හා ජයලබන නව වසරක් බවට පත්කර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සමස්ථ ශ්‍රී ලාංකේය සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනතාවට අවධාරණය කරන බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ සිය නව අන වසරට සුභ පැතුම් එක්කරමින් පවසා සිටී.
ජවිපෙ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය...
"2015 සැබෑ සුබ නව වසරක් කරමු!
2015 නව වසර අද උදා වේ. මේ මොහොතේ මහින්ද රාජපක්ෂ පවුලේ ඒකාධිපති පාලනය යටතේ දිගු කලක් තිස්සේ මිරිකුණු ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ හා බර්ගර් ජනතාවෝ නිදහසේ හුස්ම ගැනීම සඳහා ඇති අයිතිය දිනාගැනීමට පෙළ ගැසෙමින් සිටිති. එය සුභ ලකුණකි. එවන් තීරණාත්මක වාසිදායක දේශපාලන තත්වයක් තුළ 2015 වසර සුභ නව වසරක් බවට පත්කළ හැකිය.
රාජපක්ෂ ඒකාධිපති පාලනය ශ්‍රී ලංකාවේ ජනතාවට කිසිසේත්ම දැරිය නොහැකි තරමට ජීවන වියදම ඉහළ දැමීය; ජනතාවට සහන ගෙනෙන ආර්ථික මූලෝපායයක් ස්ථාපිත කරනු වෙනුවට ජාතික හා ජාත්‍යන්තර හොර ජාවාරම්කරුවන්ට ශ්‍රී ලංකාවේ සාරය උරාගත හැකිවන සේ ආර්ථිකය පාදඩකරණය කළේය; ශ්‍රී ලංකාව සූදු කේන්ද්‍රයක්, මත් කුඩු කේන්ද්‍රයක්, ගණිකා කේන්ද්‍රයක්, අපරාධ කේන්ද්‍රයක් හා කළු සල්ලි හුවමාරු කේන්ද්‍රයක් බවට පෙරළීය.
ශ්‍රී ලංකාවේ ජනතාව අතර සමගිය සහෝදරත්වය බිඳහෙළමින් රට තුළ සිය පවුලේ ආඥාදායකත්වය ස්ථාපිත කළ මහින්ද රාජපක්ෂ පාලනය, අවිචාරවත් විදේශ ප්රතිපත්තියක පිහිටා සිදුකළ අමනකම් නිසා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ හැකියාව අධිරාජ්‍යවාදීන්ට ලැබී තිබේ.
මහින්ද රාජපක්ෂ ඒකාධිපති පාලනය ශ්‍රී ලංකාවට සිදුකර ඇති විනාශයෙන් රට ගලවා ගැනීම සඳහා පෙළගැසෙන ජනතාව, 2015 වසර රාජපක්ෂ පවුලේ ආඥාදායකත්වයටත් එය සුරකින බංකොලොත් ධනවාදයටත් එරෙහිව අතරමඟ සමාදානයෙන් තොරව සටන් වදින හා ජයලබන නව වසරක් බවට පත්කර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සමස්ථ ශ්‍රී ලාංකේය සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනතාවට අවධාරණය කර සිටී.
2015 සුභ නව වසරක් කරමු!
දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ"