ප්රතිවාදී අපේක්ෂකයාගේ ජීවමාන ඩමියක් දක්කාගෙන ඡන්දපොළට යාමට තරම් පහත් මානසිකත්වයකින් පෙලෙන්නකු පැරදුන විට නොව පැරදීගෙන එන විට හිමිදිරියේ ම නිල නිවසින් පිට වන්නේ නිල ප්රතිඵලයට මුහුණදීමට ආත්ම ශක්තිය නොමැති හීනමානය නිසා මිස එක රැයින් සිදුවූ අධ්යා්ත්මික පෙරළියකින් උපන් මහත්මා ගුණයක් නිසා විය හැකි ද? මින් පෙර ජනපතිවරණය ජයගෙන ප්රතිවාදියාගෙන් අසීමිතව පලි ගනිද්දී මුණිවත රැක්කන් සහ උදාසීනව කණගාටු වූවන්, මෙවර ඔහු හර්ද සාක්ෂියේ පීඩාවෙන් හැර අන් කිසිදු පීඩාවකින් තොරව ධුරයෙන් නික්ම යද්දී මෙතරම් විශාදයට පත්ව තිබීම අතිශයින් ම හාස්යනජනක ය. එකළ යුධ ජයග්රහණය සාමූහික වෑයමක් බව කියූ ඔව්හු මෙකල එය හිටපු ජනපතිවරයා ත්ර්ස්තවාදී නායකයා සමග මුහුණට මුහුණ කළ ද්වන්ධ සටනකින් ජය ගත් සේ හගිති. ප්රජාතාන්ත්රික ක්රමය යටතේ ජන බලයෙන් තේරී පත් වූ පාලකයෙකු ට රාජ්යජත්වය ආරෝපණය කොට ඔහු ඉදිරියේ හතර ගාතයෙන් වැටී හූල්ලන්නේ වැඩවසම්, වහල් මානසිකත්වයෙන් පෙලෙන්නෝ ය. එසේ රාජ්යත්වයෙන් උමතු කරවූ පාලකයා ස්වේච්චාවෙන් ළං කොට රැක ගත් බාලයන් පිට වරද පටවා තවදුරටත් ඔහු සුද්දවන්තයෙකු කරන්නෝ ද මේ ගැත්තෝ ය. වර්ගවාදය අවුළුවා සුළු ජාතික කැමැත්ත අහිමි කරගෙන යාපනේ හමුදා කඳවුරු වලට ගල් ගසා ඊලාම් කොඩිය ඔසවන හැටි හීන මවමින් සිතියම් පාට කර ඊලම තනා දෙන්නෝ ද මේ ගෝත්රිකයෝ ය. අසූචි වලක සුලැඟිල්ල ඔබාගෙන කිරි කලයට වැටෙන ගොම බිංදු ගනින්නෝ ද මේ අමනයෝ ය.