bike එකේ වැඩට යනව නම්

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    bike එකේ වැඩට යනව නම්

    මචං අද කාලේ bike එකකින් ගමනක් ගිහින් එනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමේ.මොකද පාරේ වාහන වැඩියි ගොඩක්, එහෙන් මෙහෙන් දානවා වාහනයක් drive කරන කෙනෙක්ට ලොකු පීඩනයක් තියෙන්නේ :no::no: පාරට වාහනේ දාපු වෙලේ ඉදලම මොකද හරිම අමාරුයි. අපේ රටේ රියදුරන්ගේ තියෙන විනයක් නැතිකම නිසා.මම මේ තෙරෙඩි එක දාන්න හිතුවේ මොකද මම සතියට සැරයක් 200km වගේ යනව bike එකේ ගාලුපාරේ. ඒ යන වෙලාවට මට අත්දකින්න ලැබුනු දේවල් හා මට දැනුනු දේවල් වලින් තමයි මේ උඹලත් එක්ක බෙදා ගන්න හිතුවේ.මම හිතනවා විශේෂයෙන් bike වලින් යන අපේ කට්ටියට වැදගත් වෙයි කියල මේ කරුණු ටික

    Bajaj-Pulsar-200NS-review-by-Power-to-the-Rider-Photos-Video.jpg


    01. හැමදාම bike එකේ වැඩට යනවනම් සති 2 හෝ 3 කට සැරයක් bike එකේ checkup එකක් දා ගනින්.තමන්ට කර ගන්න පුලුවන් නම් හොඳයි නැත්තන් ගරාජ් එකකට ගිහින් කර ගන්න. පොඩි ගානක් වියදමි වෙයි නිවාඩු දවසේන් පැයක් 2ක් නැතිවෙයි. ජීවිතේ ඊට වඩා වටිනවානේ මචං.(මේ ගැන වැඩි විස්තර රත්තරං අයියගේ තෙරඩි එකක තිබුනා)

    motorcycle-wheel.jpg


    02. බයික් එකේ යද්දි ජැකටි එකක් භාවිතා කරන වනම් black එකක් ගන්නේ නැතුව හොදට පේන පාටකින් ගන්න.අනික් වාහන වලට අඳුරෙ වුනතේ හොදට පේනවා එතකොට

    76292_max.jpg


    03. තව දවල්ටත් head light එක දාගෙන යන්න.ලෝබ වෙන්න එපා. මේක ගැන එචිචර කට්ටිය හිතුවෙ නැති වුනාට මම හිතන්නේ ගොඩක් ආරක්ෂාකාරී ක්‍රමයක් කියලා.

    HeadLightRound.jpg


    04. මචන් ඉවසීම කියන්නේ 100% ට 2000% ක් තියෙන්න ඕන.මම දන්නවා ලොකු බර වාහනයක් SET වුනාට ටිකක් දුර ඔක පස්සෙන් යන්න බෑ තමයි. ඉස්සර කරනකන් නින්ද යන්නේ නෑ වගේ ගතියක් ඇගට එනවා නේ.මම දැකපු විදියට ගොඩත් අනතුරු වෙන අවස්තාවක් තමයි මේක.හරි අවස්තාව එන කන් 2km ක් 3km ක් උනත් කමක් නෑ පස්සෙන් යන්න මොකද්ද බන් හදිස්සිය කියල හිතින් හිතන්න.මැරෙන්නද හදිස්සි කියල උබෙන්ම අහන්න.

    ඉස්සර කරන වෙලාවට හෝර්න් එක ගහලා ඒ බව අනිත් රියදුරා දැනුම් දෙන්න. අනිවා හෝර්න් එක 2 පාරක් 3 පාරක් ගහන්න ඉස්සර කරන අතර තුර මොකද උබ ඉස්සර කරන බව අනිත් රියදුරාගේ අවධානයේ තියෙන්න ඕන.

    images


    05. සල්ලි පොලියට අරන් හරි කමක් නෑ bike එකේ ටයර් ගෙවිලනම් replace කරන්න.එහෙමත් කරන්න බැරිනම් ටයර් එක දානකම් bus එකේ වැඩට යන්න. රුපියල් 4000 කින් වගේ ජීවියක් මනින්න හදන්න එපා.

    images


    06. උඹ ඇස් 2කට දක්වන සැලකීම තරම් සැලකීමක් පැති කන්නාඩි වලද දෙන්න.style එකට පොඩි කන්නාඩි දාන්නේ නැතුව හොදට පේන කන්නාඩි දෙකක් දා ගන්න

    motorcycle-parts-Motorcycle-font-b-Mirrors-b-font-For-font-b-Yamaha-b-font-YZF-font.jpg


    07. ඔලුවෙ වෙන ප්‍රශ්න තියාගෙන ලොවෙත් පාරට බහින්න එපා.අනිවා ලෙඩක් වැටෙනවම තමයි ඇත්දැකීමෙන් කියන්නේ.එහෙම කරන්න බැරිනම් bus එකේ යන්න. ප්‍රශ්නයක් ඔලුවට වද දෙනව නම් නවත්තල ටිකක් කල්පනා කරලා ඉවර කරන්න.

    Biking_1682647c.jpg


    08. අනිත් හෙනේ තමයි ජංගම දුරකතනය.අතවත් තියන්න එපා.bike එකට නැග්ගහම phone එක අමතක කරන්න අයෙත් බහිනකන්.

    article-2220927-159B6C0C000005DC-996_634x909.jpg


    09. නිදි මරල එහෙම නම් කොහෙත්තම යන්න හොද නැ.මොකද හුලන් වදින කොට නිකන්ම ඇස් පිය වෙනවා කොච්චර sure වුනත් අනිවා ඇස් පියවෙනවා.නින්දක් දාලා bike එකට නගින්න.

    DSCN0908.JPG


    10. තමන්ට bike එක බුදු sure වුනත් මතක තියා ගන්න එක එක මානසික මට්ටම් වල අය තව පාරේ යනවා කියලා කවුරු හරි වැරද්දක් කරොත් උබට වෙන්න යන කරදරය නවත්ත ගන්න පුලුවන් වේගයෙන් නිතරම යන්න.
    මොකද දෙයක් උනාට පස්සේ නිවැරදි කරු වැරදි කරු හොයලා වැඩක් නෑ.නීතියට බෑ අහිමි වන මිනිස් ජීවිතයක් නැවත අරන් දෙන්න.

    11. හෙල්මටි එකක් අනිවා දාගෙන යන්න.ඒක කියන්න දෙයක් නැනේ.කරන්නම ඹ්න දෙයක්.

    12. ආ තව දෙයක් මට මතක් උනා දැන් පාර මැද්දේ ඇදල තියෙන සුදු ඉරි ලිස්සනවා මචං :no::no: මට ඒක තේරිල තියෙනවා.එක නිසා track මාරු කරනකොට පරිස්සම් වෙන්න ඕන.

    white-line1.jpg


    මේ ටික දැමිමේ කොහෙන්වත් උස්සල නෙම් වැදගත් වෙයි කියල හිතුනු නිසා.තරුණ ජිවිත කියන්නේ රටට වැඩ කරන්න ඉන්න පිරිස.ලැබුනු මිනිස් ජීවිතය අකාලයේ නැති කර ගන්න, ජීවිත කාලයෙම ආබාධිකව ඉන්න හදන්න එපා.රටට තමන්ට තමන් මෙලොවට බිහිකරපු දෙමාපියන්ට වැඩදායි විදියට ගත කරන්න බලපන් මචංලා. හැමෝටම ජය

     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,758
    3,166
    113
    37
    @ katubedda
    සුදු ඉරි නම් ලිස්සනවා තමයි මචන්. තව අර ගාළු පාරේ අල්ලලා තියෙන රවුම් රිෆ්ලෙක්ටරුත් ලිස්සනවා.
    ස්තුතියි
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    වැදගත් ලිපියක් මචන්... ගොඩක්ම රිය අනතුරුවෙලා එන්නෙ බයික් තමයි...පරිස්සම් වෙන්න ඕනම වාහනෙ...මමත් අවුරුදු ගානකට කලින් ශිෂ්‍යයා කාලෙ සතියට කි.මී.200ක් විතර පැද්දා නුවර පාරෙ..ලොකු වාහන විශේෂයෙන් බස් කාරයො, බයික් ගනන් ගන්නෙම නෑ මචන්..මාරම පරිස්සම් වෙන්න ඕනෙ
     
    Oct 13, 2014
    296
    16
    0
    නිදි මරල එහෙම නම් කොහෙත්තම යන්න හොද නැ.මොකද හුලන් වදින කොට නිකන්ම ඇස් පිය වෙනවා කොච්චර sure වුනත් අනිවා ඇස් පියවෙනවා.නින්දක් දාලා bike එකට නගින්න.

    Mekanama aniwa wenawa, giya gamana gana kisima mathakayak enne naha, experince eken kiyanne,
    Ayenam noyami
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,482
    17,485
    113
    Auckland
    අනිවාර්යයෙන් හොද පවර් එකක් සහ හොදට බ්‍රේක් තියන බයික් එකක් ගනින් මොකක් ගත්තත්, මන්දයෙක් වගේ කොට කොට යන එකයි හරකෙක් වගේ ඕනවට වඩා වේගෙන් යන එකයි 2ම අවදානම් සහ අනික් වාහන වලට වදයක්
     

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    මටත් දෙයක් තියෙනව කියන්න

    අනිවා වයිසරේ උස්සන් යන්නේ නැතිව දාගෙන පලයව්. 60kmh විතර යන කොට කුරුමිනියෙක් වැදුනත් ඇති ඇහැ සෙත්තපොච්චි වෙන්න.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ආ තව දෙයක් මට මතක් උනා දැන් පාර මැද්දේ ඇදල තියෙන සුදු ඉරි ලිස්සනවා මචං මට ඒක තේරිල තියෙනවා.එක නිසා track මාරු කරනකොට පරිස්සම් වෙන්න ඕන.


    ade meka nam loveth athha 17++
     
    • Like
    Reactions: rox2030

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ගොඩක් වටිනවා මචන් බොහොම ස්තුතියි....!!!!!!
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    සුදු ඉරි නම් ලිස්සනවා තමයි මචන්. තව අර ගාළු පාරේ අල්ලලා තියෙන රවුම් රිෆ්ලෙක්ටරුත් ලිස්සනවා.
    ස්තුතියි

    ඔව් ඒක ඇත්ත මචං බොහොම ස්තූතියි මතක් කරාලාට මචං
     
    • Like
    Reactions: rox2030