මට මැරෙන්න හිතෙනවා මචං

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මට මැරෙන්න හිතෙනවා මචං

ඇතුලට වරන් මචං මගේ දුක අහන්න එබිලා බලන්නේ නැතුව........................................................................................................
ඉහි ඉහි ඉහි කතා කරලා වැඩක් නෑ. මට කටට බත් කට ගන්න පිරියක් නෑ :(, පිඟානේ බත් ටික අනන්න අත පණ නෑ :( , කටට ගත්තත් උගුරෙන් පහළට ලිස්සන්නේ නෑ :( , අපේ මුලු ගමම අඬනවා :( . පාරේ යද්දි මිනිස්සු හූල්ලනවා, වාහන නිකන් ඇවිදින්නම් වගේ. යනවා යන්නේ නෑ වගේ ඒ උනාට. හැමෝම කියන්නේ "අප්පච්චී ආයේ එන්නකෝ.අනේ අප්පච්චී කියලා". මට වැඩක් නෑ ඕයි 157 ට ගහන කොට ඇඟට දැනන වෙනසක් එක්ක එදා කාර් එක අරන් ගිහින් පෙට්‍රල් ගැහුවේ. දැන් 117 ට ගහන්න මොකක්ක මොකක්ක්ද වගේ ගැහෙන්නෙ නෑ නෑ වගේ. හෙට ආයේ බස් ගාස්තු, ‍ටුක් ‍ටුක් ගාස්තුත් අඩු වේවි. පාන් රාත්තල හාල් කිලෝ එකත් අඩු වේවි. අඩු ගානට ගන්න ලැජ්ජයි බං. මෙච්චර කල් දැයට කිරුළ, නයිට් රේස් තිය තියා මහා ප්‍රෞඩ ජාතියක් කියලා පෙන්නපු අපි කොහොමද ඕයි අඩුවට බඩු ගන්නේ. මෙව්වා විදේශ කුමන්ත්‍රණ ඕයි. ඉඳලා වැඩක් නෑ. ලෝකයා අපිට හිනා වෙනවා. අපේ අප්පච්චි මැදමුලනට වෙලා ලුණු පොල් කට්ටෙන් ලුණු කැට දෙකක් බත් පතට දාගෙන ලුණුයි බතුයි කනවා දැන්.. මරලා හරි ගන්න තිබ්බේ. දැන් කොටි මෛත්‍රී, කොටි රනිල් ඇවිත් රට කොටියට බෙදනවා. උතුර කොටියට, නැගෙනහිර තම්බින්ට වෙනම රාජ්‍යය දෙනවා. මෑතක් වෙනකන් තිබ්බ පුත්තලම පවා තව පහතට ඇවිත් මෙදා පාර ගම්පහ සහ කොළඹ ඉන්නෙත් කොටි කියලා අපි 9 වෙනිදා පාන්දර දැන ගත්තා. නුවරත් කොටි, බදුල්ලත් කොටි. උන් මැදින් රට ආක්‍රමණය කරනවා, මුන් මෙහෙන් යටට යනවා, හෙට වෙද්දි හම්බන්තොටත් කොටි ඉඳී. අර ෆොන්සේකා කොටියට දාලා තිබ්බ චෝදනා ටිකත් නිදහස් කරලා. අනේ අපේ අප්පච්චි හිටියනම් අද මෛත්‍රී කොටියයි චන්ද්‍රිකා කොටි දේනුවයිත් හිරේ නේද.

ඒ උනාට අප්පච්චි වෙනුවෙන් කීබෝර්ඩ් එක පස්සට වෙලා මම මගේ උපරිමේ කරනවා අප්පච්චි. අලුත්ගමදි බොදුබලේ නාන සාර එක්ක එකතු වෙලා කීබෝර් එකෙන් තම්බින්ගේ ගෙවල් කීයක් නම් මම කුඩු කරාද, ඒ වගේම තම්බි කීයක්නම් නූක් කලාද. මෙදා පාරත් මම අප්පච්චිට දාන්න හිටි උන්ට අප්පච්චිගේ ගුණ කියලා අනික් පැත්තට හැරෙව්වද. මම තවමත් මගේ යුතුකම කරනවා අප්පච්චි. මම බලන් ඉන්නේ රටේ ආයේ යුද්ධෙ එනකන්. එදාට අප්පච්චි දු‍ටුගැමුණු රජු වගේ අර බකින්හැම් එකේ අශ්වයගේ පිටේ ඇවිත් අපිව බේරගෙන අරන් යාවි මගේ පස්සට අස්සයා ගෝන් ටික් ටික් ටික් කරන්න බටර් කාලකුත් එක්ක :lol::lol: . මම නූල් සූත්තර දාන්නම්, වලි ඇදගන්නම් අප්පච්චි වෙනුවෙන්. අප්පච්චි බේබිලා ටිකත් ඇන්න ඇවිත් මට අස්සයා ගෝන් ටික් ටික් කරලා මගේ ගෑණිටත් කරලා යන්නකෝ. කමක් නෑ යුද්ධේ දිනපු අප්පච්චිනේ. අනික අපරාදේ අර බාගෙට හාරපු නිදන් ටිකත් මේ පෙරේත රජ හැත්ත කුණු කමට වළලපුවා. ලැම්බෝ ගිනි නැති පාර පරිප්පු නැති හෝටලේ වගේ අප්පච්චි. මම කැපෙන්නම් අප්පච්චි. අප්පච්චිට අමා මහ නිවන් සුව පතනවා..

මට මැරෙන්න හිතෙනවා මචං... අනේ අප්පච්චී............................... :P:P :rofl::rofl::rofl::rofl: :lol::lol::lol:
 
Last edited:

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ai ban ee? :oo:

දුකයි බං අප්පච්චිව මේ දේශද්‍රෝහී කොටි ටික එලෙව්වා. ජීවත් වෙලා වැඩක් නෑ බං සාටකේ නැතුව දැන්. :P:P