අපිට_ඕන_කරන්නේ_මෙහෙම_මිනිස්සු_නේද?_

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
අපිට_ඕන_කරන්නේ_මෙහෙම_මිනිස්සු_නේද?_

පරිසරවේදී තිලක් කන්දේගම...
images


හඳ අපිට අයිති දෙයක්ද....
ඔව්.... නොයෙක් මතවාද තියෙනවා අද හඳ ආවේ පස්සේ.... හඳ වෙන තැනක තිබිලා මෙතැනට ආව දෙයක්... හඳයි, පොළොවයි එකට හැදුනේ... මේ වගේ නොයෙක් කතා තියෙනවා. තව කියනවා පොළොව ඉස්සර මීට වඩා ගොඩාක් වේගෙන් කැරකුණේ.. ඒ අතරට හඳ ආව ඒකෙන් තමයි පොළොවේ පැය ගාණ මේ වගේ වුණේ...' අන්න එහෙම එක එක මත තියෙනවා. කොහොම වුණත් ඒ මත, මේ චන්ද්‍රයාගේ දෙයක් තියෙනවා අපට, ගහකොළට කොටින්ම පොළොවට බලපාන.....

ඒ මොකක්ද....
මේ චන්ද්‍රයා කියන ග්‍රහයා... එහෙම නැත්නම් ඒ ලෝකය ගොඩාක් වියළියි....

වියළියි.... අපි අහලා තියෙන්නේ සෞම්‍යයි කියලනේ...
ඒ හිරුගේ පරාවර්ථනය වෙන කිරණ නිසයි... හරි මේ කියන්නේ ඒ ගැන නෙමෙයි... මොකද සෙම අධික ලෙඩෙක්ට සඳ නැඟෙන කාලේට අමාරුයි. මොකද ඒ වතුර වැඩි වෙන නිසා.... මේ සඳ අතිශයින්ම වියළියි. දූවිලි ගොඩාක්.... මේකට හරියට කිව්වොත් රට හුනු කෑල්ලක් වගේ වතුර ළං කළොත් ඇදලා ගන්නවා වතුර ටික. ඒ වගේ හඳත් එහෙමයි.... පුදුම විදිහට වියළියි..... වතුරට හරි ප්‍රියයි..... මේ සඳ මාසයකදී අවස්ථාවන් විසිඅටක් පහු කරනවා. ඒ අතරේ අවස්ථාවන් හතරක් අපට නරකම ලෙස පිහිටනවා.... ඒ අවස්ථාවන් හතර තමයි පසළොස්වක, අටවක, අමාවක, අව අටවක කියන්නේ පොළොවේ ජලයට සෘජුවම බලපෑම් කරන දවස් හතර.... චන්ද්‍රයා ජලයට අධිපති ග්‍රහයා... හඳ දවස්වලට අපි නොදැනුවත්වම වුණත් පුදුම විදිහට වතුර බොනවා. ගස් කොළවල වතුර පිරිලා.... අපි කන කෑමක වතුර තිබ්බොත් ඒකත් එදාට උරනවා වැඩියි. ඒ නිසා අපට ඇතිවෙනවා ලොකු ප්‍රශ්නයක් ඒත් එක්ක.... මොකද අපේ ඇඟේ සීයට අසූවක් වතුර තියෙන්නේ එදාට.... ගස් කොළන්වලත් එහෙමයි. ඒ නිසා වෙනවා දෙයක්...

මොකක්ද ඒ....
ඒ තමයි එදාට ගස්වලට වගේම අපිටත්, ඒ කියන්නේ සත්තුන්ටත් පිස්සු ඒ කියන්නේ මනස විකෘති වෙනවා.... ඒ නිසයි කියන්නේ පිස්සු වැටෙන සඳ කියලා.... මේ දවස් හරියට අධ්‍යානය කළොත් පෙනෙයි... රටේ අපරාධ වැඩිම දූෂණ, භීෂණ, හොරකම් වැඩිම සඳ එකක් අපි ගනුදෙනු කරන දවස්වල කියලා...
ඒ නිසයි බුදු හාමුදුරුවෝ කිව්වේ පෝය දවස්වලට පන්සල් යන්න, සිල් ගන්න කියලා..
අන්න හරි..... හැබැයි මේ අද තියෙන පන්සල්වල නෙමෙයි... මේ කිව්වේ හරි හතරැස් කොටු බිමක කොතක් ඉහළ තියෙන ගොඩනැඟිල්ලක... ඒ කිව්වේ කොතෙන් අදහස් කරන්නේ ලෝකෝත්තර සුවය... දේවාල, පන්සල්, පල්ලි කොතකින් ඉහළ අවසන් වෙන තැනක ලෞකික ජීවිතයක් ගෙවන්න බෑ... දන්නවද මේ කොතේ පළ හතරේ අංශක බෙදීම කීයද කියලා...

නෑ....
අංශක විසිතුනාමාරයි... ඒ කියන්නේ මොකක්ද.....
මේ ලෝකේ ඇලයත් ඒ ගාණනේ....
හරියට හරි..... අන්න බලන්න පිරමීඩයක තුනෙන් එකක බලයකදී අන්තරීක්‍ෂබලය නිශේධ වෙනවා. අන්න එතන තමයි පිරමීඩයේ මමිය තියෙන්නේ....

ඒ මොකද....
ඒ ගැන කතාව අපට කවදාහරි පිටසක්වළ ජීවීන් ඇවිත් කියාදෙයි... මේ ගණිතමය සාත්තරේම තමයි බුදු පිළිමවලටත් තියෙන්නේ. ඒක එහෙම නොවුණොත් වස්වදිනවා.... හරියට කිව්වොත් මේ හතරැස් ගොඩනැඟිල්ල අඩි පහළොවක් උස නම් ඒකේ මැද අඩි තුනමාරයි බණ දෙසන තැනේ උස... ඊට පස්සේ හාමුදුරුවෝ වාඩිවෙන පුටුවේ උස අඩි එකහමාරයි... මේ දෙක එකතුවුණාම අඩි පහයි.... ඊට පස්සේ මෙතැන ඉඳගන්න හාමුදුරුවෝ සමන්තා චක්කවාලේසු' කියන කොට මුළු චක්‍රාවාටේම ඉන්න සියලු සතුන්ට, දෙවියන්ට, පෙරේතයන්ට, යක්‍ෂයන්ට මේ හඬ ඇහෙනවා. ඒ අයට බණ මඩුවේ වහලේ ඉඩ තියෙනවා. මනුෂ්‍යන්ටත් යන්න පාරක් තියෙනවා. ඒ වගේ තමයි මිසරේ පිරමීඩවල තියෙන මමි තියෙන්නෙත්... ඒ අයගේ රහස් මාලිගාවේ ඒ තැම්පත් කරලා තියෙන තැන ඉඳලා රහස් කුටියකින් පුංචි සිදුරක් තියෙනවා අහසට.... ඒක විහිදෙන්නේ ඕරයන් තරු පන්තියේ බඳ පටියට... ඒකේ තියෙන නීලන් තාරකාවෙන් තමයි මේ ලෝකේ ජීවය උත්පාද වෙලා තියෙන්නේ කියලා එයාලා හිතනවා. අන්න ඒක තමයි මේ තියෙන්නේ.... ඒ වගේම දෙදාස් ‍ෙදාළහේ දෙසැම්බර් විසිඑක් වෙනිදා නීලන් අපට ගොඩාක් ළං වෙනවා.... එදාට මේ මිහිතලය ජනාවාස කළ දෙවියන් ආයිත් අපේ ලෝකෙට එයි කියලා ඒ වැසියේ පිළිගන්නවා.... හිතනවා... දැන් හරි.... අපි ඒ කතාව නවත්තමු.. අපි කතා කරන්නේ හෙළ ගොවිතැන ගැනනේ.... හඳ ඒකට බලපාන හැටි ගැනනේ.... අපි එතැනට යමු....

හරි....
හරි එහෙනම් මේ හඳ මේ ලෝකේ ජලයට බලපෑමක් කරනවා කියන්නේ ලෝකේ තියෙන ගහ කොළවලටත් බලපෑමක් කරනවා. අපි ගහක් හිටවනවා නම් මේ හැම ගහකොළක්ම මේ තියෙන ග්‍රහලෝකවල බලපෑමට යටත් වෙනවා.... අඟහරු ලෝකය ගිය අවුරුද්දේ ලොකු පිම්මක් ගැහුවා අපි ළඟට ඇවිත්... මොකද වුණේ..... ගහ කොළවල පලදාව, රතුපාට..... රඹුටන්..... හැම තැනම... මොර, කෝන්...... පලදාව වැඩි වුණා......ඒ ග්‍රහලෝකවල බලපෑම..... ඒ මොනවා නැතත් ගස්වල තියෙනවා ජාති දෙකක්.... එකක් සූර්යාගේ ගස්.... අනෙක චන්ද්‍රයාගේ ගස්.... අපි ගහක් හිටවද්දී දැනගන්න ඕනේ මේ හිටවන්නේ සූර්යාගේ ගහක්ද, චන්ද්‍රයාගේ ගහක්ද කියලා....

ඒක නම් තේරුණේ නෑ...
මේක හොයාගන්නේ ජේ‍යාතිෂ්‍යයෙන්.... සූර්යා කියන්නේ බලයට, ගින්නට, ශක්තියට අධිපති... මේ ගස්වල අරටුව තියෙන්න ඕනේ.... ඒ කියන්නේ හර ශාකයක් වෙන්න ඕනේ... එතකොට හඳ කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ කිරි.... වෘක්‍ෂයක්... ඔයාලා දැකල තියෙනවද කිරි හොයන විදිහ.... චන්ද්‍රයා කියන්නේ වතුර උඩට අදින ග්‍රහයා.... පොළොවේ තියෙන වතුරත් ඉහළට අදිනවා.... එතකොට කිරි වෘක්‍ෂයකින් හැදුණු ගහ ගෑනු ගහ වතුරෙන් පිරිලා.... ළින් එදාට පිරිලා..... ගස්වලට ගුල්ලෝ ගහනවා. ගස් කපන්නේ නෑ... බබෙක් හම්බුවෙන්න කෙනෙක් හිටියොත්, වෝටර් බෑග් එක නිකන් එළියට අදිනවා... මේ තමයි හඳේ වැඩ කිඩ.... වතුරත් එක්ක තමයි හැම ගනුදෙනුවම... ඒ කියන්නේ එලේ වැඩියි.... අරටුව අඩුයි.... කිතුල් ගස් දැකලා ඇති පුවක් ගස්වගේ හීනියට උසට තියෙනවා... ඒ වගේම මහතට කොටට තියෙනවා. අන්න පිරිමි... ගෑනු ගස්... මේකෙත් දෙයක් තියෙනවා. දවස් තිස්එකෙන් මල් එන්නේ... අෑතින්... අෑතින්.... අයි මේ දවස් විසි අටෙන් මල් එන්නේ.... අතු බෙදෙන්නේ ළඟ ළඟ ඇයි ඒ.

ඇත්තටම ඇයි ඒ....
ඒ තමයි සූර්යාට මාස එන්නේ දවස් තිස් එකෙන් තිස්එකට. ඒත් හඳට මාස එන්නේ දවස් විසි අටෙන් විසි අටට...

ඒ කිව්වේ....
මෙන්න බලන්න පිරිමියාට වයස ගන්නේ දවස් තිස්එකෙන් තිස්එකට... ඒත් ගෑනුන්ගේ වයස යන්නේ දවස් විසිඅටෙන් විසි අටට. එතකොට මේ කතාව මෙතැනින් නවත්තමු... පිරිමියෙක්ට අවුරුදු දහය පිරෙද්දී ගැහැනියට අවුරුදු ‍ෙදාළහයි මාස තුනකුත් පැනලා.... මේක තමයි සොබාදහම කියන්නෙ.... එතකොට ගෑනු කිතුල් ගහේ ජලය වැඩියි. රා මුට්ටි දහයයි පහළොවයි.... කඹ දාලා බාන්නේ පිරිමි කිතුල් ගහේ රා මුට්ටි හයයි හතයි. ඉනේ ගහගෙන බාන්නේ... දැක්කද වෙනස.... මේකේ බලපෑමත් එහෙමයි.. ගෑනු ගහේ බෝතල් හතරක් බිව්වත් කෙළින්.... පිරිමි ගහේ එක බෝතලයක් බිව්වත් ඩෝප්.....

දැන් අපි ආයිත් හඳ ගැන කතා කරමු....
ඔව්.... හඳේ එක කිරණයක්වත් වැටෙන්නේ නැති කාලේ අමා+වක.... ඊට පස්සේ එක වක, දෙක වක, තුන වක, හතර වක, පහ වක, හයවක හත වක, අටවක අන්න අට වක එද්දි වක අටක් හඳෙන් අපිට කිරණ ඇවිත්.... ඊ ළඟට නවය වකයි, දහය වකයි, එකළොහ වකයි, ‍ෙදාළහ වකයි, දහතුන වකයි, දාහතර වකයි, පහළොස් වකයි ඒ කියන්නේ හඳේ කිරණ කෝන විදිහට වැටෙන හැටි.... ඊට පස්සේ ආයිත් අනිත් පැත්තට පහළොස්වකේ ඉඳලා යට අතට අමාවකට යනකම් යනවා. මේ මොකක්ද... අන්න අර ආලෝකය පොළෝ ප්‍රිස්මයෙන් පෙරිලා එන හැටි නේද මේ හෙළ ජනතාව ගණන් හදලා පෙන්නුවේ..... එතකොට මේ පෝයෙන් පෝයට වර්ණ හතයි.... කිරණවල බලපෑම් හතයි... මේවා නිසා සත්තු වගේම ගහ කොළත් ක්‍රියාකාරකම් කරනවා..... ඒ කියන්නේ කරන කරන... කියන්නේ කිරණ.... මේ කිරණවලට හෙළ ගොවිතැනේ නම් තියෙනවා. පළවැනි දවසට සිංහ කරණ, ඊළඟට දිවි කරණ, ඊළඟට ගව කරණ, කුකුල් කරණ, ඵළු කරණ, ගජ කරණ, උෟරු කරණ, මෙහෙම හතක් තියෙනවා. මේ හතෙන් සිංහ දිවි කරණයකින් ගොවිතැන කළොත් බය වෙන්න එපා. අනිත් කරණවලින් වැඩ ඇරැඹුවොත් අනිවාර්යයෙන් ඒ ඒ නම තියෙන සත්තුන්ගේ උවදුරු වගේ දේවල් වෙනවා. සිංහ කරණයේ වැඩ අරඹුවොත් හොඳයි.... දිවි කරණයෙන් වගා වැඩ ඇරැඹුවොත් හොඳයි.... ගව කරණයෙන් වගා වැඩ අරඹුවෝ හරක් කනවා.... කුකුල් කරණයකින් වැඩ ඇරැඹුවොත් කුකුල්ලු වගේ පක්‍ෂීන්, පණුවන් කනවා... එළු කරණයත් එහෙමයි... සත්තු වැට කඩනවා. ගජ කරණයත් එහෙමයි... උෟරු කරණයත් එහෙමයි... වගා වැඩ කරන්න හොඳ දවස් නෙමෙයි.... මේක තමයි හඳෙන් වැඩ ගන්නවා කියන්නේ.....

මේවා ඇත්තමද....
මේවා තමයි අපේ මුතුන් මිත්තෝ දැනගෙන හිටිය රහස්... මේවා තමයි විශ්වයේ රහස්.... මේකට තමයි කියන්නේ අපි ඉර දෙවියන්ගේ නෑයෝ... සඳ දෙවියන්ගේ

නෑයෝ කියලා.....
ඉතිං තව මොනතරම් දේ කතා කරන්න තියෙනවද.... හෙළ ගොවිතැන, මේ විදිහට වළපල්ලට යා නොදී කොහොමද රැක ගන්න ඕනේ... ඔන්න ඉතිං මං මට පුළුවන් දේ කළා.... තිලක් මහත්තයාගේ දැනුමෙන් අබ ඇටයයි මං මේ අකුරු කළේ..... ඒක ඔබට වටිනවා ඇති.... දේශීය බීජවලින් තවමත් යැපෙන සැනහෙන අපේ ගොවිමහත්තුරුන්ගේ, නෝනලාගේ දාදිය සුවඳ මට දැන් දැනෙනවා.... ඒ අයගේ ඇස් අස්සේ පොරකන කඳුළු බිඳු මට දැන් පේනවා... අපි අහුවෙලා ඉන්නේ ලෙහන්න බැරි ගැටේකට.... මේක ලෙහලා මේ ගොවිතැන ගොඩදානවට වැඩිය අපේ බීජ ටික ලෝක උරුමයක් කරලා හොයන්න පුළුවන් කොමිස්. ඒක ගැන හිතන අයත් දැන් නම් නිකන් බොරුවට හරි අවදි වේවි... මොනා කරන්නද දුප්පත් අපි..... හොඳම දේ හඬක් නගන්න පුළුවන් තෝ තැත්නන් හොයන එකයි.... ඒත්.... මේ රටේ එහෙම දෙයක් හීනයක්....
(මවුබිම)












 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට මචන්........:rofl: වීඩියෝ ටික බැලුවා නියමයි :eek:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙන්න නියම මිනිස්සු කෘෂිකර්ම ඇමතිකමක් දෙන්න වටිනවා රේප් දුන්නෝ !
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    රේප් දීපු නොදීපු හැමෝටම තැන්ක්ස්...මම මෙතුමාගේ වීඩියෝ ටිකක් එකතු කරලා cd එකක් ගැහුවා.වැදගත් වෙයි කියල හිතෙන ගමේ කෙනෙකුට දෙනවා...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නියමයි කොල්ලො.. වීඩියෝ ටික පස්සෙ බලන්නං..
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මෙතුමා ලියපු පොත් එහෙම තියනවද මචන්ලා?