මේ කියන එක උඹට තේරෙන්නෙ නැද්ද? මේ කතාකරන්නෙ හමුදා කෑම්ප් සම්පූරනයෙන්ම අයින් කරන එක ගැන නෙමෙයි. 2009 යුද්ධෙන් පස්සෙ මහා විශාල ඉඩම් රජයට අතපත්වුනා. ඒවා ඒ දෙමල ජනතාවගෙ ඉඩම්. කොටින්ම ඉඩම් විතරක් නෙමෙයි. යාන වාහන, රත්තර0 බඩු අන0මන0 හැමදේම රජයට අහුවුනා. ඒත් ඒ දෙමල ජනතාවගෙ දේපල සේරම මහින්දයි ගෝලයොයි ම0කොල්ලකෑවා. අන්න ඒ දේපල ආපහු ඒ මිනිස්සුන්ට දෙන්න ඕන. ම0 අහන්නෙ එහෙම එපාද?
මෙතන ඉඩම් ප්‍රශ්නෙ අරගෙන බැලුවම හමුදාව දෙමල ජනතාවට අයිති ඉඩම් වල අල බලත හිටෝනව, ගෝල්ෆ් පිට්ටනි හදනව. කොහෙවත් ඉන්න ඩීල් කාර්යොන්ට හොරෙන් දුන්න ඉඩම්වල හදන හෝටල් වලට ගල් වැලි අදිනව. එතන හමුදාව කරන්නෙ තමන්ට අදාල නැති දේවල්. අන්න ඒවගේ දේවල් වෙනස් කරල උතුරෙ මිනිස්සු ආපහු තම තමන්ගෙ ඉඩම්වල පදි0චි කරන්න තියෙනව. ඒක වැරදිද? එල් ටීටි ඊ වගේ ස0විධාන හතු පිපෙන්න වගෙ හැදෙන්නෙ නැහැ. එහෙම ස0විධාන හැදෙන්න මූල බීජයක් උවමනායි. මේ විදියට දෙමල මිනිස්සු දිහා සැකෙන් වෛරෙන් බැලුවොත් ආපහු රට යුද්ධෙකට යනව. කරුනාකරල ආපහු දෙමල මිනිහව වෙනම රටක් ඉල්ලන තැනට තල්ලු කරන්න එපා.
ඒවගෙම යුදමය වශයෙන් අවශ්‍ය හමුදාව විතරක් තියාගමු. ඉතිරි උදවිය අලුත් රැකියා ක්ෂේත්‍ර වලට යොමු කරන්න වෙනව.ඒවගෙම කොටි පුනුරුත්තාපනය කලා වගෙ හරිනම් හමුදාවත් පුනුරුත්තාපන කරන්න වෙනව. මම එහෙම කියන්නෙ ඇයි කියල හමුදාවෙන් පැනපු උදවිය කරන දේවල් වලි සාක්කි ගන්න පුලුවන්. හැම වෙලේම දෙමල මිනිහට විතරක් වෙනස්වෙන්න කියන්න එපා. දෙමල සි0හල භේදයක් නැතුව හැමෝම වෙනස් වුනේ නැත්නම් මේ රට ආපහු යුද්ධෙකට යනව.