2015 ලෝක කුසලානය සිහිනයක් නොවීමට නම්
නවසීලන්තය එක්ක තිබුන තරගාවලිය මේ වෙද්දි පරාජය වෙලා ඉවරයි..එක තරගයක් වැස්සට හේදී නොයන්න පරාජය තවත් දරුණු වෙන්න හොඳටම ඉඩකඩ තිබුන. දුවද්දී දවාගැනීම් හතරක් නිසා යන්තම් එක තරගයක් බේරගන්න සමත් වුනා. දැන් බොහෝ දෙනෙකුට තියන ප්‍රශ්න දෙක තමයි ඇයි මෙහෙම උනේ කියන එකත් ලෝක කුසලානයේදි මොනව වෙයිද කියන එකත්..

2014 කියන්නෙ අපේ ක්‍රිකට් වලට හොඳ අවුරුද්දක්. 96ට පස්සෙ ලෝක කුසලානයක් ජයග්‍රහණය කරන්න සමත්වුන එකම අවුරුද්ද. ඒ වගේම එංගලන්තයට එරෙහිව ටෙස්ට්, එක්දින වගේම 20-20 තරගාවලි ජයගත්තෙ එංගලන්තයෙදි. මට හිතෙන හැටියට වැටීම ආරම්භ වුනේ හදිසියේ පැමිණි ඉන්දියානු සංචාරය නිසා. කොදෙව්වන්ගේ තරගාවලිය අවලංගු වීමෙන් පස්සෙ ඉන්දියාව පැත්තෙන් කල ඉල්ලීමකට අපේ ක්‍රිකට් පාලකයන් එකඟ වීමත් එක්ක අනවශ්‍ය තරගාවලියකට මුහුණ දෙන්න අපිට සිදුවුනා. ශාරීරික යෝග්‍යතා පුහුණුවක් අතරමැද යන්න සිදුවුන මේ සංචාරය 5-0 විදියට පරාජය වීමත් එක්ක කණ්ඩායමේ වැටීම පටන් ගත්ත කිව්වොත් හරි. ඉන්දියානු සංචාරයේදි අසාර්ථක වුන පන්දු යවන්නන්ගේ විශ්වාසය අඩුවීම දැන් තියන අවුලට මූලික හේතුව කියලයි මට හිතෙන්නෙ..

නවසීලන්ත තරගාවලියෙන් ඉගෙන ගන්න තියන්නේ පිටියේ තත්වයට වඩා ප්‍රතිවාදීයගේ දුර්වලතාව දැන ගෙන ක්‍රීඩා කල යුතු බවයි.. කොහොමත් ලෝක කුසලානයේදී තියෙන්නේ 50ට 50 වන තණතිලි.. ඒ හින්දා වේග පන්දු යවනන්ගෙන් විතරක් තරගය දිනන්න ඕනෙයි කියල හිතන මානසිකත්වය නැති කර ගන්න ඕනේ..මාලිංග ආබාධයෙන් පසු කෙසේ පන්දු යවයිද කියා අපි දන්නේ නෑ..ඒ නිසා උගෙන් විතරක් යැපෙන්නේ නැතුව තව හොද වේග පන්දු යවන්නෙකු අපිට ඕනේ..මාලිංග,කුලේ,මැතිව්ස් ,තිසර වේග පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කරයි නම් රංගන,සචිත්‍ර,සීක්කු දග පන්දු යවන්නන් ලෙස යොදා ගන්න පුළුවන්..මට නම් හිතෙන්නේ බෝලින් ටික මාලිංග ආවට පස්සේ හරි යාවී කියල හුගක් දුරට..

අපේ අනිත් ප්‍රශ්නේ තමයි ආරම්භක පිතිකරුවා කවුද කියා දන්නේ නැති එක..බොහෝ දුරට තිරිමාන්නයව දාවී..තිරිමාන්න හෙමින් ගහන හින්ද ඩිල්ෂාන්ට තමයි ඉක්මනින් ලකුණු ගන්න වෙන්නේ..මේ හින්දා සංගටයි මහේලටයි,මැතිව්ස්ටයි අදාල විදිහට ක්‍රීඩා කරන්න සිදුවෙනවා ...ඒ කියන්නේ තිරිමාන්නයා බෝල හුගක් කාල තිබ්බොත් සංගටයි මහේලටයි,මැතිව්ස්ටයි ටිකක් වේගයෙන් ලකුණු ගන්න වෙනවා..ප්‍රශ්නේ කියන්නේ සංගයි,මහෙලයි ටිකක් වෙලා අරන් තමයි වේගෙන් ගහන්න යන්නේ..ඒ අතරේදී උන් දෙන්න out උනොත් මැතිව්ස් හිර වෙනවා..ඒක අපි ගොඩක් මැච් වල දැක්කා..

අනිත් එක තිසර විතරයි අපේ වේගයෙන් ගහන්න පුළුවන් එකෙක්ට ඉන්නේ..අනිත් ටීම් වල එහෙම නෑ.. AUS වල maxwell,marsh,Faulkner ඉන්නවා..NZ වල Corey Anderson,Ronchi ඉන්නවා..SA වල AB de Villiers,David Miller ඉන්නවා..WI වල ඉන්න හැම එකාටම ඕන වෙලාවට 6ක් ගහන්න පුළුවන්..ඒ හින්දා අපේ එවුන්ගෙන් ඒ විදිහේ එකෙක් නෑ..හැබයි අමතක කරන්න එපා මේ ඉන්න ටීම් එකෙන් තමයි T20 එක දින්නෙත් කියල..කුසල් විතරයි අඩු අපිට..

2011 වර්ල්ඩ් කප් එකේදී චාමර සිල්වායි,තිලාන් සමරවීරයි ඉදලත් අපි final වෙනකන් ආවා..

මේ පාරත් බැරි වෙන එකක් නෑ..ඩිලා,සංග මහේල මේ ටිකේ ගහන හින්ද දිගටම අරන් යයි..කොහොමත් හැම මැච් එකේදිම එකෙක් හරි අන්තිම වෙනකන් එක පැත්තක් අල්ලන් හිටිය නම් හරි..තව සති දෙකයිනේ..බලන් ඉමු...මේ පාරත් කප් එක ගන්න කියලා අපි සුබ පතමු..

මේ මගේ 11 උබලගේ අදහසුත් දාපල්ලා..
1.ඩිල්ශාන්
2.තිරිමාන්න
3.සංගා
4.මහේල
5.මැතිව්ස්
6.චන්දිමාල් / ජීවන් (එකම අවුල මුන් දෙන්න තමයි..)

7.තිසර
8.කුලසේකර
9.සචිත්‍ර
10.රංගන/ සුරංග /ධම්මික
11.මාලිංග

Last edited: