මේ අවුරුද්දේ ලෝකේ ලොකුම මෝටර් සමාගම් විශේෂයෙන් කැපවෙලා ඉන්නේ ස්පොර්ට්ස් කාර්, සුඛෝපභෝගී සෙඩාන්, එස්.යූ.වී. වගේම පිකප් ට්‍රක් වල අලුත් මොඩල්ස් හඳුන්වා දෙන්න. මේ තියෙන්නේ ඒ වාහන වලින් කිහිපයක්.
1. ෆෝඩ් එෆ්150
වෙළඳපොළේ ඉහළම ඉල්ලුම තියන මේ වාහනේ අලුත්ම ඩිසයින් එකකින් මේ අවුරුද්දේ ආවා. ඇලුමීනියම් සහ වෙනත් වර්ගයේ බරින් අඩු ලෝහ පාවිච්චි කරල මේ අලුත් ඩිසයින් එක ඉන්ධන දහනය අඩු කරන විදිහට තමයි හදල තියෙන්නේ. ලිටර් 2.7 අලුත් ටර්බෝචාර්ජ් වී6 එන්ජිමක් ස්වයංක්‍රීය ස්විචයක් එක්ක මේ ඩිසයින් එකට ඇතුලත්.
2. චේවී ට්‍රැක්ස්
වැඩි වශයෙන් කාන්තාවන්ව ආකාර්ෂණය කරගන්න මේ වාහනේ පොඩි එස්.යූ.වී. ගණයට අයත්. මේ වාහනේ එයාර් බෑග් 10ක් දකින්න ලැබෙන අතර වයි.ෆයි. හොට් ස්පොට් එකක් ලෙසත් පාචිච්චි කරන්න පුලුවන්. අනෙක් වාහන එක්ක සසඳනකොට ලාබ මේ වාහනේ තියෙන්නේ ලීටර් 1.4 ටර්බෝචාර්ග් සිලින්ඩර 4 එන්ජිමක්.
3. ලින්කන් එම්.කේ.සී.
ක්‍රොස් ඕවර් එස්.යූ.වී. ගණයට අයත් වෙන මේ වාහනයට ගොඩක් ලස්සන ඩිසයින් එකක් තියනවා. ලීටර් 2 ටර්බෝචාර්ජ් ඉකෝ බූස්ට් එන්ජිමක් වගේම ලීටර් 2.3 ටර්බෝ4 එන්ජිමකුත් දකින්න පුලුවන්.
4. ලෙක්සස් එන්.එක්ස්.
2015 ටොයෝටා සමාගම එළි දක්වපු පලමු ටර්බෝචාර්ජ් එන්ජිම වගේම පලමු ක්‍රොස් ඕවර් එස්.යූ.වී. එක තමා මේ වාහනය.
5. පෝර්ශ් මකාන්
මේ අවුරුද්දේ වැඩියෙන්ම විකිණෙන්න නියමිත පෝර්ශ් වාහනය වෙන මේ මොඩල් එක ඖඩි කිව්5 වාහනයට සමාන ඩිසයින් එකක්. මේ වාහනයට වේගය වගේම සැප පහසුව ඉහළින්ම තියෙනවා. ලීටර් 3 ට්වින් ටර්බෝ වී6 එන්ජිමකින් මේ පෝර්ශ් මකාන් එක සම්පුර්ණ වෙලයි තියෙන්නේ.
6. ඖඩි ඒ3
ස්පොර්ට්ස් කාර් ගණයට අයත් මේ වාහනේ විශේෂ ලක්ෂණ වැඩි ප්‍රමාණයක් තියෙනවා. ගොඩක් ඉහළ වේගයට අමතරව 4ජී එල්.ටී.ඊ. අන්තර්ජාල පහසුකම් වගේම අනතුරු වළක්වාගන්න අලුත්ම උපක්‍රම මේ වාහනේට ඇතුලත්.
7. කියා කේ900
දැනට නිපදවුන ලොකුම, ගණන්ම ඒ වගේ සැපදායකම කියා වාහනේ වෙන කේ900 පාර්කින් ගොඩක් පහසු කරන කැමරා 4ක් සහ මොනිටරයකින් සම්පූර්ණයි. මේ වාහනේ පිටිපස්සේ සීට් වල යන මගීන්ට ඇල කරන්න පුලුවන් පවර් සීට් වගේම ඔලුව සැප පහසුවෙන් තියාගන්න හැකි හෙඩ් රෙස්ට් ඇතුලත් කරල තියෙනවා.
8. හයුන්ඩායි ජෙනසිස්
හයුන්ඩායි සමාගමේ ප්‍රධාන වාහනය වෙන ජෙනසිස් එක මේ අවුරුද්දේ අලුත්ම පිටත ඩිසයින් එකක් වගේම මගීන් 5කට හරියන ඇතුලත ඩිසයින් එකකින් ඇවිල්ලා තියෙනවා. මේ වාහනේ එයාර් බෑග් 9ක් දකින්න ලැබෙන අතර ගූගල් ග්ලාසස් පාචිච්චි කිරීමේ හැකියාව තියෙනවා.
9. ඇකියුරා ටී.එල්.එක්ස්.
ගොඩක් ලස්සන ඩිසයින් එකක් තියන මේ වාහනය එන්ජින් දෙවර්ගයකින් ලබාගන්න පුලුවන්. ලීටර් 2.4 සිලින්ඩර් 4 එන්ජිමක් හෝ ලීටර් 3.6 වී6 එන්ජිමකින් එන ඇකියුරා ටී.එල්.එක්ස්. එකේ අනතුරු වළක්වාගන්න ගොඩක් නවීන උපක්‍රම දකින්න පුලුවන්.
10. මර්සිඩීස් බෙන්ස්, එස් ක්ලාස් කූප්
දොරවල් දෙකේ වාහනයක් වෙන මේකේ ගොඩක් නවීන වගේම වෙනස් පිටත ඩිසයින් එකක් දකින්න පුලුවන්. මේ වාහනේ තියන තවත් විශේෂ ලක්ෂණ වෙන්නේ රත්වූ අත් ආධාර, පළිඟු සහිත ලයිට් සහ ස්වයංක්‍රීය වාතය සුවඳවත් කරන උපක්‍රමයයි.

nodakin redda 