අද මන් කොලබට එන්න නැග්ගේ ගම්පොල කොලබ බස් එකකට. කොහොම හරි මට මතක හැටියට කැලණි බලාගාරේ ලග පාලම ගාවින් බස් එකට නැග්ග මනුස්සයෙක් අතක් වෙලාගෙන. පෙනුන හැටියට අත කැඩිලා. කොහොමත් හිගමන් යදින්න මිනිස්සු නගින නිසා මන් වැඩිය උනන්දු උන් නෑ මිනිහ දිහා බලන්න.
එත් මේ මනුස්සය මුලින්ම කලේ ඩ්‍රයිවින් ලයිසන්ස් එකක් අරන් පෙන්නලා බොහොම බයාදු කටහඩකින් "මේ මගේ බරවාහන ලයිසන් එක, මන් ඩ්‍රයිවර් කෙනෙක්, මන් හිගන්නෙක් නෙමෙයි, මිට කලින් මන් බස් එකකට නැගල මෙහෙම අත පාල නෑ, මන් අන්තිමට වාහනේ එලෝලා ඇවිත් ගෙදර යනකොට බයික් එකේ බයික් එක හැප්පිලා අත කැඩුන, මන් ජීවත් වෙන්නේ කුලියට, ළමයි දෙන්නෙක් ඉන්නවා(මට මතක හැටියට දෙන්නයි) කරගන්නම දෙයක් නැති තැනයි මේ බස් එකට නැග්ගේ කියල."
කොහොමහරි පලවෙනි සීට එකේ ඉදපු මනුස්සය රුපියල් 100 දුන්න. මන් ඉදියේ මැද්ද හරියේ. මේ මනුස්සය ඉස්සරහ ඉදන් මන් ඉන්න තැනට එනකන් සල්ලි දුන්න අයට ඉස්තුතියි නෝනා ගොඩක් පින් මහත්තය වගෙ ඒවා කියා කියා ආව. මාත් මට පුළුවන් හැටියට රුපියල් 50ක් දුන්න. මට ඉස්තුතියි මල්ලි කියල කිව්වා. හැබැයි මාත් සල්ලි දුන්නට පස්සේ මිනිහගේ වෙනසක් තේරුණා කට හඩේ. මගෙන් පස්සේ සල්ලි දුන්න අයට කිව්වේ thank you sir කියල. පස්සට යනකන් ගියපු මනුස්සය ඊට පස්සේ ආයිත් ඉස්සරහට ගියා සල්ලි ටික අතේ ගුලි කරන්. සාමාන්‍ය හිගන්නෙක්ට වඩා මේ මනුස්සයට සල්ලි හම්බ වෙලා තිබ්බ. ඒ මනුස්සයවත් හිතන්න නැතුව ඇති එච්චර සල්ලි හම්බ වෙයි කියල.
ඔය යන අතරේදී වයසක මනුස්සයෙක් (සල්ලි දුන් නැති කෙනෙක්) මට ඇහුන කියනව කලින් කරපු පවක් පලිසන් දීලා, ගිය ආත්මේ කාගේ හරි අතක් කඩන්න ඇති කියල.
ඕක සමහරවිට සල්ලි ඉල්ලපු මනුස්සයටත් ඇහෙන්න ඇති. ඒ මනුස්සය ඉස්සරහට ගිහින් මෙහෙම කිව්වා. හැබැයි අර වයසක මනුස්සය කියපු දේ ඇහුනත් නැතත් මොකක් හරි කියන්න තමයි මේ මනුස්සය ඉස්සරහට ගියේ කියලයි මට තේරුනේ.
" මටත් කියල සමාජයක් තියනව මහත්තයෝ, මන් කවදාවත් හිගාකාල නෑ, කරන්න දෙයක් නැති කමටමයි මේ අද බස් එකට නැග්ගේ කියල." ඔහොම ගොඩක් කිව්වා ඇස් දෙකේ කදුළු පුරෝගෙන. කොහොම හරි මිනිහ කිව්ව ටිකට මටත් ඇස් වලට කදුළු ආව.
මට මේ සිද්ධිය නිසා මතක් උනේ ඉස්සර හාමුදුරු නමක් බණකට කිව්ව කතාවක්, හිගන්නෙක්ට සල්ලි දෙනවා නම් මනුස්සය ඇත්තක් කරනවද බොරුවක් කරනවද කියල හොයන්න එපා හිතේ සතුටින් දෙන දේ දෙන්න කියල.
දෙන්න බැරි නම් අඩු තරමේ කට වත් පියන් ඉන්න ඕනි, හරියටම මේ මනුස්සය ගැන නොදන්නවා නම්. මොකද අර වයසක මනුස්සය කිව්වා වගේ කතාවක් කියල සල්ලි ඉල්ලපු මනුස්සයට හොදක් වෙන්නෙත් නෑ, නිකන් සල්ලි දීපු අයගේ හිතේ තියන සතුටත් නැති වෙනව මිසක්.

ekama de thamai mata denna hithenna ona..horek da atttada, adu tharame mama kiyana kathaawa wath ahanne na godak welawata..thibunoth denawa.mokada e manussaya attata hari, boruwata hari illanne e manussayata salli one nisane..