ගෙස් කරමු බලන්න ඔබ නිවැරදිද කියා (must read )

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ගෙස් කරමු බලන්න ඔබ නිවැරදිද කියා (must read )

    මහජන මුදලින් පොහොසතුන් වූ දේශපාලකයෝ
    2015 පෙබරවාරි මස 12 14:50:35 | ලංකාදීප

    දේශපාලනය නිසා ධනවතුන් වූ ලංකාවේ දේශපාලනඥයන් ගැන බොහෝ කතා පසුගිය දිනවල අසන්නට ලැබිණි. එය පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයන්ට පමණක් නොව පළාත් සභා හා පළාත් පාලන ආයතන දේශපාලනඥයන්ට ද පොදුය. මහජන මුදලින් පොහොසතුන් වී බලය පෙන්වන දේශපාලනඥයන් ගැන කෙරෙන සොයා බැලීමකි මේ.

    1

    මුලින්ම කතා කරන්නට යන්නේ වැල්ල පෑගෙන ප‍්‍රදේශයක සිටි දේශපාලනඥයකු ගැනය. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට අසමත් වූ පසු ඔහු කළේ රස්තියාදු ගැසීමය. ඉඳ හිට ධීවර වැඩවලට ගියේය. ඇඟ පත හොඳ හැටි තිබුණු ඔහුට ලංකාවේ ප‍්‍රසිද්ධ පක්ෂයකට සම්බන්ධ මැණික් මුදලාලි කෙනෙක් හමු විය.

    ශරීර ශක්තිය හොඳ හැටි ඇතැයි පෙනුනු නිසා තමන්ගේ ගේට්ටුව අසල රැුකවලකු සේ සිටින්නට මැණික් මුදලාලි මොහු තෝරා ගත්තේය. කාලය ගෙවී ගියේය. ඉන් පසු ප‍්‍රදේශයට එන විදේශිකයන් වැල්ලට එක්ක ගෙන ගොස් පෙන්වීමට පුරුදු වූ ඔහු බීච් බෝයි කෙනකු ලෙස ටික කාලයක් කටයුතු කළේය.
    ඉන් පසු ඔහු එක් පක්ෂයක ඇමැති කෙනකු ළඟට හේත්තු විය. ඔහුගේ මාර්ගයෙන් ප‍්‍රාදේශීය සභා ඡන්දයේ නාම යෝජනා පත‍්‍රයට නම ඇතුළත් කර ගත්තේය. ඇමැතිගේ සහයෝගයෙන් ඡුන්ද ප‍්‍රචාරය ද හොඳට කරගෙන ගියේය. අවසානයේ ප‍්‍රදේශීය සභා ඡුන්දයෙන් දෙවැනි මනාප ගත්තේය. වැඩියෙන්ම මනාප ගත් පුද්ගලයාගේ ගැටලූවක් නිසා දෙවැනි තැනට මනාප ගත්
    වැඩියෙන්ම මනාප ගත් පුද්ගලයාගේ ගැටලූවක් නිසා දෙවැනි තැනට මනාප ගත් මොහු ප‍්‍රදේශීය සභාපති විය.

    ඉන් පසු නැවතත් ඇමැති පස්සේ ගොස් පළාත් සභා නාමයෝජනා පත‍්‍රයට නම ඇතුළත් කරගෙන පළාත් සභාවට තේරී පත් විය. ඉන් පසු පාර්ලිමේන්තුවට තරග වැදුනත් පළමු වර පරාජය විය. ඊළඟට පැවැති ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැන ගැනීමට ඔහුට හැකි විය. එම රජයෙන් ඔහුට නියෝජ්‍ය ඇමැතිකමක් ලැබිණි.

    නියෝජ්‍ය ඇමැතිකම ලැබුණු පසු ඔහුට මුල අමතක විය. තමන්ට ඒ තැනට එන්නට උදව් කළ ඇමැතිවරයා පවා අමතක විය. ඔහුගේ ඉලක්කය වූයේ හරි හම්බ කිරීමය.

    ඔහුට ඒ තත්ත්වයට එන්නට උදව් කළ ඇමැතිවරයාට ඔහු ගැන කළකිරුණේය. ඇමැතිවරයා ප‍්‍රසිද්ධියේ මෙලෙස කීවේය.

    ‘මං බල්ලෙක් හැදුවා. ඒ බල්ලා මාව කාලා ගියා’ කියා කීවේය. වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔහුට කැබිනට් ඇමැතිකමක් ලැබිණි. ඔහු කෝටිපතියෙක් වීමට වැඩි කාලයක් ගතවූයේ නැත. ආණ්ඩු මාරු වී ඔහුට ඇමැතිකම නැති වෙද්දී ඔහු සුපිරි නිවාස පහක හිමිකාරයෙකි. බස් දෙකක හිමිකරුවෙකි. බස් දෙක මවගේ හිතවතකුට ලබා දී ඇත. හෝටල දෙකක හිමිකරුවෙකි. ඔහුගේ වත්කම් මෙතෙකැයි කිව නොහැකිය.

    බීච් බෝයි අවසානයේ ධන කුවේරයකු බවට පත් විය.

    2
    ඊළඟට කියන්නට යන්නේ පළාත් සභා දේශපාලනඥයකු ගැනය.

    ඔහු සිටියේ උසාවියක් ළඟ තේ කඩයක් කරගෙනය. ඔහු ධනවතකු වන්නට පටන් ගත්තේ පළාත් සභාවට තේරී පත් වූ පසුය. ප‍්‍රධානම ආදායම් මාර්ගය වූයේ පාසලට ළමයින් දැමීමය. පොඩි පාසලකට ළමයකු දැමීමට ලක්ෂයක් ද, ප‍්‍රසිද්ධ පාසල් සඳහා ළමයින් දැමීමට ලක්ෂ තුන හතර දක්වා මුදල් ද ඔහු ගත්තේය.
    ළමයකු පාසලකට දා ගැනීමට ඇහැට කනට පේන කාන්තාවක පැමිණයහොත් ඔහුට ඇය නැතිවම බැරිය. දැන් ඔහු කෝටිපතියෙකි.

    ප‍්‍රාදේශීය දේශපාලකයන් සල්ලි ගරන ආකාරය ගැන අපට කීවේ ද ප‍්‍රාදේශීය දේශපාලකයෙකි.

    ‘ප‍්‍රාදේශීය සභාවට හරි නගර සභාවට හරි තේරුණාම අපිට පඩියක් නෑ. කලින් නම් රුපියල් දහ දාහක්වත් නෑ. පොඩි දීමනාවක් විතරයි තියෙන්නේ. ඒ සොච්චමෙන් මොනවද කරන්න පුළුවන්? ෆෝන් බිලක්වත් ගෙවන්න පුළුවන්ද? ඉතින් ජරාව ගන්න පෙළඹෙනවා.

    නගර සභාවෙන් හරි ප‍්‍රාදේශීය සභාවෙන් හරි වෙළෙඳ සංකීර්ණ ඉදි කරන්න පටන් ගන්නවා. ඒවාට කොන්ත‍්‍රාත් දෙද්දිත් ගතමනාවක් ගන්නවා. ඒ වගේම ඊළඟට වැඩියෙන්ම හම්බ කරන්නේ කඩ කාමර බෙදද්දී. ලක්ෂ ගණන් ගන්නවා. පක්ෂ විපක්ෂ බේදයක් නෑ.

    ඊළඟට පාරවල් වලට තාර දාද්දි හරි කොන්ක‍්‍රීට් කරද්දි හරි හොඳට හම්බ කරනවා. ඒවාට ටෙන්ඩර් කැඳවන්නේ නෑ. මම උඹට මේ වැඬේ දෙනවා. හැබැයි මට මෙච්චරක් ඕනෑ. ඔහොම තමයි වැඩ භාර දෙන්නේ.

    මේවාට පුරුදු වුණාම කොයි වෙලාවෙත් බලන්නෙ කීයක් හරි කඩා ගන්නමයි.’

    3
    ඊළඟට කියන්නට යන්නේ ඇමැතිකමක් දැරූ පුද්ගලයකු ගැනය. දුෂ්කර ගමක ඉපැදුණු ඔහු තරුණ අවදියේම විප්ලව වාදී අදහස් දැරීය. මුලින් ගත කළේ දුෂ්කර ජීවිතයකි. ඔහු දේශපාලනයට එද්දී තිබුණේ කුඩා වෙළෙඳසලක් පමණි. කාලයක් හොඳ දේශපාලනයක නියැලූණු ඔහුට ඇමැතිකමක් ලැබුණු දා සිට හරි හම්බ කිරීමේ මාර්ග පෑදුනි.

    ඔහු දැන් ගෙවල් දෙකක හා හෝටලයක හිමි කාරයෙකි. කෝටි ගණනක් වටිනා නිවෙසක් දැනටත් ඉදිවෙමින් පවතී. මන්ත‍්‍රී වැටුපෙන් හෝ ඇමැති වැටුපෙන් එවැනි මහා විශාල මන්දිර හෝ හෝටල් හෝ ඉදිකළ නොහැකි බව ඕනෑම කෙනකු දන්නා සත්‍යයයි.

    4
    ඊළඟට කියන්නට යන දේශපාලකයා ගැන ද පසුගිය කාලයේ වැඩි කතාබහක් ඇති විය. පැවැති ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ටත් නැති බලයක් ඔහුට තිබිණි. ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් තමන්ගේ වැඩ කර ගන්නට පක්ෂයේ ප‍්‍රධානියකු ළඟට යන්නේ මේ දේශපාලකයා ද සමගිනි. ඒ ඔහු කැටුව ගියොත් වැඬේ හරියටම හරි යන බව දන්නා නිසාය.

    වැඩි වයසක් නැති ඔහුගේ පියා ද උසස් තනතුරු කිහිපයක් හෙබවූ පුද්ගලයෙකි. ඔහු ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට පිවිසියේ ඉතා තරුණ කාලයේ දීමය. සමාගමක් ද ඇරැුඹි ඔහු තවත් සමාගම් කිහිපයක ඉහළ පෙළේ කටයුතු කළේය.

    ඒ සෑම එකකම වාගේ මුදල් වංචා සම්බන්ධ චෝදනා එල්ල වූ අතර එක්තරා අවස්ථාවක ඔහු රිමාන්ඞ් බන්ධනාගාර ගත කළේය. තවත් නඩු කිහිපයක් ඔහුට එරෙහිව පැවරිණි.

    තවත් වරෙක බද්දට ගත් වාහනයක් ඔහු මිතුරකුට විකුණා දැමීය. එය අසු වූ පසු නැවත මිතුරාට මුදල දීමට හා වාහනය සමාගමට දීමට ඔහුට සිදු විය.
    මොනවා නැතත් ඔහු ඉංග‍්‍රීසියටනම් දක්ෂයෙකි. වරෙක ඔහු නැවක් අලූත් වැඩියා කර දෙන පවසා මුදල් ගත්තේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශන ඇරැුඹිණි. නමුත් ඒ වන විට ඔහු රටින් පිටව ගොස් සිටි නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

    ඔහු විදේශගතව සේවය කරන කාලයේ එකල ලංකාවේ විපක්ෂයේ දේශපාලනඥයකු එම රටට ගිය විට මේ කියන දේශපාලනඥයා හමු විය. මේ කියන දේශපාලනඥයා කෙසේ හෝ ඒ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා තම වසඟයට ගත්තේය. ඔහුගේ ආරාධනය පරිදි ලංකාවට ආවේය.

    ඔහුගේ මඩිය තර වෙන්නට පටන් ගත්තේ ඉන් පසුය. ආණ්ඩු පෙරළියත් සමඟ ඔහුට හොඳ කලක් ගියේය. රජයේ හොඳ හොඳ තනතුරු ලැබිණි. දේශපාලන ක්ෂේත‍්‍රයට ද ආවේය.

    එම තනතුරු දරද්දීද වංචා චෝදනා දිගින් දිගටම එල්ල වන්නට විය. එක් අවස්ථාවක ඔහු තනතුරකින් ඉවත් කළත් වෙනත් තනතුරක් ලැබිණි.
    දේශපාලනඥයා තවත් අවස්ථාවක හෝටලයක දින ගණනාවක් රැුඳී සිට බිල නොගෙවා පිටව ගිය නිසා ඔහු බිල ගෙවන තුරු රැුඳී සිටීමට වෙනත් පුද්ගලයකුට සිදු විය. එය සුළුපටු මුදලක් නොව විශාල මුදලකි.

    දේශපාලනය නිසා ව්‍යාපාරිකයන් වූ පිරිසේ ඉදිරියෙන්ම වැජඹෙන්නට ඔහුට හැකි විය.

    දේශපාලනය නිසා කෝටිපතියකු වූ තවත් දේශපාලනඥයෙක් සිටී. ඉක්මනින් කේන්ති යන පුද්ගලයකු ලෙසත් ඔහු ප‍්‍රකටය. මේ දේශපාලනඥයා එම ක්ෂේත‍්‍රයට එන්නට පෙර පෞද්ගලික ආයතනයක කටයුතු කළේය. බිරිය වෙළෙඳ සහායිකාවක ලෙස කටයුතු කළාය.

    දේශපාලකයකු වූ පියාගේ ඇවෑමෙන් දේශපාලනයට ආ ඔහු පළාත් සභාව නියෝජනය කර ඉන් පසු පාර්ලිමේන්තුවට තේරී පත් විය. නියෝජ්‍ය ඇමැතිකම් කිහිපයක් හා ඇමැතිකම් දෙකක් පමණ දැරූ මේ දේශපාලනඥයාගේ වත්කම් කෝටි ගණනකියි කියති.

    ඔහු වැඩි වැඩියෙන් දේපල ආදිය මිල දී ගත්තේ තමාගේ නමට නොව පවුලේ හා වෙනත් අයගේ නම් වලටය. ඒ ඇතැම් විට අල්ලස් පැමිණිල්ලක් ආවොත් බේරීමට විය හැකිය. කෙසේ වෙතත් ඔහු දැන් මසකට ලක්ෂ දෙක තුනක් පමණ පිනට දිය හැකි තරමේ ව්‍යාපාරිකයෙකි.

    දේශපාලනය නිසා කෝටිපතියන් වූ අය අතර පෙර කීවාක් මෙන් පළාත් සභා නියෝජිතයන් ද නැතුවාම නොවේ. මේ තවත් එවැනි දේශපාලනඥයකු ගැනය.

    ඔහුගේ පවුලම දේශපාලනයට සම්බන්ධය. ඒ නිසා ඔහු ද පවුලේ ඥාතියකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළේය. ඥාතියාටත් වඩා දේශපාලන උණ තිබුණේ ඔහුටය.

    මාලිගාවත්තේ පැවැති දේශපාලන පාතාලය හා ළඟින් සම්බන්ධ වූ ඔහු පොලිසියෙන් පාතාලයන් මරද්දී පොලිසිය සමග දැඩි ලෙස උරණ විය. පොලිසියට බැණ වැදුණු අවස්ථා එමටය. එමෙන්ම රාත‍්‍රී සමාජශාලාවලට ගොස් පොලිස් නිලධාරීන්ට හිරිහැර කිරීම ගැන පාතාලයන් සමග සාකච්ඡුා කළේය.

    වරෙක ඔහු තමා සේවය කරන දේශපාලකයාගේ බලය පාවිච්චි කර පොලිසියේ එක් කාර්යාංශයක් විසිරුවා හැරීමට සමත් විය. ඉන් පසු ඔහු දේශපාලනයට පිවිසියේ ද ඒ මැරකම් අත නෑරය.

    පළාත් සභාවට තේරී පත්වූ ඔහු නගර කිහිපයක මාලිගා බඳු නිවාස ඉදි කළේය. සුපිරි ජීවිතයක් ගත කළේය. ඊළඟ ඡුන්දයේ දී ජනතාව දිනා ගැනීමට යහමින් මුදල් වියදම් කළේය. දේශපාලන තනතුරු නැති වුවත් ඔහුට ඕනෑම රටක ගොස් ජීවත්වීමට හැකිය. ඒ දැන් ඔහු කෝටිපතියෙක් වී හමාර නිසාය.
    මෙලෙස දේශපාලනය නිසා කෝටි ප‍්‍රකෝටිපතියන් වූ දේශපාලනඥයන් ගැන කතා ඕනෑ තරම්ය. ඔවුන්ට දැන් මිනිස්සු දෙස් දොවොල් තියති. කල්පනා කර බැලිය යුත්තේ වරද ඔවුන්ගේ ද? නැතිනම් ඔවුන්ට ඒ තත්ත්වයට පත් කිරීමට ඡුන්දය ලබා දුන් අපේද? යන්නය.

    5
    ගම්පහ දිස්ත‍්‍රික්කය තුළ ක‍්‍රියාත්මක වූ දිවිනැගුම සතිපොළ ව්‍යාපෘතිය මගින්ද දිස්ත‍්‍රික්කය නියෝජනය කරන බලවතෙකු විශාල ලෙස මුදල් ගසා කෑවේය. දිවිනැගුම සතිපොළක් ඉදිකිරීමට යන සත්‍ය වියදම රුපියල් කෝටියක් හෝ දෙකක් වුවද ඒ සෑම සතිපොළකම වියදම කෝටි 15 ඉක්මවා තිබේ. රුපියල් කෝටියක් වැයවන ව්‍යාපෘතියට වැයකර ඇතැයි පෙන්වන මුදල ඉතා විශාලය. උදාහරණයක් ලෙස එක්තරා දුම්රිය ස්ථානයක් නවීකරණය සඳහා රුපියල් කෝටි 17 ක් වැය වූ බව කීවද රුපියල් කෝටි දෙකකින්වත් සිදුවූ සංවර්ධනයක් එහි දක්නට නැත.

    රුපියල් කෝටි 35 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 3,500 වැයකර මරදගහමුල නගරයේ ඉදිකළ සහල් ධාන්‍යාගාරයද සුදු අලියෙකි. මේ ගොඩනැගිල්ල සඳහා සත්‍ය වියදම ලෙස සහල් ව්‍යාපාරිකයින් දක්වන්නේ රුපියල් කෝටි 5 කි.

    http://www.lankadeepa.lk/index.php/articles/296406
     
    • Like
    Reactions: NisalPerera

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ ව දාලා මගේ රේප් කැපෙයි,, එත් දේශපාලනය කියන්නේ මාර බිස්නස් එකක් ඔකොම නවතලා එක කරනම් පරම්පරාවම ගොඩ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    1.raththaran
    2.?
    3.wimal
    4.sajin
    5.basil

    parliment eke JVP tika ara anith ayage wathkam aththatama eli kaloth okkoma horu godak thama
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :lol::lol::lol::lol::lol::lol:
    කරුණාකර තොරතුරක් වෙතොත් සොයා දෙන්න...
    * අර හොර කියලා සද්දයක් දාලා අල්ලපු පාවෙන අවි ගබඩාව
    * නිසාන් ජීටීආර් එක සහ ලංකාවේ තියෙනවැයි කියපු ලැම්බෝගිනි එක
    * රක්නා ලංකා ආරක්ෂක සේවයේ අඩුයි කියලා බෙරිහන් දුන්න අවි තුන්දාහකට වැඩි ප්‍රමාණය
    * කුඩු වලට සම්භන්ධයි කියලා කියපු දේශපාලක මහත්තුරු....
    * රාජපක්ශ පවුලේ අය සිදු කලායැයි කියන වංචා වලට එරෙහිව ඉදිරිපත් කල එක නඩුවක්..
    * ඉක්මනින්ම හිරේ දානවැයි කී කරුණා සහ කේපී
    * රාජපක්ෂ පවුලට අයත් යැයි කී විදේශ හෝටල් සංකීර්ණ
    * තිස්ස අත්තනායක සේම ඡායාරූප විකෘති කරමින් පුද්ගල චරිත ඝාතනය කල පාඨලී චම්පික රණවක
    * වී මිලට සහතික මිලක් ලබාදීම නිසා ප්‍රමෝදයට පත් බත් ආහාරයට ගන්නෙක්...
    * සීල් කල අනවසර අරක්කු ලොරි සහ මත්පැන් ගුදම්..
    * එතනෝල් ජාවරම්කරුවන්..
    * තෙල් මිල අඩු කල නිසා හයර් වල ගනන් අඩුකල වාහන හිමියෙක්..
    * පෞද්ගලික සේවකයාට රුපියල් 2500ක් වැඩි කල ආයතන හිමියෙක්.
    * නව රජයෙන් යතුරු පැදි ලබාගත් රජයේ සේවකයෙක්...
    * පාඨලී එළිකල මෙගා ඩීල් එකක් හරි...
    * යෝජිත රුසියානු තානාපති කාර්යාලය සදන ඉඩමේ හිමකාරිය යැයි කියූ කාන්තාව....

    තව තියෙනවා... ඉස්සෙල්ලා මේ ටික හොයාගෙන ඉමු...
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :lol::lol::lol::lol:
    :no::no::no::no::no::no::no::no::no::no:

    :(:(:(:(:(:(:(:(:(:(:(:(
    ජනතාවගේ සල්ලි යන්න වෙන අපායවල් හදන්න ඕන

    ඔය සිවුරු හොරු පන්නලා හොද හාමුදුරුවෝ ටිකක් බන කිවනම් ඕවා නැති වෙනවා
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    328
    83
    Lankawe
    :lol::lol::lol::lol::lol::lol:
    කරුණාකර තොරතුරක් වෙතොත් සොයා දෙන්න...
    * අර හොර කියලා සද්දයක් දාලා අල්ලපු පාවෙන අවි ගබඩාව
    * නිසාන් ජීටීආර් එක සහ ලංකාවේ තියෙනවැයි කියපු ලැම්බෝගිනි එක
    * රක්නා ලංකා ආරක්ෂක සේවයේ අඩුයි කියලා බෙරිහන් දුන්න අවි තුන්දාහකට වැඩි ප්‍රමාණය
    * කුඩු වලට සම්භන්ධයි කියලා කියපු දේශපාලක මහත්තුරු....
    * රාජපක්ශ පවුලේ අය සිදු කලායැයි කියන වංචා වලට එරෙහිව ඉදිරිපත් කල එක නඩුවක්..
    * ඉක්මනින්ම හිරේ දානවැයි කී කරුණා සහ කේපී
    * රාජපක්ෂ පවුලට අයත් යැයි කී විදේශ හෝටල් සංකීර්ණ
    * තිස්ස අත්තනායක සේම ඡායාරූප විකෘති කරමින් පුද්ගල චරිත ඝාතනය කල පාඨලී චම්පික රණවක
    * වී මිලට සහතික මිලක් ලබාදීම නිසා ප්‍රමෝදයට පත් බත් ආහාරයට ගන්නෙක්...
    * සීල් කල අනවසර අරක්කු ලොරි සහ මත්පැන් ගුදම්..
    * එතනෝල් ජාවරම්කරුවන්..
    * තෙල් මිල අඩු කල නිසා හයර් වල ගනන් අඩුකල වාහන හිමියෙක්..
    * පෞද්ගලික සේවකයාට රුපියල් 2500ක් වැඩි කල ආයතන හිමියෙක්.
    * නව රජයෙන් යතුරු පැදි ලබාගත් රජයේ සේවකයෙක්...
    * පාඨලී එළිකල මෙගා ඩීල් එකක් හරි...
    * යෝජිත රුසියානු තානාපති කාර්යාලය සදන ඉඩමේ හිමකාරිය යැයි කියූ කාන්තාව....

    තව තියෙනවා... ඉස්සෙල්ලා මේ ටික හොයාගෙන ඉමු...
    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    උබ අර මි මුරේ කැලෑ පලුවගේ ඒවා උස්සලෑ කොපි ප්ස්ටේ කරන්නේ නැතුව හිතලා දාපන්කෝ දෙයක් :rofl::rofl:. අනත වැඩ කරන්නේ නැතුව හරකෝ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :lol::lol::lol::lol::lol::lol:
    කරුණාකර තොරතුරක් වෙතොත් සොයා දෙන්න...
    * අර හොර කියලා සද්දයක් දාලා අල්ලපු පාවෙන අවි ගබඩාව
    * නිසාන් ජීටීආර් එක සහ ලංකාවේ තියෙනවැයි කියපු ලැම්බෝගිනි එක
    * රක්නා ලංකා ආරක්ෂක සේවයේ අඩුයි කියලා බෙරිහන් දුන්න අවි තුන්දාහකට වැඩි ප්‍රමාණය
    * කුඩු වලට සම්භන්ධයි කියලා කියපු දේශපාලක මහත්තුරු....
    * රාජපක්ශ පවුලේ අය සිදු කලායැයි කියන වංචා වලට එරෙහිව ඉදිරිපත් කල එක නඩුවක්..
    * ඉක්මනින්ම හිරේ දානවැයි කී කරුණා සහ කේපී
    * රාජපක්ෂ පවුලට අයත් යැයි කී විදේශ හෝටල් සංකීර්ණ
    * තිස්ස අත්තනායක සේම ඡායාරූප විකෘති කරමින් පුද්ගල චරිත ඝාතනය කල පාඨලී චම්පික රණවක
    * වී මිලට සහතික මිලක් ලබාදීම නිසා ප්‍රමෝදයට පත් බත් ආහාරයට ගන්නෙක්...
    * සීල් කල අනවසර අරක්කු ලොරි සහ මත්පැන් ගුදම්..
    * එතනෝල් ජාවරම්කරුවන්..
    * තෙල් මිල අඩු කල නිසා හයර් වල ගනන් අඩුකල වාහන හිමියෙක්..
    * පෞද්ගලික සේවකයාට රුපියල් 2500ක් වැඩි කල ආයතන හිමියෙක්.
    * නව රජයෙන් යතුරු පැදි ලබාගත් රජයේ සේවකයෙක්...
    * පාඨලී එළිකල මෙගා ඩීල් එකක් හරි...
    * යෝජිත රුසියානු තානාපති කාර්යාලය සදන ඉඩමේ හිමකාරිය යැයි කියූ කාන්තාව....

    තව තියෙනවා... ඉස්සෙල්ලා මේ ටික හොයාගෙන ඉමු...

    unwa allala hire dammmama ekata adanwa ,daduwamdunne nathinisa ekatath baninawa
    adyapanaya adukama