HondaMPLG's Funeral House

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mage adahasa nam karana deyak den karapalla!:yes: ape ewwun mona bailawa gehuwath awuruddak yanakota ape ewwuntath oka mathaka ne! :nerd:eka nisa boru commitment ae pawlata deela elakiri eka chater karanne nethuwa karana de den karamu!:rolleyes:
    mathakane EK eke hitapu mit32 wa! den kisima ekekta uwa mathaka ne!
    :no::dull:

    මමත් ඕක නොකිය හිටියේ..
    අවුරුද්දකින් වැඩේ වෙන්නේ නෑ..
    අහ්.. සෝමේ.. කොහොමද උඹට? :cool:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මචන් කරන දෙයක් ඉක්මනටම කරොත් තමයි නේද හොඳ, මොකද පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියලා තියෙනවනේ, අපේ කිරියේ ලොකු සාමාජිකයන් සංඛ්‍යාවක් ඉන්නවනේ, අපිට ලොකු මුදලක් එකතු කරගන්න පුළුවන් වෙයි, හැමෝටම පුළු පුළුවන් විදියට අධාර කරන්න කියමු රුපියල් සීය, දෙසීය, පන්සීය, දාහ ඊටත් වැඩිය පුළුවන් අයට තමන් කැමති ගානක් දෙන්න කියමු. GT ලොක්කට බැරිද දන්නේ නැහැ මුලික වෙලා කටයුතු කරන්න, එතකොට කාටවත් අවුලක් හිතන්න විදියක් නැහැනේ.

    පොඩි අවුලකට තියෙන්නේ කෙලීගේ නමට account එකක් දැම්මොත් 18 වෙනකන් සතයක්වත් ගන්න බැරි වෙනවා නේද ? එහෙම නැතුව මාසිකව කියක් හරි අරගන්න පුළුවන් ක්‍රමයක් සෙට් කලොත් මොකද ? මම කිව්වෙ, සල්ලි ටික account එකකට දාලා මාසිකව යම් ගානක් වයිෆ්ගේ account එකකටවත් වැටෙන විදියට, අදහසක් විතරයි, කිරියේ බැංකු වල වැඩ කරන කට්ටිය ඉන්නවනේ, එයාලට මොකක් හරි ක්‍රමයක් කියයිනේ.

    මොකක් හරි ක්‍රමයක් හදන්න මටත් පුළුවන් විදියට උදව් කරන්නම්
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    මචං කෙලි පොඩ්ඩගේ නමට account එකක් ඕපන් කරලා කට්ටිය පුලු පුළුවන් විදිහට කීය කීය හරි දාමුද එළකිරියේ හිටපු අපේ සහෝදරයා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමක් වශයෙන්...
    මීට සති දෙකකට විතර උඩදිත් කොල්ල මට PM සෙට් එකක්ම දැම්ම බං පොඩි කේස් එකක් අහල...
    මටත් වෙද්දීත් මට අවුල් ඕයි..
    නිකං නිවන් සුව ලැබේවා කියා කියා ඉදල වැඩක් නැහැ නේ...
    බලල දෙයක් කරමුද පොඩ්ඩක්...

    අනිවා මචං එහෙම දෙයක් කරමු.
    හැබැයි මචං මම අහපු දැකපු විදිහට ගොඩක් ලොකුවට සල්ලි අතින් අඩුපාඩුවක් නෑ එයාලට.
    ඒ අක්කත් නර්ස් කෙනෙක්.
    බලමු. අක්කා කිව්වා එළකිරි එකේ එයා පෞද්ගලිකව අදුරන දෙතුන් දෙනෙකුත් ඉන්නවා කියලා.
    උන්ගේ මාර්ගයෙන් හරි එහෙම නැත්නම් මම ආපහු ගිහින් හරි අක්කත් එක්ක කතා කරලා බලමු.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔහු වෙනුවෙන් මුදලක් එකතු කරන එක මෙහෙම කරමු.
    HondaMPLG සොයුරගේ බිිරදගේ ගිණුමට මුදල් බැර කරමු. මොකද දරුවො දෙන්නෙක්ම ඉන්නවනේ. ඒ නිසා එක දරුවෙක්ගේ ගිණුමකට විතරක් මුලද් බැර කරන්න බෑනේ. අනික ඒ සල්ලි ගන්න පුලුවන් වෙන්නේ දරුවට 18 පිරුනම. ඊට කලින් ලමයින්ගේ අධ්‍යාපනයට වෙන උවමනාවල් වලට සල්ලි ඕනෙ වෙනවනේ. අනිත් එක ඔහුගේ බිරිද රස්සාවක් කරන්නෙ නැත්තං, රස්සාවක් හොයාගෙන ස්ථාවර වෙනකන් සල්ලි ඕනෙ කරයි. ගෙදර අනික් වියදම් වලට යම් මුදලක් ඕනෙ කරයි. අන්න ඒ නිසා අපේ අයට තමන්ට පුලුවන් ගානක් ඒ සහෝදරියගේ ගිණුමට බැර කරන්න පුලුවන් නම් වටිනවා. මේක කොච්චර හොද වැඩක් වුනත් පිලිවෙලක් නැතුව කලොත් ආඩි හත්දෙනාගේ කැදහැලිය වගේ වෙනවා.
    ඒ නිසා යම් කෙනෙක් මුදලක් බැර කරහම ඊට අදාළ රිසිට් එක ෆොටෝ එකක් ගහලා, අපි තෝරගත්තු එක් විස්වාස වන්ත සාමාජිකයෙකුට ඒ රිසිට් එකේ කොපිය ඊමේල් කරන්න කියමු. පුද්ගලිකත්වය තියෙන්න ඕනෙ නම් දාන කෙනාගේ නම මකලා රිසිට් එක ඊමේල් කරන්න පුලුවන්නේ. එතකොට ඒ ඊමේල් එක ලැබෙන මෙම්බ විතරක් දන්නවා ගිණුමට කොච්චර සල්ලි එලකිරියෙන් බැර වුනාද, ඒවා දාපු මෙම්බලා කව්ද කියලා. ඒ ඊමේල් එක ලැබෙන පුද්ගලයා විදිහට පොල්වත්තකොම් හෝ දත්කිඹුල වගේ වගකීම් තියන, තරමක් වැඩිහිටි සාමාජිකයෙක් තෝරගන්න පුලුවන්. මේක අව්රුද්දක් කල් දාන්න එපා. මේ මාසය තුළම ක්‍රියාත්මක කරවන්න ඕනේ. අවසන් කටයුතු වලින් පස්සේ හැකි ඉක්මනින් මේක සංවිධානය කරන්න පුලුවන් නම් වටිනවා. කව්රුහරි මැදිහත් වෙලා නැතිවුන සහෝදරයගේ ගරුත්වය රැකෙන විදිහට හා අනිත් අයට පිලිගන්න පුලුවන් විස්තර එක්ක මේක සංවිධානය කරන්න. මේක අපෙන් වෙන්න ඕනේ හිතවතෙකුට කරන කළගුන දැක්වීමක් විදිහටයි.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    හිතාගන්නත් අමාරුයි
    එකපාරටම මෙහෙම දෙයක් උනාම.
    ජිවිතේ හැටි ඔහොම තමයි..
    කොයි වෙලේද කියල විශ්වාසයක් නෑ...
    එලකිරි සෙට් එක එකතුවෙලා
    උදව්වක් කරනවනම්
    මාත් එකෙන්ම ඉන්නවා මචන්ලා
    නිශාන්ත අයියට
    නිවන් සුව ලැබේවා!
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    හරිම හිතට අමාරුයි මේ සිද්දිය නිසා. අනිවාර්යෙන් නිශාන්තගේ අවුරුද්දේ දානය වෙනුවෙන් අපි ලබන අවුරුද්දේ පෙබරවාරි මාසේ පින්ක්කමක් කරමු එකතුවෙලා. දැනට දරුවා වෙනුවෙන් මොනවහරි කරන්න විශ්වාසදායක ආකාරයෙන් කව්රුහරි මැදිහත් වෙනවනම් මම 5000ක් දෙනවා.

    අක්කත් එක්ක කතා කරලා බලමු නේද මචං
    මේ වෙලාවේ අක්ක වෙනත් දෙයක් බලාපොරොත්තු වෙනවනම් අපිට ඒකට හරි උදව් වෙන්න පුලුවන් නේද?
    බලමු. අපි ඒ අක්ක එක්ක කතා කරලා අක්කට කියමු මෙහෙම දෙයක් කරන්න යනවා කියලා. ඊට පස්සේ ජීටී අය්යව දැනුවත් කරලා පිළිවලක් ඇතුව එකතු කරමු
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0


    අනිවා මචං එහෙම දෙයක් කරමු.
    හැබැයි මචං මම අහපු දැකපු විදිහට ගොඩක් ලොකුවට සල්ලි අතින් අඩුපාඩුවක් නෑ එයාලට.
    ඒ අක්කත් නර්ස් කෙනෙක්.
    බලමු. අක්කා කිව්වා එළකිරි එකේ එයා පෞද්ගලිකව අදුරන දෙතුන් දෙනෙකුත් ඉන්නවා කියලා.
    උන්ගේ මාර්ගයෙන් හරි එහෙම නැත්නම් මම ආපහු ගිහින් හරි අක්කත් එක්ක කතා කරලා බලමු.

    නර්ස් කෙනෙක් වෙලත් ද ෆස්ට් ඇටෑක් එකෙන් නැති උනේ බං. ඔන්න ඕක තමයි අවුල. මෙඩිකල් ෆීල්ඩ් එකේ උන්ට පපුව රිදෙනවා කිව්වම උන් ගණන් ගන්නේ නෑ. :angry::angry::angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    Api aniwaryen e pawlata awashya thawaya mokadda kiyala hoyala balamu mokada lamayage account eka salli dammoth eka 18 wenakan ganna baha lamayata ugannannawath.
    ඔව් අයියේ
    ඊට වඩා පේන විදිහට එයාලට යමක් කමක් තියන කට්ටිය.
    ඉතිං ඒ දේට වඩා වෙනත් දෙයක් වුනත් කරන්න පුලුවන් වෙයි අපිට එයාලගේ අවශ්‍යතාවය අනුව
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    අෆ්ෆ!!!...
    :(

    නිවන් සුව අත් වේවා!
    Delmar කිරියේ හැමෝම වෙනුවෙන් උඹ සහභාගී වෙච්ච එකත් ලොකු දෙයක් මල්ලි....

    ඔව් අයියේ.
    පව්. නිශාන්ත අයියා එළකිරියේ හැමදේම ‍අක්කත් එක්ක බෙදා ගන්නවලු හැමදාම වගේ.
    පව්. ජීවත් උන අන්තිම විනාඩි ගානෙත් අපිත් එක්ක ඉදලා තියෙන්නේ.
    අනුජ මේකේ පිස්සු නැටුවට උගේ බයික් එකේ උගේ සල්ලි වලින් පෙට්‍රල් ගහලා තමයි ගියේ.
    ඌවත් මතක් කරන්න ඕනේ මේ වෙලේ