ඇයි එකපාරටම J.V.P. ඉතිහාසයෙ වැරදි හොයන්න හිතුනෙ,
මේ නිසාද....
මේ නිසාද....
ජවිපෙ කියන්නේ අද කාලේ නැගී එන, වංචා දූෂණ වෙනුවෙන් කතා කරන පක්ෂයක්.....අපේ රටේ දැනට අවශ්‍ය දේශපාලන හිස්තැනක් පුරවන පක්ෂයක්. ජවිපෙ දේශපාලනය ගැන මම කතා කරන්නේ නැ..හැබැයි 88-89 කාලේ රටේ වුනේ මොනවාද ජවිපෙ ඉතිහාසය දන්න අය අද අඩුයි......
අපිට මතකයි 2012 මාතලෙන් සමූහ මිනී වළක් හොයා ගත්තා...ඒකෙන් මිනී ඇට සැකිළි 150 කට කිට්ටු ගාණක් ලැබුණා......හිස් කබල් විතරක් තියෙන හිස කඳින් වෙන් කරපු මළ සිරුරු ඒ අතර තිබ්බා....කොයි කවුරුත් කිව්වේ මේ තියෙන්නේ 88-89 කාලේ අතුරුදහන් වෙච්ච තරුණ පිරිසකගේ සොහොන් පිට්ටනියක් කියලා...88-89 දෙවන ජවිපෙ විප්ලවය මුළු ලංකාවම හොල්ලපු අස්ථාවර කරපු වකවානුවක් වුණා..........
ඒ වගේ කාලෙක රටේ තත්ත්වය පාලනය කරන්න පැවති රජය ඉතා බිහිසුණු counter-insurgency (COIN) campaign එකක් කරන්න වුණා.
ලංකාවේ COIN සොල්දාදුවෝ පිළිපැද්දේ Search, Interrogate and Destroy”කියන දරුණු, ලේ වැකුනු හැබැයි සාර්ථක සංකල්පය ! COIN මෙහෙයුම් වලදි අල්ලගන්න සැක කරුවන්ට මරණය හැර වෙන ඉරණමක් තිබ්බේ නැ......අවාසනාවකට වගේ වැරැද්දකට සම්බන්ධ නැති අයටත් මේ විදිහට මරණයෙන් වන්දි ගෙවන්න වුණා..
ආණ්ඩුවේ හමුදාවේ death squads වල මිනී මැරුම් ගැන තමයි ගොඩාක් අහලා තියෙන්නේ...නමුත් ඇත්ත කතාව ම්ලේච්ඡ විදිහට ප්රචණ්ඩත්වය හමුදාවටත් සාමාන්‍ය ජනතාවටත් යොමු කරලා මුලින්ම මිනී මරන්න පටන් ගත්තේ ජවිපෙ වීමයි.....


