මම මචං ක්‍රිකට් මැච් වලට වැඩි ඉන්ට්‍රස්ට් එකක් නැහැ .ඒ ඉන්ට්‍රස්ට් එක ගියේ 2007 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ .එදා ෆයිනල් ආවේ ඔසි ඇන්ඩ් අපි .වැස්ස හින්දා ඔවර් ගාන තිස් ගානකටද කොහිද බස්සලා මැච් එක තිබ්බේ .ගිල්ක්‍රිස්ට් එදා ගැහැව්වා මචං එකසිය හතලිස් ගාණක් නිකන් ටුවෙන්ටි ටුවෙන්ටි මැච් එකක ගහනවා වගේ .ඒ දවස් වල විස්සයි විස්ස නැහැ .කොහොම හරි මැච් එක දින්නා ඔසි ටීම් එක .මචං මම සුද්දට කඩේ යනවා නෙමේ .ඒත් ජ්කාගේ හරි හැකියාවක් අනුමත කරන්න අපි මානසිකත්වය හදා ගන්න ඕනේ .ටිකක් අමාරුයි .ඒත් පුරුදු වෙද්දි හරි යනවා .අර ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න උන් තමා ඔය මරාගන්නේ බැන ගන්නේ ඔය විදියර කුණුහරප බෝර්ඩ් අල්ලන් දඟලන්නේ ,ෆේස්බුක් මෙමෙ පොස්ට් කරන්නේ .ක්‍රිකට් වලට අදාලව ගත්තොත් වැඩිම ගෝත්‍රම් මානසික රෝගින් ඉන්නේ මේ දකුණු ආසියාවේ .ෆුට්බෝල් වලට අදාලව නම් යුරෝපයේ දකුණු ඇමරිකාවේ .ලොකේ හැම රටකම හැම ජාතියකම ඔහොම එවුන් ඉන්නවා .ඒත් ක්‍රිකට් කියන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාවක් .ඒ කියන්නේ සෙල්ලම් කරන්නේ මහත්තුරු විදියට වගේම ඒක බලන එවුනුත් මහත්තුරු වගේ හැසිරෙන්න ඕනේ .ඒත් මෙතන ඒක නම් පේන්නේ නැහැ .
අනික සමහරු උඩ දාගෙන කියනවා ෆේස්බුක් එකේ එහෙම ඔසි ක්‍රිකට් ග්‍රවුන්ඩ් ඛෙත්තාරාම වගේ කල ක්‍රිකට් පිස්සන්ට පිස්සියන්ට උත්තමාචාරය කියලා .එකේ අවුලක් නැහැ .ඒත් මතක තියාගනින් ඔය කියන ක්‍රිකට් පිස්සෝයි පිස්සියෝයි 99% ක් ම එක්කෝ ඒ රටට සරණාගත මට්ටමෙන් ගිහින් අමාරුවෙන් වීසා ගහගත්ත එවුන්(යුද්ධ කාලේ ,කොළාහල කාළෙ ) ,එහෙමත් නැත්තම් ස්ටුඩෙන්ට් වීසා ගහගෙන් ගිහින් පැනලා ඉන්න එවුන් .පස්සේ ඒ රටේ කොහෙ හරි ඉන්න සුද්දෙක් සුද්දියෙක් සෙට් කොරගෙන සිටිසන් හදාගෙන තියෙන්නේ .කමක් නැහැ එවා උන්ගේ කැමැත්තනේ .ඒත් ආසියාවෙ එවුන්ට තියෙන්නේ බොහෝ විට 3 වන පන්තියේ පුරවැසි මට්ටම් .ඒක තේරුම් අරගෙන අනං මනං කිව්වොත් තමා හොඳ .