මං හිතන්නෙ මේ හාමුදුරුවො තමන්ගෙ වාසියට බන කියනව කියල. සත්තු මරල මස් කරල විකුනන්නෙ ඒව මිනිස්සු කන නිසා. කන්නෙ නැත්තම් මරන්නෙ නෑනෙ. එහෙම බැලුවම කඩෙන් මස් අරන් කන එක පවක් තමයි.
අපි මෙතන කතා කරන්නේ පනසලේ පාටිය ගැනනේ. ඒකට නැවත proof ඕනේ නැහැනෙ. ඊට අමතරව මම එක දෙයක් ගැන කියල තියෙනවා. ඒක ගැන මම මෙතන කතා කරන්නෙ නැහැ. අනිත් එක මම කොහෙවත් හාමුදුරුවන්ට බැනල නැහැ. කරුණාකරලා හරියට කියවන්න
ඔය කතාව මම දන්නවා පවත්ත මාංශ කියන්නෙ ඕවට තමයි.
Ex: සතෙක් කාල ඉතුරු කරපු එකක්, එහෙම නැත්නම් යම් කිසි අනතුරක් වෙලා මැරිච්ච සතෙක්, එහෙමත් නැත්නම් මස් මරන්නෙක් විසින් මරල ඉතුරු කරලා, අහක දාල යන කොටසක් වගේ.. etc.
ඒ කාලේ ඔය වගේ ඒවා ලේසියෙන් හොයාගන්න තිබිල තියෙනවා.
ඔය කතාව මම මෙතනට ගත්තෙ නැහැ කතාව දිග්ගැසෙන නිසා. 5 වසර ශිෂ්‍යත්වය ලියන අයට අවකලනය උගන්වන්න බැහැනේ බන්.
මම කලිනුත් කිව්වා. ඔහොම තර්ක කරන්න පුළුවන්. ඔය සිද්ධි එකින් එක ගත්තොත් වරදක් නැහැ කියන්න පුළුවන්. හැබැයි සම්පූරණ සිද්ධිය ගත්තම වෙන්නේ ශාසනය පිරිහෙන එක තමයි. ඕනෙම සමාජයක යම් යම් දේවල් තියෙනවා සමාජගත වෙච්ච. ඒවා තිබුන කියල ලොකු ප්‍රශ්න නෙමෙයි. හැබැයි හින්දු හරි ජෛන හරි කියල ඒවා බිඳින්න ගියාම ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඔය වැඩකට නැති දේවල් කඩ කරලා මොකටද අනවශ්‍ය ප්‍රශ්න හදා ගන්නේ. (මම මේ කියන්නේ මේක ආගමික දෙයක් නිසා )
වැරදි මම මෙතන ලියන්නෙ නැහැ. උඹම හොයා ගනින්.
දන් දෙනකොට ලබාගන්න ගන්න එක ගැන නෙමෙයි මම කිව්වේ. අපි විනය පිටකය අරගෙන බැලුවොත් එතන දාල තියෙන නීති වලින් බාගයක් විතර දාල තියෙන්නේ ඒ කාලේ ඇති වෙච්ච ප්‍රශ්න වලට විසදුම් විදියට. අද බුදුහාමුදුරුවෝ හිටියනම් තව ගොඩක් නීති දායි හාමුදුරුවරුන්ට අද කාලෙට අදාළ ප්‍රශ්න සම්බන්දයෙන් විසදුම් විදියට.
මම කියන්නෙ මචන් වැඳුම් පිදුම් ලබන හාමුදුරුවරු මේ විදියට ගිහියෝ කරන විදියට පාටි දාන්න ගියාම මිනිස්සුන්ගෙ ශාසනයට තියෙන ගෞරවය කෙළෙසනවා කියල. කොහේ හරි ඉන්න තරුණ හාමුදුරුකෙනෙක් කෙල්ලෙක් එක්ක පැනල යනවා වගේ නෙමෙයි මේ වගේ ප්‍රසිද්ධ හිමි නමක් මේ වගේ පාටි දානකොට. ඒක ඉක්මනට සමාජයට යනවා.
උදාහරණයක් ගමු. අපි ඌරු මස්. හරක් මස් පන්සල් ගෙනියන්නෙ නැහැනේ. නමුත් ගෙනිච්චට ඒකෙ වරදකුත් නැහැනේ කියල තර්ක කරන්න පුළුවන්. නමුත් අපි එහෙම කරන්නෙ නැහැ. හේතුව අපේ සමාජයේ මතයක් තියෙනවා ශාසනික කටයුතු වලට ඔය කියන මස් පාවිච්චි කරන්නේ නැහැ කියල. වැඩකට නැති දේවල් කරන්න ගියාම වෙන්නෙ ශාසනය පිරිහෙන එක.
සමාජය මොන මතයක් දැරුවත් අපිට තර්ක කරන්න පුළුවන් ලොකු ධර්ම කරුණක් සම්බන්දයෙන් නම්. මේ වැඩකට නැති ඌරෙක් හරි පාටියක් හරි හින්ද බෞද්ධ සමාජය දෙකඩ කරන එක වැරදියි මගේ අදහස නම්.
විජේදාස නීතීඥ තුමා කියපු විදියට හාමුදුරුවෝ DNA ටෙස්ට් එක කළා නම් අද උඹට ඔය හාමුදුරුවෝ සම්බන්දයෙන් ඔහොම කතා කරන්න වෙන්නෙ නැහැ මචන්. (මම වැඩි විස්තර මෙතන ලියන්නෙ නැහැ) 2005 විතර කාලේ ඔය හාමුදුරුවගේ වැඩවලට උදව් කරපු කෙනෙක් මම. හැබැයි යන වැඩපිළිවෙල අවුල් නිසා කට්ටිය හාමුදුරවො ලඟින් අයින් උනා. ඒ කාලේ ලංකාවෙන් ඔය හාමුදුරුවන්ව ලෝකේ හැම තැනම යවන්න සැලැස්මක් තිබුන ධර්ම දේශනා වලට. ඒ ඔක්කොම යට ගියා එයාගේ කල්ක්‍රියාව හොඳ නැති නිසා. මටනම් හිතෙන්නේ මොකක් හරි කේස් එකක් හින්ද මෙයාගෙ ඔලුව අවුල් වෙලා. අපරාදේ හොඳ වැඩක් ගන්න තිබුන ශාසනේට. හැබැයි මම කලින් කිව්වා වගේ හොඳ ත්‍රිපිටක දැනුමක් නම් තියෙනවා. දැන් නිකන් තර්ක විතර්ක සහ වහසි බස් දෙඩවීම හැරෙන්න හරි හමන් ධර්මයක් නම් ඇහෙන්නේ නැහැ (මට නම්).
වැරදි නැහැ ? පිස්සුදහ් බ0 හාමුදුරු නමකට වලදන්නහ් පුලුවන් සාමාන්‍යහ් විදිහටහ් මැරුනු සතෙක් විතරයි නැතුවහ් විකුනන්නහ් තියෙනහ් මස් උස්සන් ආවමහ් එ නමත් එකටහ් දායකහ් වෙලා තියෙනවහ් හිතපන් හමුදුරුවෝ මස් වලදනවහ් මිනිස්සු හාමුදුරුවන් වලදනහ් හින්දා දානෙටහ් මස් හදනවහ් මස් කඩේ මිනිහට ඉල්ලුමහ් එනවහ් එකටහ් සැපයුමහ් එනවා එතකොටහ් හාමුදුරුවන්ගේ අවශ්‍යතාවයකටහ් සතෙක් මරන්නහ් සිද්දහ් වෙනවහ්... මොනහ් චෙතනාවෙන් වෙනකෙනෙක්ටහ් කියලා මැරුවත් හමුදුරුවන්ගේ මස් අවශ්‍ය්තාවයහ් නිසයි සතෙක් මැරුනෙහ් .... එතනදි හාමුදුරුවොත් එහ් ප්‍රානඝාතනයෙ කොටස් කාරයෙක්
"සිoහල බෞද්ධයා නැති කරන්නෙහ් අන් ආගමිකයන් නොවේ බෞද්ධයාමයි" මේ හාමුදුරු නමත් ඔයහ් පටන් අරගෙනහ් තියෙන්නෙහ් එකමහ් තමා තමන්ගේ ආශාවල් වෙනුවෙන් ආගමදහ් වෙනස් කිරිමටහ් දරනහ් උත්සහයහ්
වැරදි බන් වැරදියි. ඔහොම තර්කයක් හදලා කිව්ව පළියට යමක් හරි වෙන්නේ නෑ. බෞද්ධාගම කියන්නේ බුදුන් දෙසපු ධර්මයයි. එතකොට අපි පිළිගන්න ඕනේ ඒ ධර්මය මිසක් නැතුව අපි තර්ක කරලා නිගමන වලට ධර්මයක් නෙවෙයි.
එකටනම් එකඟ වෙන්න අමාරුයි. බුද්ධාගම කියන්නේ ලෝක ධර්මතාවයන්වල එකතුවක් මිස කියපු කෙනා, ස්ථානය, ලියපු ස්ථානය, අදහන අය මත රඳා පවතින දෙයක් නෙමෙයි. තමන් අවබෝධ කරගතයුතු දෙයක්. ඒක අපිට අමාරු නිසයි බුදු කෙනෙක් ඉන්නේ. අපේ තර්ක දුර්වලයි කියන එක වෙනම එකක් (මමත් ඒකට එකඟයි). ඒත් බුදුන් දෙසු ධර්මය = බුද්ධ ධර්මය කියල අර්ථ දක්වන එක හරිද? බුදු හාමුදුරෝවෝ "බුද්ධ ධර්මය" කිව්වේ නෑ.කිව්වේ "ධර්මය" කියල.
සැ. යු. මම කුකුළු මස් කනවා. බැරිම වුනොත් අත හරින්න පුළුවන්. ඒත් මාළු නොකා නම් ඉන්න බැරිය. සිංහයාට මස් නොකා ජීවත් වෙන්න බෑ. ඒත් ඒ ක්‍රියාවෙන් ධර්මයට අනුව පවු පිරෙනවා. එත් සිංහයා සෝවාන් වෙලා නෑ. අපිත් එහෙමයි. එක පාරින් පවු බින්දුවට බස්සන්න බෑ , භික්ෂුවකටවත්. වාණිජව පිළියෙළ කරපු මස් කෑම පාපයක් කියල මම හිතනවා. අපේ අවසාන අරමුණ වෙන්න ඕනේ එකෙන් මිදෙන එක. ඒත් අද හෙට හෝ මේ ආත්මයේම ඒක කරන්න බැරිවෙනවා කියන්නේ අපි අසත්පුරුෂයෝ කියන එක නෙමේ. අපි පෘතජනයෝ.
බුද්ධාගම කියන්නේ ලෝක ධර්මතාවයන්ම නෙවෙයි, ඒකේ විනය නීතිත් අඩංගු වෙනවා භික්ෂූන්ට දේශණා කරපු. ඒවා දැම්මේ ඒ කාලේ සමාජයට ගැලපෙන විදියටයි, එතකොට බුද්ධාගම කියන්නේ බුදුන් දෙසපු ධර්මය කියන එක හරි. අනික ධර්මයක් දේශණා කරන්න පුලුවන් බුදු කෙනෙක්ට විතරයි මුලින්ම. මොකද බුදු කෙනෙක්ට විතරයි ඒක අවබෝධ වෙන්නේ මුලින්ම. මම මුලින්ම කිව්වේ, බුදු කෙනෙක් කිව්වට පස්සේ අනුගාමිකයන්ටද දේශනා කරන්නත්, අවබෝධකරගන්නත් පුලුවන් නිසා.
තර්කාණුකූලව හරි. උන් වහන්සේ කිව්වනම් අපි මස් මිලදී ගැනීමෙන් යම් ආකාරයකින් සතුන් මරන්න දායක වෙනවා කියල.. තවත් හරි
රහත් නොවුනත් මගේ මතය ඒකයි
විනය පිටකයෙ තියන ඒවාට නම් මම කියපු දේ 100% අදාළ නැති බව ඇත්ත. ඒ කාලේ විතරක් නෙමෙයි දැනුත් මස් මාංශ නැතිව ජීවත් වෙන්න අමාරුයි. එනිසා බුදු හාමුදුරුවෝ විනය නීති පනවන්න ඇත්තේ ප්‍රායෝගික හේතු බලල වෙන්න ඇති. දෘඩ නිගමන වලට එළඹෙන්නේ නැතිකම් ඒ ගැන තර්ක කරන එකේ වරදක් නැහැ කියලයි මම හිතන්නේ.
වැරදි බන් වැරදියි. ඔහොම තර්කයක් හදලා කිව්ව පළියට යමක් හරි වෙන්නේ නෑ. බෞද්ධාගම කියන්නේ බුදුන් දෙසපු ධර්මයයි. එතකොට අපි පිළිගන්න ඕනේ ඒ ධර්මය මිසක් නැතුව අපි තර්ක කරලා නිගමන වලට ධර්මයක් නෙවෙයි. බුද්ධාගමේ තියෙන්නේ මේකයි. මට ආයි බොරුවට තර්ක කරන්න ඕනේ නෑ මචන්, උබ මේක බොරුවක් කියලා ඔප්පු කරොත් මම පිළිගන්නම් උබ කියපු එක හරියි කියල නමුත් ඒක බෞද්ධ පොත පතින්ම වෙන්න ඕනේ නැතුව උබේ තර්කයෙන් නෙවෙයි.
බුද්ධාගමේ තියෙන්නේ මෙහෙමයි. ඒ කාලේ හිටියා සිහ සේනාපති කියලා කෙනෙක් ,මෙයා නිගන්ඨනාත පුත්තගේ ප්‍රධාන දායකයෙක්. ඔහොම ටික කාලයක් ගියාම, සිහ සේනාපති බුදුන්ගෙන් බණ අහලා ඒ ගැන පැහැදිලා, පසුවදා බුදුන් ප්‍රමුඛ සංගයාට දානයක් දෙන්න ඕනේ කියලා හිතලා තියෙනවා, එහෙම හිතලා, තමන්ගේ ප්‍රධාන සේවකයාට කියලා තියෙනවා, කඩේට ගිහින් පවත්නා මසක් ගේන්න කියලා, මෙතන පවත්නා මසක් කිව්වේ, ත්‍රීකෝටික පාරිශුද්ධ මාංශයටයි. පස්සේ මේකට නිගන්ඨනාත පුත්තට කේන්ති ගිහින්, එයා හැම තැනම ප්‍රචාරය කරලා තියෙනවා මේ විදියට සිහ සේනාපති බුදුන් වෙනුවෙන් සතෙක් මරලා අන්න ගෙදර කනවා කියලා, පස්සේ බුදු හාමුදුරු කරේ එදාම හවස තමන්ගේ අනුගාමික භික්ෂූන් රැස් කරලා. මෙහෙම කිව්වා.
‘න භික්ඛවේ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො පරිභුඤ්ජිතබ’ බං ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවේ තිකෝටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසඛිතංති.’
ඒ කිව්වේ, යම් භික්ෂූවක් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයෙන් පිට වෙන මාංශයක් පිළිගත්තේ නම් ,එම පුද්ගලයා දුකටම පත්වෙන බවයි.
එතකොට ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ මොකක්ද?
1 අදිට්ඨං, 2 අසූතං ,3 අපරිසංඛිතං.
මේවා පිළිවෙලින්, තමන් වෙනුවෙන් මැරු බව නොදුටු, නොඇසූ, සැකයක් නොමැති කියන එකයි.
ඒ වගේම බුදුන් කියලා තියෙනවා, චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා”
මේක කියලා තියෙන්නේ නිබ්බේධික සූත‍්‍රයේ, ඒ කියන්නේ, චේතනාව තමයි කර්මයට හේතු වෙන්නේ, ඒ කියන්නේ උබ ගිහින් සතෙක් මැරුවොත්, උබ කාට හරි කිව්වොත් එහෙම කරන්න කියලා එතකොට තමයි ඒක කර්මයක් වෙන්නේ.
මීට අමතර ලෙස ශ්‍රමණයන්ගේ පහසුව, ආරක්ෂාව, ඒ කාලේ සමාජය උදෙසා භික්ෂූන්ට, තව මස් වර්ග 10 කන්න තහනම් කරලා තියෙනවා. ඒක තියෙන්නේ මහාවග්ග පාලියේ.
ඒවා තමයි, මිනිමස්, අලි මස්, අශ්ව මස්, බලු මස්,සර්ප මස්,සිංහ මස්, ව්‍යාඝ මස්, දිවි මස්, වලස් මස්, තරස් මස්.
ඔන්න ඕක තමයි බුද්ධාගම.

ay ahanne uba rahath wela kiwwa neda diwasin balapan ehenamAttha kiyapan, Uba Siridammaya nedha ?

එකටනම් එකඟ වෙන්න අමාරුයි. බුද්ධාගම කියන්නේ ලෝක ධර්මතාවයන්වල එකතුවක් මිස කියපු කෙනා, ස්ථානය, ලියපු ස්ථානය, අදහන අය මත රඳා පවතින දෙයක් නෙමෙයි. තමන් අවබෝධ කරගතයුතු දෙයක්. ඒක අපිට අමාරු නිසයි බුදු කෙනෙක් ඉන්නේ. අපේ තර්ක දුර්වලයි කියන එක වෙනම එකක් (මමත් ඒකට එකඟයි). ඒත් බුදුන් දෙසු ධර්මය = බුද්ධ ධර්මය කියල අර්ථ දක්වන එක හරිද? බුදු හාමුදුරෝවෝ "බුද්ධ ධර්මය" කිව්වේ නෑ.කිව්වේ "ධර්මය" කියල.
සැ. යු. මම කුකුළු මස් කනවා. බැරිම වුනොත් අත හරින්න පුළුවන්. ඒත් මාළු නොකා නම් ඉන්න බැරිය. සිංහයාට මස් නොකා ජීවත් වෙන්න බෑ. ඒත් ඒ ක්‍රියාවෙන් ධර්මයට අනුව පවු පිරෙනවා. එත් සිංහයා සෝවාන් වෙලා නෑ. අපිත් එහෙමයි. එක පාරින් පවු බින්දුවට බස්සන්න බෑ , භික්ෂුවකටවත්. වාණිජව පිළියෙළ කරපු මස් කෑම පාපයක් කියල මම හිතනවා. අපේ අවසාන අරමුණ වෙන්න ඕනේ එකෙන් මිදෙන එක. ඒත් අද හෙට හෝ මේ ආත්මයේම ඒක කරන්න බැරිවෙනවා කියන්නේ අපි අසත්පුරුෂයෝ කියන එක නෙමේ. අපි පෘතජනයෝ.
අපි බෞද්ධයෝ නං, බුද්ධ ධර්මය ඉගෙනගෙන ඒ අනුවයි හිතන්න ඕනේ. තිසරණයේ පිහිටි බෞද්ධයෙක් නම්, අපිට නොතේරෙන දහම් කරුණක් ආවම හිතන්නේ අපේ අවබෝධයේ ප්‍රශ්නයක් කියලා මිසක් බුදු හාමුදුරුවන්ගේ issue එකක් විදිහට නෙවේ. බුදුහාමුදුරුවන්ගේ issues නැහැ. එහෙම හිතෙන අයට තිසරණය නැහැ. තිසරණය නැති කෙනා බෞද්ධයෙක් නෙවේ.නෑ මචන්. ඒක හරි. බුදු කෙනෙක් දේශනා කරන ධර්මය තමා බුද්ධ ධර්මය කියන්නේ. ඒ යථාර්තය හොයා ගන්නේ, ඒ ලෝක විෂය අවබෝධ කරන්නේ බුදු කෙනෙක් විතරමයි. සාමාන්‍ය කෙනෙකුට කිසිදවසක කරන්න බෑ. බුදු කෙනෙක් කියන්නේ මනුෂයෙක් වුනාට සාමාන්‍ය මනුෂයෙක් නෙවේ. එහෙවු බුදු කෙනෙක් අවබෝධ කොට දේශනා කරන ඕනෑම කරුණක් බුද්ධ ධර්මය තමයි. එකේ තර්කයක් නෑ.
වැරදි කරුණු ගොඩයි.
1. "මස්" යනු හුදෙක් කය පවත්වා ගැනීමට ගන්න තවත් එක් ආහාරයක් විතරයි. එච්චරයි. ඊට වඩා කිසි වැදගත් කමක් එකේ නෑ. ඉහත පොස්ට් එකේ කරුණු අනුව ප්‍රාණ ඝාතයක් කරලා කෑවොත් පව පිරෙන්නේ ප්‍රාණ ඝාතයට. නැතුව මස් කෑමට නෙවේ. (චේතනාවේ ක්‍රියාකාරිත්වය හා බැඳෙන සංවේදී අවස්ථාවක්, කරුණක්. තනියෙන් තේරුම් ගන්න ඔයිට වඩා පහදන්න බෑ. https://docs.google.com/file/d/0B9gRFBbQCFWQRWVlaUc5VllIdDQ/edit)
2. කිසි දවසක සතෙක් ට පිං / පවු කරන්න බෑ. ඌ ඉන්නේ දැනටමත් කල පවු වලට දුක් විඳින සතර අපායෙන් එකක් වන තිරිසන් අපායේ. මාර්ගපල ලබන්න පුළුවන් මනුෂ්‍ය ලෝකයේ සිට දෙවිවරු බ්‍රහ්මයෝ වගේ ඉහල තල වලට විතරයි.
3. බුද්ධ ධර්මය කියන්නේ බන් බුදු කෙනෙක් වදාළ ධර්මයට. උඹට හිතෙන ධර්මයට කියන්නේ බුද්ධ ධර්මය නෙවේ නේ? එහෙනම් ඒක eransooriya-ධර්මය වෙන්න ඕනෑ.අපි බෞද්ධයෝ නං, බුද්ධ ධර්මය ඉගෙනගෙන ඒ අනුවයි හිතන්න ඕනේ. තිසරණයේ පිහිටි බෞද්ධයෙක් නම්, අපිට නොතේරෙන දහම් කරුණක් ආවම හිතන්නේ අපේ අවබෝධයේ ප්‍රශ්නයක් කියලා මිසක් බුදු හාමුදුරුවන්ගේ issue එකක් විදිහට නෙවේ. බුදුහාමුදුරුවන්ගේ issues නැහැ. එහෙම හිතෙන අයට තිසරණය නැහැ. තිසරණය නැති කෙනා බෞද්ධයෙක් නෙවේ.
මේ බැන්න නෙවේ. කරුණු දැක්වීමක් විතරයි.
මේ විදිහට නං උඹලා හිතන්නේ, උඹලට තිසරණය තියනවද කියලා මට නං සැකයි. උඹ බෞද්ධ වුනාට බුදුරජාණන් වහන්සේ ගැන කිසි ශ්‍රද්දවක් නෑ නේ! දැන් ඉන්න බෞද්ධයෝ කියා ගන්න මිනිස්සු බුදු රජාණන් වහන්සේව දෙකේ කොලේට දාලා බොහොම පහත් තත්වයෙන් නේ සලකන්නේ. ඉතින් කොහෙද ලංකාවේ ධර්මයක් රැකෙන්නේ? අනිවාර්යෙන් තම්බියා මේකට කෙලිනවා තව අවුරුදු 20-30ක් යද්දී!![]()

නෑ මචන්. ඒක හරි. බුදු කෙනෙක් දේශනා කරන ධර්මය තමා බුද්ධ ධර්මය කියන්නේ. ඒ යථාර්තය හොයා ගන්නේ, ඒ ලෝක විෂය අවබෝධ කරන්නේ බුදු කෙනෙක් විතරමයි. සාමාන්‍ය කෙනෙකුට කිසිදවසක කරන්න බෑ. බුදු කෙනෙක් කියන්නේ මනුෂයෙක් වුනාට සාමාන්‍ය මනුෂයෙක් නෙවේ. එහෙවු බුදු කෙනෙක් අවබෝධ කොට දේශනා කරන ඕනෑම කරුණක් බුද්ධ ධර්මය තමයි. එකේ තර්කයක් නෑ.