“ලඳුනේ” සින්දුවයි “ලලක්කා” සින්දුවයි ගැන

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113

    page1pr.jpg

    [FONT=&quot]රයිට්. වැඩේට බහිමු.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ලඳුනේ ගීතය ගමුකො. පටන් ගන්නේම “ඔබේ දෑස දැකගත්තෙමි - සැඳෑ කලෙක ලඳුනේ......”[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එතනින්ම තමා වැඩේ කන්නෙ. එකපාරටම හැන්දෑවක අමුතු දෙයක් දැකලා. මොකද්ද? මුදල් පිණිස ලිංගික සේවා සපයන්නියකගේ ඇස් දෙකක්. බුදු අම්මෝ ගණිකාවක්. එයා බබා. දැන් ඉතින් ගණිකාවන් නමැති සත්ව කොට්ඨාශය මේසය මත තබා සමාජ දේශපාලනික විවරණයක් අහගන්න පුළුවන්. මම කියන්නෙ මේ රචකයාට (රන්බණ්ඩා සෙනෙවිරත්න) ඇය දුරස්ථයි. මේ විච්ඡේදනය කරන්නෙ ඇත්ත ‘ලඳ’ නෙමේ. එයාගෙ ඔලුවෙ ඉන්න කවුරුහරි. ඒක නිසානෙ “දෙනෝ දහක් ‘අතගත්තද’ – ‘සැමියෙකු’ නැති...” වගේ කෘෂිකාර්මික කතන්දර එන්නෙ. දැන් ඇත්ත කතාව කවුරුවත් එහෙම ‘අතගන්නෙ’ නෑනෙ. වැඩේ කලා. ගාන දුන්නා. කැපුනා. පැහැදිලි අවබෝධයකින් සිද්දවෙන ගණුදෙනුවක්. අනික ‘සැමියා’ කියන්නෙ බුදියගන්න එකාද? පිස්සුනේ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අන්න ඒකට ලලක්කා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ලලක්කගෙ අතගැනිලි අරව මෙව්ව නෑ. කෙලින්ම “සුර සැප වික්කා”. වැඩේ ක්ලියර්. අර විදග්ධ කතන්දර වල එන ‘ආත්මය විකිණීම’ ‘ශරීරය විකිණීම’..... (මම කියන්නෙ ඔය තියරියට මේසන් වැඩ කරන එකත් ඇඟ විකුණනව කිව්වෑකිනෙ)[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] නිකං බයිලනේ. ඔය මොන ලඳක්වත් ශරීරය විකුණන්නෑනෙ ඕන එකක් කපාගෙන පලයං කියල. කොන්දේසි සහිත සේවාවක් සපයනවා. ඇඟ භාවිතයෙන් ඊනියා ‘සැප’ විකුණනවා. පාරිභෝගිකයො සැප අරගෙන ඇඟ තියල එනවා. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අනික ලලක්ක රෙස්පට්නෙ. ‘සුරසැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා’. ඔය ‘වත ගොත’ කියන්නෙම සුළුපටු දේපලක්ද? පාරිභෝගික විශ්වාසය. සෙල්ලමක් නෙමේ. හැබැයි ලලක්කල කන පතේ රෙ** නෑ. අන්න ගෑණු.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අනික ලලක්කල ඔය කියන තරං අසරණත් නෑ. “නෑයෙක් නෑකං නොකියන...”. මේ මොන රටේද? ලලක්කලට නං නෑයො මිත්‍රයො බජාර් එකක්ම ඉන්නවා. ඔය නෑකං ප්‍රශ්නෙ එන්නෙ ඔය ජොබ් එක මහ පජාත රස්සාවක් කියන විදග්ධ ඔලුගෙඩි ඇතුලෙනෙ. ඔන්න රන්බණ්ඩා මහත්තේලගෙ විදග්ධ පරපුර නං නෑදෑකං අතහරී කිව්වෑකි. ඒත් ලලක්කගෙ බජාර්එකේ ඔය ගැරඬිපාට් නෑ. රස්සාව වේසකම. එච්චරයි. අම්මත් දන්නව. තාත්තත් දන්නව. මිනිහෙක් ඉන්නවනං ඌත් ෂොට් එකක් දාන්ඩ කීයක්හරි ඉල්ලගන්නව. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] [/FONT]නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා...දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා....”
    [FONT=&quot]ඔන්න නෑකං....! [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]“පිරිමින්ගේ පාප කඳට - දෝස විඳින ලඳුනේ.... [/FONT]
    [FONT=&quot]අඳුරේ පව් කරන දනා - එළියෙ රවන ලඳුනේ......”[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මම කියන්නෙ මේවත් නිකං ඔලුවෙ ප්‍රලාප. රෑට ලලක්කල එක්ක බුදියල, දවල්ට උන්ට වේසියො කියන සත්ගුණවත් මහත්තුරු ඕනෙතරං ඉන්නව. හැබැයි ඉතිං ඕක රණ්බණ්ඩා මහත්තයලගෙ ප්‍රශ්නයක් මිසක් ලලක්කලගෙ ප්‍රශ්නයක් නෙමේනෙ. ඔය රවන්නෙ බොරුවට කියල ලලක්ක නොදන්නවද? අනික රැව්ව කියල ලලක්කගෙ අහවල් එක නැතිවෙන්ඩද? කොහොමත් රස්සාවෙන් පිට කස්ටමර් කෙයාර් කෑලි ලලක්කලගෙ නෑ. රැව්වත් එකයි. නැතත් එකයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හැබැයි ඉතිං අපේ ඇන්ටන් ජේ. ප්‍රනාන්දු ශූරීන් ලියපු “සිල් අරගත්තා - පෝයට සීලෙත් රැක්කා....” කෑල්ලනං පොඩි අධීසාමාන්‍යකරණයක් වගේ. ඒ උනාට ඒක කියල තියෙන විදිහට මම කැමතියි. ලලක්ක කෑව/කුනුහරුප කිව්ව/ටොයිලට් ගියා/බුදියෑව/රෙදි හේදුව/සිල්ගත්තා...... මේ චරිතයේ එක පැත්තක් ඔහෙ කියල දාල. එහෙම නැතුව සිල්ගත්තු හින්ද ලලක්ක මාර වෙලා නෑනෙ. ඒ වුනාට අරකෙනං මාරයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]“තෙල් මල් ගෙන... දෝත පුරා - මුණි කුටියට පියමංවන.....”[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අනේ ඉතිං හරී අනුකම්පා හිතෙනවා. අර පිරිමින්ගේ ඊනියා ‘පාප කඳ’ නිසා මේ ගෑණු මිරිකෙන හැටි දැකලා. හැබැයි ඉතිං ඔය ඔලුවල තියෙන වැඩවසම් ආගමික වහන්තරාවල් ටික අයින් කරල බැලුවොත් නං ඔයිට වඩා මිරිකෙන ගෑණු අනන්ත දකින්න පුලුවන්. (සමහරවිට ගෙදරම ඇති).[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මම යෝජනා කරන්නෙ මෙහෙම. ඔය කියන “ලඳ” ගැන හදවත කීරිගස්සන විදග්ධ රචනාකාරයො මේ ගෑණුන්ට මහා අපහාසයක් කරනවා. ඔවුන් විශේෂිත අසාධාරණයන්ට ලක්වන, විශේෂ අනුකම්පාවකට ලක්විය යුතු, අසරණ ජන කොට්ඨාශයක් බවට පත් කරනවා. හරියට නිකං ‘ගණිකාවන්ට’ පාව්.... එයාල දිහා සානුකම්පිතව බලන්න.... වගේ එකක්. කාටද ඔය කියන්නෙ? මේ සත්ගුණවත් “අපිට”. රෙද්ද තමයි. [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මම කැමති ජොලි සීයට.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....//
    හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා....

    [FONT=&quot]අන්න එහෙම නම්බුව දීල ‘සමානයෙක්’ විදිහට කතාකරමු. ලලක්කලට මොනවහරි අකටයුතුකම් වෙනවනං නාහෙන් අඬන්නැතුව පුලුවං දෙයක් කරමු.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ලලක්කා සින්දුව ලූම්පන් සංස්කෘතියට අයත්වීම ගැන සුමිත් සහෝදරය මතක් කරල තිබුණ. ස්තුතිය ඔහුට. ලූම්පන් ලලක්කල ගැන මෙච්චර ලියවුනේ ඒ හින්ද. ලලක්කා සින්දුවේ තියෙන වටිනාකමත් ඒක ලූම්පන් සංස්කෘතියේ ගැයෙන එකක් හින්දමයි. අද ලංකාවේ ජනප්‍රිය සංස්කෘතිය ලූම්පන්. අනික් පලාත්වල මන්දා. වයඹ පළාත් සභාවෙන් “ලඳුනේ” සින්දුවයි “ලලක්කා” සින්දුවයි ගැන ජනමත විචාරණයක් තිබ්බොත් හයෙං පහක් අරං ලලක්කා දිනනවා. (අපි ලලක්කට -ලලක්ක අපිට.... පුහ්)[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මිනිස්සු අතර ඉන්නෙ ජොලිසීයා. ජොලිසීයා කියන්නේ මෙහෙම.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]“රයිට්.... අපි ලලක්කා කියල අලුත් ගීතයක්..... අහිංසක කාන්තාවක් ගැන ලියවුන ගීතයක් ගායනා කරන්ඩ.... දෙමු වැඩේ.... දෙන්ඩ පුතා... ශ්‍රැතිය දෙන්ඩ මහත්තයො.... හහ් හහ් හහ්... රයිට්.... ගැහැනි ලලක්කා..... හා... හයි.... කොල්ලො නටපියව් ඇතිවෙන්ඩ.........”[/FONT]
    [FONT=&quot]ලලක්කට නටන උන් ආයෙ කවදාවත් ලලක්කලට කෙල ගහන්නෙ නෑ. උන් අඳුර එලිය වෙනසක් නැතුව ලලක්කල එක්ක හිනාවෙයි. අවුරුදු හතලිස්ගානක් දේශපාලනේ කරලත් ජ.වි.පෙ.ට හැරෙන්ඩවත් බැරිවුන දේවල් මෙන්න ජොලිසීයා කරනවා. [/FONT]
    [FONT=&quot]ජයවේවා !![/FONT]
    [FONT=&quot]
    [/FONT]​
    බජාර් එකේ ලලක්කා - ජොලි සීයා (සින්දුව අහන්න)

    මේ ගීත දෙක සමාජපන්තින් දෙකක් වෙනුවෙන් ලියවුනු ගිතදෙකක් හාස්‍ය රසය වෙනුවෙන් මේ ලිපිය කියවපල්ලා, වැඩිය බරපතලවිදියට ගන්නෙපා
    http://reargate.blogspot.in/2012/05/02.html#comment-form

    ප.ලි ------- member කෙනෙක්ගේ comment එකකට දක්වපු අදහසක් මෙතන පලකරනවා

    අදහසට සම්පුර්ණයෙන්ම එකගයි, ඒවගේම කියන්න ඕන මේ සමාජයේ ලලක්කල ඕනෑතරම් ඉන්නවා එත් ලදුනේ ගීතයෙන් වර්ණනා කරන විදියේ බුදුන්දැක නිවන්දකින්න try කරන ගණිකාවෝ ඉන්නවද කියන එක මට සැකයි, ලංකාවේ ඉන්න ගණිකාවක් ලගට ගිහිල්ල එයාලගේ කතාව අහන්නකො හෙන දුක්බර කතාවක් කියයි, පත්තරකාරයෝත් ඔයවගේ ඒවා උඩදද market කරනවා එත් හිතල බලන්න ලංකාවේ කෙල්ලෝ ඉන්නවා garment වලට ගිහින් මැරීගෙන වැඩකරලා පව්ල්වලට සල්ලියවන, අම්මල ඉන්නවා දරුවට උගන්නන්න ගල්වලවල්වල ගල්කඩන, ඒමිනිස්සු ආර්ථිකේ අපහසුඉ කියල ගණිකාවෝ උනේ නෑ, ටිකක් හොයල බලන්න ගොඩක්වෙලවට ගනිකාවක්වෙන්නේ ගමේ ඉන්න විසේකාරම කෙල්ල, තමන්ගේම ක්‍රියාවලින් ජීවිතය විනාස කරගෙන නිදහසට කාරණාවක් විදියට ලස්සන කතාවකුත් හදාගෙන ගනිකවුර්තියට යොමුවෙනවා
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    බජාර් එකේ ලලක්කා
    කොල්ලො හිත හොඳ අක්කා
    සුර සැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා
    සිල් අරගත්තා
    පෝයට සීලෙත් රැක්කා
    සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා...
    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....//
    හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා....

    මයියොක්ක පිපිඥ්ඤා
    වම්බොටු පොඩි බණ්ඩක්කා
    කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා
    නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා...//
    දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා....

    බජාර් එකේ ලලක්කා.....///

    අක්කගෙ අම්ම ඉසක්කා
    ඉස්සර එලවළු වික්කා...
    කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා...
    නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා...//
    වික්ක නොවික්කා ගානයි මාළු ඉසක්කා...

    බජාර් එකේ ලලක්කා.....///
    (ඇන්ටන් ජේ. ප්‍රනාන්දු)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලලක්ක සහ ලදුනේ කියන්නෙ එකිනෙකට සන්සන්දන්ය කරන්න සමාජයේ එකිනෙකට සපුරා වෙනස් තල දෙකක් ටච් කරන සිංදු දෙකක්... ලලක්ක ගත්තොත් සික්ස් එයිට් බීට් එකට හොදට නටන්න පුලුවන් සිංදුවක්ය.. ඒ වගේ සිංදු ගොඩක් ටච් වෙන්නෙ වැඩ කරන ජනතාව අතරය උදේ ඉදන් හොදට මහන්සි වී වැඩකරන හවසට පොඩි ශොට් එකක් දාගෙන ගෙදර යන ඔවුන්ට සුබාවිත ගීතයක් රසවිද එහි එන යටි අරුත සොයන්නට, ඒ බර වචන වල තේරුම සොයන්නට වෙලාවක් නැත උවමනාවක් ද නැත... ඔවුනට ඕනෙ දිනය සතුටින් නිමා කිරීමටය ඒයට ලලක්කා එලය...

    ලදුනේ ගීතය ඊට හාත්පසින්ම වෙනස්ය.. ගණිකාවන් පිලිබදව ඉතා මැදිහත්ව සනූකම්පිතව ඒ වගේ කතාකරන වෙනත් ගීතයක් නැති තරම්ය.. මෙය ලිවෙන්නෙ රංබණ්ඩා සෙනවිරත්නයන් අතින්ය.. මෙම ගීතයේ ලස්සන නිධාන කතාවක් තිබේ .. ගුනදාස කපුගේ සූරීන් විසින් ගායන කරන සෙනවිරත්නයන් අතින් ලියවුන දවසක්පැල නැති හේනේ ගීතය මෙන්ම මෙම ගීතයද සෙනවිරත්නයන්ගේ පෞද්ගලික අත්දැකීමකි... මෙම ගීතය ට්ච් කරන්නේ ලලක්කා ටච්කරනවාට වඩා වෙනස්ම කොට්ටාශයකි... ඒ කියන්නෙ හවසට පොඩි ශොට් එකක් දානගමන් සුබාවිත ගීතයක් රස විද මනසට යම් නිස්කලංක බවක් ලබ දී නින්දට යන්නට උස්සහ කරනා මනස වෙහෙසා වැඩකරන පිරිසය සමාජය උසස් යැයි සකන පිරිසය

    කොහොම උනත් ගිත දෙක එහෙම් පිටින්ම විදි දෙකක්ය.. ඒ දෙක සංසන්දනය කිරීම හරියට මුලින් ආවෙ බිත්තරයද කිකිලිද කියල සොයනවා වගේ වැඩක්ය... එකෙනිකට හාත් පසින්ම වෙනස් සමාජ තල දෙකක මෙමෙ ගීත වැජෙබෙති....
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    :) ekama deyak dewidiyakata kiyana widiya
    ඔව් එකිනෙකාගේ අගනාකම් සරදර්ම එකිනෙකට වෙනස්, දෙන්නෙක් එකමදෙයක් දෙවිදියකට අර්ථකතනයකරනවා, ඉතින් මම මේ ලිපිය රචනාකරපු පුද්ගලයාගේ අදහස්වලට යම්තාක්දුරට එකගනිසා මේතනපලකරා
     
    • Like
    Reactions: chamal89

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    ලලක්ක සහ ලදුනේ කියන්නෙ එකිනෙකට සන්සන්දන්ය කරන්න සමාජයේ එකිනෙකට සපුරා වෙනස් තල දෙකක් ටච් කරන සිංදු දෙකක්... ලලක්ක ගත්තොත් සික්ස් එයිට් බීට් එකට හොදට නටන්න පුලුවන් සිංදුවක්ය.. ඒ වගේ සිංදු ගොඩක් ටච් වෙන්නෙ වැඩ කරන ජනතාව අතරය උදේ ඉදන් හොදට මහන්සි වී වැඩකරන හවසට පොඩි ශොට් එකක් දාගෙන ගෙදර යන ඔවුන්ට සුබාවිත ගීතයක් රසවිද එහි එන යටි අරුත සොයන්නට, ඒ බර වචන වල තේරුම සොයන්නට වෙලාවක් නැත උවමනාවක් ද නැත... ඔවුනට ඕනෙ දිනය සතුටින් නිමා කිරීමටය ඒයට ලලක්කා එලය...

    ලදුනේ ගීතය ඊට හාත්පසින්ම වෙනස්ය.. ගණිකාවන් පිලිබදව ඉතා මැදිහත්ව සනූකම්පිතව ඒ වගේ කතාකරන වෙනත් ගීතයක් නැති තරම්ය.. මෙය ලිවෙන්නෙ රංබණ්ඩා සෙනවිරත්නයන් අතින්ය.. මෙම ගීතයේ ලස්සන නිධාන කතාවක් තිබේ .. ගුනදාස කපුගේ සූරීන් විසින් ගායන කරන සෙනවිරත්නයන් අතින් ලියවුන දවසක්පැල නැති හේනේ ගීතය මෙන්ම මෙම ගීතයද සෙනවිරත්නයන්ගේ පෞද්ගලික අත්දැකීමකි... මෙම ගීතය ට්ච් කරන්නේ ලලක්කා ටච්කරනවාට වඩා වෙනස්ම කොට්ටාශයකි... ඒ කියන්නෙ හවසට පොඩි ශොට් එකක් දානගමන් සුබාවිත ගීතයක් රස විද මනසට යම් නිස්කලංක බවක් ලබ දී නින්දට යන්නට උස්සහ කරනා මනස වෙහෙසා වැඩකරන පිරිසය සමාජය උසස් යැයි සකන පිරිසය

    කොහොම උනත් ගිත දෙක එහෙම් පිටින්ම විදි දෙකක්ය.. ඒ දෙක සංසන්දනය කිරීම හරියට මුලින් ආවෙ බිත්තරයද කිකිලිද කියල සොයනවා වගේ වැඩක්ය... එකෙනිකට හාත් පසින්ම වෙනස් සමාජ තල දෙකක මෙමෙ ගීත වැජෙබෙති....
    අදහසට සම්පුර්ණයෙන්ම එකගයි, ඒවගේම කියන්න ඕන මේ සමාජයේ ලලක්කල ඕනෑතරම් ඉන්නවා එත් ලදුනේ ගීතයෙන් වර්ණනා කරන විදියේ බුදුන්දැක නිවන්දකින්න try කරන ගණිකාවෝ ඉන්නවද කියන එක මට සැකයි, ලංකාවේ ඉන්න ගණිකාවක් ලගට ගිහිල්ල එයාලගේ කතාව අහන්නකො හෙන දුක්බර කතාවක් කියයි, පත්තරකාරයෝත් ඔයවගේ ඒවා උඩදද market කරනවා එත් හිතල බලන්න ලංකාවේ කෙල්ලෝ ඉන්නවා garment වලට ගිහින් මැරීගෙන වැඩකරලා පව්ල්වලට සල්ලියවන, අම්මල ඉන්නවා දරුවට උගන්නන්න ගල්වලවල්වල ගල්කඩන, ඒමිනිස්සු ආර්ථිකේ අපහසුඉ කියල ගණිකාවෝ උනේ නෑ, ටිකක් හොයල බලන්න ගොඩක්වෙලවට ගනිකාවක්වෙන්නේ ගමේ ඉන්න විසේකාරම කෙල්ල, තමන්ගේම ක්‍රියාවලින් ජීවිතය විනාස කරගෙන නිදහසට කාරණාවක් විදියට ලස්සන කතාවකුත් හදාගෙන ගනිකවුර්තියට යොමුවෙනවා
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අදහසට සම්පුර්ණයෙන්ම එකගයි, ඒවගේම කියන්න ඕන මේ සමාජයේ ලලක්කල ඕනෑතරම් ඉන්නවා එත් ලදුනේ ගීතයෙන් වර්ණනා කරන විදියේ බුදුන්දැක නිවන්දකින්න try කරන ගණිකාවෝ ඉන්නවද කියන එක මට සැකයි, ලංකාවේ ඉන්න ගණිකාවක් ලගට ගිහිල්ල එයාලගේ කතාව අහන්නකො හෙන දුක්බර කතාවක් කියයි, පත්තරකාරයෝත් ඔයවගේ ඒවා උඩදද market කරනවා එත් හිතල බලන්න ලංකාවේ කෙල්ලෝ ඉන්නවා garment වලට ගිහින් මැරීගෙන වැඩකරලා පව්ල්වලට සල්ලියවන, අම්මල ඉන්නවා දරුවට උගන්නන්න ගල්වලවල්වල ගල්කඩන, ඒමිනිස්සු ආර්ථිකේ අපහසුඉ කියල ගණිකාවෝ උනේ නෑ, ටිකක් හොයල බලන්න ගොඩක්වෙලවට ගනිකාවක්වෙන්නේ ගමේ ඉන්න විසේකාරම කෙල්ල, තමන්ගේම ක්‍රියාවලින් ජීවිතය විනාස කරගෙන නිදහසට කාරණාවක් විදියට ලස්සන කතාවකුත් හදාගෙන ගනිකවුර්තියට යොමුවෙනවා

    මෙහෙමයි ඕනම ගැහැනියක් ගනිකාවක් කියන තැනට වැටෙනවනම් එතන මුල පිරිමියෙක් මයි... කොහොම උනත් ලදුනේ කියන ගීතය ගැන පමනයි යාලු මම කතාකරන්නෙ . මේකෙ ලස්සන නිධාන කතාවක් තියනව.. ඒක කෙටියෙන් කියල ඉන්නම්

    රන්බන්ඩා සෙනවිරත්න මහත්තයා සරසවියෙ ඉගන ගන්න කාලෙ තිබුන එක කෑත පුරුද්දක් ඒ තාමා යාලුවො හතර දෙනාටම එක ගනිකාවක් ගෙනල්ල හතරදෙනාම ඈත් එක්ක එක් වීම සින්හලෙන් ම කියනවනම් පෝලිමක් දෑමීම..

    ඔන්න එකසති අන්තයක කට්ටිය පුරුදු විදිහට පෝලිමේ වෑඩේ කරනව.. ඊටපස්සෙ පෝය.. මේ ගොල්ලොත් මොන වෑඩේ කරත් පෝය දවසට දලදා හාමුදුරුවන් වදින්න මාලිගාවට යනව. මෙන්න මෙහෙම ගිහාම අර කලින් තමන් කාමරයට ගෙනා ගනිකාව තෙල්, මල් අරන් දලදාව වදින්න ඈවිත්.. කලින් සතුටින් සිනා සෙමින් ඈ සමග එක්වුන මේ පිරිස මෙතනදි ඈට රවනව.. ඒ ඈය වෑරදි කාරියෙක් නිසා.. ඒත් කාටද ඈ වරදක් කරල තියෙන්නෙ??? බලන්ගිහාම ඈ කූබියෙකුටවත් වරදක් කරල නෑ

    ඒත් ඈ වෑරදි කාරියක්.. පිරිමින්ගේ පහත් අශා නම් වූ පාප කදට දෝශ විදින පාප කාරියක්.. හෑම දෙනාම යෑහේ ලෑම දකිනව

    ඔන්න ඔය සිද්දිය තමා යාලු ඔතනදී ගීතයකට නැගෙන්නෙ..

    ගනිකාව කියන චරිතය සමාජයේ කලුවට දැක්කට... ගනිකාව සමග සැතපෙන පුද්ගලය කලුවට දකින්න මේ සමාජය මැලිවෙනව.. නමුත් අපි හොදට හොයල බැලුවොත් ගනිකාව කියන චරිතය බිහිවෙන්න ඉස්සෙල්ල ඉන්න ගැහැනිය ගනිකාවක් බවට පත්කරවන්නේ අනිවාර්යයෙන්ම පිරිමියෙක්.. ඔව් පිරිමියෙක්
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,436
    7,117
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මේ ගීත දෙක සමාජපන්තින් දෙකක් වෙනුවෙන් ලියවුනු ගිතදෙකක් හාස්‍ය රසය වෙනුවෙන් මේ ලිපිය කියවපල්ලා, වැඩිය බරපතලවිදියට ගන්නෙපා

    උබ මේ කෑල්ල කියල තිබ්බේ නැත්තන් උබ අහගන්නවා හොද එකක්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113
    මෙහෙමයි ඕනම ගැහැනියක් ගනිකාවක් කියන තැනට වැටෙනවනම් එතන මුල පිරිමියෙක් මයි... කොහොම උනත් ලදුනේ කියන ගීතය ගැන පමනයි යාලු මම කතාකරන්නෙ . මේකෙ ලස්සන නිධාන කතාවක් තියනව.. ඒක කෙටියෙන් කියල ඉන්නම්

    රන්බන්ඩා සෙනවිරත්න මහත්තයා සරසවියෙ ඉගන ගන්න කාලෙ තිබුන එක කෑත පුරුද්දක් ඒ තාමා යාලුවො හතර දෙනාටම එක ගනිකාවක් ගෙනල්ල හතරදෙනාම ඈත් එක්ක එක් වීම සින්හලෙන් ම කියනවනම් පෝලිමක් දෑමීම..

    ඔන්න එකසති අන්තයක කට්ටිය පුරුදු විදිහට පෝලිමේ වෑඩේ කරනව.. ඊටපස්සෙ පෝය.. මේ ගොල්ලොත් මොන වෑඩේ කරත් පෝය දවසට දලදා හාමුදුරුවන් වදින්න මාලිගාවට යනව. මෙන්න මෙහෙම ගිහාම අර කලින් තමන් කාමරයට ගෙනා ගනිකාව තෙල්, මල් අරන් දලදාව වදින්න ඈවිත්.. කලින් සතුටින් සිනා සෙමින් ඈ සමග එක්වුන මේ පිරිස මෙතනදි ඈට රවනව.. ඒ ඈය වෑරදි කාරියෙක් නිසා.. ඒත් කාටද ඈ වරදක් කරල තියෙන්නෙ??? බලන්ගිහාම ඈ කූබියෙකුටවත් වරදක් කරල නෑ

    ඒත් ඈ වෑරදි කාරියක්.. පිරිමින්ගේ පහත් අශා නම් වූ පාප කදට දෝශ විදින පාප කාරියක්.. හෑම දෙනාම යෑහේ ලෑම දකිනව

    ඔන්න ඔය සිද්දිය තමා යාලු ඔතනදී ගීතයකට නැගෙන්නෙ..

    ගනිකාව කියන චරිතය සමාජයේ කලුවට දැක්කට... ගනිකාව සමග සැතපෙන පුද්ගලය කලුවට දකින්න මේ සමාජය මැලිවෙනව.. නමුත් අපි හොදට හොයල බැලුවොත් ගනිකාව කියන චරිතය බිහිවෙන්න ඉස්සෙල්ල ඉන්න ගැහැනිය ගනිකාවක් බවට පත්කරවන්නේ අනිවාර්යයෙන්ම පිරිමියෙක්.. ඔව් පිරිමියෙක්
    නිදනකතාව දැනගෙන හිටියේ නැහැ කිව්වට බොහොම ස්තුතී එත් මචං ගැහැනිය ගනිකාවක් බවට පත්කරවන්නේ අනිවාර්යයෙන්ම පිරිමියෙක් කියනදේ මට ටිකක් පැහැදිලි මදී ගණිකාවක් වෙන්න අදාල තීරණය කාන්තාවකගේ සිතේපහලවෙලා ඒක ඒතැනැත්තිය විසින් ක්‍රියාවට නැගිමෙන්නේද ගණිකාවක් බිහිවෙන්නේ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,545
    6,530
    113

    උබ මේ කෑල්ල කියල තිබ්බේ නැත්තන් උබ අහගන්නවා හොද එකක්.
    හා හා නිකංම දැම්මොත් ඇදගෙන නන්නවෙනවා කියල දන්න නිසා ආත්මාරක්ෂාවට ඔය කෑල්ල ඇමිණුවා :D:D:D:D
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    ලලක්ක සහ ලදුනේ කියන්නෙ එකිනෙකට සන්සන්දන්ය කරන්න සමාජයේ එකිනෙකට සපුරා වෙනස් තල දෙකක් ටච් කරන සිංදු දෙකක්... ලලක්ක ගත්තොත් සික්ස් එයිට් බීට් එකට හොදට නටන්න පුලුවන් සිංදුවක්ය.. ඒ වගේ සිංදු ගොඩක් ටච් වෙන්නෙ වැඩ කරන ජනතාව අතරය උදේ ඉදන් හොදට මහන්සි වී වැඩකරන හවසට පොඩි ශොට් එකක් දාගෙන ගෙදර යන ඔවුන්ට සුබාවිත ගීතයක් රසවිද එහි එන යටි අරුත සොයන්නට, ඒ බර වචන වල තේරුම සොයන්නට වෙලාවක් නැත උවමනාවක් ද නැත... ඔවුනට ඕනෙ දිනය සතුටින් නිමා කිරීමටය ඒයට ලලක්කා එලය...

    ලදුනේ ගීතය ඊට හාත්පසින්ම වෙනස්ය.. ගණිකාවන් පිලිබදව ඉතා මැදිහත්ව සනූකම්පිතව ඒ වගේ කතාකරන වෙනත් ගීතයක් නැති තරම්ය.. මෙය ලිවෙන්නෙ රංබණ්ඩා සෙනවිරත්නයන් අතින්ය.. මෙම ගීතයේ ලස්සන නිධාන කතාවක් තිබේ .. ගුනදාස කපුගේ සූරීන් විසින් ගායන කරන සෙනවිරත්නයන් අතින් ලියවුන දවසක්පැල නැති හේනේ ගීතය මෙන්ම මෙම ගීතයද සෙනවිරත්නයන්ගේ පෞද්ගලික අත්දැකීමකි... මෙම ගීතය ට්ච් කරන්නේ ලලක්කා ටච්කරනවාට වඩා වෙනස්ම කොට්ටාශයකි... ඒ කියන්නෙ හවසට පොඩි ශොට් එකක් දානගමන් සුබාවිත ගීතයක් රස විද මනසට යම් නිස්කලංක බවක් ලබ දී නින්දට යන්නට උස්සහ කරනා මනස වෙහෙසා වැඩකරන පිරිසය සමාජය උසස් යැයි සකන පිරිසය

    කොහොම උනත් ගිත දෙක එහෙම් පිටින්ම විදි දෙකක්ය.. ඒ දෙක සංසන්දනය කිරීම හරියට මුලින් ආවෙ බිත්තරයද කිකිලිද කියල සොයනවා වගේ වැඩක්ය... එකෙනිකට හාත් පසින්ම වෙනස් සමාජ තල දෙකක මෙමෙ ගීත වැජෙබෙති....

    සම්පූර්ණ ඇත්ත කථාව මචෝ