90 ගැහුවේ නෑ බං, 90s කිව්වෙ අනූ ගනන්වල. අනූ ගණන්වල අග හරියේ.... මතක නෑ.
මං, ගොං gamers කිව්වද බං

"අලුතෙන් එන" නෙවෙයි, "හෙන marketing පාරක් එක්ක එන" කියල කිව්වෙ.
අලුතෙන් එන ඒවා නොගහ පරණ ඒවා ගගහ ඉන්න කිව්වෙත් නෑ
නෑ බං, real gamers ල ගහන්නෙ rythem එකකට click කරන games

, හරියට assassins creed වගේ :v.
(source: assassins creed brotherhood ගහනව බලන් ඉඳීම

)
------------------------------------------------------------
මම මේ කියන ටික හරිද බලහල්ල කෝ ....

----------------------------------------
හෙන set එකක් මැද්දට පැනල rythem එකකට click කරගෙන යනෝ , ඌ ඌට ඕන ඕන ෂොට් වැඩදාල ගහනෝ.
thats it. ඌට තියෙන shots ටික මොනාද කියල අපිට දෙන්නේ නෑ, ඉතිං අපි දන්නෙත් නෑ, ඉතිං අපිට ඕනේ shots ටික තෝරන්නත් බෑ, අපිට ඕනේ ඒවා ගහන්නත් බෑ.
so , set එකක් වට උනාම තත්පරයට එක click එකක් වගේ දෙන්න තියෙන්නෙ, ඌ ඌට ඕනේ ඕනේ ඒවා automatiucally ගහනෝ.
එච්චරයි. කිසිම මෙව්ව එකක් එන්නේ නෑ. පට්ටම ලේසියි. අපි set එකකට ගැහුවා කියල එකක් දැනෙන්නේ නැහැ. ඊට වඩා හොඳයි cutseen එකක් දැම්මනම් :v.
මොකද එතන අපි කරපු දෙයක් නැහැනෙ ඔයි :v
මං මේ කියපු එක තේරෙයි prince of Persia warrior within වගේ එකක් ගහපු කෙනෙක්ට. ඒකෙ shots වලට combo list එකක් තියෙනව.
අපිට ඕන shots අපිට ඕනේ විදියට ගහත හැකී.
but, assassins creed වගේ ඒවයි එහෙම බෑ.
හරි විදියට නම් ගහන්න ඕනේ shots ටික මමයි තීරණය කරන්න ඕනේ

. ඌ නෙවෙයි!
ඌට ඕනෙ ඕන ඒව ගහගෙන යන්න ඕනෙනම් මාව දැම්මෙ මොකටද. වෙලාවට click එක ඔබන්නද? :v
මෙච්චර හෙන graphics එක්ක හෙන open world එකක් දීපු එකේ තේරුම මොකක්ද, combat එක ඔහොමනම්.
ඊට පස්සෙ ආපු assassins creed game එකක (revalations ද කොහෙද ) පොඩි වෙනසක් කරලා තිබුණා, ඒ, එකෙක්ට ගහනකොට තව එකෙක් ගහන්න යනවනම් E ඔබන්න. oh LOL.
ඒකයි "games වගේ ඒවා" කිව්වෙ
මම කියන්නෙ නෑ ඔක්කොම ඒවට combo list දීල එකම විදියට හදන්න ඕනේ කියල.
but, මේකෙදි හෙන රැවටීමක් වෙනව කියලයි මටනම් හිතෙන්නෙ.
මොකද, "ගහන්න හොඳ/සුපිරි game එකක් කියපං කො" කියපු ගමං assassins creed කියයි, battlefield 3 කියයි. -.-
experience එක සුපිරි ඇති , but 'game එකක්' කියන පැත්තෙන් ගත්තම අසාර්ථකයි.........
අන්න එකයි මම කියන්නෙ. හෙන රවටීමකින් ඉන්න එක තමයි මට පෙන්න බැරි.
battlefield 3 වලට උනත් මට කියන්න පුළුවන් හොඳ ඒවා.
ඒකෙ team එකක් නේ යන්නේ,
හරි කමක් නෑ, but උන්ට ඕනේ විදියට තමයි මම play කරන්න ඕනේ.
team එක පස්සෙන් මම යන්න ඕනේ.
මම දොරක් අරින්න හැදුවොත් මට icon එක වැටෙන්නෙ නෑ,උන් දොර අරිනෝ.
ඊළඟ දොරත් එහෙනම් තොපිලම ඇරගනිල්ල කියල බලං ඉන්නකොට උනුත් බලන් ඉන්නෝ, ලඟට ගියාම මෙන්න මට අරින්න තියෙන්නෙ.
අනේ බං battlefiled 3 please. මෝඩ අතල් දෙන එකේ සීමාවක් නෑ.
උන්ට ඕනෙවෙලාවට බඩගාගෙන යන්නයි, උන්ට ඕනේ වෙලාවට දුවන්නයි, etc .....
මට ඕනේ විදියට ගහන්න දෙන්නෙම නැහැනේ හුත්....
සරින් සැරේට මොකක්හරි හුත්*ක් කරන්න කියනෝ.
මේලෝකේ ඉන්න හැම එකාම එකම විදියට තමයි ඕක play කරන්නේ, ඇයි ඉතිං උං arrange කරපු ටික ඒ ඒ විදියට කර කර ඉන්න එපැයි,
ඉතිං මුළු game එකම නිකම් film එකක් වගේ....
(film වගේ games තුත් වෙනම තියෙනවා play කරන්න, ඒවා එලියට එන්නෙත් ඒ type එකෙන්, එහෙම නැතුව real games වගේ මවා පාල නෙවෙයි...)
RPG කාරයෙක් ඉන්නවලු , ඌට ගහපන් ලු , මන් ගහන්නේ නැතුව බලන් හිටිය මොකද වෙන්න බලන්න,
RPG කාරයට ගහනකම්ම unlimited enemys ල වැටෙන් පැන පැන එනෝ. මම හෙන වෙලාවක් බලන් හිටිය. එත් එහෙමයි.
ඒක program කරලා තියෙන්නෙ එහෙමයි. LOL
so උන්ට ඕනේ විදියට අපි ගහන්න ඕනේ. ගහනවා කියල මහා දේකුත් නෑ, enemy's ල ටිකක් දාල අපේ උන් ටිකයි මායි දාල පොඩි area එකක් පන්නන්න දෙයි. ඊට පස්සෙ ආයෙ අපේ උන් දුවාවි,
මට අපේ උන්ගෙ පස්සෙන් දුවගෙන එන්න කියයි.....
ඔන්න cover වෙන්න කියයි,
අන්න අරූට තියන්න කියයි...
අනේ බං battlefiled 3 please.....
අපි free ගහන එක හරි, but මේවා 60$ games හරිද! (8000/=) and අහවල් edition කියල තව 120$ ට හිටං තියෙනෝ (16,000/=).
but බලහන් එච්චර ගානකට වටිනවද කියල.....
real game එකක් නම් අපිට හිතල අපිට ඕනේ විදියට play කරන්න තියෙන්න ඕනේ.
story එකට අවුලක් නොවෙන්න එහෙම හදන්න පුළුවන්.
උදාහරණයකට ගනින් අපි හැමෝම ඉස්සර ගහපු හද්ද පරණ IGI වගේ එකක් උනත්. බලහන්, mission එක පටන් ගන්නකොට objectives ටික දෙනවා, එතන ඉඳන් අපිට ඕනේ විදියට අපි ගහන්නේ, story එකකුත් තියෙනවා. එක්කෝ වැටෙන් පැනල යන්න, නැත්තම් කඹේන් ලිස්සල යන්න, නැත්තම් වහලෙන් පනින්න, options තියේ.....එත් මේවයි.... මොනාද බං ගහන්න දෙයක් තියෙන්නෙ.....
මුන්ගේ මේ motion capture technology රෙද්දවල් හැමතිස්සෙම දාල දාල, quicktime events දාල දාල, හැමතිස්සෙම gameplay එකට interrupt කරනවා.
ඒවා එක ගානකට use කරාට කමක් නෑ.
ගහන එකාට satisfiy වෙන්න පුළුවන් විදියට මුල ඉඳල අගට, interrupt නොකර, එක mission එකක් තියේද ගහන්න.
objective indicator එකක් බලෙන් දාගෙන, ඒකත් meter 10න් 10ට වෙනස් වෙනවා.
ඒ කියන්නේ අපි ඇවිදින්න ඕනේ direction/vector එක පවා උන්ට ඕනේ විදියට තමයි වෙන්න සිද්ද වෙන්න ඕනේ.....
කමක් නැද්ද දන්නේ නෑ

?
ඔය කිව්වෙ මට දැනට මතක තිබිච්ච හේතු ටිකක් විතරයි.
ආයෙ play කරානම් අම්බානක් අහුවෙයි.
අන්න එකයි මම කියන්නෙ 'game වගේ ඒවා' කියල.
මෙහෙමයි, ගොඩක් අය කැමතී "මාර ගතියට දීල තියෙනෝ, පට්ට experiance එකක්" වගේ විඳින්න...
its ok, but මම මේ කියපු දේවල් ටිකක් දැනගෙන ඉන්න.
ඕක top shooting game එකක් විදියට විකුනනවානම් ඒක මුලාවක්.
මොකද shooting පොඩ්ඩක් තියෙන, වෙන අනම් මනම් ගොඩක් තියෙන game එකක් නිසා....
games කියන එක දැන් හෙනම business එකක්.
EA etc... එහෙම ටක් ටක් ගාල හදල out කරනවා නළුවෝ දැම්මල පුළුවන් තරම් රඟපාල රඟපාල game එකේ programming පැත්ත අඩු කරනව....
so, වචනයේ පරිසමාප්තයෙන්ම ගත්තම 'game' එකක් ද කියල හිතෙනවා......
dirty business.
games කියන්නේ අපිට ආදරේට හදන දේවල් නෙවෙයි.
ඒනිසා සද්දෙ දාල out වෙන games වල ඇතුල පුස් වෙන්න පුළුවන්.
so , "පට්ට" කියල කියන්න කලින් පොඩ්ඩක් කල්පනා කරලා බලහල්ලකෝ

game එකක් විදියට දෙයක් තියේද කියල...

ගහපන්, but හැටි දැනගෙන ගහපල්ලකෝ මැරෙන්න හදන්නේ නැතුව.