අපි හිතමු නූලකින් පොඩි යකඩ බෝලයක් එල්ලල තියෙනව කියල
දැං මේ යකඩ බෝලෙ එල්ලි එල්ලි තියෙන්නෙ හිස් අවකාශෙ.
අපිට යකඩ බෝලෙ මේ හිස් අවකාශෙන් වෙන් කරල හඳුන ගන්ඩ පුලුවං.
ඒකනෙ අපි ඒවට නම් දාලත් තියෙන්නෙ, යකඩ බෝලයයි, අවකාශයයි කියල.
දෙකේ වෙනසක් පේන නිසානෙ ඒ...
යකඩ බෝලෙ හරහා අපිට පේන්නෙ නෑ. ඒ උනාට ඒක වටා තියෙන අවකාශය හරහා පේනව
අපේ අත යකඩ බෝලය හරහා එහාට මෙහාට ගෙනියන්ඩ බෑ. (විනිවිද යන්ඩ බෑ) ඒත් යකඩ බෝලය වටා තියෙන අවකාශය හරහා අති නිදහසේ එහාට මෙහාට ගෙනියන්ඩ පුලුවං..
තව වෙනස් කං ගොඩයි
මිනිස් අපේ විඥානෙට ගෝචර වෙන්නෙ ඔහොමයි
අපි කියමු තවත් අමුත ජීවීන් ජාතියක් ඉන්නව කියල (වෙනත් විශ්වයක)
මෙයාලට සමහර විට, ඔය සිද්ධිය අනිත් පැත්තට පේන්ඩ ගන්ඩ පුලුවං
ඒ කියන්නෙ අපේ අවකාශය ඝන පදාර්ථයක් ලෙසත්.. යකඩ බෝලය හිස් අවකාශයක් වගේත්..
මම කියන්නෙ මේකයි අපෙන් බාහිරව ලෝකයක් පවතිනව.. ඒත් අපිට, මේ ලෝකෙ පවතින කිසිම වස්තුවක් වාස්තවිකව පවතිනව (ඇත්තටම එහෙම දෙයක් තියෙනව)
කියල කියන්ඩ බෑ.. ඒ වස්තුවට හිමි ස්වරූපය තීරණය වෙන්නෙ අපේ විඥානෙන් ඒ දිහා බලන විදිය අනුව.. අපෙන් වෙනස් විදියෙ විඥානයක් තියෙන ජීවීන් සමහර විට මේව (බාහිර වස්තු) වෙන විදියකට දකින්ඩ පුලුවං
ඉතිං මේ ලෝකෙ තියෙන කිසිම වස්තුවක්, ස්ථිරව මෙහෙමයි කියල කියන්ඩ බෑ.. අපි දකින කෝණය අනුව ඒවට වවිධ අර්ථ ලැබෙනව..

මට තියෙන්නෙ හිතන පිස්සුව