ළඳුනේ..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    Another Review on same

    http://www.elakiri.com/forum/showthread.php?t=1667068
    රයිට්. වැඩේට බහිමු.


    ලඳුනේ ගීතය ගමුකො. පටන් ගන්නේම “ඔබේ දෑස දැකගත්තෙමි - සැඳෑ කලෙක ලඳුනේ......”


    එතනින්ම තමා වැඩේ කන්නෙ. එකපාරටම හැන්දෑවක අමුතු දෙයක් දැකලා. මොකද්ද? මුදල් පිණිස ලිංගික සේවා සපයන්නියකගේ ඇස් දෙකක්. බුදු අම්මෝ ගණිකාවක්. එයා බබා. දැන් ඉතින් ගණිකාවන් නමැති සත්ව කොට්ඨාශය මේසය මත තබා සමාජ දේශපාලනික විවරණයක් අහගන්න පුළුවන්. මම කියන්නෙ මේ රචකයාට (රන්බණ්ඩා සෙනෙවිරත්න) ඇය දුරස්ථයි. මේ විච්ඡේදනය කරන්නෙ ඇත්ත ‘ලඳ’ නෙමේ. එයාගෙ ඔලුවෙ ඉන්න කවුරුහරි. ඒක නිසානෙ “දෙනෝ දහක් ‘අතගත්තද’ – ‘සැමියෙකු’ නැති...” වගේ කෘෂිකාර්මික කතන්දර එන්නෙ. දැන් ඇත්ත කතාව කවුරුවත් එහෙම ‘අතගන්නෙ’ නෑනෙ. වැඩේ කලා. ගාන දුන්නා. කැපුනා. පැහැදිලි අවබෝධයකින් සිද්දවෙන ගණුදෙනුවක්. අනික ‘සැමියා’ කියන්නෙ බුදියගන්න එකාද? පිස්සුනේ.


    අන්න ඒකට ලලක්කා.


    ලලක්කගෙ අතගැනිලි අරව මෙව්ව නෑ. කෙලින්ම “සුර සැප වික්කා”. වැඩේ ක්ලියර්. අර විදග්ධ කතන්දර වල එන ‘ආත්මය විකිණීම’ ‘ශරීරය විකිණීම’..... (මම කියන්නෙ ඔය තියරියට මේසන් වැඩ කරන එකත් ඇඟ විකුණනව කිව්වෑකිනෙ)


    නිකං බයිලනේ. ඔය මොන ලඳක්වත් ශරීරය විකුණන්නෑනෙ ඕන එකක් කපාගෙන පලයං කියල. කොන්දේසි සහිත සේවාවක් සපයනවා. ඇඟ භාවිතයෙන් ඊනියා ‘සැප’ විකුණනවා. පාරිභෝගිකයො සැප අරගෙන ඇඟ තියල එනවා.


    අනික ලලක්ක රෙස්පට්නෙ. ‘සුරසැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා’. ඔය ‘වත ගොත’ කියන්නෙම සුළුපටු දේපලක්ද? පාරිභෝගික විශ්වාසය. සෙල්ලමක් නෙමේ. හැබැයි ලලක්කල කන පතේ රෙ** නෑ. අන්න ගෑණු.


    අනික ලලක්කල ඔය කියන තරං අසරණත් නෑ. “නෑයෙක් නෑකං නොකියන...”. මේ මොන රටේද? ලලක්කලට නං නෑයො මිත්‍රයො බජාර් එකක්ම ඉන්නවා. ඔය නෑකං ප්‍රශ්නෙ එන්නෙ ඔය ජොබ් එක මහ පජාත රස්සාවක් කියන විදග්ධ ඔලුගෙඩි ඇතුලෙනෙ. ඔන්න රන්බණ්ඩා මහත්තේලගෙ විදග්ධ පරපුර නං නෑදෑකං අතහරී කිව්වෑකි. ඒත් ලලක්කගෙ බජාර්එකේ ඔය ගැරඬිපාට් නෑ. රස්සාව වේසකම. එච්චරයි. අම්මත් දන්නව. තාත්තත් දන්නව. මිනිහෙක් ඉන්නවනං ඌත් ෂොට් එකක් දාන්ඩ කීයක්හරි ඉල්ලගන්නව.


    “නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා...දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා....”
    ඔන්න නෑකං....!


    “පිරිමින්ගේ පාප කඳට - දෝස විඳින ලඳුනේ....
    අඳුරේ පව් කරන දනා - එළියෙ රවන ලඳුනේ......”


    මම කියන්නෙ මේවත් නිකං ඔලුවෙ ප්‍රලාප. රෑට ලලක්කල එක්ක බුදියල, දවල්ට උන්ට වේසියො කියන සත්ගුණවත් මහත්තුරු ඕනෙතරං ඉන්නව. හැබැයි ඉතිං ඕක රණ්බණ්ඩා මහත්තයලගෙ ප්‍රශ්නයක් මිසක් ලලක්කලගෙ ප්‍රශ්නයක් නෙමේනෙ. ඔය රවන්නෙ බොරුවට කියල ලලක්ක නොදන්නවද? අනික රැව්ව කියල ලලක්කගෙ අහවල් එක නැතිවෙන්ඩද? කොහොමත් රස්සාවෙන් පිට කස්ටමර් කෙයාර් කෑලි ලලක්කලගෙ නෑ. රැව්වත් එකයි. නැතත් එකයි.


    හැබැයි ඉතිං අපේ ඇන්ටන් ජේ. ප්‍රනාන්දු ශූරීන් ලියපු “සිල් අරගත්තා - පෝයට සීලෙත් රැක්කා....” කෑල්ලනං පොඩි අධීසාමාන්‍යකරණයක් වගේ. ඒ උනාට ඒක කියල තියෙන විදිහට මම කැමතියි. ලලක්ක කෑව/කුනුහරුප කිව්ව/ටොයිලට් ගියා/බුදියෑව/රෙදි හේදුව/සිල්ගත්තා...... මේ චරිතයේ එක පැත්තක් ඔහෙ කියල දාල. එහෙම නැතුව සිල්ගත්තු හින්ද ලලක්ක මාර වෙලා නෑනෙ. ඒ වුනාට අරකෙනං මාරයි.


    “තෙල් මල් ගෙන... දෝත පුරා - මුණි කුටියට පියමංවන.....”


    අනේ ඉතිං හරී අනුකම්පා හිතෙනවා. අර පිරිමින්ගේ ඊනියා ‘පාප කඳ’ නිසා මේ ගෑණු මිරිකෙන හැටි දැකලා. හැබැයි ඉතිං ඔය ඔලුවල තියෙන වැඩවසම් ආගමික වහන්තරාවල් ටික අයින් කරල බැලුවොත් නං ඔයිට වඩා මිරිකෙන ගෑණු අනන්ත දකින්න පුලුවන්. (සමහරවිට ගෙදරම ඇති).


    මම යෝජනා කරන්නෙ මෙහෙම. ඔය කියන “ලඳ” ගැන හදවත කීරිගස්සන විදග්ධ රචනාකාරයො මේ ගෑණුන්ට මහා අපහාසයක් කරනවා. ඔවුන් විශේෂිත අසාධාරණයන්ට ලක්වන, විශේෂ අනුකම්පාවකට ලක්විය යුතු, අසරණ ජන කොට්ඨාශයක් බවට පත් කරනවා. හරියට නිකං ‘ගණිකාවන්ට’ පාව්.... එයාල දිහා සානුකම්පිතව බලන්න.... වගේ එකක්. කාටද ඔය කියන්නෙ? මේ සත්ගුණවත් “අපිට”. රෙද්ද තමයි.


    මම කැමති ජොලි සීයට.


    මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....//
    හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා....


    අන්න එහෙම නම්බුව දීල ‘සමානයෙක්’ විදිහට කතාකරමු. ලලක්කලට මොනවහරි අකටයුතුකම් වෙනවනං නාහෙන් අඬන්නැතුව පුලුවං දෙයක් කරමු.


    ලලක්කා සින්දුව ලූම්පන් සංස්කෘතියට අයත්වීම ගැන සුමිත් සහෝදරය මතක් කරල තිබුණ. ස්තුතිය ඔහුට. ලූම්පන් ලලක්කල ගැන මෙච්චර ලියවුනේ ඒ හින්ද. ලලක්කා සින්දුවේ තියෙන වටිනාකමත් ඒක ලූම්පන් සංස්කෘතියේ ගැයෙන එකක් හින්දමයි. අද ලංකාවේ ජනප්‍රිය සංස්කෘතිය ලූම්පන්. අනික් පලාත්වල මන්දා. වයඹ පළාත් සභාවෙන් “ලඳුනේ” සින්දුවයි “ලලක්කා” සින්දුවයි ගැන ජනමත විචාරණයක් තිබ්බොත් හයෙං පහක් අරං ලලක්කා දිනනවා. (අපි ලලක්කට -ලලක්ක අපිට.... පුහ්)


    මිනිස්සු අතර ඉන්නෙ ජොලිසීයා. ජොලිසීයා කියන්නේ මෙහෙම.


    “රයිට්.... අපි ලලක්කා කියල අලුත් ගීතයක්..... අහිංසක කාන්තාවක් ගැන ලියවුන ගීතයක් ගායනා කරන්ඩ.... දෙමු වැඩේ.... දෙන්ඩ පුතා... ශ්‍රැතිය දෙන්ඩ මහත්තයො.... හහ් හහ් හහ්... රයිට්.... ගැහැනි ලලක්කා..... හා... හයි.... කොල්ලො නටපියව් ඇතිවෙන්ඩ.........”
    ලලක්කට නටන උන් ආයෙ කවදාවත් ලලක්කලට කෙල ගහන්නෙ නෑ. උන් අඳුර එලිය වෙනසක් නැතුව ලලක්කල එක්ක හිනාවෙයි. අවුරුදු හතලිස්ගානක් දේශපාලනේ කරලත් ජ.වි.පෙ.ට හැරෙන්ඩවත් බැරිවුන දේවල් මෙන්න ජොලිසීයා කරනවා.
    ජයවේවා !!

    ලඳුනේ - අමරසිරි පීරිස් (සින්දුව අහන්න)
    බජාර් එකේ ලලක්කා - ජොලි සීයා (සින්දුව අහන්න)

    මේ ගීත දෙක සමාජපන්තින් දෙකක් වෙනුවෙන් ලියවුනු ගිතදෙකක් හාස්‍ය රසය වෙනුවෙන් මේ ලිපිය කියවපල්ලා, වැඩිය බරපතලවිදියට ගන්නෙපා
    http://reargate.blogspot.in/2012/05/...l#comment-form



    ප.ලි ------- member කෙනෙක්ගේ comment එකකට දක්වපු අදහසක් මෙතන පලකරනවා

    අදහසට සම්පුර්ණයෙන්ම එකගයි, ඒවගේම කියන්න ඕන මේ සමාජයේ ලලක්කල ඕනෑතරම් ඉන්නවා එත් ලදුනේ ගීතයෙන් වර්ණනා කරන විදියේ බුදුන්දැක නිවන්දකින්න try කරන ගණිකාවෝ ඉන්නවද කියන එක මට සැකයි, ලංකාවේ ඉන්න ගණිකාවක් ලගට ගිහිල්ල එයාලගේ කතාව අහන්නකො හෙන දුක්බර කතාවක් කියයි, පත්තරකාරයෝත් ඔයවගේ ඒවා උඩදද market කරනවා එත් හිතල බලන්න ලංකාවේ කෙල්ලෝ ඉන්නවා garment වලට ගිහින් මැරීගෙන වැඩකරලා පව්ල්වලට සල්ලියවන, අම්මල ඉන්නවා දරුවට උගන්නන්න ගල්වලවල්වල ගල්කඩන, ඒමිනිස්සු ආර්ථිකේ අපහසුඉ කියල ගණිකාවෝ උනේ නෑ, ටිකක් හොයල බලන්න ගොඩක්වෙලවට ගනිකාවක්වෙන්නේ ගමේ ඉන්න විසේකාරම කෙල්ල, තමන්ගේම ක්‍රියාවලින් ජීවිතය විනාස කරගෙන නිදහසට කාරණාවක් විදියට ලස්සන කතාවකුත් හදාගෙන ගනිකවුර්තියට යොමුවෙනවා


    http://www.elakiri.com/forum/showthread.php?t=1667068

    මම හිතුව ඔඅක මෙතන ගෙනත් දැවී කියල. අකම්ත්තෙන් ගණිකා වුත්තිය කරන ගනු ඉන්නව. කොච්චර කරත් රස අත්රරින්න බැරි ගනුත් ඉන්නව. ඒ වගේම ජිබිතේ යම් යම් ප්‍රශ්න නිසා ඒ මගට වැටිලා පස්සේ ඒවා විසදුනම ඒවගෙන් ඉවත් වෙච්ච ගනුත් ඉන්නව.


    ලලක්කා ගැන විචරය කරපු කෙනාගේ අම්ම එහෙනම් නම් එයාට යාලුවෙක් , රැකියාවකට ගියාම, තාත්ත,අම්ම මොනාද කරන්නේ ඇහුවම අපේ අම්ම බඩුවක් කියල කට ඇරලා කියන්න පුලුවන්නම් ඔන්න ඔය කියන විචාරය ගලපන්න පුළුවන්. එත් මම හිතන්නේ නැහැ කියන ජොලි සියා උනත් එක කරාවි කියලා. ඇයි එහෙම කියන්නේ නැත්තේ ?? මොකද එහෙම කියන්න මට්ටමක් ලනකාවේ නොවේ කොහෙවත් එච්චර විවෘත මනස තියන අය නැහැ. ලියපු එකා හුරේ ලලක්ක කියනවා ඇරෙන්න ඇයි ලලක්ක ගේ ළමයෙක්ට ඉසකොලේ ගිහින් තමගේ අම්මගේ රස්සාව කියන්න බැරි කියල කලපනා කරන්නේ නැහැ. ...දුමින්ද සිල්වා කුඩු විකුණලා නිවන්දක්කින්න ට්‍රයි කරනකොට, මර්වින්ලා මිනි මරාගෙන බෞද්ද කියල නිවන් දකින්න හදනකොට...ජිනා මැඩම් ලා පල්ලි යනකොට... ඇයි මේ ගැනි පන්සල් ගියාම. ..... කරන්න ඕනි ශා ෂෝයි සින්දුව කියන එක විතරක් නෙමයි.. ඉන් එහාට දෙයක් තියනවා එත් එක තම තම නැණ පමණින් කල්පනා කරලා බලන්න ඕනි
     
    • Like
    Reactions: SHANUXLK

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    කලකට පෙර රන්බන්ඩා සෙනවිරත්නයන් මියයන්න පෙර ටී වී එකකට හරි පත්තරේකට හරි (මට හරියට මතක නෑ කොහෙද කියලා) ඔය කතාව කියල තිබුනා මම දැක්කා - හරිම අපූරු තේරුමක්!
    ඔය පද වැලේ මට ලස්සනම ටික තමා මේක!

    ළැම පමනක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ.....:)

    TFS!
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම අහලා තියන විදියට අමරසිරි පිරිස් මහත්මයට ගීතය ගායනා කරන්න කිවුවහම අදිමදි කලාලු. ඒ පාර කේමදාස මාස්ටර් කිව්වලු " උබ මේක අද කිව්වේ නැත්තම් එලවනවා අයිත පැත්ත පළාතේ වද්දා ගන්නේ නැහැ" කිව්වාලු. කේමදාසයන්ගේ සංගීතය පිළිබද තිබෙන ඉව මේ කටහඩ මේ දක්ෂයා කියලා හදුනාගන්න තියන හැකියාව තමයි අපිට රසවින්දනය කරන්න පුළුවන් නිර්මාණ ලබාදීමට එක හේතුවක් උනේ.

    මචන් මම අහලා තියෙන විදියට ඔය සින්දුව මුලින් කියන්න හිටපු ගායකයා සින්දුව කියන්න අකමැති වෙලා තියෙනවා. එතකොට මාස්ටර් , වාදක කණ්ඩායමේ හිටපු අමරසිරි පිරීස්ට සින්දුව කියන්න කියලා තියෙනවා.ඕක තමයි අමරසිරි පිරීස් මහතාගේ පලවෙනි සින්දුව. ඒ වෙනකන් ඔහු වාදකයෙක් ලෙස විතරයි කටයුතු කරලා තිබ්බේ.
    You must spread some Reputation around before giving it to maxboysl again.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කලකට පෙර රන්බන්ඩා සෙනවිරත්නයන් මියයන්න පෙර ටී වී එකකට හරි පත්තරේකට හරි (මට හරියට මතක නෑ කොහෙද කියලා) ඔය කතාව කියල තිබුනා මම දැක්කා - හරිම අපූරු තේරුමක්!
    ඔය පද වැලේ මට ලස්සනම ටික තමා මේක!

    ළැම පමනක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ.....:)

    TFS!

    ඔව් මචං එක හිතට දැනෙනෙවා නේද ??
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මචන් මම අහලා තියෙන විදියට ඔය සින්දුව මුලින් කියන්න හිටපු ගායකයා සින්දුව කියන්න අකමැති වෙලා තියෙනවා. එතකොට මාස්ටර් , වාදක කණ්ඩායමේ හිටපු අමරසිරි පිරීස්ට සින්දුව කියන්න කියලා තියෙනවා.ඕක තමයි අමරසිරි පිරීස් මහතාගේ පලවෙනි සින්දුව. ඒ වෙනකන් ඔහු වාදකයෙක් ලෙස විතරයි කටයුතු කරලා තිබ්බේ.
    You must spread some Reputation around before giving it to maxboysl again.

    :):)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    ළැම පමනක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ


    tfs :) rep+
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ළැම පමනක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ


    tfs :) rep+
    hqdefault.jpg