අප කතාකරන්නේ එලිසබෙත් වින්ඩ්සර් අත්වැසුම් ගලවා තමන්ට අතට අත දිම ගැන මෛත්රිපාල මහත් උජාරුවෙන් කතාකිරීම ගැන නො වේ. ඩේවිඩ් කැමරන් පැමිණ මෛත්රිපාල ඩවුනිං වීදියට ගිය රථයේ දොර ඇරීම ගැන පස්වණක් ප්රීතියෙන් පිනා ගිය මෛත්රිපාල ගැන ද අපි කතා නො කරමු. එහෙත් ජනවාරි 9 වැනි දාම බටහිරයන් අපට සලකන ආකාරය වෙනස් වූයේ කෙසේ ද? ඉතා පැහැදිලි ව එදා වහල්ලු නැවතත් වහල්ලු වූහ





