කිඹුල් අයියට කිව්වට මේක ආයෙ පටන් ගන්න කියල, ඒ අහන්නෙත් නැති තැන මට පුළුවන් විදියට විචාරයක් දාන්න හිතුවා...
විචාරයක් කිව්වට මේක මං අහපු එකක් නෙවෙයි... මට මේ ගීතය හිතට දැනෙන විදියයි මේ කියන්නෙ..වැරදි අඩුපාඩු බොහෝ වෙන්න පුළුවන්.... වැරදි ඇත්නම් නිවැරදි කරත්වා...
මේ ගීතය මං උසස් පෙල කරන කාලෙ තියුණු විරහවකින් පෙළෙමින් ඉන්නකොට හිතට දැනුනු ගීතයක්...
මේ ගීතය ගායනා කරන්නේ ජගත් වික්රමසිංහයන්...
පබැදුම සහ සංගීතය නම් හොයා ගන්න බැරි උනා..
රන් තාරකාවන් දිලෙන රැයේ
සේපාලිකා මල් පිපෙන පැයේ
හදවතට ළංවෙන්න කාටත් හොරා
සිහිනයක දැවටී වෙලී....
නිසල අහස් කුස පායලා තියෙන තාරකාවනුත්, මැදියම් රැයේ පිපී සුවඳ දෙන සේපාලිකා මලුත් හැරුණුකොට
රචකයාගේ තනියට වෙන කිසිවෙක් ළඟ නැති මොහොතක හීනයක රැඳිලාවත් මගේ හිතට ළංවෙන්න කියලා ඔහු අමතන්නේ
සිහිනයකින්වත් හැරුනුකොට කිසිදා සැබෑ ලොකයේදී පැරණි පෙම්වතිය හමුවන්නට බැරි බව දන්නා නිසාමයි...
මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා
සඳවතිය පාවී ගියා
පිළිගන්න පුළුවන්ඳ සඳ දෙව්දුවක්
මේහැටිම නපුරුයි කියා
මේහැටිම නපුරුයි කියා......
ඔහුගේ සන්තානයේ උතුම්ම ස්ථානයකුයි ඇයට හිමිවෙලා තියෙන්නේ...ඔහුගේ අඳුරු ලොවේ සඳවතිය වෙලා හිටියේ ඇයයි....ඒකයි තාමත් ඔහු පිළිගන්න අකමැති, මෙතරම් සෙනෙහස දුන්නු ඈ ඔහුගෙන් ඈතක යන්න තරම් නපුරු උන බව
පෙම්වතිය රචකයා අතැර ගියත් ඔහු ඇයට වෛර කරන්න සූදානම් නෑ...ඒ නිසයි තාමත් ඔහු ඇයට සඳවතිය යැයි ආමන්ත්රණය කරන්නේ...ඔහු අතැර යන්න තරම් ඇය නපුරු වී ඇති බව ඔහුගේ සිත තාමත් පිළිගන්නේ නෑ...
මා උන්නෙ දොර කවුළු හැරදා තියා
ඔබේ සුවඳ ඒයැයි කියා
නිදි නොමැති නෙත් අගට කඳුලක් තියා
මුළු රෑම ගෙවිලා ගියා
මුළු රෑම ගෙවිලා ගියා......
තමන් පෙම්වතිය ඇසුරුකරන කාලේ ඇගේ ලඟින් හමන සුවඳ අපේ හිත පතුලේ රැඳිලා තියනවා.... පෞද්ගලිකව තමන්ගේ හිතෙනුත් අහල බලන්නකෝ පැරණි පෙම්වතියගේ ලඟින් ඉන්නකොට දැනුනු සුවඳ තාමත් මතකේ තියනවද කියලා....ඔහුටත් ඒ අත්දැකීම පොදුයි... තාමත් ඈ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න ඔහු ඇය වෙනුවෙන් දොර කවුළු විවර කර බලා සිටිනවා.... ඇගේ මතක සුවඳ හෝ පැමිණ ඔහු සනසාවි යන සිතිවිල්ලෙන්.... නමුත් ඈ බලාපොරොත්තුවෙන් සිටින සෑම නිදිවර්ජිත රාත්රියකම ඔහුගේ දෙනෙතට කඳුලක් පමුණුවමින් පසක් කරනවා ඈ වත්, ඈගේ මතක සුවඳවත් යළි පෙරාතීතේ මෙන් ඔහු හමුවට නොයෙන වග....
මේ මං ගීතයකට ලියපු පළමු විචාරය.... මගේ හිතට මේ ගීතයෙන් දනවන අදහසයි මෙහෙම අකුරු කරේ... ඒ නිසා කප්පරක් වැරදි අඩුපාඩු ඇති... ඒ වෙනුවෙන් සමාව භජනය කරන මෙන් ඉල්ලා සිටින අතර මේ ත්රෙඩ් එක නැවත ඔසවා තබන මෙන් මෙහි පැරණි සියළුම සාමාජිකයින්ගෙන බැගෑපත්ව ඉල්ලා සිටිනවා

Last edited: