මාධ්‍ය-අත්ලාන්තික්-මිසරය
භූමිකම්පා සහ අත්ලාන්තික් සාගරය මැද,ගැඹුරු මුහුදේ ඇතිවෙමින් පවතින පැල්ම
ඔය ගොල්ලෝ දන්නවා ඇති භූමිකම්පා ඇතිවෙන්නේ පෘතුවියේ ඇති භූ තල එකිනෙක ගැටීම නිසා කියන එක. ඒත් ගොඩ දෙනෙක් දන්නේ නැතිව ඇති මේ විදියට මේ මහා විශාල භූ තල චලනය වෙන්නේ කොහොමද කියන එක.
අපේ ලෝකේ තියෙන භූ තල හැදිලා තියෙන්නේ ඝන පාෂාණ වලින්. මේ භූ තල වලින් සමහර කොටස් මුහුදෙන් උඩට මතුවෙලා තියන අතර, ඒවායින් වැඩි ප්‍රමානයක් තියෙන්නේ මුහුද යට. මේ භූතල බොහෝමයක ඝනකම සැතපුම් ගණනක් වෙනවයි කියලයි දැන් ඉන්න විද්‍යාඤයන් එහෙම එක එක පරීක්ෂණ කරලා හොයාගෙන තියෙන්නේ. ඉතිං මේ ඝනකම භූතල ස්ථරය හදුන්වන්නේ ශිලාගෝලය කියලා.
ඉතිං ඔය කිව්ව ශිලා ගෝලයට යටින් තියෙන්නේ ඊටත් වඩා ඝනපත ස්ථරයක්. මේක ගැන සදහන් කරනවා නං ඒක නිකං උකු පැණියක් වගේ කියලයි කියන්නේ. මේ ස්ථරයට ඉහල මැන්ටලය කියලත් කියනවා. ඉතිං මේ කියන ගැඹුරු ඉහල මැන්ටලයේ ඇති අධික තාපය හින්දා එහෙ මෙහෙ ගමන් කරන සංවහන ප්‍රවාහයක් හට ගන්නවා. ඉතිං අන්න එ නිසයි ඊට උඩින් තියෙන ශිලගෝලය හැදිලා තියෙන භූතල එහෙ මෙහෙ චලනය වෙන්නේ.
පොලොව මත තියෙන සාගර වල ජල ප්‍රවාහය, ඊළගට ඉහල අහසේ අත්වන හුලං ප්‍රවාහය එහෙමත් වෙන්නේ මේ වගේම ක්‍රියාවලියක් නිසා තමයි. හැබැයි මේවාට වඩා අපි කියමින් සිටි පොළොව යට ඇතිවන ප්රවාහයන් වල වේගය අඩුයි.
පොළව ඇතුලේ ඉහල මැන්ටලයේ ඇතිවන සංවහන ප්‍රවාහ එක් අතකට නෙමෙයි ගමන් කරන්නේ. ඒවා විවිද දිශා වලට,ඉතා සංකිර්ණ විදියටයි ගමන් කරන්නේ. ඉතිං අන්න එ නිසයි ඊට ඉහළින් ඇති, අපිත් වාසය කරන භූතල එකෙනෙක මතට තෙරෙපිම, එකිනෙකින් ඈත් වීම,එකිනෙක හා ගැටී ලුහුටා යෑම වගේ දේවල් සිදුවන්නේ. මහා විශාල දැවැන්ත බලයකින් එකෙනෙක ගැටෙන,තෙරෙපෙන මේ භූතල ඇඹරෙමින්,ගිගුම් දෙමින් සිදුකරන සංසිද්ධීන් වලට තමයි අපි භූමිකම්පා කියන්නේ.
මේ විදියට චලනය වෙන භුතලයක් සමහර විටක ඊට ලගින් තියෙන වෙනත් භුතලයක් යටට ලුහුටා යන්නත් ඉඩ තියෙනවා. උදාහරණයක් විදියට පසුගියදා භූමිකම්පාවක් ඇතිඋන නේපාලය අසල පිහිටි එවරස්ට් කඳ ඇතිවෙලා තියෙන්නෙත් ඉන්දියාව පිහිටා ඇති භූතලය, යුරේසියානු භූතලය යටට ලුහුටා යෑම නිසා ඇතිඋන අධික තෙරපුම හින්දයි.
හැබැයි මේ මෙහෙම භූතල දෙකක් එකිනෙක ගැටිලා මහා විශාල භූකම්පනයක් සිදුඋනාම පස්සේ එම භුමිය නැවත වසර ගණනාවක්,ඇතැම් විට වසර සීය ගණනක් යනකන් නිශ්චලව පවතින්න තියෙන ඉඩ වැඩියි. ඒකට හේතුව තමයි මේ භූතල සමග ඇති මහද්වීප චලනය වෙන්නේ ඒකාකාරී වේගයකින් නොවීම. ඒවා ප්ලාවනය වෙන්නේ ගැස්සී ගැස්සීයි. අවුරුදු සීය ගානක් නිශ්චලව තිබිලා, අවශ්‍ය ප්‍රමාණයට පීඩන බලය ගොඩනැගුනම තමයි මේ මහාද්වීප ගැස්මක් අරගෙන ප්ලාවනය වෙන්නේ. දැන් ඔය නේපාලයේ අවුරුදු 80 කට විතර සැරයක් මහා භූමිකම්පා දෙක තුනක් ඇති වෙන්නේ ඔය කිව්ව කාරණේ හින්දා කියලා ඔයාලට තේරෙනවා ඇති. මොකද එ ස්ථානයේ භුමිය චලනය වෙන්න අවශ්‍ය පීඩන බලය අවුරුදු 80 ක් විතර යනකොට නැවත ඇති වන නිසා. එ අනුව නේපාලයේ තවත් භූමිකම්පා කිහිපයක් ඉදිරි දිනවල සිදුවෙලා, මේ භුමිය නැවත වසර ගණනාවක් යනකම් නිශ්චල වෙයි.
මෙන්න මේ වගේ තත්වයටක දැන් ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තය මුහුණ දීලයි ඉන්නේ. ඉදිරි වසර 10 ඇතුලත මෙහි අති විශාල භූකම්පනයක් ඇතිවිය හැකි බවට අනතුරු අගවයි තියෙන්නේ. නේපාලයටත් මේ විදියට අනතුරු ඇගවීමක් කර තිබියදීයි එහිත් භුකම්පාවක් ඇති උනේ කියන එකත් සදහන් කරන්න ඕනි.
ඊලග දේ තමයි මම මුලින්ම කිව්වා මේ විදියට භූතල එකිනෙක ගැටෙනවා වගේම භූතල එකිනෙක ඈත් වීමකුත් සිද්ධ වෙන්න පුළුවන් කියලා. අන්න එ වගේ දෙයක් මේ වෙනකොට සිදුවෙමින් පවතිනවා අත්ලාන්තික් සාගරය මැදින් ගැඹුරු මුහුදු පත්ලේ. මේක හදුන්වන්නේ මාධ්‍ය අත්ලාන්තික් මිසරය කියලා.
මේ කියන විශාල පැල්ම ඇතිවෙලා තියෙන්නේ දකුණු ඇමරිකානු භූතලය බටහිර පැත්තටත්,අප්‍රිකානු භූතලය ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරන නිසාත් තමයි.
පහල තියෙන පින්තුරෙන් පෙන්නේ මේ කියන භූ පැල්ම ඇතිවෙන ස්ථානය තමයි.
භූතල ඈත් වන අයුරු දැක්වෙන තවත් ජායාරුප ටිකක් පහලින්.
ඔය පහලින් දැක්වෙන්නේ ඇමරිකාවේ ඇතිවෙමින් පවතින භූ පැල්මක්. මේක වෙන්නේ පැසිෆික් භූ තලය සහ ඇමරිකානු භූ තලය එකිනෙක ඈත් වීම නිසයි. ඇත්තටම කිව්වොත් මේ භූ තල දෙක ගමන් කරන්නේ එකම පැත්තට.එ උනත් පැසිෆික් භූ තලය ඇමරිකානු භුතලයට වඩා ඉක්මනින් ගමන් කරන නිසා මේ පැල්ම ඇතිවෙලා. මේ භූතල දෙකෙන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය තියෙන්නේ පැසිෆික් භුතලයේ. සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ වැඩි කොටසක් ඇමරිකානු භූ තලයේත්, ඉතිරිය පැසිෆික් භූ තලයේත් පිහිටලා තියෙනවා. කොහොම හරි අනාගතයේ දවසක ඇතිවන මහා විශාල භූ කම්පනයක් නිසා මේ නගර අතුරුදහන් වෙලා යන්න ඉඩ තියෙනවා කියලයි කියන්නේ.
මේ පහල තියෙන වීඩියෝ එක අරං තියෙන්නේ 2011 අවුරුද්දේ ජපාන භූමිකම්පාව ඇති උන අවස්ථාවේ. මේකෙදි හොදට පේනවා පොලවේ ඇති භූ ස්ථර සෙලවෙන විදිය. මේ වීඩියෝ එක බලන්න.
පහුගියදා නේපාලයේ ඇති උන භූමිකම්පාව ගැන හොයද්දි තමයි මම මේ විස්තර දැක්කේ. විකිපීඩියාවේ සහ තවත් පොත් කිහිපයක තිබුන කරුණු කාරණා කියවලා තමයි මේ ලිපිය සරල සිංහලනේ සකසලා තියෙන්නේ. මේකෙන් ඔයලා අලුත් දෙයක් දැනගත්තා නං ඒක මට සතුටක්.
ප.ලි
මේ ලිපිය ලියලා ඉවර වෙනකොට දැනගන්නට ලැබුනා නේපාලයට 7.4 ක ප්‍රභලත්වයකින් යුතු තවත් භූමිකම්පාවක් අද යලිත් ඇති වෙලා කියලා.
ඊට මිනිත්තු කිහිපයකට පස්සේ 5.6 ක සහ 6.3 ක පසුකම්පන දෙකකුත් සිදුවෙලා කියලා වාර්තා වනවා. තවත් ප්‍රභල පසුකම්පන කිහිපයක් සිදුවනු ඇති.
මිට සති දෙකකට කලිනුත් නේපාලයට මේ වගේම ප්‍රභල භූමිකම්පා දෙක තුනක් ඇතිවෙලා මිනිස්සු 8,000 ක් පමණ දෙනා මිය ගියා.

Last edited: