සුදු නොනේ.....

r runner

Member
May 12, 2015
2,396
780
0
සුදු නොනේ.....



මඟුල් සාරියට
මූණේ ගෑව පාටට
උස්සල බැඳපු කොණ්ඩෙට
දුවේ... උඹ හොඳටම වෙනස් අද..;)

අනිත් උන් බොන කොට සතුටට
පොඩියක් ගත්ත මං
අද උඹ යන දුකට ;
උඹට මදි පුංචි වෙයි
පැත්තකින් ඉන්නං
නෑවිදින් සබාවට...:(

රජයෙ රස්සාවෙන්
කණමැදිරි අල්ලං ආවට
අලගු තියන්න පුළුවන්ද
ගෙයි පිපෙන හඳ එළියට ;
උඹයි, උඹේ අයියයි
අපෙ පුංචි තරු කැට

අවවාද අනුසාසන
දුවේ තව මොකටද
උඹේ අම්ම උන්නු හැටි
හොඳ හැටියෙ සිහිකොට .....:yes:
පිළිකන්නේ මං තිව්ව
කාලේ බෝතල් ටික
මතක නොවැ දුන්නු හැටි
සිංහල බේත් කඩේට

උඹ හොයා ගත් එකා
මට වඩා හොඳ වේවි...:)
උඹත් දැන් ටිකෙන් ටික
ඉවසන්න හුරු වේවි..

එත් මයෙ සුදු නෝනෙ
වචන හරහට හිටලා
අත පයක් ඉස්සුනොත්
උඹ ගෙදර ගෙනියන්න
නොවැරදීම මං ඒවි ...
:yes::yes:

උපුටා ගත්තා ලස්සන නිසා..

බම්ප් ප්ලිස්....:yes::yes:
 

r runner

Member
May 12, 2015
2,396
780
0
මේකේ අයිතිය Supun Muthukumarana | සුපුන් මුතුකුමාරණ සතුවේ....ලස්සන නිසා ඉස්සුවේ...:yes::yes:
 

SHANUXLK

Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    happy8se.gif