yapane rape karala marapu kella

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,738
    9,412
    113
    ritzQdI.jpg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,366
    22,009
    113
    Gotland
    නෑ බං ඒ උද්ගෝෂණය කලේ කොටි. ඊළම දෙන්න කියල
    උසාවියෙන් ඊළම දුන්නේ නැතිනං උන් බලෙන් ගන්නවලු
    ඉක්මනටම මහින්ද ගේමු
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    නෑ බං ඒ උද්ගෝෂණය කලේ කොටි. ඊළම දෙන්න කියල
    උසාවියෙන් ඊළම දුන්නේ නැතිනං උන් බලෙන් ගන්නවලු
    ඉක්මනටම මහින්ද ගේමු

    mahindage ata deka kapan..
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නෑ බං ඒ උද්ගෝෂණය කලේ කොටි. ඊළම දෙන්න කියල
    උසාවියෙන් ඊළම දුන්නේ නැතිනං උන් බලෙන් ගන්නවලු
    ඉක්මනටම මහින්ද ගේමු
    ඔව් මරල හරි ගෙන්න තිබුනේ.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මුන්ට රජ කාලේ දඩුවම් දෙන්න ඔනේ බන්. නම ගම ඔක්කොම එලිපිට ප්‍රසිද්ඩ කරන්න ඕනේ.මුන්ට මොන මානව හිමිකම්ද?
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මුන්ට රජ කාලේ දඩුවම් දෙන්න ඔනේ බන්. නම ගම ඔක්කොම එලිපිට ප්‍රසිද්ඩ කරන්න ඕනේ.මුන්ට මොන මානව හිමිකම්ද?

    ow ban etakota anek un wath hediy bayata.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නෑ බං ඒ උද්ගෝෂණය කලේ කොටි. ඊළම දෙන්න කියල
    උසාවියෙන් ඊළම දුන්නේ නැතිනං උන් බලෙන් ගන්නවලු
    ඉක්මනටම මහින්ද ගේමු

    :lol::lol::lol::lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,738
    9,412
    113
    නෑ බං ඒ උද්ගෝෂණය කලේ කොටි. ඊළම දෙන්න කියල
    උසාවියෙන් ඊළම දුන්නේ නැතිනං උන් බලෙන් ගන්නවලු
    ඉක්මනටම මහින්ද ගේමු


    mahindage ata deka kapan..


    සුනාමි හොරාගේ ඇට දෙක නෑ බං කපා දාල

    ඔව් මරල හරි ගෙන්න තිබුනේ.

    මුන්ට රජ කාලේ දඩුවම් දෙන්න ඔනේ බන්. නම ගම ඔක්කොම එලිපිට ප්‍රසිද්ඩ කරන්න ඕනේ.මුන්ට මොන මානව හිමිකම්ද?

    :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හොද වැඩේ කොටි කෙල්ලන්ට ඔහොම තමයි කරන්න ඕනි නේද ???
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    නෑ බං ඒ උද්ගෝෂණය කලේ කොටි. ඊළම දෙන්න කියල
    උසාවියෙන් ඊළම දුන්නේ නැතිනං උන් බලෙන් ගන්නවලු
    ඉක්මනටම මහින්ද ගේමු

    hahaha.....machan.. meka humor eka godak unta therena ekak nae.. minus rep eyi keepayak umbata... :lol::lol::lol::lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    යුද්ධය අවසන් කළ දිනය ලෙස සමස්ත ජනතාව සලකනුයේ මැයි 19දාය.ඒ නිසාම ජයග්‍රහණයේ සැමරුමද එදින පවත්වයි.මුළු ලෝකයම ප්‍රභාකරන් මරණයට පත්වූ බව පිළිගත්තද දෙමළ අන්තවාදීහු ප්‍රභාකරන් මියගිය බව පිළිනොගනිති. දෙමළ අන්තවාදීහු ජීවතුන් අතර සිටින මනෝ රාජ්‍යයක ජීවත් වෙති. ඒ නිසාම ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරන දෙමළ අන්තවාදීහු ප්‍රභාකරන්ගේ මරණය සමරන්නේ නැත. එසේ වුවද මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සමරනු ලබයි. ප්‍රභාකරන්ගේ පුත් චාල්ස් ඇන්තනි ඇතුළු නායක මට්ටමේ එල්.ටී.ටී.ඊ. කාඩරයන් වැඩි කොටසක් මියගිය දිනය වන්නේ 2009 මැයි 18දාය. ඒ නිසාම එදින මියගිය කොටි සමරන දිනය ලෙස තෝරාගෙන ඇත.
    මෙම සැමරුමේ ප්‍රථම වසර වූ 2010 දී සැමරීම පවත්වන ලද්දේ වව්නියාව සංස්කෘතික ශාලාවේදීය. එදින උත්සවය ඉතා රහසිගතව සංස්කෘතික උළෙලක් ලෙස පවත්වන ලද අතර ඒ සඳහා බෞද්ධ භික්ෂුන් වහන්සේලාටද ආරාධනා කර තිබුණි. එදින පවත්වන ලද්දේ යුද සැමරුමක් බව බුද්ධි අංශ විසින් පසුව අනාවරණය කරගෙන තිබුණි. එදින සිට මෙම සැමරුම දිනෙන් දින වැඩිවූවා මිස අඩුවීමක් වූයේ නැත. මෙහිදී ආරක්ෂක අංශ විසින් බාධා කිරීම්ද කළ අතර කීපදෙනකුම අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ගද ගෙන තිබුණි.
    නමුත් මේ සෑම වසරකදීම සැමරුම් පවත්වන පිරිස් ප්‍රකාශ කරනුයේ තමන් සමරන්නේ යුද්ධයෙන් මියගිය සාමාන්‍ය දෙමළ ජනතාව බවයි. උතුරු පළාත් සභා මන්ත්‍රීවරයකු වන රවිහරන් නමැත්තා ඉකුත් 2014 වසරේදී අත්අඩංගුවට ගත්තේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ.ය සැමරීමේ චෝදනාවටය.
    එහිදී ඔහු ‍පොලීසියට ප්‍රකාශ කළේ 2009 මැයි 18දා මියගිය තම ඥාතියෙකු සැමරූ බවකි. නමුත් එලෙස මියගිය ඥාතියාගේ නම ප්‍රකාශ කිරීමට නොහැකි විය. මේ වනවිට මන්ත්‍රීවරයාට එරෙහිව අධිකරණමය කටයුතු ක්‍රියාත්මක වේ.
    තත්ත්වය එලෙස තිබියදී 2015 වසරේ දෙමළ අන්තවාදීන්ගේ උතුරු යුද සැමරුම කෙලෙස සිදුවේද යන්න රටේ අවධානයට යොමුව තිබුණි. 2015 මැයි මාසය ආරම්භයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ කවුරුන් විරුද්ධ වුවද මෙවර සැමරුම උත්කර්ෂවත් ලෙස පවත්වන බවකි.
    මේ අතර නව රජය දෙමළ අන්තවාදීන්ගේ කටයුතු පිළිබඳව කුමන ප්‍රතිචාරයක් දක්වයිද කියා ඇතැම්හු බලා සිටියෝය. මෙවර සැමරුම සඳහා ප්‍රධාන වශයෙන් පාර්ශ්ව තුනක් වෙන වෙනම උත්සව සංවිධානය කර තිබුණි.
    සැබවින්ම දේශපාලකයන් වන මෙම පාර්ශ්ව තුනෙහිම ප්‍රධාන අරමුණ වූයේ එළැඹෙන මහ මැතිවරණයේදී තම ඡන්ද පදනම වැඩිකරගැනීම කෙරෙහිය. එහිදී මුලින්ම ඉස්සර වූයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ෂිවාජිලිංගම්ය. පළාත් සභා මන්ත්‍රී රවිහරන් මහතා ඇතුළු දෑතේ ඇඟිලි ගණනටත් අඩු පිරිසක් 12දා මුල්ලෙවෛක්කාල් බිමට ගොස් පහනක් පත්තු කර එහි ඡායාරූපයක් ජනමාධ්‍යයටද නිකුත් කළේය.
    දෙවනුව ක්‍රියාත්මක වූයේ ගජෙන්ද්‍රකුමාර් ‍පොන්නම්බලම් නායකත්වය දරන දෙමළ ජාතික මහජන පෙරමුණයි. මොවුන්ගේ අරමුණ වූයේ යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ හා අනෙකුත් පුද්ගලයන්ගේ ඥාතීහු 18දා මුල්ලෙවෛක්කාල් භූමියට ගෙන්වා දැවැන්ත සැමරුමක් පැවැත්වීමටයි. මෙම කටයුත්තට අකමැති වූ ප්‍රධානම පාර්ශ්වය වූයේ දෙමළ ජාතික සන්ධානයයි. දෙමළ ජාතික මහජන පෙරමුණ වටා ජනතාව ඒකරාශි වීම මැතිවරණයකදී දෙමළ සන්ධානයට අවාසියක් වන බව ඔවුහු දැන සිටියෝය. කෙසේ නමුත් 15දා පස්වරු මුලතිව් ‍පොලීසිය ක්‍රියාත්මක විය. මුලතිව් ස්ථානාධිපතිවරයා මුලතිව් අධිකරණය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලද අතර එහිදී ‍පොලීසිය විසින් කරුණු දක්වමින් ප්‍රකාශ කරන ලද්දේ දෙමළ ජාතික මහජන පෙරමුණ විසින් තහනම් සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊය සැමරීමට දරනු ලබන උත්සාහයක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබි ඇති බවත් එවැන්නක් සිදුවුවහොත් ප්‍රදේශයේ මහජන සාමය කඩවීමක් සිදුවිය හැකි බවත්ය. එම නිසා මෙම සැමරුමට එරෙහිව තහනම් නියෝගයක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී ‍පොලීසියේ ඉල්ලීම පිළිගත් මුලතිව් මහේස්ත්‍රාත් සම්සුදීන් මහතා මුලතිව් දිස්ත්‍රික්කය තුළ දෙමළ ජාතික මහජන පෙරමුණට පෙළපාළි, උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වීම තහනම් කරමින් නියෝගය පැනවූ අතර එය මැයි 15දා සිට 29දා තෙක් බලපැවැත්වෙන බවත් 29දා පැමිණිල්ල නැවත විභාගයට ගන්නා බවත් තීන්දු කළේය.
    මුලතිව් ‍පොලීසිය යම් ජයග්‍රහණයක් ලබාගත් බවට පෙන්නුම් කළද සත්‍ය වශයෙන්ම ‍පොලීසිය විසින් ලබාගත් තහනම් නියෝගය දෝෂ සහගත විය. අධිකරණ වාරණ නියෝගය මුලතිව් දිස්ත්‍රික්කයට පමණක් සීමාවූ අතර එම තහනම බලපෑවේ දෙමළ ජාතික මහජන පෙරමුණට පමණි.
    දෙමළ සන්ධානය මුලතිව්, මුල්ලෙයිවෛක්කල්හි සැමරුමක් සංවිධානය කළ අතර ඒ සඳහා ‍පොලීසියෙන් ආරක්ෂාවද ඉල්ලා සිටියේය.
    18දා පැවැති මෙම සැමරුමේ ප්‍රධානත්වය දැරුවේ උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන්ය. මෙම සැමරුම වාර්තා කිරීම සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යයද පැමිණ සිටියෝය. නන්දිකඩාල් කළපුව අසල මුල්ලෙයිවෛක්කාල දෙමළ විදුහල අසල සැමරුම පැවැත්විය. මහ ඇමැති විග්නේෂ්වරන් ‍පොලිස් මගපෙන්වීමේ රථ සමග පැමිණි අතර දෙමළ සන්ධාන මන්ත්‍රීන් වන මාවේයි සේනාධිරාජා, ශ්‍රීදරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, සරවනභවාන් මෙන්ම උතුරු පළාත් සභා මන්ත්‍රීවරු මෙන්ම ඇමැතිවරුද මෙම අවස්ථාවට සහභාගි වී තිබුණි.
    මෙහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක මෙන්ම වත්මන් රජයේ ඇමැතිවරියක වන විජයකලා මහේෂ්වරන් මහත්මියගේ සහභාගීත්වය කැපී පෙනුණි.
    යුද්ධයේදී මියගිය පිරිස් සමරා විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වා පහන් දල්වා පුෂ්‍පෝපහාර දක්වා සැමරුම පවත්වා තිබුණි. මහ ඇමැති විග්නේෂ්වරන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළ අතර ඔහු ප්‍රකාශ කළේ මානව අයිතීන් නොසැලකූ මාධ්‍ය මැදිහත්වීම් ප්‍රතික්ෂේප කළ සාක්ෂි නොමැතිවූ යුද්ධයක් පැවැති බවත් එකී යුද්ධයේදී තහනම් කළ මාරක අවි භාවිතය පිළිබඳව චෝදනා තිබෙන බවත් ආහාර බෙහෙත් වැනි ජාත්‍යන්තර ආධාර ජනතාව වෙත ලබාදීමට රජය කටයුතු නොකළ බවත්ය. තවද මුල්ලෙවෛක්කාල් සිදුවීම හදකකියවන ඓතිහාසික ඛිෙදජනක සිදුවීමක් බවද ඔහු ප්‍රකාශ කළේය.
    “යහපාලන රජය යටතේ එළැඹෙන වසරේදී මීට වඩා විධිමත්ව මෙම සැමරුම පවත්වන බවත් ස්ථිරව ඉදිකරනු ලබන ස්මාරකයක් ඉදිරිපිට එළැඹෙන සැමරුම පවත්වන බවත් ඇමැතිනි විජයකලා මනේෂ්වරන් මහත්මිය මෙහිදී ප්‍රකාශ කළාය.
    මෙම සැමරුම ආරාධිත අමුත්තන් හා මාධ්‍යවේදීන්ට පමණක් සීමාවූ අතර සාමාන්‍ය වැසියන්ගේ සහභාගීත්වයක් නොතිබුණි. ඊට ආසන්නම හේතුව අධිකරණ නියෝගය බව සිතිය හැක. අධිකරණ තහනම් නියෝගය මාධ්‍ය මගින් ප්‍රචාරය වීම නිසා බියට පත් සාමාන්‍ය වැසියන් සැමරුමට සහභාගි වීමෙන් වැළකුණි. කෙසේ නමුත් සැමරුම අවසානයේදී සැමරුම සාර්ථකව පැවැත්වීම සඳහා ‍පොලීසිය ලබා දුන් සහයෝගයට ස්තුති කිරීමටද මහ ඇමැති විග්නේෂ්වරන් මහතා අමතක නොකළේය.
    එදිනම දහවල් කාලයේදී කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදීද දෙමළ ජාතික සන්ධාන සැමරුමක් පැවැත්වුණි. දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සැමරුම සඳහාද මහජන සහභාගීත්වය ඉතා අල්ප ප්‍රමාණයක් විය. අඩුම තරමේ 50ක පමණ වන තරම්වත් සාමාන්‍ය වැසියන් පිරිසක් ගෙන්වා ගැනීමට සංවිධායකයන් අ‍පොහොසත් විය. මෙහිදී මන්ත්‍රී ශ්‍රීධරන් ප්‍රකාශ කළේ ‘මුල්ලෙයිවෛක්කාල් සිදුවීම දෙමළ ජනතාවගේ අවසානය නොවන බවත් එය දෙමළ ජන නැගිටීමේ ආරම්භය’ බවත්ය.
    වව්නියාව ප්‍රදේශයේදීද මුල්ලෙයිවෛක්කාල් සැමරුම් කීපයක් පැවැත්වුණි. වව්නියාව සිවම් කෝවි‍ලේදී සැමරුමක් පැවැත්වූ අතර තවත් අවස්ථාවාදීන් පිරිසක් වව්නියාව දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට උත්සාහ කළෝය. ඊට සිංහල ජාතිකයන් කීපදෙනකුද සහභාගිවී තිබුණු අතර වව්නියාව ‍පොලීසිය මැදිහත්වී එය වැළැක්විය.
    වව්නියාව ප්‍රධාන සැමරුම පවත්වන ලද්දේ වව්නියාව සංස්කෘතික ශාලාවේදීය. මෙය සංවිධානය කර තිබුණේ දෙමළ ජාතික සන්ධාන තරුණ පෙරමුණ විසිනි. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලානාදන්, ෂිවශක්ති ආනන්දන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. සැමරුම පස්වරු 3.00 ආරම්භ වීමට නියමිතව තිබුණ අතර ඒ වනවිට පැමිණ තිබුණේ 15කට අඩු පිරිසකි. සංවිධායකයන්ගේ උත්සාහය නිසා පස්වරු 4.00 වන විට 50ක පමණ සාමාන්‍ය වැසියන් පිරිසක් එක් රැස්කිරීමට හැකිවිය.
    වව්නියාව සැමරුම මුලසිටම පැවැතියේ ජාතිවාදය අවුස්සන ජනතාව කුපිත කරවන ආකාරයෙනි. එහිදී පැවැති රජය ආරක්ෂක අංශ දැඩි විවේචනයට ලක්කෙරිණ. චැනල්-04 චිත්‍රපට දර්ශන මෙන්ම විවිධ වීඩියෝ කොටස් හා ඡායාරූප මල්ටි මීඩියා මගින් විටින්විට ප්‍රදර්ශනය කළේය. වේදිකාව තුළ විවිධ ඡායාරූප ඇතුළත් විශාල පුවරු දෙකක් විය. එම ඡායාරූප ඉංග්‍රීසියෙන් නම්කර තිබුණේ ‘ශ්‍රී ලංකාවේ දෙමළ ජනසංහාරය’ යන නමිනි. එම ඡායාරූප අතර සාමාන්‍ය ඇඳුමෙන් සිටියදී මියගිය එල්.ටී.ටී.ඊ. නායිකාවක වන ‘ඉසේප්‍රියා’ නමැත්තියගේ ඡායාරූපද වූ අතර එල්.ටී.ටී.ඊ. ක්ලෙමෝ ප්‍රහාරයට ලක්වූ කැඹිතිගොල්ලෑව බස්රථයේ සිටි ළමුන්ගේ ඡායාරූපද විය. කොටි අතින් ඝාතනයට ලක්වූ සිංහල වැසියන්ගේ ඡායාරූප හරහා දෙමළ සන්ධානය දේශපාලන වාසි ගන්නා විට බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළෝය. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා ප්‍රකාශ කළේ මීළඟ දෙමළ පරම්පරාව තම විමුක්තිය ලබාගනු ඇතැයි“ යන්නය.
    මුලතිව් අධිකරණය මගින් දෙමළ ජාතික මහජන පෙරමුණට සැමරුම් පැවැත්වීම තහනම් කරන ලද්දේ මුලතිව් ප්‍රදේශයේ පමණක් නිසා එම පෙරමුණ විසින් නැගෙනහිර ප්‍රදේශයේ වාකරෙයි මාණික්කපුරම්හිදී සැමරුම් පැවැත්විණ.
    ලංකාව තුළ පවත්වන ලද සියලුම සැමරුම්වල ‍පොදු ලක්ෂණය වූයේ කිසිදු අවස්ථාවක එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව සඳහන් නොකිරීමට වගබලා ගැනීමයි. ඔවුන් පෙන්වන්නට උත්සාහ කළේ යුද්දයේදී මියගිය අහිංසක දෙමළ ජනතාව මෙන්ම තම ඥාතීන් සමරන බවකි. ආරක්ෂක අංශවලට දැනුම් දෙනු ලැබුවේද එලෙසය.
    නමුත් සැමරුම් පවත්වන විට එය එල්.ටී.ටී.ඊ. සැමරුම් විය. සෑම අවස්ථාවකදී සංවිධායකයන් ප්‍රකාශ කළේ යුද්ධයේදී මියගිය සාමාන්‍ය ජනතාව මෙන්ම ‘අනෙකුත්’ දෙමළ අයවළුන්ද සමරන බවකි. මෙහිදී සඳහන් කළ ‘අනෙකුත් දෙමළ’ යනු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බව අමුතුවෙන් කිවයුතු නැත.
    මේ අතර මීට වසර කීපයකට පෙර ඉන්දියාවේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ විශ්වවිද්‍යාල සිසුවියක වන ‘නිර්භයා’ සිදුවීම සිහිකෙරෙන සිදුවීමක් ඉකුත් සතියේදී යාපනය පුංගුඩුතිව් ප්‍රදේශයෙන් වාර්තා විය. 18 හැවිරිදි උසස් පෙළ හදාරන පාසල් සිසුවියක වන ‘වින්දියා’ නමැත්තිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබියදී මළසිරුර හමුවිය. මෙම ඝාතනය සිදුකර තිබුණේ පුවත්පතක සඳහන් කළ නොහැකි තරමට අමානුෂික අන්දමිනි. මේ සම්බන්ධයෙන් සැකපිට 09කු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර එකම පවු‍ලේ තිදෙනකු මෙන්ම ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය හිමි දෙමළ ඩයස්‍පෝරා සාමාජිකයෙකුද විය. මෙම සිදුවීම උතුරු ප්‍රදේශය තුළ උණුසුම් තත්ත්වයක් ඇති කර තිබේ. මෙම සිද්ධියට විරෝධය පාමින් 19 හා 20 දිනවල යාපනයේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වූ අතර උද්ඝෝෂණ විරෝධතා සිය ගණනක් පැවැත්වුණි. 20දා දහවල් යාපනය අධිකරණය වට කරමින් පිරිස් විරෝධතාවක නිරත වූහ.
    පාසල් සිසුවියට සිදුවූ විපත ඉතා සංවේගජනක සිදුවීමක් බව අවිවාදයෙන් තොරව පිළිගත යුතු නමුත් මේ වනවිට ඇතැම් පිරිස් එය හේතුවක් කරගෙන නීතිය අතට ගන්නා උත්සාහයක් පිළිබඳව බුද්ධි අංශ වාර්තා කර ඇත. හර්තාල් දිනවල විරෝධතාකරුවෝ හමුදා හා ‍පොලිස් ගමන්වලටද බාධා එල්ල කළහ. හර්තාලයට සහය නොදැක්වූ බව කියමින් ව්‍යාපාර හා බැංකු වැනි ආයතන කීපයකටද ප්‍රහාර එල්ල කර තිබුණි.


    වැඩි විස්තර සඳහා
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    නෑ බං ඒ උද්ගෝෂණය කලේ කොටි. ඊළම දෙන්න කියල
    උසාවියෙන් ඊළම දුන්නේ නැතිනං උන් බලෙන් ගන්නවලු
    ඉක්මනටම මහින්ද ගේමු

    යුද්ධය අවසන් කළ දිනය ලෙස සමස්ත ජනතාව සලකනුයේ මැයි 19දාය.ඒ නිසාම ජයග්‍රහණයේ සැමරුමද එදින පවත්වයි.මුළු ලෝකයම ප්‍රභාකරන් මරණයට පත්වූ බව පිළිගත්තද දෙමළ අන්තවාදීහු ප්‍රභාකරන් මියගිය බව පිළිනොගනිති. දෙමළ අන්තවාදීහු ජීවතුන් අතර සිටින මනෝ රාජ්‍යයක ජීවත් වෙති. ඒ නිසාම ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරන දෙමළ අන්තවාදීහු ප්‍රභාකරන්ගේ මරණය සමරන්නේ නැත. එසේ වුවද මියගිය එල්.ටී.ටී.ඊ. ..............[].



    හැමදේටම තුප්පහි දේශපාලනේ ගාවන්න එපා බන්. ඔයිට වඩා හොදයි මේ ත්‍රෙඩ් එක උබ ඉග්නෝර් කරලා ගියානම්:(
     
    Last edited:

    isitha.lk

    Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    http://www.elakiri.com/forum/showthread.php?t=1677842
    ශිවලෝගනාදන් වින්ද්‍යා (1997-2015)



    යාපනයේ දූපතක ජීවත් වූ 17 හැවිරිදි සුරූපී දෙමළ ජාතික පාසල් දැරියක්‌ වන ශිවලෝගනාදන් වින්ද්‍යා දෙමළ ජාතිකයන් පස්‌දෙනකු විසින් වරින් වර දූෂණය කර මරා දැමීමේ සිද්ධිය මුල් කරගෙන විශාල අවුලක්‌ හටගෙන තිබේ. දූෂකයන් පස්‌දෙනා මරා දැමීම සඳහා තමන්ට භාර දෙන ලෙසට බල කළ දහසක පමණ පිරිසක්‌ යාපනයේ උසාවි ගොඩනැඟිල්ලටද, පොලිස්‌ රථවාහන සහ බන්ධනාගාර රියවලට ද පහර දීම නිසා කඳුළු ගෑස්‌ සහ බැටන් ප්‍රහාර එල්ල කිරීමටත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමටත් ආරක්‍ෂක අංශවලට සිදුවිය. මෙය උතුරේ සිදු වූවක්‌ ලෙස සිතා, දෙමළ ජාතික පිරිමින් විසින් දෙමළ ජාතික දැරියකට කළ අසාධාරණයක්‌ ලෙස කියා ඇඟ බේරාගෙන කරබාගෙන සිටීමට දකුණේ සිටින අපට බැරිය. මන්ද, මරාදමන ලද මේ දැරිය අපගේ දියණියකි. අපගේ සහෝදරියකි. ඇය මිය යන්නේ උග්‍ර වේදනාවක්‌ විඳීමෙන් පසුවය. ඇගේ පිරිසිදුකම, නොයිඳුල් සිවුමැලි සිරුර සාහසිකයන් විසින් තලා පාගා දමන ලදී. මෙය මිනිස්‌කමට කෙළ ගැසීමකි. තරුණියකගේ පාරිශුද්ධත්වය මත වසුරු හෙළීමකි. උන් දරුණු වධයට ලක්‌ කර මරා දැමිය යුතුමය. එහෙත් එය කළ යුත්තේ කයිට්‌ස්‌ දූපතේ වැසියන්, යාපනයේ පදිංචිකාරයන්, දකුණෙන් උතුරට ගොස්‌ මානව අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරයේ නිරත වන ව්‍යාපාරිකයන් හෝ දේශපාලන කල්ලිකාරයන් නොව අධිකරණය ය. උසාවි - පොලිසි තිබෙන්නේ ඒ වැඩවලට ය. පොලිසිය අපරාධකාරයන් අත්අඩංගුවට ගෙන හැකි පමණින් යුතුකම් ඉෂ්ට කර උසාවියට ඉදිරිපත් කරනු ලැබේ. උසාවිය ඔවුන් රිමාන්ඩ් හිරගෙදරට යවයි. එතැනදී ඔවුන්ගේ වරදෙහි තරාතිරම දැන ගැනීමෙන් පසු සිරකාරයන් පවත්වන සංග්‍රහයකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වේ.

    එහෙත් මෙවැනි ක්‍රියාදාමයක්‌ තිබියදී ශිවලෝගනාදන් වින්ද්‍යාගේ මරණයට විරෝධය පළ කිරීම සඳහා දහස්‌ ගණනක්‌ දෙනා ඉදිරිපත් වීම ටිකක්‌ අභව්‍ය ය. අත්අඩංගුවට ගන්නා අපරාධකාරයන් උසාවි දමනවා මිස ගමේ මිනිසුන්ට භාර දෙන සිරිතක්‌ පොලිසිය සතුව නැත. එහෙත් ඉන්දියාවේ මෙවැනි ක්‍රමවේදයක්‌ ඇති බව පසුගිය දා වාර්තා විය. ඒ ස්‌ත්‍රී දූෂණ සිදුවීම් දෙකක්‌ නිසා ය. මේ සිදුවීම් දෙකෙහිදීම අපරාධකරුවන් පැහැර ගත් zගමේ කට්‌ටියZ ඔවුන්ට පහර දී වධ දහඅටම දී ස්‌ත්‍රී දූෂණ සඳහා යොදාගත් උපකරණවලට බරපතළ හානි සිද්ධ කළහ. මේ සිදුවීම් දෙකට සම්බන්ධ එකෙක්‌ පැහැර ගන්නා ලද්දේ ඔහු රඳවා සිටි පොලිසියට පහර දීමෙනි. අනෙකා ඔහු හිරකර තිබූ රිමාන්ඩ් හිරගෙදර දොරවල් කැඩීමෙනි. එහෙත් මේ දෙකම සුදුසු නැත. අප ශිෂ්ට සමාජයක ජීවත් වන මනුස්‌සයෝ වෙමු.

    යාපනය යනු අදටත් ඉතාම සංවේදී භූමියකි. මේ භූමියේ පත්තු වන රතිඤ්ඤයකට, බෝම්බයක බලය ඇත. දිගු කලක්‌ යුද්ධය නිසා දරුණු බැට කෑ යාපනයේ ජනයා හඳුන්කූරු එළියෙන් පවා තිගැස්‌සවිය හැකිය. එසේ තිබියදී උසාවි, පොලිස්‌ සහ බන්ධනාගාර රථ, පොලිස්‌ නිලධාරීන් වැනි රජයේ දේපළවලට පහර දීම දේශපාලන වශයෙන් අර්ථකතනය කිරීමට බලාගෙන සිටින පිරිසක්‌ද වෙති. ශිවලෝගනාදන් වින්ද්‍යා පිළිබඳ සිද්ධියේ අයිතිය මේ කට්‌ටිය අතට නොයනු පිණිස සියලු දෙනා වගබලා ගත යුතුය. කෙසේ වුවද වින්ද්‍යා දියණියණි, ඔබ වැනසූ, ඔබ කෙළෙසූ උන් මරා දැමීමට මිනිසුන් තුළ ඇතිවන අවංක ආවේගය හරිම සාධාරණ ය.


    කතුවැකිය - දිවයින


    උතුරේ ප්‍රචණ්‌ඩත්වය මෙහෙයවූ "පීපල්ස්‌ පවර්"

    පුන්ගුඩුතිව්හිදී පාසල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියට මුවා වී උතුරේ කලබලකාරී තත්ත්වයක්‌ ඇති කිරීමට මුල් වූයේ කවුරුන්ද?

    jaf1.jpg


    පසුගිය බදාදා දෙමළ ගුරු සංගමය යාපනයේ ව්‍යාපාරිකයන්ගේ සංවිධානය, විශ්වවිද්‍යාල ප්‍රජාව සහ ශිෂ්‍ය සංවිධාන විසින් එම සිද්ධියට විරෝධය පෑමක්‌ ලෙස දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය අසල විරෝධතාවක්‌ කැඳවා තිබුණි.

    මෙම විරෝධතාවය පැවැත්වෙන අවස්‌ථාවේ යතුරු පැදිවල නැඟගත් ද්‍රවිඩ තරුණයන් පිරිසක්‌ කෑ ගසමින් යන අයුරු දක්‌නට ලැබී ඇත. මෙම පිරිස අත්අඩංගුවට ගත් සැකකරුවන් තමන්ට භාර දෙන ලෙස ඉල්ලමින් ප්‍රචණ්‌ඩකාරී වදන් පවසා තිබේ. ඔවුන්ට අවශ්‍ය වූයේ ප්‍රභාකරන් එදා දියත් කළ කැන්ගරු නීතිය ක්‍රියාත්මක කිරීමටයි. ඇති වූ තත්ත්වය මර්දනය කිරීමට පොලිසියට පමණක්‌ නොහැකි වන බව උතුරේ පොලිස්‌ බලධාරීන්ට සනාථ වීම නිසා හමුදා සහාය ලබා ගැනීමට ද තීරණය විය. එහෙත් ද්‍රවිඩ සංධාන නායක සම්බන්දන් හමුදාව කැඳවීමෙන් වළකින ලෙස පොලිස්‌ ප්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත.

    පුන්ගුඩුතිව් සිදුවීම ගැන පුන්ගුඩුතිව් රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයක රැස්‌වීමක්‌ද පැවැත්වී ඇත.

    එම රැස්‌වීමේදී ප්‍රකාශ වූයේ අතවර සිද්ධියට සම්බන්ධ මාලිංග ශෂිකුමාර් නමැත්තා කොළඹට පලාගොස්‌ ඇති බවයි. ඒ වන විට ශෂිකුමාර් නමැත්තා වැල්ලවත්තේදී අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයට නීතිවේදියකු වූ තමිල් මාරන් නැමැත්තකු පැමිණ තිබේ. මොහු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට පැමිණි බව පසුව වාර්තා විය. මෙකී රැස්‌වීමට ඉලංකෙයි තමිල් අරසුකච්චි නමැති පක්‍ෂයේ සභාපති මාවයි සේනාධිරාජා ද සහභාගි වී ඇත.

    තමා රැස්‌වීමේ සිට පැමිණෙන අවස්‌ථාවේ තරුණයන් කීපදෙනකු යතුරුපැදිවලින් වේගයෙන් යනු දුටු බවත් ඔවුන් කවුද කියා දන්නේ නැති බවත් මාවයි සේනාධිරාජා ප්‍රකාශ කර තිබේ.

    එහෙත් එකී රැස්‌වීමට සහභාගි වූ උතුරු පලාත් සභා මන්ත්‍රී පී. ගජදීපන් අත්අඩංගුවට ගත් ශෂිකුමාර් යාපනයට ගෙන වූත් නිසි පරීක්‍ෂණයක්‌ කළ යුතු බවත් එසේ නොකළහොත් ජනතාව සමග එක්‌ව රාජ්‍ය පාලන ආයතන සියල්ල අක්‍රීය කරන බවටත් තර්ජනය කර ඇත. මේ පසුබිම මැද පෙරේදා (20 දා) 12.30 ට පමණ එක්‌තරා ද්‍රවිඩ තරුණ කණ්‌ඩායමක්‌ දිසා අධිකරණයේ ගොඩනැඟිල්ලට ඇතුළු වී ජනෙල් වීදුරු බිඳ දමා වාහනවලටද අලාභ කර තිබේ. පොලිසිය එම ක්‍රියාවන් වැළැක්‌වීමට දැරූ උත්සාහයේදී ගල් ප්‍රහාර එල්ල වී තිදෙනකු තුවාල ලබා ඇත.

    පසුව පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක්‌ වී තත්ත්වය පාලනය කිරීම පිණිස කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කරනු ලැබීය.

    මෙහිදී සිදු වූ ප්‍රචණ්‌ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් 127 ක්‌ අත්අඩංගුවට ගැනුණි. යතුරු පැදි 26 ක්‌ද ත්‍රිරෝද රථ දෙකක්‌ද පොලිස්‌ භාරයට ගෙන ඇත.

    jaf2.jpg


    උතුරේ ආරංචි මාර්ග දක්‌වන්නේ පීපල්ස්‌ පවර් නමින් හඳුන්වා ගත් සංවිධානයක්‌ මෙකී ප්‍රචණ්‌ඩකාරී මෙහෙයුම දියත් කළ බවයි. එසේම අත්අඩංගුවට ගනු ලැබූවන් අතර ද්‍රවිඩ දේශපාලන පක්‍ෂයක සාමාජිකයන් කීපදෙනකු සිටින බවට ද වාර්තා විය.

    පුන්ගුඩුතිව් සිද්ධිය සම්බන්ධයෙන් සිවදේවන්, කුශාන්තන්, ශෂිදරන්, චන්ද්‍රරාඡ් සහ නිශාන්තන් යන පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර එකී පිරිස හා ඝාතනයට ලක්‌ වූ දැරියගේ මව අතර ආරවුලක්‌ පැවැති බවද අනාවරණය වී ඇත. මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් 'පීපල්ස්‌ පවර්' හෙවත් ජනතා බලය නමින් හඳුන්වන අභිරහස්‌ සංවිධානය මෙහෙය වන්නේ කවුරුන්ද යන්නයි.

    එසේම පොලිස්‌ භාරයට ගත් යතුරුපැදිවල හිමිකරුවන්ට එකී යතුරුපැදි ලැබුණේ කෙසේද?

    මෙයට මාස ගණනකට පෙර යුරෝපා රටවල සිට උතුරේ තරුණයන්ට යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළක්‌ දියත් වී තිබුණි. එම ක්‍රියාදාමය පොලිස්‌ විමර්ශකයන්ගේ අවධානයට යොමු විය යුතුයි. එසේම මුළු ශ්‍රී ලංකාවට බලපාන දණ්‌ඩ නීති සංග්‍රහය වෙනුවට උතුරේ පිරිසකට නීතිය සියතට ගැනීමට ඉඩ දිය හැකිද?

    මේ අතවර සිද්ධියේ සැකකරුවන් අල්ලා ගැනීමට පොලිසිය ක්‍රියා නොකළේ නම් එය හමුදාව වෙත යොමු කරනු නිසැකය.

    කෙසේ වෙතත් උතුරේ ප්‍රචණ්‌ඩකාරි තත්ත්වයට මුල් වූයේ දේශපාලකයන් විසින් ගත වූ කාලය තුළ අන්තවාදී ප්‍රකාශ හා විවිධ වහසිබස්‌ පැවසීම බව පැහැදිලි වේ.

    මෙහිදී බුද්ධි අංශවල දැඩි අවධානය යොමු විය යුත්තේ උතුරේ සාමය බිඳ දමමින් ප්‍රචණ්‌ඩත්වය යළි ඇති කිරීමට මුල් වූ 'පීපල්ස්‌ පවර්' නැමැති වෙස්‌ මුහුණක්‌ දමාගත් සංවිධානය මෙහෙයවන්නන් හඳුනා ගැනීමයි.


    කීර්ති වර්ණකුලසූරිය - දිවයින

     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කොහොම උනත් අමුම තිරිසන් වැඩක් මචන්,දෙමලද සින්හලද අදාල නෑ.සක්කිලි වැඩක්.හෙලුවැල්ලෙන් හන්දියක ගැටගහල ගල් ගහන්න ඕන.5 පඩියක් ලබ්බට බර එල්ලන්න ඕන තිරිසන් මිනිස්සු.