Trip to Tokyo - සුන්දර ජපානයේ ටොකියෝ නුවර චාරිකාව

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Trip to Tokyo - සුන්දර ජපානයේ ටොකියෝ නුවර චාරිකාව

    ඔන්න කාලෙකින් ට්‍රිපක් ගිය ත්රෙඩ් එකක් දාන්න හදන්නේ... අවුරුදු ගානකට කලින් ලෝකාන්තේ කෑම්ප් ගහන්න ගිය එකෙන් පස්සෙ දාන පලවෙනි ට්‍රිප් ත්රෙඩ් එක මේක... ලෝකාන්තේ කෑම්ප් ගහපු ත්රෙඩ් එක මෙතනින් බලන්න පුලුවන්...

    http://www.elakiri.com/forum/showthread.php?t=710012

    මේ පාර ගියේ සුන්දර ජපානයට... ගිය අවුරුද්දේ ගියාට හරියට පින්තූර ටිකක් ගන්න බැරි වුන නිසා ත්රෙඩ් එකක් දැම්මේ නෑ... ඒ ගමනේ පින්තූර ටිකකුත් එකතු කරලා ඔන්න මේ ත්රෙඩ් එක දානවා...

    අප්‍රේල් මාසේ සිංහල අවුරුදු දවස් වල තමයි එහෙට ගියේ.. මොකද සකුරා මල් පිපෙන කාලේ නිසා බලන්න.. මගේ වෙලාවේ හොඳ කමට මල් ඔක්කොම හැලිලා.. :growl: යන්තම් ගහක් දෙකක් තිබ්බ බලාගන්න.. මොනවා කරන්නද ඉතිං... වට පිටාව ෆොටෝ ගහගෙන ආවා... සකුරා නැති වුනාට ටියුලිප් මල් යායක් නම් ෆොටො ගත්තා... ඔන්න බලමු එහෙනම් විස්තර ටික...




    වලාකුලු වලට උඩින්....


    20141124_062719.jpg



    පිටත උශ්ණත්වය -74F


    20141124_074549.jpg


    වේගය පැයට සැතපුම් 632

    20141124_074610.jpg



    අඩි 41000ක් උසින් ...


    20141124_074627.jpg


    ඔන්න ටෝකියෝ වලට කිට්ටු වෙලා ඉන්නේ...


    20141124_074622.jpg


    ඔන්න අපි ගොඩබහිනවා...


    20150413_074831.jpg


    ටෝකියෝ කිව්වට අපි ගොඩ බහින්නේ Narita International Airport එකට... හරියට බැලුවොත් Tokyo to Narita Airport 70Km විතර තියෙනවා...

    ඔන්න එයාර්පෝට් එකටත් ආවා...

    20150413_120953.jpg



    පැය 8 ක විතර දීර්ඝ ගුවන් ගමනකින් ආපු නිසා කෙලින්ම ගියා හෝටලයට... ඊට පස්සේ ගියා පොඩි රවුමක් දාන්න ඒ අවට...

    මේ තියෙන්නෙ Narita San temple එක... මේක සමහරුන්ට මතක ඇති Spell Binder කියලා TV series එකක් ගියා 90 ගනන් වල... අන්න ඒකේ මාලිගාවට අරන් තියෙන්නේ මේ පන්සල තමයි... රෑ ගත්ත නිසා පින්තූර ටිකක් අපැහැදිලියි...

    P1030028.jpg


    P1030024.jpg



    පහුවෙනිදා ගියා පොඩි රවුමක් ගහන්න ඒ අවට...

    මෙන්න ජපන් ටැක්සි... දොර ඔටෝ ඇරෙන්න වැහෙන්න හදලා තියෙන්නෙ... අවම මුදල පටන් ගන්නේ යෙන් 730 කින්... ( රුපියල් 820) :P ඔක්කොම වගේ තියෙන්නෙ Toyota Crown. අතරින් පතර Prius එහෙම තියෙනවා...

    20150414_092233.jpg


    20150414_092220.jpg


    DSCN0891.jpg


    DSCN0884.jpg


    P1040094.jpg


    මේ Toyota Crown එකත් මෙහේ ටැක්සි එකක්... :rofl:

    P1030905.jpg


    P1030906.jpg



    හරි දැන් ටැක්සි කතා ඇති අපි බලමු කෑම... :P

    අපි ගියා Sushi කන්න... Sushi කියන්නේ අමු මාලු.. හැබැයි අලුත්ම අලුත්.. ඒවා හොඳම හරියෙන් කපලා තමයි Sushi හදන්නේ... කන්න තියෙන්නෙ සෝයා සෝස් වල ගාගෙන... තව තියෙනව වසබි කියලා ජාතියක්.. ඒකෙන් ටිකකුත් ගාගන්න ඕනේ.. කාපු අය දන්නවා ඇති වසබි කෑවහම ඉහ මොල පිච්චිලා ගිහිල්ලා කදුලු එනවා... ඒ වුනාට ඒවත් එක්ක කනකොට තමයි Sushi වල නියම රහ එන්නේ...

    මෙන්න sushi.. මාලු වලට යටින් තියෙන්නේ බත්.. :yes:



    DSCN0715.jpg


    DSCN0913.jpg




    මේකට ජපන් බාසාවෙන් කියන්නෙ "තෙම්පුරා" කියලා.. මේක battered prawns & fish fry කරලා තමයි හදන්නේ... ඔය තියෙන නූඩ්ල්ස් එකට කියන්නේ " උදොන්" නූඩ්ල්ස් කියලා... එතකොට ඔය නූඩ්ල්ස් එකත් එක්ක තියෙන්නේ " මිසෝ සුප්" එක... (මේවා කියලා දුන්නේ මගේ ආදරණිය බිරිඳ ;) )

    DSCN0924.jpg


    20150414_172449.jpg


    මෙකේ මේ මිංචි සම්බෝලයක් වගේ තියෙන එක තමයි " වසබි" . මේවා හදන්නේ රාබු වර්ගයක මුලකින්.. මේක sushi වලට එකතු කරගන්නේ රස එන්න වගේම මොනවා හරි විස ගතියක් තියෙනවනම් ඒවා නැසෙන්න... :yes:



    අපි ගිය රෙස්ටුරන්ට් එකේ කෑම දෙන්නයි ඕඩර් ගන්නයි වේටර්ලා නෑ... අපි ගියහම දෙනවා කාඩ් එකක් අපේ ටේබල් නම්බර් එක තියෙන.. එතන හියෙනවා පොඩි ටච් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකක්.. මෙන්න මේ වගේ...

    DSCN0930.jpg


    DSCN0909.jpg


    මේ ඩිස්ප්ලේ එකේ කෑම ජාතිය හා ඊට අදාලා ගාන වැටෙනවා... අපිට තියෙන්නේ ඕන කෑම ජාති සිලෙක්ට් කරගන්න... එතකොට රූං ගාලා කෑම ටික එනවා මේසෙට... :rofl:

    හෝව් හෝව්... රූං ගලා එන්නෙ හදන එකා උඩින් විසි කරනවද ? :angry: නෑ .... :no:

    මේ හැම මේසයක් ලඟින්ම යනවා කෑම දීසි බෙල්ට් එකක්... යටින් තියෙන බෙල්ට් එක දිගටම කැරකි කැරකි තියෙනවා... ඒකේ එක එක කෑම ජාති යනවා... අපිට තියෙන්නේ උස්සලා ගන්න විතරයි... එතකොට අපි ඕඩර් කරන ඒවා ඊට උඩින් තියෙන බෙල්ට් එකක ඇවිල්ලා ගානට අපේ මේසේ ලඟ නතර වෙනවා... අපිට තියෙන්නේ ඒක අරගෙන අපි ගත්තා කියලා දන්වන්න බොත්තමක් ඔබන්න විතරයි...


    මේ තියෙන්නේ ඔය කියන කෑම බෙල්ට් එක...


    DSCN0917.jpg


    DSCN0928.jpg


    මේ ඔක්කොටම ගානට බිල වැටෙනවා.. අපිට තියෙන්නෙ කැශියර් එකට ගිහිල්ලා ඒගොල්ලෝ ඇතුල් වෙනකොට දීපු කාඩ් එක දෙන්න.. එතකොට ගානට ගනන් හදලා බිල දෙනවා... වැඩියෙන් කාලා අඩුවෙන් බිල දාන්නවත්.. අඩුවෙන් කාපු එකට වැඩියෙන් බිල දාන්නවත් බෑ... එතකොට Green Tea Unlimited free.. :cool:

    මේ කෑමත් මරු නේද...? ඒ වුනාට මේවා ඇත්ත කෑම නෙමෙයි... ඔක්කොම හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්... රෙස්ටුරන්ට් වල ඉස්සරහා මෙහෙම කෑම ජාති හදලා රාක්ක වල දාලා ගනන් ගහලා තියෙනවා... කන්න කලින් ගාන දැනගෙන කෑම එක දැනගෙන කන්න පුලුවන්.. හැබැයි අපේ රටේ වගේ නෙමෙයි ජපන්නු මේ පේන්න තියෙන විදිහටම කෑම එක දෙනවා... අයිත් කිසි වෙනෙසක් නෑ....

    DSCN0706.jpg


    DSCN0900.jpg


    DSCN0899.jpg



    කෑමෙන් පසු නැවත අපි යමු වාහන වලට..

    ජපානෙ වාහන වල ගනන් දැකලා මට නම් ඇඬුනා... මේ තියෙන්නෙ අපි හිටපු හෝටලේ අවට කාර් සේල් වගයක්... ඔය වීදුරුවේ "මන්" වලින් ගනන් දාලා තියෙන්නෙ... "මන්" එකක් කියන්නේ යෙන් දහ දාහක්...


    20150416_093826.jpg


    20150416_101304.jpg


    20150416_101258.jpg


    20150416_101308.jpg


    20150416_093831.jpg


    DSCN0905.jpg


    DSCN0904.jpg




    මේවා නම් විකුණන්න නෙමෙයි... :P

    මේ මොඩල් එක ජපානේ සෑහෙන්න ජනප්‍රියයි...


    P1030879.jpg


    මෙන්න සුබාරුවක්....

    DSCN0938.jpg



    අපි ඊට පස්සේ ගියා සකුරා වල තියෙන ට්යුලිප් බලන්න... මොකක්..? සකුරා මල් වල ටියුලිප්..? නෑ.. නෑ.. සකුරා කියන ගමේ තියෙන ට්යුලිප් වගාවක් බලන්න... ඒක නම් පට්ටම ලස්සනයි... ඒ මදිවට එතන වින්ඩ් මිල් එකකුත් තියෙනවා... අපි ඔය ඔක්කොම බැලුවා... අපි ගිය කාලේ එහේ ටියුලිප් ෆෙස්ටිවල් එක කියලා එකක් තියෙනවා... මල් පිපෙන කාලෙට එයාලා ඒක සැණකෙලියක් විදිහට සමරනවා... මේ තියෙන්නේ මල්... :D

    P1030797.jpg


    P1030807.jpg


    P1030823.jpg


    P1030822.jpg


    P1030815.jpg


    P1030881.jpg


    P1030885.jpg


    P1030893.jpg


    P1030895.jpg


    ඒ අස්සේ එතන බයිසිකල් වගේකුත් තිබ්බා... ඒවා නම් තිබ්බේ ප්‍රදර්ශනේට වගේ.. ඔන්න ඒවගෙත් ෆොටෝ ටිකක් ගැහුවා අපේ බයිසිකල් ක්ලබ් එක මතක් වෙලා...

    P1030843.jpg


    P1030844.jpg


    P1030851.jpg


    ඒ අස්සේ යන්තම් ඕන්න සකුරා මල් ටිකක් දැක්කා.... :dull:

    P1030939.jpg


    P1030948.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටියුලිප් ගාර්ඩන් එක බලලා ඊට පස්සේ අපි ගියා Tokyo National Museum එක බලන්න... මේක ටෝකියෝ කිව්වට තියෙන්නේ Ueno වල... Keisei Line එකේ Ueno station එක ලඟමයි තියෙන්නේ... ජපානේ Railway line ගැන මේකට පස්සේ කියන්නම්.. :)

    මේ තියෙන්නේ මියුසියම් එකේ පින්තූර ටිකක්... :D

    P1030976.jpg



    මේක චිත්‍රයක්... මේ චිත්‍ර සල්ලි කාරයින්ගේ ගෙවල් වල තියෙන පොඩි දොරවල් වල තමයි ඇඳලා තියෙන්නෙ...

    P1040005.jpg



    මේ ඇඳුම් වගයක්.. 17 වෙනි සියවසේ කියලා තමයි තිබ්බේ...

    P1040001.jpg



    මේක කේතලයක්ලූ...

    P1040010.jpg



    මේ තියෙන්නේ ඒ කාලේ ජපන් රණකාමීන්ගේ ආයුද සහ ඇඳුම්... :)


    P1040018.jpg


    P1040020.jpg


    P1040017.jpg


    P1040024.jpg


    P1040028.jpg


    P1040032.jpg


    P1040026.jpg


    P1040034.jpg


    P1040023.jpg


    P1040038.jpg



    ඊට ප්ස්සේ අපි පොඩ්ඩක් එහෙ මෙහේ ඇවිද්දා... මේ ඒ අතරේ ගත්ත පින්තූර ටිකක්...


    ජපන් බට්ටෝ ටිකක්... :lol:

    P1030974.jpg


    හදිසි අවශ්‍යතාවයකට වැසිකිලියට ගියා.. ඔක්කොම වැඩකරන්නේ නව තාක්ශනේට අනුව... :P පින්තූර ටිකක් අරන් ආවා එලකිරියේ කවුරු හරි ගිය වෙලාවක අවුලක් නැතුව කාරිය කරගන්න පුලුවන් වෙන්න... හෝදන්න... ෆ්ලශ් කරන්න ඔක්කොටම තියෙන්නේ අදාල බොත්තම ඔබන එක තමයි... මේවා තැනින් තැනට වෙනස්.. ඒත් බේසික් එක මේ විදිහට තමයි..

    P1030981.jpg


    P1030983.jpg


    P1030984.jpg



    Tokyo Station එක

    P1040104.jpg



    P1040090.jpg


    P1040071.jpg




    ටෝකියෝ නගරය... :cool:

    අපරාදේ කියන්න බෑ පාරේ බත් දාගෙන කන්න තරම් පිරිසිදුයි... :cool:

    P1040095.jpg


    P1040099.jpg


    P1040101.jpg


    P1040103.jpg


    P1030100.jpg


    P1030099.jpg


    P1040065.jpg


    P1040054.jpg


    P1040055.jpg


    P1040061.jpg


    20150414_182558.jpg


    20150414_182539.jpg


    20150414_182602.jpg



    අපි හැමතැනම වගේ ගියේ කෝච්චියෙන්... ජපානේ රවුම් ගහන්න තියෙනව හොදම සහ ලාබම ක්‍රමය තමයි දුම්රිය... සබ්වේ ලයින් හැම තැනම විහිදිලා තියෙනවා.. සංචාරක ආකර්ෂනය තියෙන හැම තැනකම ස්ටේශන් එකක් තියෙනවා.. මේ තියෙන්නේ ස්ටේශන් වලදි ගත්ත පින්තූර ටිකක්..

    ටිකට් මැශිම... :lol:

    P1030914.jpg


    ටිකට් එක නොදා යන්න බෑ... :no:

    P1030910.jpg


    දුවන්න එපා... :growl:

    P1030918.jpg


    P1030078.jpg


    DSCN0752.jpg


    DSCN0775.jpg


    P1030083.jpg


    P1030085.jpg


    P1030086.jpg


    P1030919.jpg



    ඔන්න ඔහොම තමයි මගේ ජපන් ගමන... :D

    මේ ගමනට ස්තූතිවන්ත වෙන්න ඔනේ මගේ ආදරණිය බිරිඳට... එයා නිසා තමයි මට මේ ගමන යන්න ලැබුනේ සහ මේ ත්‍රෙඩ් එක දාන්න පුලුවන් වුනේ... :love::love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි ත්‍රෙඩ් එක සහ පින්තුර සහෝ
    කාලෙකින් මල් මාමාගේ ත්‍රෙඩ් එකක් වැටුනේ
    පට්ට ට්‍රිප් එකක් දමලා සුපිරි
     
    • Like
    Reactions: malkavi

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    නියමයි යාළු ,,,
    බෙදාගත්තාට බොහෝම ස්තුතියි ..

    (මමත් ගියා බන් එක පාරක් කොමට්සු එයාර් පොර්ට් එකෙන් බහිනකොටම එලාම් එක වැදුනා බන් :()
    +19
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එළකිරි ත්‍රෙඩ් එක සහ පින්තුර සහෝ
    කාලෙකින් මල් මාමාගේ ත්‍රෙඩ් එකක් වැටුනේ
    පට්ට ට්‍රිප් එකක් දමලා සුපිරි

    ඔව් බං... වෙලාවක් තිබ්බේ නෑ ත්‍රෙඩ් එකක් දාන්න... Thanks.. :D

    good thread machan+

    thanks machan.. :)

    මරු.... නියමයි... ස්තුතියි බෙදාගත්තට...

    thanks machan.. :)

    elazzzzzzzzzzzzz

    thanks machan.. :)

    :):):)
    නියමයි යාළු ,,,
    බෙදාගත්තාට බොහෝම ස්තුතියි ..

    (මමත් ගියා බන් එක පාරක් කොමට්සු එයාර් පොර්ට් එකෙන් බහිනකොටම එලාම් එක වැදුනා බන් :()
    +19

    එලාර්ම් එක කිව්වේ ගෙදර එලාර්ම් එකද .? :lol:

    ස්තූතියි මචං... :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කියලා වැඩක් නෑ කවි අයියා කියලා වැඩක්ම නෑ ලොවෙත් නෑ සුපිරිම ත්‍රෙඩ් එක........

    වාහන වල ගණන් දැක්කම හිල්ලුනා........

    අර ටොයිලට් සීන් එක දැක්කම මට අර මේකේ ජෝක් ත්‍රෙඩ් එකක තිබ්බ කතාවක් මතක් වුනා රොබෝ අතක් ඇවිල්ලා සෙට් එක කඩලා දාන කතාව.......