Trip to Tokyo - සුන්දර ජපානයේ ටොකියෝ නුවර චාරිකාව
ඒ අස්සේ එතන බයිසිකල් වගේකුත් තිබ්බා... ඒවා නම් තිබ්බේ ප්‍රදර්ශනේට වගේ.. ඔන්න ඒවගෙත් ෆොටෝ ටිකක් ගැහුවා අපේ බයිසිකල් ක්ලබ් එක මතක් වෙලා...
ඔන්න කාලෙකින් ට්‍රිපක් ගිය ත්‍රෙඩ් එකක් දාන්න හදන්නේ... අවුරුදු ගානකට කලින් ලෝකාන්තේ කෑම්ප් ගහන්න ගිය එකෙන් පස්සෙ දාන පලවෙනි ට්‍රිප් ත්‍රෙඩ් එක මේක... ලෝකාන්තේ කෑම්ප් ගහපු ත්‍රෙඩ් එක මෙතනින් බලන්න පුලුවන්...
http://www.elakiri.com/forum/showthread.php?t=710012
මේ පාර ගියේ සුන්දර ජපානයට... ගිය අවුරුද්දේ ගියාට හරියට පින්තූර ටිකක් ගන්න බැරි වුන නිසා ත්‍රෙඩ් එකක් දැම්මේ නෑ... ඒ ගමනේ පින්තූර ටිකකුත් එකතු කරලා ඔන්න මේ ත්‍රෙඩ් එක දානවා...
අප්‍රේල් මාසේ සිංහල අවුරුදු දවස් වල තමයි එහෙට ගියේ.. මොකද සකුරා මල් පිපෙන කාලේ නිසා බලන්න.. මගේ වෙලාවේ හොඳ කමට මල් ඔක්කොම හැලිලා..
යන්තම් ගහක් දෙකක් තිබ්බ බලාගන්න.. මොනවා කරන්නද ඉතිං... වට පිටාව ෆොටෝ ගහගෙන ආවා... සකුරා නැති වුනාට ටියුලිප් මල් යායක් නම් ෆොටො ගත්තා... ඔන්න බලමු එහෙනම් විස්තර ටික...
වලාකුලු වලට උඩින්....
පිටත උශ්ණත්වය -74F
වේගය පැයට සැතපුම් 632
අඩි 41000ක් උසින් ...
ඔන්න ටෝකියෝ වලට කිට්ටු වෙලා ඉන්නේ...
ඔන්න අපි ගොඩබහිනවා...
ටෝකියෝ කිව්වට අපි ගොඩ බහින්නේ Narita International Airport එකට... හරියට බැලුවොත් Tokyo to Narita Airport 70Km විතර තියෙනවා...
ඔන්න එයාර්පෝට් එකටත් ආවා...
පැය 8 ක විතර දීර්ඝ ගුවන් ගමනකින් ආපු නිසා කෙලින්ම ගියා හෝටලයට... ඊට පස්සේ ගියා පොඩි රවුමක් දාන්න ඒ අවට...
මේ තියෙන්නෙ Narita San temple එක... මේක සමහරුන්ට මතක ඇති Spell Binder කියලා TV series එකක් ගියා 90 ගනන් වල... අන්න ඒකේ මාලිගාවට අරන් තියෙන්නේ මේ පන්සල තමයි... රෑ ගත්ත නිසා පින්තූර ටිකක් අපැහැදිලියි...
පහුවෙනිදා ගියා පොඩි රවුමක් ගහන්න ඒ අවට...
මෙන්න ජපන් ටැක්සි... දොර ඔටෝ ඇරෙන්න වැහෙන්න හදලා තියෙන්නෙ... අවම මුදල පටන් ගන්නේ යෙන් 730 කින්... ( රුපියල් 820)
ඔක්කොම වගේ තියෙන්නෙ Toyota Crown. අතරින් පතර Prius එහෙම තියෙනවා...
මේ Toyota Crown එකත් මෙහේ ටැක්සි එකක්...
හරි දැන් ටැක්සි කතා ඇති අපි බලමු කෑම...
අපි ගියා Sushi කන්න... Sushi කියන්නේ අමු මාලු.. හැබැයි අලුත්ම අලුත්.. ඒවා හොඳම හරියෙන් කපලා තමයි Sushi හදන්නේ... කන්න තියෙන්නෙ සෝයා සෝස් වල ගාගෙන... තව තියෙනව වසබි කියලා ජාතියක්.. ඒකෙන් ටිකකුත් ගාගන්න ඕනේ.. කාපු අය දන්නවා ඇති වසබි කෑවහම ඉහ මොල පිච්චිලා ගිහිල්ලා කදුලු එනවා... ඒ වුනාට ඒවත් එක්ක කනකොට තමයි Sushi වල නියම රහ එන්නේ...
මෙන්න sushi.. මාලු වලට යටින් තියෙන්නේ බත්..
මේකට ජපන් බාසාවෙන් කියන්නෙ "තෙම්පුරා" කියලා.. මේක battered prawns & fish fry කරලා තමයි හදන්නේ... ඔය තියෙන නූඩ්ල්ස් එකට කියන්නේ " උදොන්" නූඩ්ල්ස් කියලා... එතකොට ඔය නූඩ්ල්ස් එකත් එක්ක තියෙන්නේ " මිසෝ සුප්" එක... (මේවා කියලා දුන්නේ මගේ ආදරණිය බිරිඳ
)
මෙකේ මේ මිංචි සම්බෝලයක් වගේ තියෙන එක තමයි " වසබි" . මේවා හදන්නේ රාබු වර්ගයක මුලකින්.. මේක sushi වලට එකතු කරගන්නේ රස එන්න වගේම මොනවා හරි විස ගතියක් තියෙනවනම් ඒවා නැසෙන්න...
අපි ගිය රෙස්ටුරන්ට් එකේ කෑම දෙන්නයි ඕඩර් ගන්නයි වේටර්ලා නෑ... අපි ගියහම දෙනවා කාඩ් එකක් අපේ ටේබල් නම්බර් එක තියෙන.. එතන හියෙනවා පොඩි ටච් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකක්.. මෙන්න මේ වගේ...
මේ ඩිස්ප්ලේ එකේ කෑම ජාතිය හා ඊට අදාලා ගාන වැටෙනවා... අපිට තියෙන්නේ ඕන කෑම ජාති සිලෙක්ට් කරගන්න... එතකොට රූං ගාලා කෑම ටික එනවා මේසෙට...
හෝව් හෝව්... රූං ගලා එන්නෙ හදන එකා උඩින් විසි කරනවද ?
නෑ .... 
මේ හැම මේසයක් ලඟින්ම යනවා කෑම දීසි බෙල්ට් එකක්... යටින් තියෙන බෙල්ට් එක දිගටම කැරකි කැරකි තියෙනවා... ඒකේ එක එක කෑම ජාති යනවා... අපිට තියෙන්නේ උස්සලා ගන්න විතරයි... එතකොට අපි ඕඩර් කරන ඒවා ඊට උඩින් තියෙන බෙල්ට් එකක ඇවිල්ලා ගානට අපේ මේසේ ලඟ නතර වෙනවා... අපිට තියෙන්නේ ඒක අරගෙන අපි ගත්තා කියලා දන්වන්න බොත්තමක් ඔබන්න විතරයි...
මේ තියෙන්නේ ඔය කියන කෑම බෙල්ට් එක...
මේ ඔක්කොටම ගානට බිල වැටෙනවා.. අපිට තියෙන්නෙ කැශියර් එකට ගිහිල්ලා ඒගොල්ලෝ ඇතුල් වෙනකොට දීපු කාඩ් එක දෙන්න.. එතකොට ගානට ගනන් හදලා බිල දෙනවා... වැඩියෙන් කාලා අඩුවෙන් බිල දාන්නවත්.. අඩුවෙන් කාපු එකට වැඩියෙන් බිල දාන්නවත් බෑ... එතකොට Green Tea Unlimited free..
මේ කෑමත් මරු නේද...? ඒ වුනාට මේවා ඇත්ත කෑම නෙමෙයි... ඔක්කොම හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්... රෙස්ටුරන්ට් වල ඉස්සරහා මෙහෙම කෑම ජාති හදලා රාක්ක වල දාලා ගනන් ගහලා තියෙනවා... කන්න කලින් ගාන දැනගෙන කෑම එක දැනගෙන කන්න පුලුවන්.. හැබැයි අපේ රටේ වගේ නෙමෙයි ජපන්නු මේ පේන්න තියෙන විදිහටම කෑම එක දෙනවා... අයිත් කිසි වෙනෙසක් නෑ....
කෑමෙන් පසු නැවත අපි යමු වාහන වලට..
ජපානෙ වාහන වල ගනන් දැකලා මට නම් ඇඬුනා... මේ තියෙන්නෙ අපි හිටපු හෝටලේ අවට කාර් සේල් වගයක්... ඔය වීදුරුවේ "මන්" වලින් ගනන් දාලා තියෙන්නෙ... "මන්" එකක් කියන්නේ යෙන් දහ දාහක්...
මේවා නම් විකුණන්න නෙමෙයි...
මේ මොඩල් එක ජපානේ සෑහෙන්න ජනප්‍රියයි...
මෙන්න සුබාරුවක්....
අපි ඊට පස්සේ ගියා සකුරා වල තියෙන ට්යුලිප් බලන්න... මොකක්..? සකුරා මල් වල ටියුලිප්..? නෑ.. නෑ.. සකුරා කියන ගමේ තියෙන ට්යුලිප් වගාවක් බලන්න... ඒක නම් පට්ටම ලස්සනයි... ඒ මදිවට එතන වින්ඩ් මිල් එකකුත් තියෙනවා... අපි ඔය ඔක්කොම බැලුවා... අපි ගිය කාලේ එහේ ටියුලිප් ෆෙස්ටිවල් එක කියලා එකක් තියෙනවා... මල් පිපෙන කාලෙට එයාලා ඒක සැණකෙලියක් විදිහට සමරනවා... මේ තියෙන්නේ මල්...
http://www.elakiri.com/forum/showthread.php?t=710012
මේ පාර ගියේ සුන්දර ජපානයට... ගිය අවුරුද්දේ ගියාට හරියට පින්තූර ටිකක් ගන්න බැරි වුන නිසා ත්‍රෙඩ් එකක් දැම්මේ නෑ... ඒ ගමනේ පින්තූර ටිකකුත් එකතු කරලා ඔන්න මේ ත්‍රෙඩ් එක දානවා...
අප්‍රේල් මාසේ සිංහල අවුරුදු දවස් වල තමයි එහෙට ගියේ.. මොකද සකුරා මල් පිපෙන කාලේ නිසා බලන්න.. මගේ වෙලාවේ හොඳ කමට මල් ඔක්කොම හැලිලා..
යන්තම් ගහක් දෙකක් තිබ්බ බලාගන්න.. මොනවා කරන්නද ඉතිං... වට පිටාව ෆොටෝ ගහගෙන ආවා... සකුරා නැති වුනාට ටියුලිප් මල් යායක් නම් ෆොටො ගත්තා... ඔන්න බලමු එහෙනම් විස්තර ටික... වලාකුලු වලට උඩින්....
පිටත උශ්ණත්වය -74F
වේගය පැයට සැතපුම් 632
අඩි 41000ක් උසින් ...
ඔන්න ටෝකියෝ වලට කිට්ටු වෙලා ඉන්නේ...
ඔන්න අපි ගොඩබහිනවා...
ටෝකියෝ කිව්වට අපි ගොඩ බහින්නේ Narita International Airport එකට... හරියට බැලුවොත් Tokyo to Narita Airport 70Km විතර තියෙනවා...
ඔන්න එයාර්පෝට් එකටත් ආවා...
පැය 8 ක විතර දීර්ඝ ගුවන් ගමනකින් ආපු නිසා කෙලින්ම ගියා හෝටලයට... ඊට පස්සේ ගියා පොඩි රවුමක් දාන්න ඒ අවට...
මේ තියෙන්නෙ Narita San temple එක... මේක සමහරුන්ට මතක ඇති Spell Binder කියලා TV series එකක් ගියා 90 ගනන් වල... අන්න ඒකේ මාලිගාවට අරන් තියෙන්නේ මේ පන්සල තමයි... රෑ ගත්ත නිසා පින්තූර ටිකක් අපැහැදිලියි...
පහුවෙනිදා ගියා පොඩි රවුමක් ගහන්න ඒ අවට...
මෙන්න ජපන් ටැක්සි... දොර ඔටෝ ඇරෙන්න වැහෙන්න හදලා තියෙන්නෙ... අවම මුදල පටන් ගන්නේ යෙන් 730 කින්... ( රුපියල් 820)
ඔක්කොම වගේ තියෙන්නෙ Toyota Crown. අතරින් පතර Prius එහෙම තියෙනවා...
මේ Toyota Crown එකත් මෙහේ ටැක්සි එකක්...

හරි දැන් ටැක්සි කතා ඇති අපි බලමු කෑම...

අපි ගියා Sushi කන්න... Sushi කියන්නේ අමු මාලු.. හැබැයි අලුත්ම අලුත්.. ඒවා හොඳම හරියෙන් කපලා තමයි Sushi හදන්නේ... කන්න තියෙන්නෙ සෝයා සෝස් වල ගාගෙන... තව තියෙනව වසබි කියලා ජාතියක්.. ඒකෙන් ටිකකුත් ගාගන්න ඕනේ.. කාපු අය දන්නවා ඇති වසබි කෑවහම ඉහ මොල පිච්චිලා ගිහිල්ලා කදුලු එනවා... ඒ වුනාට ඒවත් එක්ක කනකොට තමයි Sushi වල නියම රහ එන්නේ...
මෙන්න sushi.. මාලු වලට යටින් තියෙන්නේ බත්..

මේකට ජපන් බාසාවෙන් කියන්නෙ "තෙම්පුරා" කියලා.. මේක battered prawns & fish fry කරලා තමයි හදන්නේ... ඔය තියෙන නූඩ්ල්ස් එකට කියන්නේ " උදොන්" නූඩ්ල්ස් කියලා... එතකොට ඔය නූඩ්ල්ස් එකත් එක්ක තියෙන්නේ " මිසෝ සුප්" එක... (මේවා කියලා දුන්නේ මගේ ආදරණිය බිරිඳ
)
මෙකේ මේ මිංචි සම්බෝලයක් වගේ තියෙන එක තමයි " වසබි" . මේවා හදන්නේ රාබු වර්ගයක මුලකින්.. මේක sushi වලට එකතු කරගන්නේ රස එන්න වගේම මොනවා හරි විස ගතියක් තියෙනවනම් ඒවා නැසෙන්න...

අපි ගිය රෙස්ටුරන්ට් එකේ කෑම දෙන්නයි ඕඩර් ගන්නයි වේටර්ලා නෑ... අපි ගියහම දෙනවා කාඩ් එකක් අපේ ටේබල් නම්බර් එක තියෙන.. එතන හියෙනවා පොඩි ටච් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකක්.. මෙන්න මේ වගේ...
මේ ඩිස්ප්ලේ එකේ කෑම ජාතිය හා ඊට අදාලා ගාන වැටෙනවා... අපිට තියෙන්නේ ඕන කෑම ජාති සිලෙක්ට් කරගන්න... එතකොට රූං ගාලා කෑම ටික එනවා මේසෙට...
හෝව් හෝව්... රූං ගලා එන්නෙ හදන එකා උඩින් විසි කරනවද ?
නෑ .... 
මේ හැම මේසයක් ලඟින්ම යනවා කෑම දීසි බෙල්ට් එකක්... යටින් තියෙන බෙල්ට් එක දිගටම කැරකි කැරකි තියෙනවා... ඒකේ එක එක කෑම ජාති යනවා... අපිට තියෙන්නේ උස්සලා ගන්න විතරයි... එතකොට අපි ඕඩර් කරන ඒවා ඊට උඩින් තියෙන බෙල්ට් එකක ඇවිල්ලා ගානට අපේ මේසේ ලඟ නතර වෙනවා... අපිට තියෙන්නේ ඒක අරගෙන අපි ගත්තා කියලා දන්වන්න බොත්තමක් ඔබන්න විතරයි...
මේ තියෙන්නේ ඔය කියන කෑම බෙල්ට් එක...
මේ ඔක්කොටම ගානට බිල වැටෙනවා.. අපිට තියෙන්නෙ කැශියර් එකට ගිහිල්ලා ඒගොල්ලෝ ඇතුල් වෙනකොට දීපු කාඩ් එක දෙන්න.. එතකොට ගානට ගනන් හදලා බිල දෙනවා... වැඩියෙන් කාලා අඩුවෙන් බිල දාන්නවත්.. අඩුවෙන් කාපු එකට වැඩියෙන් බිල දාන්නවත් බෑ... එතකොට Green Tea Unlimited free..

මේ කෑමත් මරු නේද...? ඒ වුනාට මේවා ඇත්ත කෑම නෙමෙයි... ඔක්කොම හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්... රෙස්ටුරන්ට් වල ඉස්සරහා මෙහෙම කෑම ජාති හදලා රාක්ක වල දාලා ගනන් ගහලා තියෙනවා... කන්න කලින් ගාන දැනගෙන කෑම එක දැනගෙන කන්න පුලුවන්.. හැබැයි අපේ රටේ වගේ නෙමෙයි ජපන්නු මේ පේන්න තියෙන විදිහටම කෑම එක දෙනවා... අයිත් කිසි වෙනෙසක් නෑ....
කෑමෙන් පසු නැවත අපි යමු වාහන වලට..
ජපානෙ වාහන වල ගනන් දැකලා මට නම් ඇඬුනා... මේ තියෙන්නෙ අපි හිටපු හෝටලේ අවට කාර් සේල් වගයක්... ඔය වීදුරුවේ "මන්" වලින් ගනන් දාලා තියෙන්නෙ... "මන්" එකක් කියන්නේ යෙන් දහ දාහක්...
මේවා නම් විකුණන්න නෙමෙයි...

මේ මොඩල් එක ජපානේ සෑහෙන්න ජනප්‍රියයි...
මෙන්න සුබාරුවක්....
අපි ඊට පස්සේ ගියා සකුරා වල තියෙන ට්යුලිප් බලන්න... මොකක්..? සකුරා මල් වල ටියුලිප්..? නෑ.. නෑ.. සකුරා කියන ගමේ තියෙන ට්යුලිප් වගාවක් බලන්න... ඒක නම් පට්ටම ලස්සනයි... ඒ මදිවට එතන වින්ඩ් මිල් එකකුත් තියෙනවා... අපි ඔය ඔක්කොම බැලුවා... අපි ගිය කාලේ එහේ ටියුලිප් ෆෙස්ටිවල් එක කියලා එකක් තියෙනවා... මල් පිපෙන කාලෙට එයාලා ඒක සැණකෙලියක් විදිහට සමරනවා... මේ තියෙන්නේ මල්...

ඒ අස්සේ එතන බයිසිකල් වගේකුත් තිබ්බා... ඒවා නම් තිබ්බේ ප්‍රදර්ශනේට වගේ.. ඔන්න ඒවගෙත් ෆොටෝ ටිකක් ගැහුවා අපේ බයිසිකල් ක්ලබ් එක මතක් වෙලා...
ඒ අස්සේ යන්තම් ඕන්න සකුරා මල් ටිකක් දැක්කා.... 

)