මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 2වැනි කොටස

thanujaka

Well-known member
  • මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 2වැනි කොටස

    පෙරදින රාත්‍රියේ වැලිකඩ වාට්ටුවේ නින්දට වැටිච්ච සිරකරුවෝ සියල්ලම පසුදින උදෑසන 6 වෙද්දී අවදිවෙලා වාට්ටුවෙන් එලියට බහින්න ඕනේ.


    හා එහෙනං යමු දැන් එලියට මේකෙන්.

    !
    !
    !
    !
    !
    !
    !


    uFhZgR.png




    එලෙස අවදිවෙලා වාට්ටුවෙන් එලියට බහින සිරකරුවෝ සියල්ලම ඔය ඉහත රූපයේ කොළපාටින් දක්වල තියෙන බිම්කඩට එකතුවෙන්න ඕනේ තමන්ගේ ඇදුම් මල්ලත් අරගෙන. හරියටම නිළධාරි කාර්යාලය ඉස්සරහ. මොකද මෙතනදී තමයි සිරකරුවන්ව හරියටම බන්ධානාගාරයට මුදාහැරීම කරන්නේ. මෙතනදී කරන්නේ සිරකරුවන් එකිනෙකා වෙන් වෙන් වශයෙන් අරගෙන ඒගොල්ලන්ට සිරකරු අංකයකුයි, නවාතැන් ගැනීමට සෙල් එකක් ලබාදෙන එක. හැමෝටම අංක 4කින් යුක්ත සිරකරු අංකයක් මෙතනින් ලැබෙනවා. එක මතකයේ තබාගැනීම අත්‍යවශ්‍යයි. මොකද හිරගෙදරදී කිසිම කෙනෙක්ගේ නමින් කතා කරන්නේ නෑ. මේ අංකය තමයි භාවිතාවෙන්නේ. තමන්ට අංකයකුත් සෙල් එකකුත් හම්බුනාට පස්සේ ඊයේ වෙනකං එකට හිටපු සිරකරුවෝ සියල්ල විසිරී තම තමන්ට අදාළ සෙල් වෙත යනවා.


    සෙල් එක ඇතුලට ගිහිල්ල බලමුද ඒක කොයි වගේද කියල?

    !
    !
    !
    !
    !
    !
    !

    F4bALj.png



    1. සෙල් කාමර
    2. වැසිකිලිය
    3. වතුර ටැංකිය
    4. රූපවාහිනිය



    වාට්ටු වගේ නෙමෙයි, සෙල් කියපු ගමන් මේවා ඇතුලේ පොඩි පොඩි කාමර තියෙනවා. ඇහේ පෙනුමට අඩි 6 × 9 විතර ප්‍රමාණයෙන් වෙන කාමර මේවා. දන්න අදුරන කෙනෙක් ඇතුලේ නොයින්න ගිය සැණින් සෙල් කාමරයකට කිසම සිරකාරයෙක්ට පිවිසෙන්න බෑ. මොකක් හරි සෙල් එකක් ඉස්සරහ ඔය ගමන් කරන්න තියෙන පැසේජ් එකේ කොණ් දෙකට වෙන්න බෑග් එක තියාගෙන ඉන්න වෙනවා. එකත් සෙල් කාමර වල දොර අවහිර වෙන්න ඉන්න බෑ. එතකොට සෙල් එක ඇතුලේ ඉන්න අය බැනලා පන්නනවා. ඔය රූප සටහෙන් දම්පාටින් දාල තියෙන බිම්කඩේ තමයි තමන්ට ඉන්න වෙන්නේ. පැසේජ් එකේ බිත්තිය අයිනටම වෙන්න.

    ඔහොම ටික වෙලාවක් ඉන්නකොට සමහරු සෙල් කාමරේකට අඩගහගන්නවා. සමහරු නං බලු ගණන් ගන්නේ නෑ. දවස් 3 4කට රිමාන්ඩ් වෙච්ච කෙනෙක්ට ඒ දවස් සියල්ලම ඔය පැසේජ් එකේ ගෙවාදමන්න වෙන අවස්ථා තියෙනවා. තමන්ට ගෙදරින් විසිට් එනවනං සෙල් කාමරේකට රිංගගන්න තියෙන අවස්ථාව වැඩී. මෙගා බීම බෝතලයක් සෙල් එක තුලට දුන්න නං බිස්කට් පැකට් දෙක තුනක් එක්ක අනිවාර්යයෙන් ලේසියෙන්ම සෙල් එකක් ඇතුලට රිංගගන්න පුළුවන්. ඔය සෙල් කාමරේත් ඉන්නවා ලොක්කෙක් වගේ කෙනෙක්. එයාව හොදින් තියාගත්තොත් ප්‍රශ්නයක්ම නෑ. සමහරවෙලාවට ජේලර්ලා ඇවිත් ඉඩ තියෙන සෙල් කාමර බලල කට්ටියව දානවා. එතකොට ඉතිං සෙල් කාමරේ උන් අපි දිහා බලන්නේ මරාගෙන කන්න වගේ. එතකොට ඉතිං සෙල් කාමරේ ලොක්කට මොනවාහරි දෙන්න වෙනවා අනිවා හොදින් සෙල් එක ඇතුලේ ඉන්නනං. බීඩි දුන්නොත් රජ සැප. එත් ආපුගමන්ම අළුත් අය ගාව බීඩි නෑනේ. විසිට් එකෙන් ගෙන දෙයක් තමා දෙන්න තියෙන්නේ. ඔන්න එහෙම මොන මොනවහරි කරලා නවාතැන් සදහා සෙල් කාමරයක් හොයාගන්න සෑම සිරකාරුවෙක්ටම සිද්ධවෙනවා.


    ඊයේ රෑටත් කන්න නැති හින්ද දැන් කට්ටියට බඩගිනිත් ඇතිනේ. බලමුද මොනවද කන්න තියෙන්නේ කියල.

    !
    !
    !
    !
    !
    !
    !

    T744wy.png



    දුර පලාත්වල බන්ධනාගාරවල උදේටත් බත් දුන්නට මැගසින් එක ඇතුලේ උදේට දෙන්නේ පාන්. පාන් කිව්වට ඔන්න ඔය උඩ රූපේ තියෙනවා වගේ එකිනෙකට එකක් සම්බන්ධ බනිස් වගේ එකක් තමා දෙන්නේ.සෙල් එකේ හැමෝම එකිනෙකා පෝලිම් උනාට පස්සේ වැලිකඩ ඉදං වැඩට ආපු අය හැම ෂෙල් එකක් ඉස්සරහටම ඇවිල්ල මේ ආහාර බෙදීම සිද්ධ කරනවා. සෙල් එකට ඇතුළු වෙන දොරටුව ළඟම තමයි ඔය කාර්යය සිද්ධ වෙන්නේ. එක්කෙනෙක් පාන් ගලව ගලව දෙනවා, තව කෙනෙක් සම්බෝල බෙදනවා. පිඟන්, අයිස්ක්‍රීම් කප් වගේ එක එක ඒවාට කට්ටිය සම්බෝල දාගෙන යන අතරේ තවත් සමහරු අතින්ම පාන් ගෙඩිය පලාගෙන එක මැද්දට සම්බෝල දාගන්නවා.
    මෙහෙම කෑම ලබාගත්තු සමහරක් පිරිස ආපහු සෙල් එකටම යන අතරේ තවත් පිරිසක් සෙල් එකෙන් එලියට එනවා.
    ඇත්තම කියනවනං සම්බෝලයක් කියල කිව්වට ඇත්තටම ඒකට ඒ නම සුදුසු නෑ. රසක් කියල නාමයක් නැති පොල් ටිකක් ඇත්තටම ඒ දෙන්නේ. සම්බෝලෙක පාටවත් නෑ හරියට.
    රස ගුණ නොබලා උදේ කෑමත් ගත්තයි කියමුකෝ. දැන් ඉතිං ආයේ දවල්ට කන්න දෙනකං වෙන කරන්න දේකුත් නැති හින්ද යන්ද හිරගෙයි ඇතුලේ පොඩ්ඩක් ඇවිදලා බලන්න.

    මුලින්ම ආපහු යමු ගේට්ටුව පැත්තට. ඔය නිලධාරී කාර්යාලය පහුකරලා පොඩ්ඩක් ඉස්සරහට යනකොට ආරච් එකක් සහිත පොඩි තාප්ප්පයක් හම්බවෙනවා. පෙරදවසේ රෑ ඔය ටික පහු කරන් තමයි අපි වැලිකඩ වාට්ටුවට ආවේ. ඒ තාප්පෙන් එලියට ගිය ගමන් වම් පැත්තෙන් තව ලොකු ගේට්ටුවක් හම්බවෙනවා. ඒ G cell එක පැත්තට.

    එහෙනං එකෙන් ඇතුලට ගිහිල්ලම ඉතුරු ටික කතා කරමු. ඔන්න එහෙනං අපි ගියා.

    !
    !
    !
    !
    !
    !
    !


    dwVBpp.png



    ඔන්න ඔය රූප සටහන බලල ඉන්නකෝ. ඕක තමයි G සෙල් එක ආශ්‍රිත බිම්කඩ. ගේට්ටුව පහුකරලා ඉස්සරහට එනකොට දකුණු පැත්තේ මැගසින් එකේ පන්සල තියෙනවා. ඕවලාකරා පොඩි බිම්කඩක චෛත්‍යයක් සහ බෝධියකින් යුක්තව මේ පන්සල නිර්මාණය වෙලා තියෙනවා. පොඩි පොඩි ඇක්සිඩන්ට් නඩු වලට එහෙම එන තරුණ කොල්ලෝ බයට දවසම මෙතන ඇවිල්ල වාඩිවෙලා ඉන්න වෙලාවල් තියෙනවා. කන්නවත් හෙල්ලෙන් නැති අය පවා ඉන්නවා විසිට් වලට විතරක් නැගිටින. මොකද මෙතනට වෙලා වාඩිවෙලා ඉන්නකොට කව්රුත් කරදර කරන්න එන්නේ නෑ. බිම වාඩිවෙලා දවසම ඉන්න තමයි තියෙන්නේ. කරන්න තියෙන එකම දේ ඉතිං මනෝ පාරක් ගහන් ඉන්න එක තමයි. පන්සල බොහොම පිළිවෙලකට අතුපතුගාල පිරිසිදුවට තියෙනවා. සිරකරුවෝ පිරිසක් ඉන්නවා දෛනිකව මේ පන්සලට ඇවිල්ල වැදුම් පිදුම් කරලා යන. ඒ අතරින් බොහෝ දෙනෙක් වැලිකඩ අය.

    පන්සලට ළගින්ම ඊලගට පිහිටලා තියෙන්නේ G cell එක. වෙනසක් නෑ. අපි බලපු අනිත් සෙල් වගේම තමයි මේකත්. සෙල් එක ඉස්සරහ තියෙන බිම්කඩේ කොයිවෙලාවෙත් පිරිසක් සෙල්ලම් කරනවා. බන්ධානාගාරය ඇතුලේ වැඩිපුරම කරන සෙල්ලම වෙන්නේ වොලිබෝලයක් අරගෙන 20ක් විතර එකතුවෙලා රවුමක් හැදිලා ඒ රවුමේ ඉන්න පිරිස ඇතුලේ වට්ටන්නේ නැතුව බෝලේ පාස් කරන එක. මේකේ තියෙන ආතල් එකෙන් මොකද්ද කියන්න මම දන්නේ නෑ හැබැයි සෑහෙන පිරිසක් මේ වැඩේ කරනවා.

    G cell එක ගාවටම වෙන්න තව සෙට් එකක් කැරම් ගහනවා. එකනං බලන්නම ඕනේ වැඩේ. උන් කැරම් කාපර්ල. අවුරුදු ගානක් ඇතුලේ ඉන්න ගමන් දවසම කරල තියෙන්නේ කැරම් ගහන එක. එතනට වෙලා හිටගෙන පැය තුන හතරක් බලාගෙන හිටියොත් ඔන්න තමන්ටත් අත් දෙක තුනක් සෙල්ලං කරන්න හම්බවෙනවා. මොකද ඒ සෙල්ලං කරන සෙට් එක එතනින් නැගිටින්නේ නෑ මලාට. අනික එතන සෙල්ලං කරනවට වඩා හොදයි නිකන් ඉන්න එක. මොකද අනිත් උන් තුන්දෙනාම හොදට සෙල්ලං කරන්න පුළුවන් තුන්දෙනෙක් නේ. තමාට හම්බවෙන සඟයත් ඒ වගේම වැඩකාරයෙක්. පොඩ්ඩ එහෙට මෙහෙට උනොත් එයාගෙන් කුණු බැනුන් අහන්න වෙනවා ආයේ ලොවෙත්. එතකොට සෙල්ලං නොකලනං මීට වැඩිය හොදයි කියල හිතෙයි. තමන් හොද වැඩ්ඩේක් නං මෙතන තමා තැන.

    අපි මෙතන ඉන්න අතරේ විසිට් එකට ගෙදරින් කවුරුහරි ආවද දන්නෙත් නෑ. එහෙම උනොත් ඉතිං හෙන කතන්දරේ. මොකද ගෙදරින් විසිට් ආව ගමන් ජේලර් කෙනෙක් අපිට අදාළ සෙල් එක පැත්තට ඇවිල්ල නම්බර් එක කියා කියා කෑගහනවා. ඒ එන වෙලාවට තමන් තමන්ට අදාළ සෙල් එක ආශ්‍රිත පෙදෙසක ඉන්න එක අනිවාර්යයි. එහෙම නැති උනොත් එහෙම ජේලර් ලස්සන වචනෙන් අමතගෙන අමතගෙන යන එක තමා කරන්නේ. අපි ටක්ගාල ඒ ජේලර් ලගට ගියාම එයා අපිව විසිට් ඒරියා කියල කියන දැල් ගහල කොටු කරලා තියෙන පොඩි බිම්කොටසකට එක්කං යනවා. හිරගෙදරට අපි ආපු ගමනේ මුලින්ම ඇතුල්වෙන තැන කහපාටින් දක්වල තිබුනේ මෙන්න මේ කොටසයි. මේ දැලෙන් එහා මෙහා බලාගෙන සිරකරුවන්ට තමන්ගේ නෑ හිතවතුන් සමඟ කතා බහ කරන්න පුළුවන්. ගෙදරින් කෑම බීම ඇදුම් මුකුත් ගෙනත් තිබුනොත් ජෙලර්ගේ පරීක්ෂාවෙන් පස්සේ ඒවා අපේ අතට ලැබෙනවා. ඊට පස්සේ ඒවත් අරන් ආයේ ඇතුලට යන්න ඕනේ. ඊට පස්සේ ඉතිං තමන්ට කැමති තැනක ඇවිද ඇවිද ඉන්න පුළුවන්.

    විසිට් එක ඉවර වෙලා, පන්සලත් වැදලා, සෙල්ලමුත් කරලා ඉවරවෙනකොට දැන් ඔන්න දවල් වෙන්නත් ඇවිල්ල. මේ වෙනකොට කිචන් පාටි එකේ අය දවල්ට උයන්න වැඩ පටන් අරගෙනත් ඇති. මොකද කියන්නේ. යන්ද කුස්සිය පැත්තත් පොඩ්ඩක් බලල එන්න. හැබැයි අද නෙමෙයි. එක බලන්න වෙන්නේ මේ ලිපි මාලාවේ ඊලග ලිපියෙන් තමයි.

    !
    !
    !
    !
    !
    !
    !


    • කුස්සිය ඇතුලේ වැඩ වෙන්නේ කොහොමද? කුස්සිය ඇතුලේ ෆුල් රවුමක්.
    • පල්ලි වාට්ටුව කියන්නේ මොකද්ද? එතන මොකද කරන්නේ?
    • නාන්න යමුද කට්ටියම? ඇත්තද බාල්දි 5යි නාන්න දෙන්නේ කියන්නේ?
    ඇතුළු මෙකී නොකී කතා ගොන්නක් එක්ක මේ ලිපි මාලාවේ තුන්වැන්නෙන් අපි යලිත් හමුවෙමු.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝල් කරා.. ආන්සර් කරපං කුකුලොහ්.. ෆෝන් එක... :frown:

    උඹ දන්නවද උඹේ ත්‍රෙඩ් එකේ දෙවෙනි කොටස එනකන් එලකිරි මෙම්බර්ස්ලා නොවෙන කී දෙනෙක් නම් බලාගෙන හිටියද කියලා? අපේ ඔෆිස් ඒකේ 14 දෙනෙක් උඹේ පළවෙනි ලිපිය කියෙවුවා.. උං හැමදාම උදේට ඇවිත් මගෙන් අහනවා කෝබං අරකේ දෙවෙනි එක? නැද්ද තාම? ඉක්මනට ලියන්න කියාපංකෝ කියලා. සඳුදට මේක දීලා කනක් ඇහිලා ඉන්න පුළුවන්. ආයේ අඟහරුවාදා ඉඳන් තුන් වෙනි කොටස කෝ කිය කිය මැරෙන්න හදයි ඉතිං...
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ එල.. ගෑණු අය ඉන්න බන්ධනාගාර වලත් ඔය විදියටමද සීන් එක වෙන්නෙ..? :oo:

    ටොයිලට් එකයිනේ බං සෙල් කාමර විස්සටම තියෙන්නෙ.. අනික ඕවා වහල නේද තියෙන්නෙ දොරවල් දාලා.. ටොයිලට් එකට යන්න ඕන උනොත් මොකද කරන්නෙ..? :baffled:

    උඹ දාලා නැහැනේ අලුතින් යන අයට උන් කරදර කරනවද කියලා එහෙම..:dull:

    කතාවක් තියෙනවා ඔය කෙල්ලො රේප් කරලා යන උන්ට, මිනිස්සු මරලා යන උන්ට ඇතුළෙ ඉන්න හිරකාරයො සලකනවා කියලා.. ඒක ඇත්තද..? :confused:

    ඉතුරු ටිකත් හෙට අනිද්දටම දාහන්.. ජය වේවා.. තනුජකයා..:cool:
     

    thanujaka

    Well-known member
  • අඩෝ එල.. ගෑණු අය ඉන්න බන්ධනාගාර වලත් ඔය විදියටමද සීන් එක වෙන්නෙ..? :oo:

    ටොයිලට් එකයිනේ බං සෙල් කාමර විස්සටම තියෙන්නෙ.. අනික ඕවා වහල නේද තියෙන්නෙ දොරවල් දාලා.. ටොයිලට් එකට යන්න ඕන උනොත් මොකද කරන්නෙ..? :baffled:

    උඹ දාලා නැහැනේ අලුතින් යන අයට උන් කරදර කරනවද කියලා එහෙම..:dull:

    කතාවක් තියෙනවා ඔය කෙල්ලො රේප් කරලා යන උන්ට, මිනිස්සු මරලා යන උන්ට ඇතුළෙ ඉන්න හිරකාරයො සලකනවා කියලා.. ඒක ඇත්තද..? :confused:

    ඉතුරු ටිකත් හෙට අනිද්දටම දාහන්.. ජය වේවා.. තනුජකයා..:cool:


    මැගසින් එකේ අදුරු පැත්ත වෙනමම කොටසකින් කතා කරනවා.
    කිසි දෙයක් අඩු නැතුව සියළුම සත්‍ය තොරතුරු ඒ කොටසින් එලියට එනවා.:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මැගසින් එකේ අදුරු පැත්ත වෙනමම කොටසකින් කතා කරනවා.
    කිසි දෙයක් අඩු නැතුව සියළුම සත්‍ය තොරතුරු ඒ කොටසින් එලියට එනවා.:yes:
    ආ.. ඒක හොඳයි.. තෝ ඉතිං ඒක යටින් දාලා නෑනේ.. ඒකයි මං බැලුවෙ..

    දැන් තායිලන්ඩ්, ඉන්දුනීසියන් බඩු ගෙන්නන්නෙ නැද්ද..? ලංකාවෙ කෑලි විතරද ඉන්නෙ.. කොළඹ ආපු වෙලාවක එන්නං ඇවිත් යන්න..:yes:
     

    thanujaka

    Well-known member
  • ආ.. ඒක හොඳයි.. තෝ ඉතිං ඒක යටින් දාලා නෑනේ.. ඒකයි මං බැලුවෙ..


    දැන් තායිලන්ඩ්, ඉන්දුනීසියන් බඩු ගෙන්නන්නෙ නැද්ද..? ලංකාවෙ කෑලි විතරද ඉන්නෙ.. කොළඹ ආපු වෙලාවක එන්නං ඇවිත් යන්න..:yes:

    කොටස් 4යි. අවසාන කොටස සහමුලින්ම වෙන්වෙන්නේ ඒ දේවල් කතා කරන්නම තමයි.
    එකයි මම ඒවා මේකට දැම්මේ නැත්තේ.
    ඒවා ගැන එන කොටසින් ලිපි පේලිය අවසන් වෙනවා...:yes:

    කිව්වා කියල හිතාගනින්...@#%&#:angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොටස් 4යි. අවසාන කොටස සහමුලින්ම වෙන්වෙන්නේ ඒ දේවල් කතා කරන්නම තමයි.
    එකයි මම ඒවා මේකට දැම්මේ නැත්තේ.
    ඒවා ගැන එන කොටසින් ලිපි පේලිය අවසන් වෙනවා...:yes:

    කිව්වා කියල හිතාගනින්...@#%&#:angry:
    එල එල.. හෙටත් එකක් දාහන්.. තෝ නිවාඩුනේ මේ දවස් දෙකේ..:angry:

    :rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එල ඒ කොටසේත් භාගයක්ම කොටලා ඉවර කරලා තියෙන්නේ..:yes:
    එල එල.. පුළුවන් උනොත් හෙට ත්‍රේඩ් එක දාලා මට VM එකක් දාහන්.. හෙට ටිකක් බිසී..:rofl: