Avi gaththo Aviyenma Naseth

Spetsnaz

Member
May 25, 2015
187
19
0
රත්ගම මනෝජ් මරාදමා
රිසි සේ වෛරය පිරිමැසු පොඩි ලැසී
mahinda.gif
හික්‌කඩුව, වැල්ලවත්ත ප්‍රදේශය එකම හිස්‌ ගොඩකි. ඔවුන් සියලු දෙනාගේම මුහුණු මලානිකව ගොසින්ය. ඒ අතර සිටි එක්‌තරා කාන්තාවක්‌ දරාගත නොහැකි වේදනාවෙන් විලාප නගයි.

අපේ දෙයියො අපිව දාලා ගියා. අපිට දැන් කාගේ පිළිසරණක්‌ද? කාන්තාවගේ අමිහිරි විලාප හඬ මුළු පළාතම දෙවනත් කරයි.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්‌ගේ දේහය රැගත් රථ පෙරහැර ප්‍රාදේශීය සභාවේ සිට භූමදානය කරන ස්‌ථානය වෙත ඇදෙයි.

හිටිහැටියේම අහසින් මතුවුණේ හෙලිකොප්ටර යානයකි. කාගේත් නෙත් යොමුවී තිබුණේ හෙලිකොප්ටර් යානය වෙතය.

දකුණු පළාත හෙල්ලූ මහා අපරාධකාරයකුට ලබාදෙන ඉහළම ගෞරවය මනෝජ් මෙන්ඩිස්‌ට ලබාදීමට එක්‌තරා දේශපාලනඥයකු කටයුතු කරමින් සිටියේය.

මේ දේශපාලනඥයාට අයත් හෙලිකොප්ටර් යානයකින් මනෝජ් මෙන්ඩිස්‌ගේ මෘතකලේබරය මතට මල් වරුසාවක්‌ හෙළනු ලැබුවේය.

මනෝජ් මෙන්ඩිස්‌ගේ නිසල දේහය පසුපස දහස්‌ ගණනින් මිනිසුන් ගමන් කරන්නට වූහ. මුළු දකුණු පළාතම හෙල්ලූ අපරාධකාරයකුගේ අවමංගල්‍යයට මෙතරම් ජනතාව ආවේ මක්‌ නිසාද යන ගැටලුව මතුවෙයි.

ඊට හේතුව වුණේ මනෝජ් මෙන්ඩිස්‌ ජීවත්ව සිටි කාල සීමාවේදී ඔහු නීති විරෝධී ආකාරයට උපයන ධනයෙන් කොටසක්‌ ප්‍රදේශයේ ජනතාව අතර බෙදා දීමය. මේ ආකාරයට ඔහු පොදු ජනතාව අතර වීරයකුව සිටියේය.

මනෝජ් මෙන්ඩිස්‌ ඝාතනයෙන් දකුණු පළාත පමණක්‌ නොව රටම හෙල්ලුම්කෑවේය. මනෝජ් මරා දැමීමත් සමග දේශපාලනඥයන් කීප දෙනකුගේම ඉහමොළ රත්ව ගොසින් තිබුණේය.

ඇතමෙකු කීවේ මනෝජ් මෙන්ඩිස්‌ ඝාතනය දේශපාලන පළිගැනීමක්‌ මත සිදුවූ බවය. එහෙත් ඝාතනය සිදුවී වැඩි දවසක්‌ යන්නට පෙර සත්‍ය හෙළිවුණේය. මනෝජ් මෙන්ඩිස්‌ කළ අපරාධවලට මිහිපිටදීම ඔහුට පටිසන් දුන් බව රටම දැනගත්තේය.

දකුණු පළාතේ සිදුවූ මිනිස්‌ ඝාතන දහයකට වැඩි ප්‍රමාණයක්‌ ඉදිරියේ මනෝජ්ගේ නම කියෑවුණේය. හික්‌කඩුව හා ඒ අවට සංචාරක හෝටල්වලින් මාසිකව මනෝජ් ලබාගත් කප්පම් මුදල රුපියල් කෝටි ගණනකි.

ගාල්ලේ හෝ ඒ අවට ඉඩමක්‌ නිවසක්‌ හෝ ව්‍යාපාරික ස්‌ථානයක්‌ විකිණීමේදී මනෝජ් මෙන්ඩිස්‌ගෙන් ඊට අනුමැතිය ලබා ගත යුතු විය. අනුමැතිය පමණක්‌ නොව ඒ දේපළ විකිණීමේදී මනෝජ් මෙන්ඩිස්‌ගේ ගිණුමටද මුදල් කොටසක්‌ද බැර කළ යුතු විය.

එසේ නොවුණහොත් දේපළ හිමියාට ඊට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුණේය.

හික්‌කඩුවේ හෝටල් කිහිපයක්‌ම මනෝජ් මෙන්ඩිස්‌ බලහත්කාරයෙන් අල්ලාගෙන සිටියේය. මනෝජ් ඒ වන විට ගොඩනගාගෙන සිටි දේශපාලන බලපරාක්‍රමය හමුවේ ඔහුට එරෙහිවීමට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැත.

මනෝජ් මෙන්ඩිස්‌ හික්‌කඩුවේ නිල නොලත් පොලිසියක්‌ මෙන්ම අධිකරණයක්‌ද පවත්වාගෙන ගියේය. ප්‍රදේශයේ ජනතාව තමන්ට සිදු වූ අසාධාරණකම් හමුවේ මුලින්ම යන්නට පුරුදුව සිටියේ මනෝජ් මෙන්ඩිස්‌ වෙතටය.

පැමිණිල්ල භාරගෙන නඩු අසා තීන්දු ලබාදීමේ කටයුත්ත සිදුකළේ මනෝජ් මෙන්ඩිස්‌ විසින්මය. මේ පැමිණිලි විභාග කිරීම් වෙනුවෙන් ඔහු මුදලක්‌ද ලබා ගත්තේය.

මනෝජ්ගේ අකල් මරණයෙන් කම්පාවට පත්වූවන් අතර එක්‌තරා පළාත් සභාවක මහ ඇමැතිවරයකුද සිටියේය. නිල් බලකායේ ප්‍රබලයකු මනෝජ්ගේ සමීපතමයකුව සිටි අතර ඔහුද මේ අකල් මරණය නිසා දැඩි කනස්‌සල්ලට පත්ව සිටියේය.

මනෝජ් මෙන්ඩිස්‌ගේ ධනය සහ දේශපාලන බලය හමුවේ දනින් වැටී සිටි උසස්‌ පොලිස්‌ නිලධාරීන් කීප දෙනෙකුද මේ මරණය හමුවේ හදවත්වලින් වැළපෙන්නට වූහ.

හික්‌කඩුවේ පිහිටි මනෝජ් මෙන්ඩිස්‌ට අයත් හෝටලයකදී ඔහු ඝාතනය වන්නේ ඉකුත් 23 වැනිදා රාත්‍රී කාලයේදීය. මේ හෝටලයද එහි සැබෑ හිමිකරු පලවාහැර අල්ලාගත් එකකි. හෝටලයේ පරිපාලන කටයුතු ඔහු තම හිතවතකුට භාරදී තිබුණේය.

මනෝජ් ඝාතනය වී වැඩි වේලාවක්‌ ගතවන්නට පෙර ඔහු මරා දැමුවේ කවුද යන්න අනාවරණය විය. එහෙත් මනෝජ් මේ ආකාරයට ඝාතනය කිරීමට හේතුවූ කරුණ සොයා ගැනීමට පොලිසියට දින ගණනාවක්‌ බලා සිටින්නට සිදුවුණේය.

මනෝජ් මරා දැමුවේ තෙල්වත්තේ පොඩි ලැසීය. 25 හැවිරිදි ලාබාල වියේ පසුවූ අරුමානන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් පොඩි ලැසී මනෝජ් මරා දමා දින ගණනක්‌ යනතුරු අතුරුදන්ව සිටියේය.

පොඩි ලැසියා සොයා පොලිසිය දිගින් දිගටම පරීක්‍ෂණ කළද ඉන් ප්‍රතිඵලයක්‌ අත් වුණේ නැත. මීට පෙර සිදුකළ මිනිස්‌ ඝාතනයකින් පසු පොඩි ලැසියා හොර රහසේම විදේශගතව සිටියේය. මේ බව දැනගත් පොලිසිය ලැසියාගේ පලායැම වැළැක්‌වීමට මුලින්ම පියවර ගත්තේය. පොඩි ලැසියා පිළිබඳ සියලු තොරතුරු කටුනායක සහ මත්තල ගුවන්තොටුපළවල් වෙත ලබාදීමට පොලිසිය පියවර ගත්තේය.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සාලිය සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරි සතිශ් ගමගේ, හික්‌කඩුව පොලිස්‌ ස්‌ථානාධිපති මන්දනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ මුළු දකුණු පළාතම පීරන්නට වූහ.

පොලිසියෙන් මෙවර තමන්ට කිසිම ගැලවීමක්‌ නොලැබෙන බව පොඩි ලැසියා හො¹කාරවම දැන සිටියේය. අවසානයේ ඔහු නීතිඥයන් මාර්ගයෙන් කළුතර අධිකරණය වෙත භාර වුණේ කළයුතු වෙනත් යමක්‌ නොවූ නිසාය.

පොඩි ලැසියාගේ උපන් ගම තෙල්වත්තේය. ඔහුගේ පියා වසන්තය. තෙල්වත්තේ වසන්ත දකුණු පළාතම භීතියට පත්කළ එස්‌. ටී. එµa. නඳුන්ගේ පාතාල කල්ලියේ ප්‍රබලයකුව සිටියේය.

මීට අවුරුදු හත අටකට උඩදී මනෝජ් මෙන්ඩිස්‌ සිටියේද එස්‌. ටී. එµa. නඳුන්ගේ කල්ලියේය. තෙල්වත්තේ වසන්තගේ අපරාධ ගිණුමේ චෝදනා රාශියක්‌ තිබුණේය. කප්පම් ගැනීම්, කොල්ලකෑම්, ස්‌ත්‍රී දූෂණ, හෙරොයින් ජාවාරම් ඇතුළු තවත් නීති විරෝධී ක්‍රියා රැසක්‌ සම්බන්ධයෙන් වසන්ත පොලිසියට අවශ්‍යව සිටි අයෙකි. වසන්ත මෙන්ම ඔහුගේ පුත්‍රයාද (ලැසියා) නඳුන්ගේ කල්ලියට සම්බන්ධ වී සිටියේය.

මනෝජ් මෙන්ඩිස්‌ සහ වසන්ත අතර කාලයක සිට පැවතියේ ආරවුලකි. ඒ ආරවුල කෙලවර වන්නේ වසන්ත අබිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමෙන් පසුවය. තෙල්වත්ත පන්සල ආසන්නයේදී වසන්ත වෙඩි ප්‍රහාරයකට ලක්‌ව මිය යන්නේ මීට වසර හතරකට උඩදීය.

මේ ඝාතනය අබිරහසක්‌ විය. පියාගේ අකල් මරණය නිසා ලැසී දැඩි කම්පාවට පත්ව සිටියේය. මේ අබිරහස්‌ මරණය පිටුපස මනෝජ් මෙන්ඩිස්‌ සිටින බව ඔහු සැක කළේය. ඒ සැකය තහවුරු කර ගැනීමට සාක්‍ෂි කිහිපයක්‌ද ලැසී සොයා ගත්තේය.

මනෝජ් මෙන්ඩිස්‌ ඒ වන විට දේශපාලනමය වශයෙන් විශාල ප්‍රතිරූපයක්‌ ගොඩනගාගෙන සිටියේය. දකුණේ පාතාලයේ ප්‍රබලයකු ලෙස කූප්‍රසිද්ධව සිටි මනෝජ් තමන්ට රිසිසේ කටයුතු කරන්න ගත්තේ සෙසු සංවිධානාත්මක කණ්‌ඩායම්වලට අභියෝග කරමින්ය.

ඒ වන විට එස්‌. ටී. එµa. නඳුන් ද රට හැරගොස්‌ සිටියේය. නඳුන්ගේ පාතාල කල්ලිය සීසීකඩ වී ගොස්‌ තිබිණි.

නඳුන්ගේ හොඳම ගෝලයකුව සිටි අතකොට රවී හික්‌කඩුව ප්‍රදේශයේ කිසියම් බලයක්‌ පතුරුවා ගැනීමට උත්සාහ ගත්තේය. පොඩි ලැසියා ඇතුළු පාතාල සගයන් කීප දෙනකුම අතකොට රවීගේ කල්ලිය සමග අත්වැල් බැඳගෙන සිටියහ. ඔවුන් හික්‌කඩුව රත්ගම කොස්‌ගොඩ ප්‍රදේශ පුරා හෙරොයින් ජාවාරම, කප්පම් ගැනීම, මිනී මැරීම ඇතුළු විවිධ අපරාධවල යෙදෙමින් බලවත් වන්නට පටන් ගත්තේය.

ඒ වන විට මනෝජ් මෙන්ඩිස්‌ වෙනම මාර්ගයක ගමන් කරමින් සිටියේය. හිටි හැටියේම අතකොට රවී හික්‌කඩුවේදී ඝාතනය වන්නේය.

ආරක්‍ෂක අංශයකට අයත් කණ්‌ඩායමක්‌ විසින් අතකොට රවී හික්‌කඩුවේදී වෙඩිතබා ඝාතනය කරන්නේ ඔහු මෝටර් රථයක යමින් සිටියදීය.

මේ ඝාතනයත් සමග දකුණේ පාතාල කල්ලි හෙල්ලී ගියේය. පොඩි ලැසියා ඇතුළු සගයන්ද අන්දමන්ද වී සිටියහ.

අතකොට රවී ඝාතනය පිටුපස මනෝජ් මෙන්ඩිස්‌ගේ නම කියෑවෙන්නට විය. ටික කලක්‌ යද්දී එය හික්‌කඩුවේ ජනතාව අතර ප්‍රසිද්ධ රහසක්‌ බවට පත්වුණේය.

මනෝජයා මගේ තාත්තවත් මරා ගත්තා. අපිට හිටිය එකම ගැලවුම්කාරයා රවී අයියාවත් පරලොව යවන්න වැඩ කළා. මූට යහතින් ඉන්න දුන්නොත් අපිත් ඉවරයි.

පොඩි ලැසියා තම සගයන් සමග කීවේය. අතකොට රවී මරා දැමීම සඳහා ආරක්‍ෂක අංශයකට ඔත්තු ලබාදී තිබුණේ මනෝජ් මෙන්ඩිස්‌ විසින් බවට සැකයක්‌ ගොඩනැගෙමින් තිබුණේය.

ඒ වන විට මනෝජ් මෙන්ඩිස්‌ දකුණේ ප්‍රබල චරිතයක්‌ව සිටියේය. පොදු පෙරමුණු ආණ්‌ඩුවේ මහා දළ කාරයන් රැසක්‌ මනෝජ්ගේ මිතුරන් බවට පත්ව සිටියේය.

රජයේ ප්‍රබලම චරිතයක්‌ වූ ගාල්ලේ එක්‌තරා මන්ත්‍රීවරයකු මනෝජ්ගේ සමීපතම මිතුරා විය. නිල් බලකායේ ප්‍රබලයකු සමගද මනෝජ් මෙන්ඩිස්‌ සබඳතා පැවැත්වීය. මේ බලකණු දෙක ඇසුරු කිරීම මනෝජ්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට පිටිවහලක්‌ විය.

කොයි මොහොතක හෝ මනෝජ් මෙන්ඩිස්‌ පරලොව යවා තම වෛරය පිරිමසා ගැනීමට පොඩි ලැසියා උත්සාහ කළද එය ලෙහෙසි පහසු කාර්යයක්‌ වුණේ නැත.

ආණ්‌ඩු පෙරළියත් සමගම දකුණේ පාතාල කණ්‌ඩායම්වලට එල්ල වුණේ මරු පහරකි. මහා බලවතකුව සිටි මනෝජ් මෙන්ඩිස්‌ පස්‌ස බිම ඇනගෙන සිටියේය. ඔහු වටා ගොඩනැගී තිබූ දැවැන්ත දේශපාලන ශක්‌තිය එහෙම්පිටින්ම බිඳවැටී තිබුණේය.

මනෝජ් ඝාතනයට ලක්‌වීමට සති දෙකකට පමණ උඩදී හික්‌කඩුවේ පිහිටි ඔහුට අයත් හෝටලයක ගැටුමක්‌ සිදුවුණේය.

විදේශ සංචාරකයන් පිනවීම සඳහා ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම මේ හෝටලයේ කාලයක සිට පවත්වාගෙන ගිය අංගයකි. මේ ගිනිකෙළි සන්දර්ශන පැවැත්වූයේ තෙල්වත්ත ප්‍රදේශයේ තරුණයන් පිරිසක්‌ විසින්ය. තෙල්වත්තේ තරුණයන් පොඩි ලැසීගේ සමීපතම මිතුරන්ය.

ගිනිකෙළි සංදර්ශනය සඳහා පැමිණි තරුණයකු සමග ආරවුලක්‌ ඇති කරගත් සංකු නමැත්තා ඔහුට පහර දුන්නේය. සංකු මනෝජ් මෙන්ඩිස්‌ගේ සමීපතමයකු විය. පහරදීම සිදුවුණේ මනෝජ්ට අයත් හෝටලයේදීය.

මේ සිදුවීමෙන් පොඩි ලැසීගේ සිතේ තිබූ වෛරය දළුලා වැඩෙන්නට පටන් ගත්තේය.

මනෝජයට දැන් බලයක්‌ නෑ. ඌ බල්ල මාර්ක්‌ වෙලා ඉන්නෙ. මම සංකුවට හොඳ පාඩමක්‌ උගන්වන්නම්. ඌ ඉන්න තැනකට ගිහින් ඌට පාඩමක්‌ උගන්වන්න ඕන මනෝජයට උණ ගැනෙන්න..."

පොඩි ලැසියා තම සගයන්ට කීවේය. මේ සිදුවීමෙන් දින කීපයකට පසු මනෝජ් මෙන්ඩිස්‌ සහ පොඩි ලැසියා එකට මුණගැසුණේය. ඒ බලපිටිය අධිකරණයේදීය.

මනෝජ් අයියා උඹේ උන් මගේ කොල්ලන්ට කරදර කරනවා. ඒවා මහ බලු වැඩනෙ.

පොඩි ලැසියා මනෝජ්ට කීවේය.

සංකුවට මම අවවාද කළා. ඕව ගණන් ගන්න එපා. උඹ වරෙන් මාව හම්බවෙන්න හෝටලේට. අපි මේක ඉවරයක්‌ කරල දාමු.

බලය අහිමි වී තුට්‌ටුවට වැටී සිටි මනෝජ් එදා ලැසියාට කතා කළේ වෙනත් ස්‌වරූපයකින්ය. ඒ බව ලැසියාට ද තේරුම් ගොස්‌ තිබුණේය. "මුගේ ලොකුකම් සේරම දැන් බැහැල, හොඳයි බලමුකො මොකද වෙන්නෙ කියල."

ලැසියා තමන්ටම කියා ගනිමින් බලපිටිය අධිකරණයෙන් පිටව ගියේය.

මාර්තු 23 වැනිදා රාත්‍රී හික්‌කඩුවේ හෝටලය වෙත ගොස්‌ මනෝජ් මුණගැසීමට පොඩි ලැසියා සැලසුම් කළේය. ඔහු සිය ගෝලබාලයන්ද සමග හික්‌කඩුවේ පිහිටි හෝටලය වෙත යන්නේ එදින රාත්‍රි 10.00 ට පමණය.

හෝටලය විදේශිකයන්ගෙන් පිරීගොස්‌ තිබුණේය. ඩී. ඡේ. සංගීතයට අනුව ඔවුන් නර්තනයේ යෙදෙමින් සිටියහ.

මනෝජ් මෙන්ඩිස්‌ තම ගෝල බාලයන්ද සමග හෝටලයේ අඳුරු කොණක රැඳී සිටියේය. මත්පැන් පානය කිරීම මෙන්ම දුම්පානයද මනෝජ්ගේ පුරුද්දක්‌ නොවීය. පැණි බීම වීදුරුවක්‌ හිස්‌ කරමින් ඔහු සිය සගයන් සමග කතා කරමින් සිටියේය.

පොඩි ලැසියා කෙලින්ම ගියේ මනෝජ් වෙතටය. ඔවුන් දෙදෙනා ටික වේලාවක්‌ අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේය.

සංකුගේ ප්‍රශ්නයට මනෝaඡ් මැදිහත් වීම ගැන පොඩි ලැසියාගේ සිතේ ගොඩනැගෙමින් තිබුණේ වෛරයකි. තම පියා ඝාතනය කිරීම, අතකොට රවී මරා දැමීමට ඔත්තු ලබාදීම යන සිදුවීම් පිළිබඳව පොඩි ලැසියාගේ සිතේ සිරකරගෙන තිබූ වෛරය ඉස්‌මතුවන්නට වැඩි වේලාවක්‌ ගත වුණේ නැත.

මනෝජ් අයියා පොඩ්ඩකට එනවද මෙහෙට. මට පෞද්ගලිකව කතා කරන්න ඕනෙ.

පොඩි ලැසියා මනෝජ්ට කීවේය. තම හෝටලය තුළදී තමන්ට අනතුරක්‌ වන්නට කෙසේවත් ඉඩක්‌ නැති බව මනෝජ් දැන සිටියේය. පොඩි ලැසියා තමන් සමග හොඳින් කතා කළද යටි සිතින් ඔහු වෛර කරන බවද මනෝජ් දැන සිටියේය.

ඔහු කිසිත් නොකියා පොඩි ලැසියා සමග හෝටලයේ අඳුරු මුල්ලකට ගියේ පෞද්ගලික කතාබහ සඳහාය.

එහෙත් සිදුවුණේ කිසිවකුත් නොසිතූ දෙයකි. කාලයක්‌ තිස්‌සේ පොඩි ලැසියා සිතේ සිරකරගෙන සිටි වෛරය පිට කළේය.

පොඩි ලැසියා එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මනෝජ් මෙන්ඩිස්‌ බිම ඇද වැටුණේ දකුණු පළාතටම විරාමයක්‌ ලබා දෙමින්ය.
 
  • Like
Reactions: AnuradhaRa

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,572
    1
    42,686
    113
    දකුණු පළාත හෙල්ලූ මහා අපරාධකාරයකුට ලබාදෙන ඉහළම ගෞරවය මනෝජ් මෙන්ඩිස්‌ට ලබාදීමට එක්‌තරා දේශපාලනඥයකු කටයුතු කරමින් සිටියේය.

    මේ දේශපාලනඥයාට අයත් හෙලිකොප්ටර් යානයකින් මනෝජ් මෙන්ඩිස්‌ගේ මෘතකලේබරය මතට මල් වරුසාවක්‌ හෙළනු ලැබුවේය.
    ඡන්ද කඩා ගන්ඩනෙ අප්පා.. නැත්තං මූට ආදරේටද ?
    අර කෙල්ලො යන්නෙම කාඩයො පස්සෙ වගේ, මිනිස්සු (ජනතාව) යන්නෙත් මේ මැර දේශපාලකයො පස්සෙමනෙ
    මිනිස්සුන්ටත් සල්ලි අතට ලැබෙනවනං, ඕන හොරෙක්ට අනෙ දෙයියෝ.. කියයි
     
    Last edited:

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    lasi1.jpg

    හික්කඩුව නාරිගම ලයන් පැරඩයිස් හෝටලයේ ඩිස්කෝ සංගීත සාදයකි. රාත‍්‍රී 11 කණිසම ගෙවීයමින් තිබේ. සාදයේ බොහෝ දෙනකු පදමට බී මත්වී නටමින් සිටිති. හෝටලයේ එක් කෙළවරක හෝටලයේ අයිතිකරුවා වන මනෝජ් මෙන්ඩිස් තවත් සගයන් දෙදෙනකු සමඟ සිටියේය. මාධ්‍ය කියන ලෙස මනෝජ් මෙන්ඩිස් නොබොන නිර්මාංශ සාධු චරිතයකි. ඔහුගේ ගෝලයන් දෙදෙනා ද ගුරා මෙන් මත් නොබොන නිර්මාංශ පුද්ගලයෝ දැයි අපි නොදනිමු.

    අප මෙලෙස කතා කරන මනෝජ් මෙන්ඩිස් රත්ගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිය. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙකි. මිනිසුන් තම විරුද්ධවාදීන්ට විනය කටින්නට ලූණු ගම්මිරිස් අඹරන්න යන සීනිගම දේවාලේ බස්නායකය. මෑතකදී අහෝසි කර විසුරුවා හරින ලදැයි කියූ නාමල් රාජපක්ෂගේ නිල් බලකායේ ද ඔහු ප‍්‍රබල සාමාජිකයෙකි. එමෙන්ම රාජපක්ෂ පවුලේ ළඟම හිතවතෙකි. මෙවැනි කැරැුට්ටුවකට හිමිකම් කියූ මනෝජ් මෙන්ඩිස් තම අවන්්හලේ පසුගිය මස 23 වැනි දින රාත‍්‍රියේ ඩිස්කෝ නැටුම් නරඹමින් සිටින විට එම ස්ථානයට තෙල්වත්තේ ලැසී ඇතුලූ පිරිසක් පැමිණ ඇත. දෙපිරිසම තකට තකය. යහළුවන්ය. මුලින්ම සුහද කතාබහකි. පසුව අරෝවකි. ඊටත් පසුව වෙඩි වර්ෂාවකි. මෙම වෙඩි වර්ෂාවත් සමඟ බරපතළ තුවාල ලබන ප‍්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් රෝහලට ගෙනියන අතරතුර දී මියයන අතර ඔහුගේ සගයන් දෙදෙනා බරපතළ තුවාල ලබයි. තුවාල ලැබුවන් කියන ලෙස වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ තෙල්වත්තේ ලැසී නමැති පුද්ගලයාය.

    සභාපතිගේ කැරැට්ටුව

    මියගිය සභාපති කෙබඳු පුද්ගලයෙක්ද? ලංකාදීප ඉරිදා සංග‍්‍රහයේ පළවන ලිපියකට අනුව නම් ඔහු ප‍්‍රදේශයේ පොදු ජන හිතවතාය. අරක්කු සිගරැුට් නොබොන ආදර්ශවත් පුද්ගලයෙක්ය. දුප්පතාට හැමවිටම උදව් උපකාර කළ සූර සරදියෙල් පන්නයේ පුද්ගලයෙකි. මෙනිසා සභාපතිවරයාගේ දේහය නිවසට ගෙන එන විට ප‍්‍රදේශවාසී ජනී ජනයා මාර්ගය අවට රොක් වී ඇඬූ කඳුලෙන් කල් ගෙව්වෝය. පාසල් දරුවෝ සිය නිල ඇඳුම් සමගින්ම විභාග පවා පසෙකලා මාර්ගය අවට රැුස්වූවෝය. ඒ සභාපතිට ගෞරව කරන්නටය. එක්තරා විදුහලක විදුහල්පතිවරයකු හැඬූ කඳුලින් මාධ්‍යයට සභාපතිතුමන්ගේ ගුණ ගායනා කර ඇත. මෙවැනි මාධ්‍ය වාර්තා දැකුමෙන් අනේ රටකට ගිය කලක් කියා කියනු හැර වෙන කුමක් කියන්නද? මාධ්‍ය මෙලෙස වාර්තා කරන මේ පුද්ගලයාගේ ඇත්ත ජීවිත යථාර්ථය කෙබඳුද? ඔහු හික්කඩුවේ කලූපේ ප‍්‍රදේශයේ හැදී වැඞී ලොකු මහත් වූවෙකි. උපතේ සිටම අනන්ත වූ දුක් වින්ද පුද්ගලයෙක්ය. ඔහු එම දුකට තිත තබන්නේ නදුන් නමැති පාතාල නායකයාට සම්බන්ධ වීමෙන්ය.

    නදුන් යනු ගාල්ල ප‍්‍රදේශයේ නම ගිය අපරාධකරයන් රැුසක් බිහිකළ පාතාල නායකයෙක්ය. කුලියට මිනී මරණ, මංකොල්ල කන, කප්පම් ලබාගන්න පාතාල කණ්ඩායමක් නඩත්තු කළ ප‍්‍රධාන පුද්ගලයාය. නදුන්ගේ කණ්ඩායමට එකතු වන මනෝජ් මෙන්ඩිස් අපරාධකරුවෙක් ලෙස පොලිස් පොතේ මුලින්ම තම නම ලියාගන්නේ අලූත්ගම අධිකාරිගම ඇඟලූම් කම්හලක් කොල්ල කෑමෙන්ය. මෙතැනින් පටන් ගන්නා මනෝජ්ගේ පාතාල ඉතිහාසය පාතාලයක් තරම්ම ගැඹුරුය. කළුවන්ය. මාධ්‍ය කියන තරම් ඔහු සුන්දර නැත. සුදුත් නැත. අනෙක මෙවන් පුද්ගලයන් නොබොන්නේ නිරන්තරව සිහි කල්පනාවෙන් සිටිය යුතු නිසාය. කොයි මොහොතක මූනිස්සමක් තම සිරුර විනිවිදියිද යන සැකය නිසාය.

    මනෝජ් මෙන්ඩිස් මිය යනවිට මිනීමැරුම් 13කට සැකකරුවෙක්ය. චෝදනා ලැබුවෙක්ය. ඊට එපිටින් මංකොල්ල කෑම්, කප්පම් ගැනීම්, අයථා ඉඩම් දේපල අත්පත් කර ගැනීම් ආදී වූ නේක චෝදනා ගොන්නකට වගකිව යුතු පුද්ගලයෙක්ය.ඔහු ගමට ප‍්‍රදේශයට සීනිගම දේවාලයට වීරයකු වන්නට පුළුවන්ය. ඔහු දුප්පතාගේ හිතවතකු වන්නටත් පුළුවන්ය. ඒ හිතවතකම්, වීරකම් යටින් ලියැවෙන ඔහුගේ ඉතිහාස කතාවේ ඇත්ත බියකරුය. අවලස්සනය. ලංකාවේ ජනප‍්‍රිය මාධ්‍ය මේ කටුක යථාර්ථය විනිවිද නොදැකීම කරුමයක්මය.

    මනෝජ් මෙන්ඩිස්ට වෙඩිතබා ඝාතනය කළ තෙල්වත්තේ පොඩි ලැසී නමැත්තාද ප‍්‍රදේශයේ පතල වන්නේ පාතාල නායකයකු ලෙසය. පොලීසිය පවසන පරිදි පොඩි ලැසී සහ මියගිය පුද්ගලයා අතර දිගු කාලයක සිට සීතල කෝන්තරයක් තිබී ඇත. පොඩි ලැසී නමැත්තාද ධනවතෙකි. බෝට්ටු හිමිකරුවෙකි. ඔහුගේ පියා මෙන්ම සොහොයුරාද අභිරහස් ලෙස ඝාතනයට ලක්වී ඇත. මෙම ඝාතනයන් වලට වගකිව යුත්තා මනෝජ් මෙන්ඩිස් බව පොඩි ලැසී විශ්වාස කළ බව ද මාධ්‍ය වාර්තා පළ වේ. එනිසා පැහැදිලි ලෙසම මනෝජ් මෙන්ඩිස් ඝාතනයට ලක්වී ඇත්තේ පාතාලයෝ අතර සටනකින්ය.

    මනාපය

    පාතාල නායකයකු ලෙස නදුන්ගෙන් වෙන්වන මනෝජ් මෙන්ඩිස් දිනෙන් දින ප‍්‍රදේශයේ ජනප‍්‍රිය වෙයි. ඔහුගේ නම ඉදිරියෙන් පොලිස් පොතේ පිටු එන්න එන්නම වැඩි වන අතර සිරගත වීම, නිදහස් වීම, නැවත සිරගත වීම ඔහුගේ ජීවිතයේ අනිවාර්යතාවක් බවට පෙරළේ. ලංකාවේ හුදී ජනයාගේ පහන් සංවේගය වැඩිවන්නේ මෙලෙස නිරන්තරයෙන් සිරගත වන නිදහස් වන චෝදනා ලබන පුද්ගලයන් අරබයාය. මෙම තත්ත්වය හොඳින් වටහා ගන්නා මනෝජ් දේශපාලනයට පිවිසෙන අතර මුලින්ම ඔහු රත්ගම ප‍්‍රාදේශීය සභාවට තේරී පත්වන්නේ 2007 වර්ෂයේදිය. ඒ ජනතා මනාපය හත් දහසකට වැඩියෙන් ලබා ගනිමින්ය. දෙවන වර ඔහු 2011 දී නැවත තරග කරන අතර එපිට ඔහු මනාප පහළොස් දහසකට වඩා ලබා ගනිමින් රත්ගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති පුටුවට පත්වෙයි. මේ පාතාල නායකයෙක් යැයි චෝදනා ලැබූ පුද්ගලයකු ගිය දේශපාලන දුරය. ඔහු ජීවතුන් අතර සිිටියා නම් සමහර විටෙක පාර්ලිමේන්තුවට වුවද යන්නට ඉඩ තිබුණි.

    අවසන් කටයුතු

    මනෝජ් මෙන්ඩිස් පාතාලයකු, කුලී මිනීමරන්නකු ආදී නේක චෝදනා ලැබුවත් කොතරම් වාරයක් සිරගතව සිටියත් ඔහුට රාජකීය අවමංගල්‍යයකට හිමිකම් තිබුණි. ජනී ජනයා පෝළිමේ පැමිණ සිය සෝකය පළ කළෝය. හැඬුවෝය. හිටපු ජනාධිපතිවරයාද අවසන් දිනට ප‍්‍රථම දින සිය සගයාට අවසන් ගෞරව පුද දෙන්නට මනෝජ් මෙන්ඩිස්ගේ නිවසට පැමිණි අතර එහිදී ඔහු කියා සිටියේ වටිනා පුද්ගලයෙක් නැති වුණු බවය. වර්තමාන කාලයේ තමන්ගේ පාලන කාලයට වැඩියෙන් ඝාතන වැඩි වී ඇතැයි කිසිදු හිරිකිතකින් තොරව පැවසූ ඔහු තවදුරටත් කීවේ මනෝජ් මෙන්ඩිස් ඝාතනය ගැන තමන් පොලිස්පතිවරයාද විමසූ බවය. මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනය අරබයා යුක්තිය පසිඳලීමට හිටපු ජනාධිපතිවරයාට තිබෙන උවමනාව ලසන්ත වික‍්‍රමතුංග වැනි පුද්ගලයන් ඝාතනය කළ විට ඇති වුණේ් නැත. ඒ එවැනි පුද්ගලයන් මනෝජ් මෙන්ඩිස් වගේ වටිනා පුද්ගලයන් නොවන නිසා වන්නට ඇතිය.

    මනෝජ් මෙන්ඩිස්ගේ අවසන් කටයුතු සඳහා රජයේ මැති ඇමතිවරුන් මෙන්ම පසුගිය රජයේ ප‍්‍රබලයෝ ද විශාල පිරිසක් සහභාගි වූහ. එහිදී ඔවුන් එක හඬින් කීවේ මනෝජ් මෙන්ඩිස් වටිනා චරිතයක් බවය. මෙවැනි පුද්ගලයන් රට කරවන දේශපාලකයන්ට වැදගත් වන්නේ කුමන තත්ත්ව යටතේ දැයි අපි හොඳ හැටි දනිමු. මෙවැනි පුද්ගලයන් රටකට එහි අනාගතයට නොවටිනා බව අමුතුවෙන් කිව යුතු නැත. එවැනි පසුබිමක මේ වටිනාකම වෙන වටිනාකමක් විය යුතුය. මේ සියලූ සිදුවීම් අවසන මෘත දේහය පවුලේ සුසානයට ගෙනියන අතරතුර පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධනට අයත් කුඩා හෙළිකොප්ටර් යානයකින් මල් ඉසිනු ලැබිණි. ඒ මනෝජ් මෙන්ඩිස්ට ගෞරවය දැක්වීම සඳහාය. වෙඩි වර්ෂාවකට පසු මල් වර්ෂාවකින් මනෝජ් මෙන්ඩිස්ගේ අවසානය සිද්ධ වූ අතර ඔහුගේ සගයන් දෙදෙනා වන සනත් ලසන්ත සහ රන්හළු ප‍්‍රසන්න නොහොත් කිරි මාමා තවමත් රෝහලේය. ඔවුන්ගේ කට උත්තරයකට අනුව පොලීසිය තෙල්වත්තේ ලැසී අත්අඩංගුවට ගන්නට සෙවූ අතර පසුගිය දිනෙක ඔහු කළුතර අධිකරණයට බාර වුණි. දැන් සියල්ල අවසන්ය. කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය, හික්කඩුව ආදී ප‍්‍රදේශවල ව්‍යාපාරිකයෝ මේ දිනවල ලැබී තිබෙන නිහැඩියාව තුළ නිදහසේ කල් ගෙවමින් සිටිති. ඒ නිදහස මනෝජ් මෙන්ඩිස් ුගෙන් හිස් වූ අසුනට තවත් කෙනකු එනකම්ය. ඒ දිනය වැඩි ඈතක නොමැති බවත් අදාළ ප‍්‍රදේශවල ජනයා හොඳින් දනිිති.
    ravarya

     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    ද්දන් දැනගත්තේ බන්
    :) මෙයාල ඔක්කොම නදුන්ගේ ගෝලයෝ. නදුන් දැන් ඉතාලියේ හිරෙන් නිදහස් වෙලා.
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    ඡන්ද කඩා ගන්ඩනෙ අප්පා.. නැත්තං මූට ආදරේටද ?
    අර කෙල්ලො යන්නෙම කාඩයො පස්සෙ වගේ, මිනිස්සු (ජනතාව) යන්නෙත් මේ මැර දේශපාලකයො පස්සෙමනෙ
    මිනිස්සුන්ටත් සල්ලි අතට ලැබෙනවනං, ඕන හොරෙක්ට අනෙ දෙයියෝ.. කියයි
    ඕකුන් පස්සේ යන ඕකුන්ට චන්ද දෙන මිනිස්සුන්ට නං ඉතින් මොනා උනත් කමක් නෑ. ඒත් කරදර වෙන්නේ තෝරලා බේරලා නෙවෙයිනේ. හැමෝම වන්දි ගෙවනවා.
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    ඡන්ද කඩා ගන්ඩනෙ අප්පා.. නැත්තං මූට ආදරේටද ?
    අර කෙල්ලො යන්නෙම කාඩයො පස්සෙ වගේ, මිනිස්සු (ජනතාව) යන්නෙත් මේ මැර දේශපාලකයො පස්සෙමනෙ
    මිනිස්සුන්ටත් සල්ලි අතට ලැබෙනවනං, ඕන හොරෙක්ට අනෙ දෙයියෝ.. කියයි

    Nodakin oya SAJIN VAAS para wesige putha... mata manoj ge hatith theruna okage chak golayek kiwwama