අධික ලෙස දහදිය දැමීම වෛද්‍යය විද්‍යයාවට අනුව Hyperhidrosis කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් මෙය විවිධ හේතුන් මත සිදුවිය හැකියි. සාමාන්‍යයෙන් මනුස්සයෙකුගේ ශරීරයේ BMR (Basal metabolic rate) හෙවත් මූලික පරිවෘතීය වේගය වැඩි නම් ඔහුට අතිශය දහදිය දැමිය හැකියි. මීට අමතරව ආර්ථව හරණය, ගර්භනී කාලය තුලද අධික ලෙස දහදිය දැමීම සිදුවිය හැකියි. නමුත් මීට අමතරව නිතරම මධ්‍යයසාර ගැනීමෙන්ද එවැනි තත්තවය්න් ඇතිවේ. රෝගී තත්වයන් අනුව ගත් කල තයිරොයිඩ් ග්‍රන්තිය සම්බන්ධ ගැටලු තරුණ වයසේ සිටම ඇතිවිය හැක. මේ ගැන නැවත පසුව සටහන් කරමි. වයසට යෑමත් සමග හෘදය අකර්මණ්‍යය වීම (Heart Failure) , දිය වැඩියාව, රුමැටොයිඩ් සන්ධි සම්බන්ධ රෝගී තත්වය, ලියුකේමියා හෝ ලිම්පෝමා වැනි පිලිකා රෝගී තතවයන්ද, ක්ෂය රෝගය වැනි තතවයන්ද ඇතිවිය හැක. මීට අමතරව මානසික රෝගී තතවයක් වන Anxiety හෙවත් නොරිස්සුම් ස්වභාවය මත සමාජයේ මිනිසුන් සමඟ ගැවසීමේදී, බස් වල තනිව යෑමේදී, විවිද මකුලුවන්,සර්පයින් වැනි සතුන් දැකීමේදී ආදී විවිධ වූ එදිනෙදා සාමාන්‍යය තැති ගැනීම් වලට ලක්ව නොසන්සුන් භාවයට පත්විය හැක. එවැනි තත්ත්වයන් Secondary Hyperhydrosis ලෙස හඳුන්වයි.
ඔබට නිතට නිතර බඩ බුරුල්ව මළ පහ පිට වේනම්, වෙනදාට වඩා දැන් දැන් අධික ලෙස දහදිය දැමීම හෝ රස්නය දැනීම සිදුවේනම්, කොච්චර ආහාර ගත්තද මහත් නොවී කෙට්‍ටු වේනම්, අත් වල වෙව්ලිලි ගතියක් දැනේනම් බොහෝවිට ඔබට තයිරොක්සීන් රුධිරගත සාන්ඩ්‍රණය ඉහල යෑමේ රෝගී තත්තවය හෙවත් Hyperthyroidism තිබිය හැක. ඔය ලක්ෂණ තිබේනම් රුධිරගත TSH සාන්ද්‍රණට පරීක්ෂාකර ගැනීම අනුමත කරමු.
නමුත් බහුල වශයෙන් එලෙස අධික ලෙස දහදිය දැමීම සිදුවන්නේ ඉහලින් සඳහන් කල පරිදි BMR අගය ඔබගේ ඉහළ වීමයි. එයට හුරුවීම මැනවි. ඔබට කිසිම රෝගී ත්ත්ත්වයක් හෝ ඔබ කිසිදු ඖෂධයක් නොගනීනම් එලෙස රෝගී තත්ත්වයක් ඔබට ඇතැයි සිත කුණු වලින් පුරවා ගැනීම අනුමත නොකරමි. ඔය සාමාන්‍යය තත්තවය Primary Hyperhidrosis ලෙස හැඳින්වේ.