ආදරේ කලුයි!!! ඔව්, ඒක කලුම කළු පාටයි.
දැන් බලන්න එපා පුදුම වෙලා මොකද්ද මේ හරුපේ කියල.
මම එහෙම කියන්න එක හේතුවක් තියෙනවා. මොකද ආදරේ විටෙක සුන්දරයි, විටෙක දුකක්, තවත් විටෙක ත්‍රාසජනකයි, විටෙක අරුමයි, තවත් විටෙක ඒක කවියක් වගේ, තවත් වෙලාවකට කෙටි කතාවක් වගේ...............ඉතිං ඔය එක එක හැගීම් එක එක වර්ණයන්ට සමාන කරොත්, අන්තිමට ඒවායේ සම්ප්‍රයුක්තය කලුයි. පාට පෙට්ටියක තියෙන පාට ඔක්කොම එකට ගාල බලන්න. අන්තිමට හැදෙන්නේ කලු පාට කියල ඔබට වැටහේවී. අන්න ඒ නිසාවෙන් තමයි මම කිව්වේ ආදරේ කලුයි කියල.
සමහරවිට කාලය සමහර ප්‍රශ්න වලට පිළිතුරු දුන්නත්, ඒවායේ අක්මුල් අපිට අකා මකා ලන්න හරි අමාරුයි.
"first cut is the deepest" කියල ඉංග්‍රීසි කියමනක් තියෙනවනේ, ඒ වගේ තමයි අපි පළමුවෙන්ම ආදරේ කරන කෙනා කොයි විදියෙන් වත් අපිට අමතක කරන්න බෑ. අපි වෙන කෙනෙකුට ආදරේ කරනවා වෙන්න පුළුවන්. මුලින්ම ආදරේ කරපු කෙනාට දැන් ආදරේ නොකරනවා වෙන්න පුළුවන්. ඒත් ඒ හා බැඳුණු මතක සටහන් තාමත් අපේ හිත් වල කා වැදිලා තියෙන්නේ පුදුමාකාර විදියට. සුන්දර වේදනාවක් දැනුණත්, අපි තවමත් කැමතියි ඒ අතීත සිදුවීම් මතක් කරලා ඒ සුන්දර වේදනාව විඳින්න.
මොන දේ කරත් ආදරේ එක්ක තියෙන බැඳීම්, විශේෂයෙන්ම වේදනාත්මක මතකයන් අපිට අමතක කරන්න බැහැ කවදාවත්. කවුරු කොහොම මොනවා කිව්වත්,පුහුදුන් මනසක් තියෙන කෙනෙක්ට කවදාවත් ඕක අමතක කරන්න බෑ. අමතක කරා වගේ ඉන්න පුළුවන් උනාට.
සමහර විටෙක ඒක ගීත නාදයක් වෙන්න පුළුවන්, සුවඳක් වෙන්න පුළුවන්, චිත්‍රයක් හෝ වෙනයම් දර්ශනයක් වෙන්න පුළුවන්. මේ ඕනෑම දෙයකට පුළුවන් අපි යටපත් කරන් තියාගෙන ඉන්න හැගීම් නැවත මතක් කරන්න. ඕනෑම කෙනෙක්ව නොමරා මරන්න විරහ වේදනාවට පුළුවන් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. ඒ වෙලාවට ජීවිතේ දැනෙන හිස් බව,පාළුව, කෙනෙක්ව සියදිවි හානි කරගන්න තත්වයට පවා පත් කරන්න පුළුවන් බවත් රහසක් නෙවෙයි.
අමතක කරන්න බැරි උනත්, ජීවිතේ අපිට අපි ආස කරන හැමදේම ලැබෙන්නේ නෑ කියන එක තේරුම් ගත්තොත් අපිට අපේ දුක යම් තාක් දුරකට පාලනය කරගන්න පුළුවන්. කලක් අපේම වෙලා තිබ්බ දෙයක් තව කාලෙක අපිට පිටස්තර යැයි දකිනා විට දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බැරි තරමටම කටුකයි.
ඔන්න මමත් හිතුව කතාවක් ලියන්න ඕනේ කියල.
ඉතිං සුවහසක් එළකිරි වැසියන්ගේ හුදී පහන් සංවේගය උදෙසා පොඩියට එකක් ලියන්න පටන් ගන්න කියල හිතුව දහසක් වැඩ රාජකාරී මධ්‍යයේ උනත්.තරහ වෙන්න එපා හැබැයි දවසින් දවස නම් කොටස් ලියන්න බැරිවෙයි බොහෝවිට.
ඒත් මේක රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා අපේ කියවන සෙට් එකට.
ඔබට දිගාසිරි,
මට අවසරයි එහෙනම් දිනුකගේ නොලියූ කව පබඳින්නට............
ඩිස්ක්ලේමරය - මෙහි එන නම් ගම් සියල්ලක්ම මනංකල්පිත වන අතර සත්‍ය සිදුවීම් පෙළක් අළලා ලියවෙන්නට යෙදුනකි.

Last edited: