නොලියූ කව

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ආදරේ කලුයි!!! ඔව්, ඒක කලුම කළු පාටයි.
    දැන් බලන්න එපා පුදුම වෙලා මොකද්ද මේ හරුපේ කියල.
    මම එහෙම කියන්න එක හේතුවක් තියෙනවා. මොකද ආදරේ විටෙක සුන්දරයි, විටෙක දුකක්, තවත් විටෙක ත්‍රාසජනකයි, විටෙක අරුමයි, තවත් විටෙක ඒක කවියක් වගේ, තවත් වෙලාවකට කෙටි කතාවක් වගේ...............ඉතිං ඔය එක එක හැගීම් එක එක වර්ණයන්ට සමාන කරොත්, අන්තිමට ඒවායේ සම්ප්‍රයුක්තය කලුයි. පාට පෙට්ටියක තියෙන පාට ඔක්කොම එකට ගාල බලන්න. අන්තිමට හැදෙන්නේ කලු පාට කියල ඔබට වැටහේවී. අන්න ඒ නිසාවෙන් තමයි මම කිව්වේ ආදරේ කලුයි කියල.
    සමහරවිට කාලය සමහර ප්‍රශ්න වලට පිළිතුරු දුන්නත්, ඒවායේ අක්මුල් අපිට අකා මකා ලන්න හරි අමාරුයි.
    "first cut is the deepest" කියල ඉංග්‍රීසි කියමනක් තියෙනවනේ, ඒ වගේ තමයි අපි පළමුවෙන්ම ආදරේ කරන කෙනා කොයි විදියෙන් වත් අපිට අමතක කරන්න බෑ. අපි වෙන කෙනෙකුට ආදරේ කරනවා වෙන්න පුළුවන්. මුලින්ම ආදරේ කරපු කෙනාට දැන් ආදරේ නොකරනවා වෙන්න පුළුවන්. ඒත් ඒ හා බැඳුණු මතක සටහන් තාමත් අපේ හිත් වල කා වැදිලා තියෙන්නේ පුදුමාකාර විදියට. සුන්දර වේදනාවක් දැනුණත්, අපි තවමත් කැමතියි ඒ අතීත සිදුවීම් මතක් කරලා ඒ සුන්දර වේදනාව විඳින්න.

    මොන දේ කරත් ආදරේ එක්ක තියෙන බැඳීම්, විශේෂයෙන්ම වේදනාත්මක මතකයන් අපිට අමතක කරන්න බැහැ කවදාවත්. කවුරු කොහොම මොනවා කිව්වත්,පුහුදුන් මනසක් තියෙන කෙනෙක්ට කවදාවත් ඕක අමතක කරන්න බෑ. අමතක කරා වගේ ඉන්න පුළුවන් උනාට.
    සමහර විටෙක ඒක ගීත නාදයක් වෙන්න පුළුවන්, සුවඳක් වෙන්න පුළුවන්, චිත්‍රයක් හෝ වෙනයම් දර්ශනයක් වෙන්න පුළුවන්. මේ ඕනෑම දෙයකට පුළුවන් අපි යටපත් කරන් තියාගෙන ඉන්න හැගීම් නැවත මතක් කරන්න. ඕනෑම කෙනෙක්ව නොමරා මරන්න විරහ වේදනාවට පුළුවන් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ. ඒ වෙලාවට ජීවිතේ දැනෙන හිස් බව,පාළුව, කෙනෙක්ව සියදිවි හානි කරගන්න තත්වයට පවා පත් කරන්න පුළුවන් බවත් රහසක් නෙවෙයි.
    අමතක කරන්න බැරි උනත්, ජීවිතේ අපිට අපි ආස කරන හැමදේම ලැබෙන්නේ නෑ කියන එක තේරුම් ගත්තොත් අපිට අපේ දුක යම් තාක් දුරකට පාලනය කරගන්න පුළුවන්. කලක් අපේම වෙලා තිබ්බ දෙයක් තව කාලෙක අපිට පිටස්තර යැයි දකිනා විට දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බැරි තරමටම කටුකයි.


    ඔන්න මමත් හිතුව කතාවක් ලියන්න ඕනේ කියල.
    ඉතිං සුවහසක් එළකිරි වැසියන්ගේ හුදී පහන් සංවේගය උදෙසා පොඩියට එකක් ලියන්න පටන් ගන්න කියල හිතුව දහසක් වැඩ රාජකාරී මධ්‍යයේ උනත්.තරහ වෙන්න එපා හැබැයි දවසින් දවස නම් කොටස් ලියන්න බැරිවෙයි බොහෝවිට.
    ඒත් මේක රසවිඳින්න පුළුවන් වෙයි කියල හිතනවා අපේ කියවන සෙට් එකට.
    ඔබට දිගාසිරි,
    මට අවසරයි එහෙනම් දිනුකගේ නොලියූ කව පබඳින්නට............


    ඩිස්ක්ලේමරය - මෙහි එන නම් ගම් සියල්ලක්ම මනංකල්පිත වන අතර සත්‍ය සිදුවීම් පෙළක් අළලා ලියවෙන්නට යෙදුනකි.
    redarrowline.gif
    redarrowline.gif
    rainbowhearts.gif
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ට්‍රී..................o...........................................
    ඔන්න ගැහුවා බැල් එක.දෙවෙනි පීරියඩ් එකත් ඉවරයි.
    බෙල්ලන්විල වෙහෙරට සුදුමල් පූජා කරන්න....ටකර ටකර ...පිටිපස්සේ පේලියේ හිටපු ජොරයා තාමත් ඩෙස්කුවට පත බානවා හෙන ගහන්න වගේ.
    “ළමා.....යි යි යි !!! තැන් තැන් වල වල ගහගෙන ඉන්න අය වාඩිවෙනවා තමුන්ගේ පුටු වලින්.”
    එක පාරටම මලකඩ කාපු ටින් බෙලෙක්කයක් පරණ ඇනේකින් හූරන්නහේ කොමස් මිස්ගේ ලාලිත සුමුදු මුදු කටහඬ අපේ කර්ණ පටහ පටල විදාරණය කරගෙන මස්තිෂ්ක අර්ධ ගෝල දෙකම දෙදරවන්න උනා.
    එක පාරටම ඇලපත හිල් කරගෙන යන තරමේ වැලමිටි පාරක් වැදුනා මට දෙයියෝ සිහි වෙන්නම. එහා පැත්ත හැරුනේ මට ඇනපු එකාගේ අම්ම මුත්තා ඇතුළු පවුලේ සැම ආදරයෙන් මතක් කරන්නයි. හැරිලා බැලින්නම් සුමියා ඉන්නවා මට රවාගෙන.( සුමියා කියන්නේ එක පන්තියේ මගේ එහා පැත්තේ හිටපු මගේ බොක්ක ,එහෙමත් නැත්තන් මගේ අනිත් පළුව)

    සුමියා මාවත් ඇදගෙන ගියා. ද්වාරයෙන් පිටවෙලා යන්න කල් වෙලා මදි හින්ද මම කෙටිම හා ලඟම මාර්ගයෙන් හෙවත් ජනේලෙන් අවුට් එකක් දාල කොරිඩෝවට පැන්න.
    මම කලින් හිටපු පන්තිය මාරු කරලා අලුත් 10 වසරේ පන්තියකට ඇවිත් තාම සති 2ක් විතර ඇති. පන්තිය මාරු කරන්න පාදක වෙච්චි එකම සහ ප්‍රධානම හේතුව උනේ යාළුවො සෙට් එක ඔක්කොම එවුන් එක පන්තියකට වැටීමත්, අසරණ,අහිංසක මේ මං තුමා විතරක් වෙනම පන්තියකට වැටීම උනත් එක වහගන්න අංශ භාර රම්‍යවතී මිස්ට ඉදිරිපත් කරපු හේතුව උනේ ඉංගිරිස් සාහිත්‍ය කොරන්ට බෑ කියලා බැගෑපත් වීමයි.(ඇත්තටම ඉංගිරිස් වචන 2 ක් ගලපගත්තෙත් පට්ට ගේමක් දීල ඒ කාලේ)
    ඔන්න ඉතින් කොරිඩෝවට පැනගත්තු මේ මම සහ සුමියා කෙලිම්ම ගියේ පුස්තකාලයට. ගිහිං එළියේ තිබ්බ පත්තර දිගෑදලා තිබ්බ පතරංග ලෑල්ල ගාව දාගත්තා කඩේ ඔන්න.
    සුමියත් ඉතිං කතාව පටන් ගත්තාම ඉවරයක් නෑ. මමයි සුමියයි පත්තර බලන මුවාවෙන් දැන් එක එක වල් පල් දොඩවමින් ඉන්න අතරේ එකපාරටම ආකාහෙන් මහා විසාල හෙන ගුලියක් පාත් වෙනවා වගේ තඩ් ගාල පිටපුරා කව්දෝ එකෙක්ගේ අතුල් රත්නයක සුමිහිරි පහසක් දැනුනා මට. හැරිලා බැලින්නම් පොඩ්ඩා ඉන්නවා අතින් කට වහගෙන අනිත් අත, “අනේ ඔන්න මම නං නෙවෙයි” කියන්නා වගේ.
    “තෝ නෙවෙයි නම් වෙන මොන පොලොස් කොට්ටෝරුවද යකෝ. සුමියා බලහං මගේ පිට තියෙනවද කියල?
    එතකොටයි දැක්කේ කාගේ සුරත් පහසද මා ලැබුවේ කියලා. ජොරයා ඉන්නවා උගේ සුපුරුදු අසික්කිත හිරිකිත දත් සෙට් එකම එළියේ දාගෙන
    “රිදුනද මයේ පුතේ?”
    “නෑ මගේ පණ, මට මාරම සනීපයක් දැනුණේ”
    “ඒක නෙවෙයි බං,පීරියඩ් දෙකක්ම තියෙනවනේ, යමං කැන්ටිම පැත්තට”
    ජොරයා කිව්වා
    “උඹටත් ඉඳලා හිටලා හරි මොලේ ඇති යමක් කියවෙනවා නේ බං ජොරයෝ ” වචනෙන් මට උත්තර නොදීපු ජොරයා ඇහැක් ගහලා හිනා උනා.
    “මටනම් දිරවන්නේ නැත ඔබගේ ඔය අද්භුත යෝජනාව.එහි සැඟවුණු අරුතක් තිබිය යුතුයි කියා මට වැටහෙනවා ” මම කිව්වා.
    “හා හා දැන් උඹලගේ කයිය නවත්තලා වරෙල්ලා යන්න කැන්ටිමට.දැන් රම්‍යා ආවොත් මෙතන පරිප්පු නැව බාගෙන කන්න වෙන්නේ මෙතනම ඉස්ම නැති වෙන්නම” ගැටයා මොර දුන්නා.
    රම්‍යා කියන්නේ අපේ අංශ භාර ගුරු මහත්මිය හෙවත් රම්‍යවතී මිස්.අපි ගෞරවේට කිව්වේ රම්‍යා එහෙමත් නැත්තං යකඩ සපත්තුව කියල.
    ඒ නම ඇහුනා විතරයි අපිව නිකං ඉබේටම එතනින් එහාට ඇදිලා ගියා. කැන්ටිම ගාවටම ඇවිදං ගියාට පස්සේ ජොරයා අපේ දිහාට හැරිලා සිය කටහඬ අවදි කරා.
     
    • Like
    Reactions: rock pora

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර

    මට අවසරයි එහෙනම් දිනුකගේ නොලියූ කව පබඳින්නට............

    අරුගේ කතාව උබ ලියන්නේ ඇයි? :oo::oo:

    මොකක් උනත් කමක් නෑ මග නවත්තන්න එපා. බලන් ඉන්නෝ අපි
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අහ එළකිරි ඔය තියෙන්නේ...නියමයි මලිත්තෝ...:love::love::love:

    හැබැයි පුතේ අතර මග නවත්තනවා එහෙම නෙමේ.....:angry::angry: :love::love::D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මලිත් ලියපන් මචං. දිගටම උබ හොදට ලියන්න පුවන් එකෙක්, අනික උබ පල කරපුවා හැමදෙයක් අපිට හිතන්න යමක් එතුරු කරලා තියනවා
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    දෙවන දිගහැරුම....
    “හොඳයි උපාසක මහත්තුරු ටික කීය කීය හරි සම්මාදං වෙන්න අපේ දුකට පත් බඩ පණුවන්ට දානමය පිංකමක් කරන්න. ”
    “හෑ.... ඇයි තමුසේ ගාව සල්ලි නැද්ද?”
    සුමියා ඇහුව.
    “මා ගාව සල්ලි තියෙනවනම් මම තනියම එනවනේ යකෝ.උඹලවත් ඩොක්කගෙන ආවේ එක තමයි” ජොරයා කිව්වා. මම හිතුවා හරියටම හරි. ඒක තමයි මමත් මේ බැලුවේ කවදාවත් වගේ නැතුව ඇයි මේ ජොරය අපිව කැන්ටිම වෙත දක්කගෙන ආවේ කියල.ඔන්න එතකොටම තමුන්ගේ මනංකල්පිත ට්‍රේල් බයික් එකේ නැගල මදුව එතනට සැපත් උනා. “හැපෑයි! බොලා මාව හැලුව නේද ඔටු පැටව්නේ”
    “දැන් තොගේ පිටපොටේ විකුණලද කන්නේ යකෝ” ඒ අස්සේ ජොරය දිහාට හැරිලා මල අතේ තියන් සුමියා බෑගිරි ගාන්න ගත්තා.
    “අයියෝ මල්ලි, අල්ලන්න එපා ජල්ලි.මම හොයාගන්නම් සල්ලි” කියපු මදුව කැන්ටිම ඇතුලට ගියා.
    අපේ ඉස්කෝලේ කැන්ටින් දෙකක් තිබ්බ.එකක් කොට කලිසම් කාරයෝ පාවිච්චි කොරාපු පොඩි කැන්ටිම.අනෙක තමයි අපි මේ සැපත් වෙලා ඉන්න ලොකු කැන්ටිම හෙවත් අයියලාගේ කැන්ටිම. ඉතින් මේකට කොට කලිසන් කාරයොත් රිංගන්නේ නැතුව නෙවෙයි. මදුවා ගියේ අන්න එහෙම එවුන්ගෙන් ලොන්ත පාරක් දාගෙන එන්න (ලොන්තේ දානවා කියල කියන්නේ කලෙක්ෂන් දාන එකට.වාත වී හෝ තර්ජනය කර සල්ලි ඉල්ලීම මෙනමින් හැඳින්වේ ) ඔන්න ඉතින් ලොන්ත වටයක් ගිය මදුවා අපිවත් ඇදගෙන කැන්ටිමට වැදුනා. පොඩ්ඩා සල්ලි ටිකත් අරන් කවුන්ටරේ ගාවට ගිහිල්ලා බිත්තර රොටි පහකුයි ප්ලේන්ටි දෙකකුයි අරන් ආව.ඊට පස්සේ මම ගිහිල්ලා සමහන් එකක් හදාගන්නෙයි කියලා උණු වතුර එකක් අරන් ආව.(ඒ කාලේ කැන්ටිම අලුත් කරලා තිබ්බේ. ටී බෑග් එක උණු වතුර එකේ ඔබල දෙන්නේ පීරිසි කෝප්පෙට දාල.සීනි තිබ්බේ මේස උඩ,ඇති පදං දාගන්න.) සමහන් බොන්න උණු වතුර ටිකක් දෙන්න කිව්වාම උන් කරන්නේ පීරිසි කොප්පෙකට උණු වතුර එකක් දෙනවා.අපි කරන්නේ මොකද,එකෙක් ප්ලේන්ටියක් ගත්තාම සමහන් බොන්න උණු වතුර අරන් අරුගේ ටී බෑග් එක දාල නව තේ නිෂ්පාදනය කරගන්නවා.ඒ කියන්නේ එක ටී බෑග් එකකින් ප්ලේන්ටි තුනක් කැත නැතුව හදාගත්තැකි.(කොහොමද අරපිරිමැස්ම)පස්සේ කාලෙක මේ වැඩේ නෝන්ඩි වෙලා කැන්ටිමේ උන් සමහන් බොන්න උණු වතුර දෙන එක නැවැත්තුව. ඒ පීරියඩ් දෙකේ නිමාව සනිටුහන් කරමින් බෙල් රාජයා බෙරිහන් දෙන්න ගත්ත. අපිත් හිමි හිමින් පන්තිය පැත්තට ඇදුන ඉතිං.කිට්ටුවටම යනකොට අපි දැක්ක අපේ ආදරණීය කොමස් මිස් වත්කම් හර කරගෙන ප්‍රාග්ධනය බැර කරගෙන පන්තියෙන් එලියට යනවා.
    කොහොමින් කොහොම හරි ඒ පීරියඩ් එකේ අපි සෑහෙන දැනුමක් එකතු කරගත්ත අපේ මොලගෙඩි වලට.(කැන්ටිමේ ඉඳන්). මගේ ආසම විෂය උනේ විද්‍යාව.අනික්වා සාමාන්‍ය මට්ටමක තිබුණ. ඉංගිරිසි වහ කදුරු වගේ. ඊටත් වඩා ගිණුම්කරණය.මෙලෝ මලදානයක් නොතේරුණ හින්දමයි හැමදාම කොමස් පීරියඩ් එකේ පන්තියෙන් පනින්න ගත්තේ. ව්‍යාපාර අධ්‍යයනය නම් ඉතින් ගිරවා දාන එකනේ. ඒක ඒ හැටි ගින්නක් නෑ. ඒත් ඔය හර බැර කතන්දර මටනම් පෙනුනේ මෙලෝ රහකට නැති විකාරයක් වගේ. පන්ති මාරු කරපු හින්ද මම ඒ පන්තියට එනකොට ගිණුම්කරණයේ මුල් හරිය උගන්නලා ඉවරයි. ඉතින් මට මේක කොහොම තේරෙන්නද ??? මොනවා කරන්නද ඉතින් බැඳගත්තු බෙරේ කොහොමහරි ගහන්නෙපැයි. වියාපාර අධ්‍යයනය හෙවත් බිස්නස් නම් අවුලක් නෑ එළකිරි වගේ.