මම ඊයේ උබලට කිව්වනේ මම හෙට ඉඳන් ගැරේජ් බාස් කෙනෙක් වෙනවයි කියල. ඔන්න අද උදේ පාන්දර ගියා. හප්පට සිරි ගිය ගමන්ම බයික් හෝදන්න දැම්ම. අද හවස 6.30 වෙනකන් වැඩ කරා මම හිතන්නේ බයික් 25කටත් වැඩිය මම තනියම හෝදන්න ඇති. තව 1ක් ඉන්නවල පොර අද නෑ. අනිත් හෝදන එකා හෝදන්නේ ත්‍රීවීලර්.
මුලින්ම රෝසපාට කෙමිකල් වතුරෙන් කම්ප්‍රෙසඩ් එයා එක්ක අල්ල මඩ බුරුල් කරනව. අඩෝ ඒ ගැජට් එක දැක්ම මට බර්නූලී ප්‍රමේය මතක් උනා
ඉන් පස්සේ හයි ප්‍රසර් වතුරෙන් හෝදනව. කොච්චර පවරද කියනව නම් ඇගට වැදුලත් පට්ට වදියට රිදෙනව.
ඉන්පස්සේ ස්පොන්ජ් වලින් ආයිමත් කුනු යන්න උලනව.
ආපහු වතුර අල්ලනව.
ඉන්පස්සේ එයාර් වලින් වේලනව.
ඉන්පස්සේ ඔයිල් එක්සේප්‍රෙ කරනව. මට ලෙඩ හැදෙයිද් දන්නෑ බන්. ඔයිල් පෙනහලුවලට ගිහින්.
හැම බයික් එකකම තෙල් ටැංකි සයිඩ් කවර වෙනම හෝදන්න ඕන.
තව අද පිච්චුනු එන්ජින් ඔයිල් අස් කරා. බයික් කීපයක එයාර් ෆිල්ටරේ එලියට අරන් බූමිතෙල්වල දාල මිරිකල එයාර් අල්ල දාල එයාර් බොක්ස් එක වහන හැටි ඉගෙන ගත්ත.
ඔන්න අද දවස. පට්ටම කට්ටක්.. තාම කොන්ද රිදෙනව.
මගේ දකුනු අත කැපුන 4 තැනක් බයික් උලන්න ගිහින්.

තව දකුනු කකුලෙ මහපොට ඇගිල්ල ඉස්සර හම ගියා වලක වැටිල. මොකද වතු වැඩිකමට ඒක වැහිල
තව වම්කකුලෙ තැන්කීපයක් ලෙලි ගිහින් අර කෙමිකල් එකට. අත්දෙකත් දනව බන් ඒවලට.
තව ත්‍රීවීලර් 3ක. කාපට් උලල වේලෙන්න දැම්ම.
ඉන්න උනුත් හෙන සීන් මෙලෝ දෙයක් දන්නැතිව අදමයි ගියේ. බොසා සැරයි

රුපියල් 600යි බන් හම්බ උනේ ඒකෙනුත් 50ක් කැපෙන්න ඕන මම දවල්ට රෝල්ස් එකයි ප්ලේන්ටි එකක් මගෙ ලස්ලිවලින් ගත්ත.
අඩෝ මිනිස්සු සල්ලි හොයන්න කොච්චර දුක් විදිනවද කියල හිතුන බන්. මම ගිය අලුතනේ ඉතින් ඉන්න උනුත් උන්ගේ වැඩත් මට කියල කරව ගන්නව.
පෝය නිසා හෙටයි අනිද්දයි වැඩ නෑ. ඉතින් 1200ක් නෑ
ස්ථිර පඩි නෙමේනේ.

මම දන්නව මේ කියන තරං වැඩේ ලේසි නැහැ, ඒත් කුඹුරු කෑල්ලක් උගසට තියල හරි වැඩේ පටං ගත්තොත් වරදින්නෙ නැහැ මචෝ.