එළකිරි භූත කොටුව.........

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,928
    5,516
    113
    දඹදිව දී දුටු අමනුෂ්‍යයා

    භූත කොටුවට දාන්න පුලුවන් විස්තර සහිත කතා කිහිපයක් මා සතුවත් තිබෙනවා. මගේ මේ වන තෙක් අමනුෂ්‍යෙයක් පියවි ඇසට දැකලා නැහැ. මේ කතා අපේ පවුල සහ මව් පිය පාර්ශවයෙන් ළඟම ඥාතීන් ගේ අත්දැකීම්. මුලින්ම එකක් දාන්නම්...

    මේ කතාව කියන්න නම් මුලින්ම අපේ “සාදු ලොකුඅම්මා“ ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඕනි. “සාදු ලොකුඅම්මා“ කියන්නේ අපේ අම්මගෙ ලොකුම අක්කා. උන්වහන්සේ කුඩා කාලෙයේ සිටිම බණ භාවනා කරමින් සිට වයස අවුරුදු දහසයේදී සිල්මාතාවක් බවට පත් වී තිබෙනවා. අපි පොඩි කාලයේදී ඇය ගැන අපේ වැඩිහිටියන් පවසද්දි අපිට හුරු කලේ “සාදු ලොකුඅම්මා“ කියන නම. මම එතුමිය දැක තිබෙන්නේ ඡායාරූපවලින් පමණයි. ඒ මම ඉපදෙන විය එතුමිය අපවත් වී සිටි නිසා. එතුමිය අපවත් වූ පසු එතුමිය ගැන විස්තර පලකොට රජයෙන් මුද්‍රණය කොට බෙදා හැරිය පත්‍රිකාවක් මා ළඟ තාම සුරැකිව තිබෙනවා. උන් වහන්සේ චතුර ධර්ම දේශිකාවක් බවත් උන්වහන්සේගේ බණ අසා පැහැදුන එවක අගමැතිතුමා ඇයට වාහන ආදිය පූජා කලත් ඒ සියල්ල පිලිනොගෙන තම ආරාමයට වී ඉතාම අල්පේච්ඡ ජීවිතයක් ගත කල බවත් මා අසා තිබෙනවා. උන්වහන්සේ වෙනුවෙන් ඉදිකල ආරාමය තවමත් උන්වහන්සේගේ ශිෂ්‍ය මෙහෙණීන් වහන්සේලා විසින් පොතුහැර, රඹුක්කන ප්‍රදේශයේ පවත්වාගන යනවා.
    මේ කතාව මගේ ලොකු අම්මාට “සාදු ලොකුඅම්මා“ විසින් පවසා ඇති අතර එය මට පැවසූවේ ලොකු අම්මා විසින්.

    සිල්මාතාව වරක් දඹදිව ගොස් බුද්ධ කාලීන නටඹුන් තිබෙන ප්‍රෙද්ශවල නැවතී භාවනා කරමින් සිට තිබෙනවා. එතුමිය සෑම දිනකම උදෑසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට යෑම එසමයේ පුරුද්දක් වශයෙන් පවත්වාගන ගොස් තිබෙනවා. ඉතින් මේ ආකාරයට සෑම දිනකම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට යන විට එතුමියට දකින්නට ලැබී තිබෙනවා මිටි, විරූපී, තුවාල වලින් පිරුණු , කුස පිටටම ඇලුන
    , කිළුුටු ඇඳුම් ඇඳගත් යාචකයෙක් බඳු අයෙක්. ඒ තැනැත්තා හැම දිනකම උන්වහන්සේ ජය ශ්‍රී මහා බෝධියට යන විට මුහුණට මුන ගැසී තිබෙනවා.

    සිල්මෑනීන් වහන්සේ මේ තැනැත්තා ගැන ඉතාම අනුකම්පා සිතැතිව මොහුට කෑම පාර්සලයක් ලබාදිය යුතුයැයි සිතා තමන් නැවතී සිටි ආරාමයේදී කෑම පාර්සලයක් සාදාගෙන එක දිනක උදයේ ජය ශ්‍රී මහා බෝධිය වෙතට ගොස් තිබෙනවා. නමුත් එදා උදයේ වෙනදා හමුවන ඒ යාචකයා එතුමියට හමුවී නැහැ. උන් වහන්සේ බෝධිය වන්දනාමාන කොට ආපසු එන විට හමුවීත් නැහැ. පසුව මදක් අවට ඇවිද බලා යාචකයා නැති බව සැක හැර දැනගෙන ආහාර පාර්සලය සතුන්ට දිග හැර එතුමිය ආපසු පැමිනෙන්නට පටන් ගෙන තිබෙනවා.
    මීටර් දහයක් පමණ ඉදිරියට යන විට....... මෙන්න අර යාචකයා...... :shocked:
    සිල්මාතාව කිහිප වරක්ම මෙසේ මේ යාචකයාට ආහාර ලබාදීමට උත්සාය ගත්තත් හැම දිනකම ආහාර පාර්සලය ඉවත ලන තෙක් එම යාචකයා හමුවී නැහැ. නමුත් ආහාර පාර්සලය ඉවත ලූ වහාම තත්පර කීපයක් ඇතුලත යාචකයා මුහුණටම හමුවී තිබෙනවා....

    එමෙන්ම උදෑසන ජය ශ්‍රී මහා බෝධියට යන අතර මග අවස්ථාවේ ඇරෙන්නට වෙන කිසිම අවස්ථාවක එම යාචකයා දැක නැහැ. නගරයේ හෝ ඒ ආශ්‍රිත ප්‍රෙද්ශයේ කිසිම තැනක එම යාචකයා නැති අතර එබඳු යාචකයෙක් දුටු අයෙකුද සිට නැහැ.

    පසුව උන්වහන්සේ තේරුම් ගත් ආකාරයට ඒ හමුවී ඇත්තේ ප්‍රේතයෙක්.. පෙර කල කර්ම විපාක නිසාවෙන් ආහාරයක් වත් ලබාගැනීමට වරම් නැති ප්‍රේතයෙක්........

    උන්වහන්සේ සම්බන්ධ තවත් කතා තිබෙනවා. ඒවා ඉදිරියට කියන්නම්....ඒ වගේම උන්වහන්සේ සතුව තව අපූරු හැකියාවක් තිබුනාලු.... එනම් ඕනෑම සතෙක් උන්වහන්සේ අඬ ගැසූ විට ළඟට පැමිණෙන උන්වහන්සේ අතින් ලබාදෙන ආහාර ලබාගන්නවාලුු. ...
    ඒ බව සනාත කරන ඡායාරූපයක්ද මා දැක තිබෙනවා......

    ඉතින් අමනුෂ්‍ය ලෝකයේ ඉපදී කර්මානුරූපීයව දුක් විඳින උදවිය වහා වහා නිදහස් වේවායි ප්‍රාර්ථනා කරමින්, ඔවුන් සුගතිගාමී වේවායි ප්‍රාර්ථනා කරමින් තවත් කතාවක් තුලින් හමුවෙන තුරු ඔබ හැමට තෙරුවන් සරණයි.....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    තෙරුවන් සරණයි.. අනික් විස්තරත් ලියන්න..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,928
    5,516
    113
    කලු පාලම උඩ දුටු අමනුෂ්‍යයා

    හරි ... එහෙමනං මෙන්න දෙවනි කතාව. පලවෙනි කතාවෙන් මම කීවානේ “සාදු ලොකු අම්මට හම්බ උන ආහාර ලබා ගැනීමට පින් නැති ප්‍රේතයා ගැන“. අද කතාව අපේ අප්පචිගෙ මල්ලි කෙනෙකුට නැත්නං මගෙ බාප්පට වෙච්චි දෙයක්.

    කතාව කියන්න කලින් ටිකක් පඳුර වටේට තලන්න ඕනි. එතකොට තමයි පසුබිම් තොරතුරුත් එක්ක කතාව ටිකක් අල්ලලා යන්නේ.... .

    අපේ ගම... අවුරුදු හුඟාක්... ඒ කියන්නේ සමහර විට අවුරුදු දාහක් විතර.... පරණ ගමක්. පැරණි තොරතුරු වලට අනුව ඉන්දියාවෙන්, අනුරාධපුර යුගයෙ ලංකාවට ආපු බ්‍රාහ්මණයන් පදිංචියට සුදුසු ස්ථාන සොයාගන රට පුරා ඇවිදිනකොට පදිංචියට සුදුසුයි කියලා හිතාගන තමයි මේ ගම ආරම්භවෙලා තියෙන්නේ. අපේ ගමේ වෙල්යායෙ මැද්දෙ තියනවා උස්බිමක්. ඒකට කියන්නේ බ්‍රාහ්මණ ගොඩැල්ල කියලා. අහල තියන තොරතුරු වල හැටියට ඒක තමයි පැරණි ගම. මේ වන විට එතන තියෙන්නේ වගා බිම්...පොල්.. කෙසෙල් ආදිය...මේ බ්‍රාහ්මණ ගොඩැල්ල කියන්නෙ අහීමාන තැනක් ඒ කියන්නේ අමුතු තැනක්. ඒක දවාලට තේරෙන්නෙ නැහැ. ටික ටික හවස්වෙද්දි තමයි ඒක තේරෙන්නේ. සාමාන්‍යෙයන් බ්‍රාහ්මණ ගොඩැල්ල පැත්තට රෑට කවුරුත් තනියම යන්නේ නැහැ. ඒ අවට ගැවසෙන කෙසෙල් කඳක් විතර ලොකු සුදු නයෙක් ගැන ගමේ උදවිය කතාකරනවා. ඒ වගේම සමහර උදවිය රෑට බ්‍රාහ්මණ ගොඩැල්ල ගිණිගන්නවා දැකලා තියෙනවා. ඒත් පහුවදාට බලද්දි එහෙම මුුකුත් නැහැ. ඒ භූමියට රාත්‍රී කාලයට විවිද එලි පහත් වෙන කතා නැත්තං මල් සුවඳ දැනෙන කතා මම අනන්තවත් ගමේ උදවියගෙන් අහලා තියෙනවා.

    දැන් කතාවට එමු.... ගමේ පැත්තකින් යනවා ඔයක්. නම කොලමුනු ඔය. ඔය අපේ ගම වගේම වටේ පිටේ ගම් කීපෙකුත් හරහා....මැදිං.... වටෙං යනවා. සාමාන්‍යෙයන් සමහර අමනුෂ්‍යන් කොට්ටාස ගැවසෙන පැති අඳුරුයි.. මූසලයි, පාලුයි... ඉන්න හිතෙන්නෙ නෑ. ගමේ එක කෙලවරකින් යන පාර සම්බන්ධ වෙනවා කිලෝමීටර් 3ක් පමන දුරින් තියන එක නගරයකට. අනිත් කෙලවරින් යන පාර කිලෝමීටර් දෙක තුනකට එහා තිබෙන වෙන නගරයකට සම්බන්ධ වෙනවා. මේ කියන කොලමුනු ඔය මේ කිව්ව පාරවල් දෙකේම හරහා යනවා. පාලම් දෙකකුත් තියෙනවා. මුලින්ම කිව්ව පාර අඳුරු මූසල පරිසරයක් මැද්දෙන් යන්නේ. ඒ පාරෙ ඔය හරහා තියන පාලමට කියන්නේ කලු පාලම කියලා. කොච්චර දවාලක් උනත් ඒ පැත්ත හරිම පාලුයි.

    අපේ බාප්පට තියෙනවා මහ ට්‍රැක්ටර් එකක්. ඒ කියන්නේ ලොකු රෝද තියන ලොකු සයිස් ට්‍රැක්ටර් එකකට. එයා දවසක් ඈත වත්තක් හාන්න ගිහිල්ලා පාන්දර එකට දෙකට වගේ කලු පාලම තියෙන පාරින් එන කොට තමයි මේ දේ සිද්ද වෙලා තියෙන්නේ.කලු පාලමට ආසන්න වෙද්දි බාප්පාට පෙනිලා තියෙනවා කෙට්ටු ,උස,කලු මනුස්සයෙක්...සුදු ඇඳුමක් ඇඳගන කලු පාලම අයිනේ ඉඳන් කොලමුනු ඔය දිහා බලාගන ඉන්නවා. අත් දෙක පිටිපස්සට බැඳගෙන. පිටිපස්සට බැඳගත්ත අත්දෙකෙ කලු කුකුලෙකුත් ඉඳලා තියෙනවා. :sorry: . මහ සද්දෙන් ට්‍රැක්ටරේ කලු පාලම උඩින් යද්දි අර මනුස්සයා ගානක්වත් නැතිව කුකුලවත් අතේ තියාගන පාඩුවේ ඔය දිහා බලාගන ඉඳලා.

    “මේ මහ පාන්දර කුකුලෙකුත් අතේ තියාගන මේ යකා මොන මඟුලක් කරනවද දන්නෑ“ කියල හිතුනත් ඒක ගණන් නොගෙන බාප්පා ඇවිදිල්ලා තියෙනවා. බාප්පාගෙ පදිංචිය අපේ අප්පච්චිගෙ මහගෙදර. කලු පාලමේ ඉඳලා කිලෝමීටරයක් දෙකක් විතර ගියාට පස්සේ මහගෙදරට එන්න කෙටි පාරක් තියෙනවා. ඒක වැටිලා තියෙන්නේ පොඩි වන ලැහැබක් එක පැත්තකත් අනිත් පැත්තේ වැවකුත් එක්ක. ළඟ නිසා සුපුරුදු පරිදි බාප්පා ඔය පාරට හරවද්දි.....

    දැන් තමා හොඳම හරිය.......

    කලු පාලම උඩ හිටපු මනුස්සයා මෙන්න බොලේ ඉස්සරහ ඉන්නවා..ඒ විදිහටම කුකුලවත් අතේ තියාගන වැව දිහා බලාගන. :shocked: . එතකොට බාප්පට තේරිලා තියෙනවා මේ නං මනුස්සයෙක් නොවන බව. එයාට එතනින් එහාට මතක ඇක්සලරේටරේ පුලුවන් උපරිම හයියෙන් පාගනවා විතරයි.

    මෙච්චිර වෙලා කතාව කියවුනේ බාප්පගෙ පැත්තෙන්නෙ. දැන් ඒක කියවෙන්නේ මහ ගෙදර උදවියගෙ පැත්තෙං. බාප්පා මහ රෑ හාලා ගෙදර එන එක ඒ උදවියට අමුත්තක් නෙවෙයි. නමුත් වෙනදට වඩා වේගයෙන් නුහුරට වගේ ට්‍රැක්ටරේ ගෙදරට ආපු එක ගැන සැක හිතලා කට්ටියම එලියට බැහැලා බලන කොට..අසිහියෙන් වගේ ට්‍රැක්ටර් එක එලවං ආපු බාප්පා ට්‍රැක්ටරෙන් බැහැලා සිහි නැතිව ඇදගෙන වැටිලා තියෙනවා. සහලෝල උණත් සහ ඇඟත් වෙවුලන ගමන්ම.

    පස්සේ නූලක් දාලා..ශාන්තියක් කරලා තමයි එයාට හරි ගියේ. අදටත් එයාට වැව ගාව ඉඳන් ගෙදරට ආපු හැටි මතක නෑ..

    මේ වගේ පේන්න ඉන්නවා ඇරෙන්නට වෙන මුකුත් දෙයක් නොකරන අමනුශ්‍යන් ගැන අපේ පවුලෙ තව උදවියගෙ අත්දැකීම් තියෙනවා. ඒවා ඉදිරියට ලියන්නම්..

    හැමෝටම තෙරුවන් සරණයි.

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,928
    5,516
    113
    කෝ කට්ටිය දාන්නෙ නැද්ද කතා....
    මම අද රෑට එකක් දාන්නම්.
     
    • Like
    Reactions: prabo22

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,040
    31,805
    113
    කුරුණෑගල රාජධානිය කියන්නේ හොඳ පණ්ඩිත රජවරු හිටිය රාජධානියක්... ඒ වගේම හොඳ වටිනාකම් තිබිච්ච ප්‍රාදේශීය පාලකයන් ජීවත් වෙච්ච ප්‍රදේශයක්. මේ කතා කරන්න හදන්නේ ඒ දෙපැත්තෙම කතාවක මැද කතාවක්... කුරුණෑගල-පුත්තලම පාරේ කුඩාගල්ගමුව හරහා පාරේ තැනක් මේ... අනං මනං නැතුව අපි කතාවටම සෙට් වෙමු... බලන්නකෝ මේක පටන් ගන්නේ කොහොමද කියලා... ඒකත් මාරයි.අඩෝ අවංකව කියන්නේ බං... මාර සීන් එක... මේ දවස් ටිකේම එහෙමයි... හැමදාම රෑට මාව කවුරු හරි හිරකරගෙන ඉන්නවා උදේට බලද්දි මගේ මුළු ඇඟම හූරලා... ඇත්තම කතන්දරේ මං කියන්නේ... මචං එහෙම ඇවිත් මාව හිර කරගත්තාම කතා කරන්නවත් බෑ.

    ඒ කියන්නේ පේනවද...
    නැතුව... ජනෙල් ඇරලා තියෙන්නේ... තාත්තා එහා ඇඳේ නිදි... කතා කරගන්න බෑ බං... පැය ගාණක් එහෙම හිරකරගෙන ඉන්නවා මචං... මොනවත් කරන්න බෑ.
    තුවාල කරනවා කිව්වේ...

    උදේට බලද්දි තමයි පේන්නේ... හිතන්නකෝ පිට මගේ මේ වගේ හූරන්න පුළුවන්ද කාට හරි...
    කවුද එහෙම හිර කරගෙන ඉන්නේ...
    මූණ පේන්නේ නෑ... කොණ්ඩේ විතරයි පේන්නේ... කවුරු හරි එකෙක්... හරි එකියක් හරි... ඇඟට නඟිනවා... බලාගෙන ඉඳලා තමයි එහෙම නඟින්නේ... රෑට විතරයි එන්නේ...
    හිතන්න අමාරුයි නේද මේවා...

    ඒ වුණාට මට කියන්නකෝ මෙහෙම වෙන්න පුළුවන්ද කියලා (එහෙම කියපු ඒ තරුණයා මට එයාගේ පිට පෙන්නුවා ඇඳන් හිටිය ටීෂර්ට් එක උස්සලා... ඒ පිටේ දිග අතට සියුම් කැපුම් පාරවල් ගොඩක් තිබුණා...)
    මං අහලා තියෙන්නේ මේ ගැන තමන්ම කරගන්නවා කියලා...
    ඔයා දන්නේ පොතපතේ දැනුමනේ... මං කියන්නේ මේ ලයිව් සීන් එක... මං, මං ගැන මේක වුණාට පස්සේ දැනගත්තා මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක්... ඉන්නේ ඩුබායිවල... එයාගේ ෆොටෝ ඔක්කොම තියෙනවා... බලන්න ඒවාත් මං පෙන්වන්නම්... එතැන වෙලා තියෙන්නේ මගේ වගේම අනිත් පැත්තට... එයාගේ උඩ අතටයි අල්ලගෙන කපන්නේ... ඔයාට කියන්න ඒ අයියා එක්ක මං කතා කළා... එයා කියනවා එයාට පේනවලු රෑට එයාව කපන හැටි ඔපරේෂන් නයිෆ් එකකින් වගේ කෙනෙක්... එයාට මාර විදියට අමාරු වුණා... පස්සේ හැමදාම උදේට මේ අයියා වෙස්ට් දෙකක් විතර ඇඳලා ඇඳුම් අඳින්නේ සුදු පාටලු එයාගේ යුනිෆෝම් එක... හිතන්නකෝ අර වගේ කැපුම් එක්ක කොහොමද කියලා එයා වැඩ කරන්නේ...

    කොහොමද එයාට ඒක සෙට් වෙලා තියෙන්නේ...
    දවසක් මේ ගොල්ලෝ පාරේ එද්දි වාහනේ සුදු පාටට දෙයක් පා වෙලා යනවා. වගේ දැකලා මේ ගොල්ලෝ ඒ ගමන වාහනේ හරවගෙන ආයිත් ගිහින් බලන්න... ඒ වුණාට මොනවත් තිබිලා නෑ. පස්සේ එදා රෑ ඉඳලා තමයි ඒ අයියට මේ සීන් එක ඇවිත් තියෙන්නේ... ඒ ගොල්ලෝ පට්ට විදියට ආගමට ගරු කරනවා... ඒ රූම් එකේ උඩ රේඩියම්වලින් හැදුව ලොකු කේ‍රාස් එකක් තියෙනවා... ඒ මොනවා තිබුණත් ඒ අයියගේ ඇඟට බඩු ආවා...
    කොහොමද නැති කළේ...
    මෙහෙන් කෙනෙක් ගෙන්නගෙන... එහෙට ලක්‍ෂ ගාණක් ගියා... මොකක් හරි ශාන්තිකර්මයක් කරලා තමයි වැඩේ නවත්තගත්තේ... පස්සේ ඒ ආව කට්ට¾ඩියා කියලා තියෙනවා තමන් විහින් තමයි වැඩේ ඇඟට දාගෙන තියෙන්නේ කියලා...
    හරි ඔයාට මොනවාද වුණේ...

    ඒක දිග කතාවක්...
    කියන්නකෝ බලන්න...
    මෙහෙමයි මචං... මගේ මාමා හිටියේ ඉතාලියේ... එයා ලංකාවට ආවා නවතින්නම... පස්සේ අපි ඉඩමක් හෙව්වා ගන්න කුරුණෑගල පැත්තෙන්... අක්කර ගාණක ඉඩමක් හෙව්වේ... ගෙයක්... බංගලාවක් තියෙන... කෙළින්ම පදිංචි වෙන්න පුළුවන්..., ආදායමක් එන තැනක් බැලුවේ... පස්සේ තැනක්, වත්තක් හම්බවුණා... පරණ වලව්කාරයෝ... රජ කාලේ ඉඳලා ආව තනි අයිතිකාරයෙක්ගේ වත්තක්...
    බංගලාවක් එහෙම තිබුණා...
    ඔව්... හොඳටම සුපිරි පරණ බංගලාවක්... පොල් තිබුණා... වත්ත ලොකුයි... අක්කර දහයකට වැඩියි... මාමා ගත්තා ඉඩම... අපි ගියා එහේ පදිංචියට වගේ... දිගටම ඉන්න... මෙහෙම ඉන්න අතරේ...

    ඒ බංගලාව ගැන කියන්න...
    පරණ බංගලාවක්... ඒක ඉස්සරහා තියෙනවා ස්ට්‍රැචිව් එකක්... අෑත තියෙනවා තව ඒ වගේ වෙන වෙන ස්ට්‍රැචිව් තිබුණා... ඉස්සර මිනිස්සු මැරුණාම වැළලුවේ තමන්ගේ ඉඩම්වලමනේ... ඒ වගේ මිනී සොහොන් හත අටක් තිබුණා... මේ සීන් එකට ඉස්සර දවසක් අපි එනවා කුරුණෑගලට එන්න රෑ... එහෙම එද්දී අපි හිටියේ තුන්දෙනයි... වාහනේ එනකොට එහෙම කනත්තත් පසු වුණා... ටිකක් දුර එද්දී මගේ වාහනේ ලයිට් නිවි නිවී පත්තු වෙන්න ගත්තා... ආ... අපි ඊට ඉස්සර පොඩි විහිළුවක් කළා... අපිත් එක්ක හිටිය යාළුවෙක්ව බය කරන්න විහිළුවට කනත්තට වාහනේ රිවස් කළා... එතැන අවුරුදු දහ අටක ගෑනු ළමයෙක් මැරිලා එයාගේ සොහොන සරසලා තිබුණා. උෟ මාර විදියට බය වුණා... කොහොම හරි මෙහෙම ලයිට් නිවි නිවී අපි වත්තට ආවා...

    මොනවද තිබුණේ වාහනේ...
    දෙහි තිබුණා... කට්ටකුමංජල් තිබුණා, බුලත් තිබුණා... දුම්මල තිබුණා, මේවා ගෙනාවේ වෙන වැඩකට... ඒ කියන්නේ අඳුනක් බලන්න...
    අඳුනක් බලන්න...
    ඔව්... අපි එනකොට කට්ටිය වැඩේට සෙට් වෙලා... ඒ කියන්නේ අඳුන බලන්න... ඒ ආව කෙනා කවදාවත් මේ වත්තට ඇවිත් නෑ... එයාට අඳුන් හතෙන් හතරක් පහක් බලන්න පුළුවන්... කොහොම හරි එයා අපිව දැකපු ගමන් කිව්වා මේ ගොල්ලෝ කිලිවලට අහුවෙලා ගිහින් නාගෙන එන්න කියලා...
    අපි ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා...
    එයා කිව්වා අඳුන වැහුණා... එහෙම වෙන්නනම් කවුරු හරි කිලිවලට අහුවෙන්න ඕනේ.. එහෙම කිව්වා... පස්සේ අපි ගිහින් නෑවා... ඊට පස්සේ ආවා අපිත් එතැනට... ආවාම පේන්න ගත්තා.

    වයසක මනුස්සයෙක්ද කියන්නේ...
    නෑ... එයා බාස් කෙනෙක්... එයාට පුළුවන් වෙන කෙනෙක්ට පෙන්නන්න විතරයි... එයාට පේන්නේ නෑ... එයා කරන්නේ කාට හරි කියනවා බලන්න කියලා... එයා ක්‍රමේ කියනවා... ඒ විදියට බලාගෙන ඉන්න කොටඒ බලනකෙනාට පේන්න ගන්නවා...

    අපිට වුණත් පුළුවන්ද...

    සමහර විට ඔයාටත් පෙනෙයි... මෙතැන පෙනුණේ අපේ ගෙදර වැඩ කරන්න ඇවිත් හිටියා බදුල්ලේ ඉඳලා කෙනෙක් එයාටයි පේන්න ගත්තේ...
    කොහොමද එයාව තෝර ගත්තේ...
    දෙහි කපලා ඒ කියන දේවල් කරනකොට පේන්න ගන්නවා... මචං උඹට කියන්නේ මෙන්න මේ පොර කියන්න ගත්තා නිකන් චිත්‍රපටයක් වගේ කතාවක්... ඉස්සෙල්ලම කිව්වේ දැන් මේ අපි කතා කර කර ඉන්න තැන ඉඳලා ළඟ මීටර් විස්සක් විතර දුරින් ඉන්නවා කිව්වා මේ ගෙදර හිටිය මැරිච්ච මනුස්සයෙක්...
    ඒ කියන්නේ ගේ ළඟම...

    මං කිව්වේ ගේ ඉස්සරහම තියෙනවා කියලා ස්ට්‍රැචිව් එකක්... එතැන යට තමයි එයාව වළලලා තියෙන්නේ... මාර ස්ට්‍රැචිව් එකක්... එතැන වළලලා තියෙන්නේ ගෑනු කෙනෙක්... ඒ වුණාට ඉන්නේ දැන් පිරිමි කෙනෙක් කිව්වා... අඩි හතක් අටක් උසයි කිව්වා... උසේ හැටියට කොණ්ඩේ කේ‍ර්ල්, නැෂනල් වගේ ඇඳුමක් ඇන්දේ එයා දැන් ඉන්නේ අර ගේ ඉස්සරහ තියෙන ස්ට්‍රැචිව් එකේ උඩ කිව්වා... වම් පැත්තේ ඇදට තියෙන්නේ... ඒක උඩ අපිට වුණත් ඉඳගෙන ඉන්න පුළුවන්... මේ ස්ට්‍රැචිව් එක උඩ ඉඳගෙන එයා ගේ දිහා බලාගෙන ඉන්නවා කිව්වා..
    අපි ඇහුවා කවුද ඒ කියලා...

    පස්සේ එයා කිව්වා ඒ මේ වත්තේ හිටපු අයිතිකාරයෙක් කියලා... මේ පරම්පරා ගාණක අයිති කෙනා කිව්වා... අපි ඇහුවා ඇයි එයා එහෙම බලාගෙන ඉන්නේ කියලා... මුකුත් නෑ... එයා බලාගෙන ඉන්නවා විතරයි... කකුලක් වන වනා ඉන්නේ කිව්වා දැන්...
    ඊට පස්සේ මොකද කළේ...
    අපි ඇහුවා වත්ත ගැන... මේ මනුස්සයා අපේ වත්තේ ඇවිදලා නෑ... අපිත් ගත්ත අලුතනේ. අපිත් ඒ හැටි වත්තේ ඇවිදලා නෑ... අපි දන්නෙත් නෑ කොතැන මොනවා තියෙනවද කියලා... පස්සේ එයා කිව්වා මෙතැන ඉඳලා ටික දුරක් මෙහෙම ගියාම ළිඳක් හම්බුවෙනවා පරණ... එතැනින් එහාට ගියාම තියෙනවා අඹ ගහක්...
    දැන් මේ අඳුන කියන කෙනාවත්, බලවන කෙනාවත් මේ ඉඩමේ ඇවිදලා නෑ...

    කොහොමත් නෑ... ගෙදර වැඩට ආව කෙනා දවස් දෙකයි ඇවිත්... අර මනුස්සයා ආවමයි මේ... කොහොම හරි කියන්න ගත්තා ඒ අඹ ගහ ගැන... අපිටත් මතක නෑ... ඒ වුණාට ඊළඟ දවසේ බැලුවාම තමයි අපිත් දැක්කේ... බට් අඹ ගහක්... උස නෑ... කඳ මහතයි... හැබැයි බිම හරි පිරිසුදුයි... කොළයක්වත් ළඟ රවුමට වැටිලා නෑ... පෙරිලා තියෙන්නේ අතු... ඔයාට කියන්න තණකොළත් නෑ ඒ රවුමේ... අනිත් හැමතැනම තණකොළ දණිස් ගාවට... එතැන මාර ලස්සනයි... පිරිසුදුයි... එතැන ඉන්නවා කිව්වා ගෑනු කෙනෙක්... අඹ ගහ බදාගෙන ඉන්නේ කිව්වා... අඹ ගහ බදාගෙන ඉන්නේ මුනින් අතට කිව්වා... ඒ කියන්නේ පිට තමයි ගහට තියලා අත් දෙක දෙපැත්තෙන් දාලා අල්ලගෙන ඉන්නේ කිව්වා... ඒ ඉන්නේ අර මෙතැන ඉන්න කෙනාගේ නෝනා කිව්වා...

    අපි ඇහුවා මොනවද කරන්න ඕනේ කියලා...
    පින් දීලා යවන්න පුළුවන් කිව්වා... එදා දැක්කේ අඳුනට මේ දෙන්නා විතරයි... ඊට පස්සේ එකපාරටම මේ මනුස්සයා කිව්වා අර ස්ට්‍රැචිව් එක උඩ ඉන්න කෙනා දැන් අපි ළඟට එනවා කියලා... අපි ඇහුවා ඇයි එහෙම එන්නේකියලා... ඒක දන්නේ නෑ... දැන් ළඟටම ඇවිත් ඉන්නේ... මේ ළඟම තමයි ඉන්නේ කිව්වා...

    කොතැනද අඳුන බලන්නේ...
    ගේ ඇතුළේ ඉස්සරහා තියෙනවා බුදු මැඳුරක්. ඒකේ තමයි බැලුවේ... පස්සේ කිව්වා දැන් එයා ඇවිත් ඉන්නේ මාව පෙන්නලා මොනවද කියනවා කිව්වා... ඊට පස්සේ ඒ අඳුන බලපු කෙනා ටික ටික ඇතුළට ගියා... ඒ ගමන අඳුන පෙන්නන කෙනා ඇහුවා ඇයි ප්‍රශ්නයක්ද කියලා... අරයා උත්තර දුන්නේ නෑ... එහෙමම පහන් දැල්ල පැත්තට පාත් වුණා. එතකොටම අඳුන පෙන්නන කෙනා සුදු රෙද්දක් දාලා අර බලන කෙනාව වැහුවා... කටින් පිඹලා පහන් දැල්ල නිව්වා... එහෙමම අර පොර නැඟිට්ටා... බුදු මැඳුරෙන් බැහැගෙන බැහැගෙන ආවා පඩි ටික එහෙමම ඇවිත් ස්ට්‍රැචිව් එක දිහාට හැරිලා කැරකුණා කැරකිල්ලක් එක පාරටම.. කැරකිලා වටේ බලලා මගේ දිහාට අත දික් කරලා ඇදගෙන වැටුණා දඩස් ගලා උඩු අතට මොනවත් නෑ... නිකම්ම නිකං බිම... එහෙමම ගැහෙන්න ගන්නා... විනාඩියක් විතර... නැඟිට්ටා... එක පාරටම එහෙම නැඟිටලා අපි දිහා බැලුවා... ඔයා පිළිගන්න එයාගේ ඇස් දෙකක් තිබුණේ නෑ... මං විතරක් නෙවෙයි එතැන හිටිය හැමෝම දැක්කා... ඇස් දෙකට තිබුණේ සුදු පාට බෝල දෙකක්... අම්මපා සන්තානම් මෑණියන් පල්ල එච්චරයි තිබුණේ...

    ඊට පස්සේ මොකද වුණේ...
    මොනවද එහෙමම ඉඳලා එකපාරටම පොර බිමට වැටිලා බඩගාගෙන යන්න ගත්තා අර ස්ට්‍රැචිව් එක දිහාට... අඳුන බලවන කෙනා ආවා... ඇවිත් අර බඩගාගෙන යන මනුස්සයගෙ පිටිපස්සෙන් ගිහින් අත කරකවලා අරන් පිටට තියලා එතැන උඩ දෙහි ගෙඩියක් තියලා පිහියකින් කැපුවා... අර මෑන් වෙව්ළලා වෙව්ළලා සිහිය ආවා... පොරට මතක නෑ මුකුත්... මාර මහන්සියෙන් පොර හිටියේ... එහෙමම මෑන් නිදා ගත්තා... ඊළඟ දවසේ ඇහැරුණා දවල් දෙකට විතර... එදායින් පස්සේ තමයි මාවත් මේ රෑට කවුරුහරි අල්ලගෙන හිරකරගෙන ඉන්නේ... මං කිව්වේ මේ ඇත්ත... කැමැතිද යන්න දවසක බලන්න ඒ බංගලාවට රෑක...
    යමු... මං එන්නම්...

    මාත් එක්ක මේ කතා කළේ අවුරුදු විසි පහක තිහක විතර තරුණයෙක්... එයා කිව්ව කතාවේ ඇත්ත බොරුව කොහොම වුණත් එයාගේ පිටේ තිබුණු කැපුම් පාරවල් නම් මේ ලෝකේ කෙනෙක් කරපු දෙයක් නෙවෙයි... ඒත් ඒ වෙන ලෝකෙක කෙනෙක් කළා නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම සියුම් ආයුධ සම්බන්ධ විශේෂඥයෙක්...

    කතාව - අනූ එදිරිසිංහ
    source - http://www.mawbima.lk/56-84743-news-detail.html

    මේක මෙතන්ටයි ගැලපෙන්නේ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,928
    5,516
    113
    වාහනය උඩට පැන්න අමනුෂ්‍යයා

    මේකත් අපේ බාප්පා කෙනෙකුට වෙච්චි දෙයක්. අපේ ලොකු අප්පච්චිගෙ දුවට මොකක් හෝ ජානමය රෝගයක් තිබුනා. එයා වර්ධනය උනේ නෑ වැඩිය ශරීරයෙන්. මානසික ප්‍රශ්නයක් මුකුත් තිබුනෙ නැහැ. උසස් පෙලත් සමත්. එයාට පොඩි කාලෙ ඉඳලම තිබුනෙ දුර්වල ශරීරයක් නිසා විවිධාකාර ලෙඩ රෝගවලට මූණ දුන්නා. මීට අවුරුදු දහයකට විතර කලින් එයා නැති උනා. මේ කියන කතාව ඒ අක්කා පොඩි කාලෙ තමයි වෙලා තියෙන්නේ.

    ඒ අක්කට පොඩි කාලේ ඉඳලා සැරෙන් සැරේ අසනීපවෙලා තියෙනවා. එක දවසක් මෙහෙම අමාරුවෙලා අපේ එක බාප්පා කෙනෙක් එයාගෙ කාර් එකෙන් ඒ අක්කව කුරුණෑගල ඉස්පිරිතාලෙට අරන් යන්න පිටත් වෙලා තියෙනවා. එයත් එක්ක ලොකු අප්පච්චි හරි ලොකු අම්මා හරිත් ගිහිල්ලා තියෙනවා. එහෙම යනකොට ඒ අක්කා මඟඳි එන්න එන්නම දුර්වල වෙලා තියෙනවා.

    කුරුණෑගල හලාවත පාරෙ තියනවා රඹාවැව කියලා හරියක්. වැව් එහෙම තියෙනවා පාරෙ දෙපැත්තෙම. දැන් නං ටිකක් කල එළියට තිබුනට ඒ කාලේ මිනිස්සු අඩු පාලු ප්‍රදේශයක්. මේ රඹාවැව පහුකරගන ටික දුරක් යද්දි “දඩස්“ ගාල කාර් එකට මොනව හරි වැටෙන සද්දයක් කාර් එකේ හිටපු උදවියට ඇහිල තියෙනවා. ඒ එක්කම අර අසනීපවෙලා දුර්වල තත්වෙන් හිටපු අක්කා තවත් දුර්වල වෙලා , පණ අදින්න පටන් අරන් තියෙනවා. ඒ එක්කම ශරීරයත් දරදඬු වෙලා.

    පණ අදිනවා කියල කියන්නේ සමහර උදවිය මැරෙන්න යද්දි පුදුම අමාරුවෙන් හුස්ම ගන්න උත්සාහ කරනවා. අන්න ඒකට.

    ඒ එක්කම කාර් එක අදින්නෙ නැතිව ගිහින් තියෙනවා. මේ කියන කාර් එක “බටු සනි“ කියන්නෙ. අන්න ඒකක්. ඒ කාලෙ බ්‍රෑන් නිව් ගත්ත සුපිරි කාර් එකක්. ඉතිං ඒ අලුත්ම කාර් එක 4 වෙනි ගියර් එකේ ඉදිරියට යන්න බැරි තත්වයක් උදා උනාම බාප්පා ගියර් එකින් එක අඩු කරලා බැරිම තැන පලවෙනි ගියර් එකටත් දාලා හුඟක් ඇක්සලරේට් කරලා යන්න උත්සාහ කරලා තියෙනවා. කාර් එක ගැස්සි ගැස්සි පුදුමාකාර හිමින් ඉස්සරහට ඇදෙන්න පටං අරං තියෙන්නේ හරියට පිටිපස්සෙන් කෙනෙක් අදිනවා වගේ කියලයි බාප්පා කිව්වේ.

    මිනිත්තු දෙකක් තුනක් ඔහෙම තියෙද්දි අර අක්කා එක පාරටම ගැඹුරු හුස්මක් අරං යථා තත්වෙට පත්වෙලා තියෙනවා.ඒ එක්කම වාහනෙත් සැහැල්ලු වෙලා දුන්නෙන් මිදුන හීය වගේ ඉදිරියට ඇදුනාලු. ඊට පස්සේ කුරුණෑගල ඉස්පිරිතාලෙට යනකල් වත් ආපහු එනකල් වත් මුකුත්ම ප්‍රශ්නයක් වෙලා නැහැ.

    ඒ අය විශ්වාස කරන්නේ ඒ අක්කාගෙ ශරීරය සහ මානසික තත්වය ඒ අවස්ථාවේ දුර්වල වෙලා තිබුන නිසා යම් කිසි අමනුශ්‍යෙයක් ඒ අක්කාගෙ පණ නසන්නට උත්සායක් දැරුවා කියලා. පස්සෙ ඒක බැරි උනාට පස්සේ ඉවත් උනාය කියලා.....

    ඔන්න ඒකත් ඉවරයි..... තව කතා තියනවා.. ඉස්සරහට දාන්නං... හැමෝටම තෙරුවන් සරණයි.
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942

    :cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේක නං ටික කාලෙකට උඩදි වෙච්ච දෙයක්... :dull: :dull:
    මම විතරක් නෙමේ තව යාළුවෙකුත් එක්ක එකට මුහුණ දීපු අත්දැකීමක්.. :dull: :dull:
    එකෙක් ගෙයක් හදන්න පටං ගත්ත.. :dull: :dull:
    ඉඩම තිබ්බෙ කනත්තක් ගාව.. :shocked: :shocked:
    කනත්තෙ තාප්පයක් බැඳල තිබිල නෑ ඒ නිසා ඒ මිනිස්සු ශේප් එකේ කනත්තෙන් පොඩ්ඩ පොඩ්ඩ අල්ලල වැටවල් ගහගෙන.. :oo: :oo:
    පස්සෙ වික්ක... :dull: :dull:
    යාළුවෙක් ඔය ඉඩම ගත්ත.. :dull: :dull:
    ඉඩමෙ තිබ්බෙ පොඩි මැටි පැලක් වගේ ගෙයක්.. :dull: :dull:
    ඕක කඩල දාල අලුතෙන් ගෙයක් හදන්න පටං ගත්ත.. :dull: :dull:
    එක දාසක් මාත් ගියා උදව්වට.. :dull: :dull:
    ෆෞන්ඩේසම දාන්න වලවල් එහෙම කපද්දි මිනී වලට අන්දපු ඇඳුම් වල කෑලි එහෙම හම්බවුනා.. :sorry: :sorry:
    ඒව විසික් කල්ල ඉතිං වලවල් කපල ඉවර වෙද්දි ටිකක් රෑ වුනා.. :dull: :dull:
    එන්න කම්මැලි නිසා ඒ ලඟම පොඩියට හට් එකක් ගහල තිබ්බ ඒකෙ නිදාගත්ත.. :dull: :dull:
    නිදාගෙන ඉන්නකොට හරියටම රෑ 12 සෙට් වෙලා හෙන හයියෙන් අතු හෙල්ලෙන සද්දයක් ඇහුන.. :shocked: :shocked:
    ඒ ඉඩමෙ තියෙනව තඩි කොස් ගහක්.. :dull: :dull:
    ඒකෙ අත්තක් හෝ ගාල හෙල්ලෙනව.. :shocked: :shocked:
    එසේ මෙසේ අත්තකුත් නෙමේ පත සයිස් එකක් හොල්ලන්නෙ නිකං අලියෙක් හොල්ලනව වගේ.. :sorry: :sorry:
    වවුල්ලු හෝ වඳුරො නෙමේ කියලනං ශුවර්.. :no: :no:
    ගහ තිබ්බෙ තනිව.. මොකෙක් හරි නඟිනවනං බහිනවනං බිම දිගේ ඇවිත් නඟින්න බහින්න ඕනෙ.. :no: :no:
    අත්ත හෙල්ලිලා හෙල්ලිලා ගෙනත් තිබ්බ ගඩොල් ගල් ටික උඩට වැටුනෙ.. :oo: :oo:
    එවෙලෙම ගියා බලන්න දිරච්ච අත්තක් නෙමේ පට්ට අමු ලේසියෙන් කඩන්න බැරි අත්තක්.. :no: :no:
    ඕකෙන් පස්සෙ ඒ මිනිහට ඔතන ගේ හදන්න වුනේම නෑ.. :no: :no:
    මොන මොනා හරි ප්‍රශ්න වුනා.. :dull: :dull:
    එක පාරක් ඉඩමෙ ඉඳන් වාහනේ ස්ටාට් කරං යද්දි කොන්ට්‍රෝල් නැතුව ගිහිං අර කොස් ගහේ හප්පගෙනත් තිබ්බ ඒක වෙනකොට නං මං හිටියෙ නෑ.. :no: :no:
    ඌ කිව්වෙ උගෙ අත් දෙකයි කකුලුයි බ්‍රේක් ගහන්න බැරිවෙන්න කවුරු හරි තද කරල අල්ලගෙන හිටිය කියල.. :shocked: :shocked:
    අනේ මන්ද ඉතිං.. :no: :no:
    තව කිහිපයක් තියේ නිකං ඉන්න වෙලාවක දාන්නං.. :dull: :dull:

    ප.ලි. කියෝල + රෙප් නොදී යන උන්ගෙ ඔළු උඩට කොස් අතු කඩං වැටෙන්න ඕනෙ :dull: :dull:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මේ මුලින්ම කියන සිද්ධිය වුනේ මීට අවුරුදු කීපෙකට කලින් අපේ අයියගේ හොඳම යාලුවට. පොර ඒ කාලෙ වැඩ කරේ Kobian Technologies කියලා කම්පියුටර් ගෙන්නන කොම්පැනියකට. මේ සිද්ධිය වෙනකොට එයා හිටියෙ නුවර බ්‍රාන්ච් එකේ.

    ඒ කාලේ එයාලට නවතින්න කම්පනියෙන්ම පරණ ගෙයක් සෙට් කරලා දීලා තියෙනවා නුවර බහිරව කන්දෙ. සාගරේ වගේ ගෙදරක්. එතනම වැඩ කරන තව කොල්ලො දෙන්නෙකුත් එක්ක ඔක්කොම තුන් දෙනෙක් තමයි ඉඳල තියෙන්නේ. තුන් දෙනාට හොඳටම විසාල වැඩී ගෙදර. තුන්දෙනාට වෙන වෙනම කාමර තුනක්.

    කොහොමින් කොහොමහරි සුමානයක් හමාරක් යද්දි තුන් දෙනාටම තේරිලා මේ ගෙදරනං මොකක්හරි අප්සෙට් එකක් තියෙනව කියල.
    රෑට මෙයාලා ඇතුලේ ඉන්නකොට ගෙදර කුස්සිය පැත්තෙන් අමුතු අමුතු සද්ද එනවලු.

    ගෑස් ලිප පත්තු වෙන සද්ද, ටැප් ඇරලා වතුර යන සද්ද, දොරවල් ජනෙල් ඇරෙනවා වැහෙනවා වගේ දේවල් තුන් දෙනාටම ඇහෙනවලු.
    ඊට පස්සේ ගෑණු කෙනෙක් ඉකි බිඳින සද්ද, කොඳුරනවා, හීනියට හිනා වෙනවා වගේ සද්ද එහෙම ඇහෙනවලු.
    ඊටපස්සේ තුන් දෙනාම එකට බයෙන් බයෙන් ගිහිං බැලුවහම මුකුත් නෑලු.

    කොහොමහරි මෙයාලට වැඩි දවසක් යන්න කලින් තේරිලා තියෙනවා ගෙදර ඉන්නෙ උන් තුන්දෙනා විතරක් නෙවේ කියල. තනියෙන් ඉන්න වෙලාවට, කාමරේ නිදාගන්න වෙලාවට එහෙම තව කෙනෙක් ඉන්න බව තේරෙනවලු.

    පස්සේ මෙයාලට මේක හෙන වදයක් නිසා කම්පනියට කියලා වෙන තැනක් සෙට් කරන්න කියලා හැබැයි උන් ඒක ගණන් අරගෙන නෑ.

    පස්සේ මේ අයියයි අනිත් දෙන්නයි එයාලගේ කාමර වල ඇඳන් වල තිබ්බ මෙට්ට දෙකක් ගෙනල්ලා සාලේ ලයිට් එක තියෙන තැනම යටින් දාගෙන තුන් දෙනාම ඒකෙ එකට තද වෙලා නිදාගන්නවලු. රෑට සද්දයක් එහෙම ඇහුන ගමන් එක්කෙනෙක් ඇස් වහගෙනම නැගිටලා ලයිට් දාලා තමයි ඇහැ ඇරලා බලන්නේ.

    රෑට එකෙක්ට හරි ටොයිලට් යන්න ඕන වුනහම, වොෂ් දානකොට එහෙම තුන් දෙනාම යනවලු. ගිහිං එකෙක් ඇතුලේ ඉන්දෙද්දී අනිත් දෙන්නා දොර ගාව තනි රකිනවා. ඔහොම තමයි ඉන්න වෙලා තියෙන්නේ මෙයාලට.

    කොහොමහරි පස්සෙ කාලෙක සුමානයක් හමාරක් සිද්දි මොකවත් නැතුව ගිහිං තියෙනවා. හැබැයි ඒත් වැරදිලාවත් මෙයාලගේ ක්‍රමේ නං වෙනස් කරලා නෑ බයට.

    ඔය අතරේ දවසක් අපේ අයියගෙ යාළුවා වැඩ ඉවර වෙලා අනිත් දෙන්නට කලින් බෝඩිමට ඇවිල්ලා. අනිත් එවුන් එන්න තව පැය දෙක තුනක් යන නිසාත්, ටික දවසකින් මුකුත් සීන් වුණෙත් නැති නිසා පොර ඔය එක දවසට අවුලක් වෙන එකක් නෑ කියල හිතලා තනියෙම ගිහිං වොෂ් එකක් දාන්න.

    කෝකටත් මුකුත් සීන් එකක් වෙලා ගැස්සුනොත් කලබලේට දොරවල් ඇරගන්න බැරි වෙන හින්දා ඒ අයියා බාත්රූම් එකේ දොර ලොක් නොකර අඩවන් කරලා වොෂ් එක ගන්න පටන්ගෙන.

    සැරින් සැරේ නාන අතරේ අඩවන් වෙච්ච දොර පැත්තත් එයා බලනවලු. හිතේ ලොකු චකිතයක් තිබ්බට මුකුත් අමුත්තක් දැනිලා නෑ. ඔහොම නනා ඉන්න අතරේ සබන් ගාද්දී එයාට නිකමට වගේ මොකද්දෝ වෙනසක් දැනුනලු. ඒ සැරේනං වැඩේ අවුල් වගේ කියල හිතලා හෙමින් හෙමින් පොර අඩවන් වෙලා තියෙන දොර දිහා බැලුවලු.

    බලද්දි යාන්තමට දොර ඇරිලා තියෙන අඟලක විතර දාරෙ අසසෙන් ගෑණු කෙනෙක්ගේ මූණක් එයා දිහා බලාගෙන ඉන්නවලු ඇහැ ලොකු කරගෙන.

    එකපාරම ඒ අයියගේ ඇඟ හිරි වැටිලා උන් හිටි තැන් අමතක වෙලා බෙරිහන් දීගෙන අනික් පැත්ත බැලුවලු. බලලා හෙමින් හෙමින් ආයෙම දොර පැත්ත බැලුවම කවුරුත් නෑලු.

    ලැබුණු චාන්ස් එකෙන් දනී පනී ගාලා යන්තං තුවායත් පටලවාගෙන නානකාමරෙන් පැනලා දුවගෙන ගිහිල්ලා එළියටත් පැනලා වැලේ තිබ්බ ශෝටක් දාගෙන ඒ අයියා අනිත් එවුන් දෙන්නා වැඩ ඇරිලා එනකං පැය දෙකක් විතර එළියේ ගේට්ටුව ගාවම ඉඳලා.

    පස්සේ තුන් දෙනාම කොම්පැනියෙන් වෙන ගෙයක් හරි ට්‍රාන්සර් එකක් හරි ඉල්ලලා දෙකම නුදුන්න හින්දා ඒ මාසෙම ඉල්ලා අස් වුණා.

    පස්සෙ තමයි එයාල දැනගෙන තියෙන්නෙ ඒ ගෙදර කලින් හිටපු ජෝඩුවක් අතර ආරවුලක් ගිහින් ගෑණි එල්ලිලා මැරිලා. පස්සෙ මේ ගෙදර වෙන කාටවත් ඉන්න දීලා නෑ. බැරි තැන තමයි ගෙදර අයිතිකාරයෝ කුණු කොල්ලෙට මේ අයිය වැඩ කරපු කොම්පැනියට බද්දට දීලා තියෙන්නේ :no:
     
    • Like
    Reactions: Elysium

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේක නං ටික කාලෙකට උඩදි වෙච්ච දෙයක්... :dull: :dull:
    මම විතරක් නෙමේ තව යාළුවෙකුත් එක්ක එකට මුහුණ දීපු අත්දැකීමක්.. :dull: :dull:
    එකෙක් ගෙයක් හදන්න පටං ගත්ත.. :dull: :dull:
    ඉඩම තිබ්බෙ කනත්තක් ගාව.. :shocked: :shocked:
    කනත්තෙ තාප්පයක් බැඳල තිබිල නෑ ඒ නිසා ඒ මිනිස්සු ශේප් එකේ කනත්තෙන් පොඩ්ඩ පොඩ්ඩ අල්ලල වැටවල් ගහගෙන.. :oo: :oo:
    පස්සෙ වික්ක... :dull: :dull:
    යාළුවෙක් ඔය ඉඩම ගත්ත.. :dull: :dull:
    ඉඩමෙ තිබ්බෙ පොඩි මැටි පැලක් වගේ ගෙයක්.. :dull: :dull:
    ඕක කඩල දාල අලුතෙන් ගෙයක් හදන්න පටං ගත්ත.. :dull: :dull:
    එක දාසක් මාත් ගියා උදව්වට.. :dull: :dull:
    ෆෞන්ඩේසම දාන්න වලවල් එහෙම කපද්දි මිනී වලට අන්දපු ඇඳුම් වල කෑලි එහෙම හම්බවුනා.. :sorry: :sorry:
    ඒව විසික් කල්ල ඉතිං වලවල් කපල ඉවර වෙද්දි ටිකක් රෑ වුනා.. :dull: :dull:
    එන්න කම්මැලි නිසා ඒ ලඟම පොඩියට හට් එකක් ගහල තිබ්බ ඒකෙ නිදාගත්ත.. :dull: :dull:
    නිදාගෙන ඉන්නකොට හරියටම රෑ 12 සෙට් වෙලා හෙන හයියෙන් අතු හෙල්ලෙන සද්දයක් ඇහුන.. :shocked: :shocked:
    ඒ ඉඩමෙ තියෙනව තඩි කොස් ගහක්.. :dull: :dull:
    ඒකෙ අත්තක් හෝ ගාල හෙල්ලෙනව.. :shocked: :shocked:
    එසේ මෙසේ අත්තකුත් නෙමේ පත සයිස් එකක් හොල්ලන්නෙ නිකං අලියෙක් හොල්ලනව වගේ.. :sorry: :sorry:
    වවුල්ලු හෝ වඳුරො නෙමේ කියලනං ශුවර්.. :no: :no:
    ගහ තිබ්බෙ තනිව.. මොකෙක් හරි නඟිනවනං බහිනවනං බිම දිගේ ඇවිත් නඟින්න බහින්න ඕනෙ.. :no: :no:
    අත්ත හෙල්ලිලා හෙල්ලිලා ගෙනත් තිබ්බ ගඩොල් ගල් ටික උඩට වැටුනෙ.. :oo: :oo:
    එවෙලෙම ගියා බලන්න දිරච්ච අත්තක් නෙමේ පට්ට අමු ලේසියෙන් කඩන්න බැරි අත්තක්.. :no: :no:
    ඕකෙන් පස්සෙ ඒ මිනිහට ඔතන ගේ හදන්න වුනේම නෑ.. :no: :no:
    මොන මොනා හරි ප්‍රශ්න වුනා.. :dull: :dull:
    එක පාරක් ඉඩමෙ ඉඳන් වාහනේ ස්ටාට් කරං යද්දි කොන්ට්‍රෝල් නැතුව ගිහිං අර කොස් ගහේ හප්පගෙනත් තිබ්බ ඒක වෙනකොට නං මං හිටියෙ නෑ.. :no: :no:
    ඌ කිව්වෙ උගෙ අත් දෙකයි කකුලුයි බ්‍රේක් ගහන්න බැරිවෙන්න කවුරු හරි තද කරල අල්ලගෙන හිටිය කියල.. :shocked: :shocked:
    අනේ මන්ද ඉතිං.. :no: :no:
    තව කිහිපයක් තියේ නිකං ඉන්න වෙලාවක දාන්නං.. :dull: :dull:

    ප.ලි. කියෝල + රෙප් නොදී යන උන්ගෙ ඔළු උඩට කොස් අතු කඩං වැටෙන්න ඕනෙ :dull: :dull:

    You keep unfolding like a flower :P