EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටූනෙ මාරි එන්ට්‍ර්‍යාරි දිල්මෙ ඛජි ගන්ටියාර් ටං ටං ටං ටං"
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගායිස් ගායිස් ... කේම් බැක් ටු ඔපිත් ... සො සො ... වට්ස් අප්... වලි ඉවරද? දන් මොකක්ද අලුත්ම සීන් එක :rolleyes::rolleyes::rolleyes:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    කාලෙකට පස්සේ පරණ සින්දු දෙකක් ඩවුන් කරන ඇහුව ඩො සුපිරි..තාමත් ඒවා අහද්දී නැටවෙනවා..
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ගායිස් ගායිස් ... කේම් බැක් ටු ඔපිත් ... සො සො ... වට්ස් අප්... වලි ඉවරද? දන් මොකක්ද අලුත්ම සීන් එක :rolleyes::rolleyes::rolleyes:

    අපි ඔක්කොම සින්දු කියනවා උබත් සින්දු කියපන්.. :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රුපියල් 9000 පඩියට වැඩ කරත් යුනිටියේ වැඩකරපු කාලේ තමා ඔෆිස් ජිවිතේ ස්වර්ණමය යුගය :D
    ඒක වෙනමම ලෝකයක්. ඒ ආතල් එක දන්නේ යුනිටියේ හිටිය එකෙක්ම විතරයි. විවිධාකාරයේ මිනිස්සු හම්බුවෙනවා. අලුත් ගැජට්ස්. කම්පියුටර් එපා වෙනකන් කම්පියුටර් එක්ක ඔට්ටුවෙලා ඇති. යාලුවන්ට සෑහෙන්න උදවු කරා. අහ්.. ලොකුම දේ තමයි එලකිරියට සෙට් උනේ 2009 දී. ID එක හැදුවේ යුනිටියේ මම පාවිච්චි කරපු PC එකෙන්. 2009 මිගාරගේ PC House කේස් එක යන වෙලාව්ත් මම යුනිටියේ හිටියේ. පොඩි පොඩි වැඩ වලින් පොඩි පොඩි ගනන් අතට සෙට් වෙනවා. ඒවා වලින් කරන්නේ කන එක. Pizza Hut, Dominos වල ප්‍රොමෝශන් කාර්ඩ් ගනන් ඉවරවෙනකන් කාලා ඇති. ඒ එපාවෙච්ච එපාවිල්ල තමා තාම තියෙන්නේ. අදටත් මම Pizza කන්නේ නෑ ලේසියෙන්.. :dull:


    රෑ 07ට ඕෆ් වෙනවා. 154 බස් එකේ ගෙදර ගාටනවා. එනකොට 8.30 වෙනවා. රෑ වෙනකන් ඉන්ටර්නෙට් එකේ ඉන්නවා. ඉස්සෙල්ලාම මගේ පඩියෙන් Dialog DSL කනෙක්ෂන් එකක් ගත්තේ ඔය කාලේ තමයි. පඩිය 9000යි. ඉන්ටර්නෙට් බිල 2000යි. එහෙමයි කිරියේ ත්‍රෙඩ් දැම්මේ... :D මාස 06කට වඩා යුනිටියේ හිටියා. ඊට පස්සේ මගේ වැඩ හොඳයි කියලා බොස් හෙඩ් ඔෆිස් එකට එන්න කිව්වා. සේල්ස් වලට. ඊට පස්සේ තමයි මට ඒ රස්සාව එපා වෙන්න ගත්තේ. මොකද මම ටෙක්නිකල් සපෝර්ට් හිටියට සේල්ස් කරපු එකෙක් නෙමෙයි. මාර්කටිං සහ සේල්ස් කියන්නේ මට වහකදුරු වගේ.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    2007 අවුරුද්දේ මගේ පළවෙනි රස්සාව සෙට් වෙන්නේ අමර් වීදියේ. තේ කොළ රට පටවන කොම්පැනියක. "Computer Operator" තමයි තනතුර. මෙතන ඉන්න එකෙකුගේ ආදරණිය බිරිඳත් මම යනකොට ඒ කොම්පැනියෙමයි වැඩ කෙරුවේ. රුපියල් 10,000යි පඩිය. වැඩ පටන් ගන්නේ උදේ 8ට. ඉවර වෙන්න තියෙන්නේ 5.00ට. ඒත් එතන වැඩ කරපු අවුරුද්දයි මාස තුනක කාලය ඇතුලත දවස් 05ක්වත් නැති තරම් හරියට 05ට ඕෆ් වෙච්චි. අනික් හැමදාම රෑ 7.30-8.30 අතර තමා. OT නෑ. වැඩ තියෙනකන් වැඩ කරන්න ඕනේ. school Lever කෙනෙකුට ලැබෙන්න ඕන හොඳම ට්‍රේනිං එකක් මට ලැබුනා කිව්වොත් හරි. පට්ට කට්ට. හැබැයි කවදාවත් එපා වෙලා නෑ. මගේ ඩිපාර්ට්මන් හෙඩ්ට අදටත් මම පට්ට විදියට ගරුකරනවා. ඒ මනුස්සයා එච්චර හොඳට මට වැඩ ඉගැන්නුවා. ලන්ච් ටයිම් එකට කැරම් ගහනවා. මාසෙකට සැරයක් හෝ උපරිම දෙසරයක් හවසට බොන්න යනවා ස්ටේඩියම් එකේ ක්ලබ් එකට. තේ ෆීල්ඩ් එකේ ඉන්න එවුන් දන්නවා ඇති මේ අංශෙන් එන්න පුළුවන් උපරිමට තමයි Tea Taster කියන්නේ. පට්ට සැලරි සහ ෆැසිලිටීස්. 2008 අපේ ඉස්කෝලේ Old Boy කෙනෙක්ගේ මාර්ගයෙන් තවත් තේ කොළ සම්බන්ධ කොම්පැනියක මම ඉන්ටර්විව් යනවා Tea Taster රස්සාවකට. ඒක ආරංචි වෙනවා මගේ කොම්පැනියේ MD ට. ඊට පස්සේමට පල නොකිකියා පලා බෙදන්න පටන් ගන්නවා.
    මගේ මැනේජර්ටත් කරන්න කිසිම දෙයක් නැති තරමට ඒ මනුස්සයා අසරණ වෙනවා. මට සිද්ධ වෙන්නේ රෙසිග්නේශන් දීලා රස්සාවෙන් අයින් වෙන්න.

    2008 මැද වෙනකොට රස්සාවක් නෑ. කියන්න අමතක උනා. 2007 අන්තිම කාලේ CGR එකේ එන්ජින් ඩ්‍රයිවර් පුරප්පාඩු වෙනුවෙන් විභාගයක් තිබුනා. මම ඒකට ලීවා. ප්‍රශ්නපත්තර දෙකයි. එකක් Physics. අනික Maths. 2008 මුල දුම්රිය නියාමක විභාගයක් තිවුනා. මම ඒකටත් ලීවා. ප්‍රශ්න පත්තර දෙකයි. එකක් Physics. අනික Maths. අද වෙනකන් රිසාල්ට්ස් නෑ. 2008 රස්සාව නැතුව ඉන්න කාලේ තමයි මගේ ජීවිතේ ජරාම කාලේ. සල්ලි නෑ. මට ගෙදරින් ඉල්ලන්න බෑ. ගෙදර දෙන්න සල්ලිත් නෑ. සල්ලි ඉල්ලගන්නේ වයිෆ්ගෙන්. එතකොට බැඳලා නෑනේ. එයා එතකොට රස්සාවක් කරනවා. මට තවම මතකයි එයාගේ උපන්දිනේට මම දුන්නේ කීටැග් එකක් අපි දෙන්නගේ නම් ගහපු. රුපියල් 100ක. අදටත් ඒක එයා ගාව තියෙනවා. ගෙදරින් දෙන දේ කාලා බස් එකේ යන්න කීයක් හරි ඉල්ලගෙන ඔහේ ගෙදරට වෙලා හිටියා මාස 06ක්.

    බැරිම තැන වයිෆ් ගේ ඔෆිස් එකේ වැඩ කරපු අයියා කෙනෙක් මට එයාලාගේ යුනිටි ප්ලාසා ශෝරූම් එකේ රස්සාවක් අරගෙන දෙනවා බොස් ට කථා කරලා. රුපියල් 9000යි පඩිය. උදේ 9 ඉඳන් රෑ 7 වෙනකන් යුනිටිය ඇරලා තියෙන්නේ. ඕක තමයි මගේ වර්කිං අවර්ස් වෙන්නේ.




    :D Come on peraaaaa....

    මගේ කතාවත් දන්නම්කෝ දවසක... අවාසනාවට ඇත්ත කතාවක්... :sorry:

    මගේ පැලේ ඇද පුටු නැත සැපට නිදන්න..
    සිනිදු සේල නැත පලදින්න...
    රන් මිනි මුතු මාල වලලු නැත පලදින්න
    මම දුක්පත් බව නිතර සිතන්න....

    රූ ප රෑජිණියෝ කුමරියො මම සොයන්නේ නෑ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D Come on peraaaaa....

    මගේ කතාවත් දන්නම්කෝ දවසක... අවාසනාවට ඇත්ත කතාවක්... :sorry:

    මගේ පැලේ ඇද පුටු නැත සැපට නිදන්න..
    සිනිදු සේල නැත පලදින්න...
    රන් මිනි මුතු මාල වලලු නැත පලදින්න
    මම දුක්පත් බව නිතර සිතන්න....

    රූ ප රෑජිණියෝ කුමරියො මම සොයන්නේ නෑ...

    ඕකට කලින් තව කෑල්ලක් පෝස්ට් කරා.. :D

    දවසක දාපං.. ;)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :D Come on peraaaaa....

    මගේ කතාවත් දන්නම්කෝ දවසක... අවාසනාවට ඇත්ත කතාවක්... :sorry:

    මගේ පැලේ ඇද පුටු නැත සැපට නිදන්න..
    සිනිදු සේල නැත පලදින්න...
    රන් මිනි මුතු මාල වලලු නැත පලදින්න
    මම දුක්පත් බව නිතර සිතන්න....

    රූ ප රෑජිණියෝ කුමරියො මම සොයන්නේ නෑ...

    lagatama avith ahuwath rassawa kiwwen nethi eka, awe nam sales repa wage mu