kuku tharaha wela gihin nisa perata kathawa liyanna epa wela. wena kauda රැකියාපදානය liyanne. me thun weni eka hode

ටූනෙ මාරි එන්ට්ර්යාරි දිල්මෙ ඛජි ගන්ටියාර් ටං ටං ටං ටං"



ගායිස් ගායිස් ... කේම් බැක් ටු ඔපිත් ... සො සො ... වට්ස් අප්... වලි ඉවරද? දන් මොකක්ද අලුත්ම සීන් එක![]()


මාස 06කට වඩා යුනිටියේ හිටියා. ඊට පස්සේ මගේ වැඩ හොඳයි කියලා බොස් හෙඩ් ඔෆිස් එකට එන්න කිව්වා. සේල්ස් වලට. ඊට පස්සේ තමයි මට ඒ රස්සාව එපා වෙන්න ගත්තේ. මොකද මම ටෙක්නිකල් සපෝර්ට් හිටියට සේල්ස් කරපු එකෙක් නෙමෙයි. මාර්කටිං සහ සේල්ස් කියන්නේ මට වහකදුරු වගේ.2007 අවුරුද්දේ මගේ පළවෙනි රස්සාව සෙට් වෙන්නේ අමර් වීදියේ. තේ කොළ රට පටවන කොම්පැනියක. "Computer Operator" තමයි තනතුර. මෙතන ඉන්න එකෙකුගේ ආදරණිය බිරිඳත් මම යනකොට ඒ කොම්පැනියෙමයි වැඩ කෙරුවේ. රුපියල් 10,000යි පඩිය. වැඩ පටන් ගන්නේ උදේ 8ට. ඉවර වෙන්න තියෙන්නේ 5.00ට. ඒත් එතන වැඩ කරපු අවුරුද්දයි මාස තුනක කාලය ඇතුලත දවස් 05ක්වත් නැති තරම් හරියට 05ට ඕෆ් වෙච්චි. අනික් හැමදාම රෑ 7.30-8.30 අතර තමා. OT නෑ. වැඩ තියෙනකන් වැඩ කරන්න ඕනේ. school Lever කෙනෙකුට ලැබෙන්න ඕන හොඳම ට්‍රේනිං එකක් මට ලැබුනා කිව්වොත් හරි. පට්ට කට්ට. හැබැයි කවදාවත් එපා වෙලා නෑ. මගේ ඩිපාර්ට්මන් හෙඩ්ට අදටත් මම පට්ට විදියට ගරුකරනවා. ඒ මනුස්සයා එච්චර හොඳට මට වැඩ ඉගැන්නුවා. ලන්ච් ටයිම් එකට කැරම් ගහනවා. මාසෙකට සැරයක් හෝ උපරිම දෙසරයක් හවසට බොන්න යනවා ස්ටේඩියම් එකේ ක්ලබ් එකට. තේ ෆීල්ඩ් එකේ ඉන්න එවුන් දන්නවා ඇති මේ අංශෙන් එන්න පුළුවන් උපරිමට තමයි Tea Taster කියන්නේ. පට්ට සැලරි සහ ෆැසිලිටීස්. 2008 අපේ ඉස්කෝලේ Old Boy කෙනෙක්ගේ මාර්ගයෙන් තවත් තේ කොළ සම්බන්ධ කොම්පැනියක මම ඉන්ටර්විව් යනවා Tea Taster රස්සාවකට. ඒක ආරංචි වෙනවා මගේ කොම්පැනියේ MD ට. ඊට පස්සේමට පල නොකිකියා පලා බෙදන්න පටන් ගන්නවා.
මගේ මැනේජර්ටත් කරන්න කිසිම දෙයක් නැති තරමට ඒ මනුස්සයා අසරණ වෙනවා. මට සිද්ධ වෙන්නේ රෙසිග්නේශන් දීලා රස්සාවෙන් අයින් වෙන්න.
2008 මැද වෙනකොට රස්සාවක් නෑ. කියන්න අමතක උනා. 2007 අන්තිම කාලේ CGR එකේ එන්ජින් ඩ්‍රයිවර් පුරප්පාඩු වෙනුවෙන් විභාගයක් තිබුනා. මම ඒකට ලීවා. ප්රශ්නපත්තර දෙකයි. එකක් Physics. අනික Maths. 2008 මුල දුම්රිය නියාමක විභාගයක් තිවුනා. මම ඒකටත් ලීවා. ප්‍රශ්න පත්තර දෙකයි. එකක් Physics. අනික Maths. අද වෙනකන් රිසාල්ට්ස් නෑ. 2008 රස්සාව නැතුව ඉන්න කාලේ තමයි මගේ ජීවිතේ ජරාම කාලේ. සල්ලි නෑ. මට ගෙදරින් ඉල්ලන්න බෑ. ගෙදර දෙන්න සල්ලිත් නෑ. සල්ලි ඉල්ලගන්නේ වයිෆ්ගෙන්. එතකොට බැඳලා නෑනේ. එයා එතකොට රස්සාවක් කරනවා. මට තවම මතකයි එයාගේ උපන්දිනේට මම දුන්නේ කීටැග් එකක් අපි දෙන්නගේ නම් ගහපු. රුපියල් 100ක. අදටත් ඒක එයා ගාව තියෙනවා. ගෙදරින් දෙන දේ කාලා බස් එකේ යන්න කීයක් හරි ඉල්ලගෙන ඔහේ ගෙදරට වෙලා හිටියා මාස 06ක්.
බැරිම තැන වයිෆ් ගේ ඔෆිස් එකේ වැඩ කරපු අයියා කෙනෙක් මට එයාලාගේ යුනිටි ප්ලාසා ශෝරූම් එකේ රස්සාවක් අරගෙන දෙනවා බොස් ට කථා කරලා. රුපියල් 9000යි පඩිය. උදේ 9 ඉඳන් රෑ 7 වෙනකන් යුනිටිය ඇරලා තියෙන්නේ. ඕක තමයි මගේ වර්කිං අවර්ස් වෙන්නේ.

:D Come on peraaaaa....
මගේ කතාවත් දන්නම්කෝ දවසක... අවාසනාවට ඇත්ත කතාවක්...
මගේ පැලේ ඇද පුටු නැත සැපට නිදන්න..
සිනිදු සේල නැත පලදින්න...
රන් මිනි මුතු මාල වලලු නැත පලදින්න
මම දුක්පත් බව නිතර සිතන්න....
රූ ප රෑජිණියෝ කුමරියො මම සොයන්නේ නෑ...


:D Come on peraaaaa....
මගේ කතාවත් දන්නම්කෝ දවසක... අවාසනාවට ඇත්ත කතාවක්...
මගේ පැලේ ඇද පුටු නැත සැපට නිදන්න..
සිනිදු සේල නැත පලදින්න...
රන් මිනි මුතු මාල වලලු නැත පලදින්න
මම දුක්පත් බව නිතර සිතන්න....
රූ ප රෑජිණියෝ කුමරියො මම සොයන්නේ නෑ...